117. මං පුංචි කාලේ - රස්සාවක් තේරු තාලේ නිදහස් සිතුවිලි දැන් ඔයාට වගේ ම තමයි දුවේ. මං පුංචි කාලෙත් නොයෙක් විට නොයෙක් දෙනා ඇසූ එකම ප්‍රශ්නයක් විය. “ඔයා ලොකු වුනහම කවුරු කෙනෙක් ද වෙන්නේ?” මා සතුව හැමවිටම ඒ සඳහා පිළිතුරක් දිව අග තිබිණ. නමුදු එය සැමවිට ම එකම පිළිතුර නම් නොවීය. ප්‍රථමයෙන් මා හට අවැසි වූයේ රාත්‍රී මුරකරුවෙකු වීමටයි. එය අපුරු සිතුවිල්ලක් විය. මුළු නගරයම සුව නින්දේය. මා පමණක් අවදියෙන්! ...
273. විමලෙගෙ වාංපතුල් කතා 17 - නවයුගය, අද එතැන්සිට,රොමියෝ-ජුලියට් සහ පානීය ජලය යොදා කොන්ක්‍රීට් ඇනීම. නිදහස් සිතුවිලි Google Images විමලෙගෙ වාංපතුල් කතා...16 මම ඉවර කලේ මෙහෙමනෙ.. / ඉතිං අපි ඔක්කෝටම ඕන උනා රාජ කපුරු බලන්ට. ඒ පාර ඔන්න අපි ගියා රාජපක්ස බොස් ළඟට අවසර අරගන්ට සහ වාහන ඉල්ලගන්ට.රාජපක්ස බොස් මතකනෙ නේද? අර කේබියට ගර්ත් එක මනින්ට කියල වැඩේ බාර දුන්නෙ..අන්න එයා තමයි...හෙහ්,හෙහ්, / රයිට් අද එතැන් සිට...... අද එතැන් සිට කියනකොට ඔන්න මතක් උනේ..ඒ කාලෙ ..ඒ කාලෙ ...
209. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 6......වෙන වැඩක් නෑ කන්ට, දිව රෝල් කිරීමේ පරීක්ෂණය සහ මුදලාලිගෙ කුඩේ… නිදහස් සිතුවිලි 1. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ වෙනත් ආරළු බූරළු... 2. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන ඉස්කෝලේ යාම 3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම 4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 4......කොලපත් බත් ගෙඩි, ඉඹුල් කිරිබත්, ගවනර් ජෙනරල් සහ සූකර මද්දව 5. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 5......සූරයන්ගෙත් සූරයා, බුදු හාමුදුරුවන්ගේ ...
190. ඔබ එදානම් සඳ වගේමැයි !!! නිදහස් සිතුවිලි ජීවිත කාලයක් කියන්නෙ කොච්චර දිග කාලයක්ද?...ජීවිත කාලයක් මුලුල්ලෙ අපි කොච්චර නම් පිරිමි කොච්චර නම් ගැහැණු එක්ක ගනුදෙනු කරන්න ඇතිද?....ජීවිතේ කියන්නෙ දිග ගමනක් කියල කවුරු හරි බටහිර දර්ශන වාදියෙක් කියල තිබුණයි කියල මම අහල තිබුණ.මට හරියටම වචන මතක නෑ..ඒත් අදහස මෙන්න මේ වගෙ දෙයක්..අපේ ජීවිතය කියන්නෙ දිග ගමනක්...ඒ යන අතරමඟ නොයෙක් ගැහැණු , පිරිමි හම්බ වෙනව..සමහරු අපි නොසිතන විදිහට අපෙ ජීවිතයට ...
263. හිරු සඳු එකවර දෙපස නැඟී........Of The Sun & Moon, Dhraupadhi & A Short Story... නිදහස් සිතුවිලි මාසෙකට හමාරකට වගෙ ඉස්සරවෙලා අපෙ කම්පනි එකට අලුතෙන් ආපු ඉන්දියානුවෙක් මට ආරාධනා කලා සති අන්තයෙ පොඩි සුහද හමුවකට. සිකුරාද දවසක උදේ ඔන්න මමත් ගියා. මිනිහගෙ තව ඉන්දියන් යාලුවො තුන් හතර දෙනෙක් හිටිය. අන්‍ය ජාතිකයෙකුට ඔන්ලි මී.Old Monk Dark Rum තමයි මෙහෙ ඉන්න බොහෝ ඉන්දියානුවන්ගෙ ප්‍රියතම පානය. ඉන්දියාවෙ උනත් අංක එක ඒක තමයි. මම චෙන්නයි ගිය වෙලාවෙ තැබෑරුමක පියගැට පෙලේ ඉඳගෙන ...
