බුද්ධා බාර්, ක්‍රිස්තු බාර් සහ අල්ලා බාර් – ඇහෙනකොට ජුවල් ඇයි ? නවම් මාවත බල්ලා !!!!! කවුරුහරි ඔය වචනය ඇහුනම අමනාප වෙනවද ? සමහරෙකුගෙ උත්තරය “ඔව්” වෙනකොට තවත් සමහරකගෙ උත්තරය “නෑ”. ඇයි මේ එකම ප්‍රශ්ණයට උත්තර දෙකක් ? උත්තර දෙකම නිවැරදි ද ? උත්තර දෙකම වැරදි ද ? එහෙම නැත්නම් එකක් හරි අනික වැරදි ද ? නෑ…. උත්තර දෙකම හරි !!! එහෙම වෙන්නෙ ප්‍රශ්ණය යොමුවෙන්නා “බල්ලා” කියන වචනය දකින [...] ...
එක්ස්ක්‍යුස් මී හෙවත් ඇණ මුරිච්චි සමඟ ලොප් වූ විළිලැජ්ජාසහගත ප්‍රේම ප්‍රකාශය නවම් මාවත එක්ස්ක්‍යුස් මී … මට ඉස්සරහින් ග්‍රීන් ඇපල් ජූස් කඩේ පෝලිමේ ඉඳපු වියත් දෙකේ සාය කොටයක් ඇඳල ඉඳිකටු දෙකක් වගේ හීනි අඩි තියස සපත්තු දෙකක් දාපු එක්සෙකටිව් ලූක් එකක් තිබුන ගෑණු ළමයගෙ කනට කිට්ටු කරල කඩුවෙන්ම කෙටුවෙ මේ නවම් මාවතේ ඉන්න ගෑණුන්ගෙ හැටි දන්න නිසා. ඔව් ඔව්.. මුන් මහ අමුතුම එව්වො ජාතියක්. ඕං නිකමට හිතමුකො මං [...] ...
කැඩුණු පුටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස නවම් මාවත මේ දවස්වල මෙලෝ සංසාරයක් ලියන්න හිතෙන්නෙ නෑ. හිතෙන ඒවත් මෙලෝ රහක් නැති ජුජුබ්ස් ටොපික්ස්. බාගදා ඒව ලියල ගුටි කන්නත් බැරිනැති හන්ද එහෙන් මෙහෙන් මතක තියන ෂෝට් ඊට්ස් වගේ ඒව දෙක තුනක් ලියනව. මේ කියන කතා ටික සිද්ධ උනේ කාලෙකට කලින් කටුනායක ඉන්න කාලෙ. මතකයිනෙ මම එහේ වෙච්ච කතා තුන හතරක් ලිව්ව. කියවල නැත්නං මෙන්න ඒව. [...] ...
හොඳම කොන්දොස්තර සමඟ මැණික, වස්තුව, පැටියා ඇතුළු තවත් කතා නවම් මාවත මෙන්න අර කලින් පෝස්ට් එකේ අන්තිමටම කියනව කියාපු හොඳම කොන්දොස්තරගෙ කතාව මම ඉස්සෙල්ල කිව්වනෙ අපි ගියා කියල අමන්දොළුව – බේස්ලයින් පාරෙ නීතක්කලගෙ බෝඩිමට. අන්න එදා ඉඳල හැමදාම උදේට අපි මේ අනර්ඝ මගී ප්‍රවාගන සේවයේ තමයි යන්නෙ එන්නෙ. අපි යන එන වෙලාවල් වෙන්නෙ උදේ හයයි තිහයි හතත් අතරෙයි ආයෙම හැන්දෑවෙ හතයි අටයි අතරෙ වගේ තමා. මතක [...] ...
මම පරමාදර්ශී “පොර” චරිතයක් සොයමි. නවම් මාවත ඉස්සර ඉඳලම මට පොරක් වෙන්න ඕනෙ වෙලා තිබුනෙ. මුලදි යාන්තං තිබුන මේ අමාරුව පහු පහු වෙනකොට දරුණු තත්වයකට පත් උනා. ඔය කියන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල අහවර වෙච්ච අළුතමයි. පොරක් වෙන්න ඕනෙ කියල හිතුනට කිසිම පරමාදර්ශී චරිතයක් මට තිබුනෙ නෑ ඒ කාලෙ. ඉස්කෝලෙ ඉන්නකොට පොරක් කියල හිතාන උන්නු, ඉස්කෝලෙ ගේට්ටුව ඉස්සරහ පාට පාට ස්ටිකර් විකුන්න ස්ටිකර් කඩේ [...] ...
කසාද බඳින්නද යන්නෙ නවම් මාවත ඇයි කසාද බඳින්නෙ? ප්‍රේමයේ ඵල නෙලන්නද ? ලෝකාපවාදයෙන් බේරිලා අහවල් වැඩේ කරන්නද ? වටේ පිටේ ඉන්න අය කියන නිසාද? එහෙමත් නැත්නං වයසට ගිහිල්ල තනිවෙනවට බයේද? මං නං අඩු වැඩි විදියට ඔය හේතු කිහිපයි ලියන්න කියන්න නොතේරෙන හේතු කිහිපයකුයි නිසා. කොයි කොහොම උනත් මං දැං බැඳලා. ඒක එතනින් අහවරයි. එතනින් පස්සෙ තමයි හොඳ සෙල්ලං තියෙන්නෙ. ඒව [...] ...