197. කිරුළ සහ සෙනෙහස ……8 නිදහස් සිතුවිලි කිරුළ සහ සෙනෙහස ……1 කිරුළ සහ සෙනෙහස ……2 කිරුළ සහ සෙනෙහස ……3 කිරුළ සහ සෙනෙහස ……4 කිරුළ සහ සෙනෙහස ……5 කිරුළ සහ සෙනෙහස ……6 කිරුළ සහ සෙනෙහස ……7 " කුවණ්ණා කිමද සොඳුර?...ඔබට මෙපමණ සිත් තැවුල් වීමට කිමද කාරණය? " විජය විමසූයේ ඇගේ දෙඋර මත දෑත් තබාගත්වනමය. " ඔබට විඩාව අධික බව පෙනේ. කුමරුණි..මඳක් විවේක ගත මැනව. මම ඔබට පානයට යමක් ...
151. දැවැන්තයකුගේ නික්මයාම …….....He was truly a Giant Metaphorically as well as literally නිදහස් සිතුවිලි ඒ දවස්වල...... ඒ කිව්වෙ අපි පොඩි කාලෙ, ඉංග්‍රීසි භාෂාව උගන්නන්ට පටන් ගත්තෙ තුනේ පංතියෙ ඉඳල. ඉංග්‍රීසි කියවල තේරුම් ගන්ට මගෙ තිබ්බෙ පුදුම ආසාවක්, ඒ වගේම උනන්දුවක්....මොකද කියල හිතන්ට පුළුවනිද ඔයාලට ඒකට ප්‍රධාන හේතුව?..........වෙන මොහොකටවත් නෙවෙයි ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුවෙ පලවෙන ක්‍රිකට් තරඟ ගැන විස්තරේ කියවන්ට!!!!.......:) :) පස්සෙ කාලෙක ඉංගිරිසියෙන් ලියවුනු නවකතා, කෙටි කතා, විචාර, ...
177. පූර්ණ කාලීන පඳුරු වටා තැළීම - Beating around the bush full time නිදහස් සිතුවිලි මේ වාං පතුල් කතාව නං අම්මාපල්ල අර කොටිදෙනට වෙච්චි වැඩේ අනික් එක මට වෙලා තියෙන්නෙ. දන්නවනෙ නේද අර ගස් දෙබලක් මැද්දෑවෙං පනින්ට ගිහිල්ල කොටි දෙන දෙබලෙ හිරවෙල වෙච්චි අලකලංචිය?....ආහ්හ්..දන්නෙ නෑය කිව්ව?.....මේ අපේ හෙන්රිය තමයි ඔය වගෙ කතා කියන්ට මරුව...අනේ බාං අර කොටිදෙනගෙ කතාවක් තියෙන්නෙ....කියහංකො තරහ නැතුව..ආ.. හා කිව්ව නේද?...හරි ඒකත් එහෙනං හරි...හෙන්රිය කියයි ඒ කතාව. මොකද මම දැං මෙතන ඕක ...
161. තාරාවෙක් සමඟ මතක මංපෙත ඔස්සේ..... නිදහස් සිතුවිලි පහුගිය සිකුරාද සතියටම එන එකම නිවාඩු දවසෙ අපි තාරාවෙක් හැදුව. හැදුවය කිව්වෙ අල,ලූණු මාළු එහෙම තම්බල ඉඟුරු, සාදික්ක. කරාබු නැටි, කොත්තමල්ලි කොල එහෙම දාල පොඩ්ඩක් තෙම්පරාදු කරල තාරාව ඇතුලට පුරවල ඉදිකට්ටක් අරගෙන මැහුව. ආ...ඊට කලින් දොඩම් පෙති කපල ඇතුරුව...පස් සෙ මීපැණි, සෝයා සෝස්,දොඩම් යුෂ යාන්තමට රත් කරල බුරුසුවකින් තැවරුව. අන්තිමට අවන් එකේ පැය දෙකක් දෙපැත්ත හරවල බේක් කරල ගත්ත. හප්පා.. ...
සුභ උපන් දිනයක් වේවා !!! නිදහස් සිතුවිලි අද නිදහස් සිතුවිලි හී නිවැසි,බ්ලොග්කාර,කවිකාර,කතන්දරකාර,රවී වීරසිංහ නම් වූ අප ලබැඳි මිතුරාගේ උපන්දිනයයි.මීට වඩා බොහොම දිග ලිපියකින් සුභ පතන්න හිටියේ.එය කියවා ඔබට චුට්ටක් විතර හිනා වෙලා, විනෝද වෙන්න තිබුනා.එහෙත් අපේ තවත් ලබැඳි මිතුරෙකුගේ පියාණන්ගේ අභාවය හේතුකොටගෙන එම ලිපිය පල කිරීම කල් දමන්නට සිතුවා.කල් දැමුවා පමණයි !මේ මාසය අවසන් වන්නට පෙර එය පළ වේවි.ඉතිං එන්න අපේ රවීට සුභ පතමු !!!HAPPY BIRTHDAY ...
103. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....1 නිදහස් සිතුවිලි ගෙපැල පසුපස වන බූටෑවේ මධ්‍යයට ආසන්නයේ වර්ධනය වී පළාතක් ආවරණය කල, රූස්ස නුග ගහ සෙවණේ ඇණ තබා හිඳගෙන සිටි දඩයක්කාරයාගේ දෑස පියවී තිබිණි. එහෙත් ඔහු නිද්‍රාවෙහි ගැලී සිටියේද නැතහොත් දිවා කාලයෙහි බොහෝ කොට ගත කිරීමට ඔහු ඉතාම ප්‍රිය කල මනෝ රාජික සිහින දකිමින් නිද්‍රාවත් අවදියත් අතර වූ මායිම් සීමාවන් එක් වරම පැහැදිළිව හඳුනා ගත නොහැකි අවස්ථාවක ගත කරනුයේද යන්න අවම ...
178. අයෝමය කතගේ සමුගැන්ම.. Farewell Of The Iron Lady නිදහස් සිතුවිලි කිත්‍යාකාර ගේට්ටුවෙං එලියට පැන්නෙ කට්ටියම එකට. කොච්චර හෙමීට පලයල්ල කියල සර්ලයි ප්‍රිෆෙක්ට්ලයි කිව්වත් අම්මප ඒකනෙව බැරිම වැඩේ..කලින් ගියයි කියල ඇති වැඩකුත් නෑ....පුංචි බොරැල්ලෙ බස් හෝල්ට් එකට වෙලා වේලෙනව තව පැය බාගයක් විතර මික්ස්ඩ් ස්කූල් බස් එක එනකල්.... කැම්බල් ප්ලේස් එක පහු කරල පුංචි බොරැල්ල පැත්තට හැරුන විතරයි.. " ඒ දුවපං අන්න අරූ එනව මාරාවේස වෙලා වගේ… " පිටිපස්සෙං ඇහුන ...
113. කාලය! නුඹට ඇසුනේද? නිදහස් සිතුවිලි <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 <![endif]--> <!--[if gte mso 9]>
168. නාගයා වනාහී...... නිදහස් සිතුවිලි නාගයා වනාහී දෙවැදෑරුම්ය. ඉන් සත්ව විද්‍යාත්මක නාගයා පිළිබඳව ගැටළුවක් තිබිය නොහැක.දුටු වහාම නාගයකු හඳුනාගත නොහැක්කෙක් නොමැත. ඒ තරමට නාගයා අපේ ජීවිතයට සම්බන්ධය. දරුවකු මව් කුස පිළිසිඳගත් බව සියලු සැක දුරුකොට ඉඳුරා ස්ථිර කොට ගැන්ම වර්තමානයෙහි ඉතා පහසුය. ඒ සඳහා ගර්භනී මූත්‍ර පරීක්ෂාවක් උදක්ම ප්රමාණවත්ය. ක්ෂුද්‍ර අතුරු කතාවකට මදක් මට අවසර... " මිසිස් විජේසිංහ මට ඔයාට කියන්ට බොහොම ...
129. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....16 නිදහස් සිතුවිලි දඩයක්කාරයාගේ ජීවිතයෙහි සෑම සුවිශේෂී සිද්ධියක්ම සිදුවනුයේ සඳ පායා ඇති රාත්‍රියන්හි දීමය.මෙදිනද ඒ අහේතුක වූ ධර්මතාවය යලිදු පසක් කරමින් පුරා සඳ කොහොඹ අතුපතරින් එබෙමින් ගෙමිදුල කිරි දියරෙන් නැහැවීය. පියාණන් ගෙපැල මධ්‍යයේ ඇතිරූ මුව සමෙහි වැතිරී නිදනු වස් ගෙපිලෙන් නැඟී සිටියේ සඳ අවපසෙහි අඩක් පමණ ගමන් කල ඉක්බිතිය.නැඟී සිට දඩයක්කාරයාගේ දසරුව සිය සුරතින් ග්‍රහණය කල හෙතෙම තම ගැඹුරු හඬින් මෙසේ පැවසූයේ ...
153. සද්දන්ත ප්‍රේමයක අවසානය එසේ සනිටුහන් විය........ නිදහස් සිතුවිලි දඩයක්කාරයො කියන්නෙ කැලෑවල ඉන්න කට්ටියක්නෙ. එහෙ කොහෙන්ද බූල් බූල් තුවා?...ඔව් අනේ අර රෝස මල් එහෙම තියෙන බූල් බූල් තුවා....අර මම අපෙ අම්මණ්ඩිගෙ කඳුලු පිහින්නෙ....අන්න හරි අර බින්දි මැඩමුත් මේ ළඟදි ගත්තෙ සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව .....අන්න එව්ව තමයි.........ඉතිං අර සොඳුරු යුවතිය කඳුලු ගහනකොට දඩයක්කාරයට කරන්ට තිබ්බෙ එකම වැඩයි...අමුඩෙ ගලෝල සොඳුරු යුවතියගෙ කඳුලු පිහින එක විතරයි... '' ...
315. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම. ....2 නිදහස් සිතුවිලි Ravaya.lk එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි. " මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ ...
193. කිරුළ සහ සෙනෙහස ……6 නිදහස් සිතුවිලි කිරුළ සහ සෙනෙහස ……1 කිරුළ සහ සෙනෙහස ……2 කිරුළ සහ සෙනෙහස ……3 කිරුළ සහ සෙනෙහස ……4 කිරුළ සහ සෙනෙහස ……5 එදින ඒ තම්මැන්නා පුරවරයෙහි රත්හිරු කෙමෙන් අවර සයුර රළපෙලට මුවාව බැසගිය සැඳෑවේ සිට ගතවූ වසර පහකට ආසන්න කාලය පිළිබඳව සැකෙවින් සඳහන් කොට වත්මනට පිවිසෙන්නට මට අවසර ප්‍රිය සහෘදය / සහෘදිනිය... පසුදින අධිකරණය වෙත ඉදිරිපත් වූ විජය අභියාචනයක් ඉදිරිපත් කළේය. තම ...
237. නූපුර නිහඬවිය…. The Silent Anklet. නිදහස් සිතුවිලි මහඇලේ ඉම නියර අද්දර රූස්ස නුග ගහ තාම තියනව. ඒත් අර තිබ්බ සරුසාර කොළපාට දැං ඇහැවෙලා ගිහිල්ල. මම වගේම තමයි කියල මට හිතුනෙ නිරාසායසෙන්ම. ජීවිතේ හොඳ හරිය ගෙවිල ගිහිල්ල අන්තිම කාලෙ මරණය බලාපොරොත්තුවෙං ඉන්නව එලොවත් මෙලොවත් අතර. මේ මහ නුගේට කතාකරන්ට පුලුවන් නම් මොන මොන දේවල් කියයිද හැබෑටම? ගස් ගල් කතා කරපු යුගයක් ඉස්සර තිබ්බලු. එහෙම කිව්වෙ මයෙ අත්තම්ම. අම්මයෙ ...
110. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....8 නිදහස් සිතුවිලි දඩයක්කාරයා දෙස බලාසිටි පියාගේ දෑසෙහි වූයේ ගැඹුරු නිශ්චලත්වයකි. නිමේශයකට පසු තමා විසින් කලයුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් සිතෙහි ඇතිව, දඩයක්කාරයා ගෝණි පඩංගු දෙක මත වැතිර හුන් මෑණියන් වෙත නැඹුරුව ඇගේ හිස අද්දර දණ ගැසීය.ශ්වේතවන් වූ රෙදිකඩ අතින් ගත් මහ දඩයක්කාරයා විරුද්ධ පාර්ශ්වයෙහි දණ නවා හිඳගත්තේ, සිය පුත්‍රයාගේ සහය ද ඇතිව ක්‍රමයෙන් සිසිල් වන තම බිරිඳගේ දේහය රෙදිකඩෙහි ඔතා ...