උඹ තමයි දවසකටවත් අයිය බං නවම් මාවත ලොකු අයියෙ මොකක්ද බං ඒ කොරාපු නොහොඹිනා වැඩේ උඹ ? මොන වැඩෙද බණ්ඩො ? මොන වැඩේද අහන්නෙ, ඇයි ඔය ඩිංගට අමතකද ? අමතක වෙච්ච කෙහෙල්මලක් නෙමෙයි බං, ඒ ජාතියෙ වැඩ නං කියල කීයක්ද… උඹ ඔය අහන්නෙ අහවල් දෙයක් ගැනද කියල නිච්චි නෑ. අර මං හන්දියෙ ටියුසොං පංතියක් දාන්න හදාපු වැඩේට පොල්ල දාපු එක !! හො [...] ...
පාළු වංගුව නවම් මාවත ඈ තම සියුම් කියුඹුවැල් ලා රත් පැහැති දබරැඟිල්ලෙන් වම් කණ පිටුපස රඳවමින් මඳ ඉසිඹුවක් ලද මුවින් හුස්මක් ගන්නට මුහුණ ඉහලට හැරවූවාය. දහදිය මල්වලට ඇළුණු කෙහෙ රොදක් ඈගේ නළළ මත්තේ විය. ටයිල් පොළොව මත වූ කොස්සෙන් කට්ටි පැන්න වලි කැට කිහිපයක් ඇගේ දනිස් සිදුරු කර ඇත. ඔහු තවමත් අයාගත් මුවින් සිවිළිම දෙස බලාගත්වන් මය. ඇතිද? නොමනාපය [...] ...
ආදරණීය රිදුම – 02 නවම් මාවත තිළිණි ඇයි මට සමීප උනේ කියල මට තවම පැහැදිළි නෑ. මෙන්න මේ හේතුවය කියල එකක් පෙන්නන්න හැදුවම තව වෙන හේතුවක් මතුවෙනව, ඒ වෙලාවට කලින් එක නෙමේය පස්සෙ මතුවෙච්ච එකය කියල පිළිගන්න හැදුවම මෙච්චර වෙලා නොතිබිච්ච තවත් හේතුවක් තුන්වෙනි එක විදියට මතුවෙනව, ඒකට පස්සෙන් හතර, පහ, හය විදියට එකක් පස්සෙ එකක් විදියට හේතු පෝලිමක්ම ඇවිල්ල මාව […] ...
සුභ උපන්දිනයක් ලීනු ! නවම් මාවත ආදරෙන් නළවන්න අම්මල නැති හවසට චොකෝ ගේන්න තාත්තල නැති අසනීප උනාම එළිවෙනකල් නිදිමරන්න අම්මල නැති උදේට ඇඳෙන් බැහැපු ගමන් චූ කරන්න නාන කමරේට එක්ක යන තාත්තල නැති බත් කන්නෙ නැතිකොට හඳහාමි පෙන්නන්න අම්මල නැති ඒක හරියන්නෙ නැතිකොට චීස් කෑල්ලක් දාල අනන්න තාත්තල නැති හිනාවෙලා කෑගහනකන් කිති උම්මා දෙන්න අම්මල නැති අම්ම එක්ක තරහ උනාම තුරුල්වෙන්න [...] ...
මගේ පුතා හරි හපනා DHA + බොන්නා නවම් මාවත මයේ කොල්ලා දැං කිරි බීමට එච්චර මනාපයක් නැතිය. අවුරුද්දක් වෙනකං අම්මාගේ තනේ එල්ලී සිටි කොල්ලට දැං කිරි වලට වඩා රහ ජාති ලැබේ. ඌ පාං කයි, බත් කයි, ආප්ප කයි, කඩල කයි, මුං කයි, චීස් කයි. ඒත් වැඩි හරියක්ම කන්න කැමති පරිප්පුය. පිය පාර්ශවයෙන් ආරෙට එනවා වෙන්නට ඇත. උගෙ තාත්තාද කන තරමක් කන්නේ පරිප්පු ය. ඒත් [...] ...
මේ… මාත් ලියන්නද බ්ලොග් ? නවම් මාවත ඒයි මේ… චූටි මැණිකේ කණට කොඳුරයි හ්ම්… මොකද ඒයි…. නැගිටිනවකො… නිදාගන්න දියං යෝදියෙ. මයෙ පණ ගිහිල්ල තියෙන්නෙ අද නං. නිදාගන්න නං කවදා බැරිද. ඒක නෙමෙයි.. මාත් බ්ලොග් ලියන්න පටන්ගන්නද? ඇග් ! මගේ නින්ද කොහෙන් ගියාද නැත. මම වහාම අවදිවී ඇඳ විට්ටමට හේත්තුවී හරි බරි ගැහී වාඩි උනෙමි. බලෙන් කියවන්න දුන්නොත් මිසක් බ්ලොග් දිහා ඇහැක් ඇවල [...] ...
දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ. නවම් මාවත හැතැප්ම දෙකකට වැඩිය දුර නැති ඉස්කෝල දෙකක අවුරුදු දහතුනක්ම ඉඳල, ඒ මදිවට බද්දෙගෙ, ටිල්නියගෙ, ඩකා ගෙ පන්තිවල නූලෙ වාඩිවෙලා ඉරට්ටෙ ලිය ලිය අවුරුදු දෙකක්ම කට්ට කාල, තවත් අවුරුදු දෙකක් ඇන්.ටී. ඇස් එකේ තාප්පෙ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි ඉඳල, මදි පාඩුවට තවත් අවුරුදු දෙකක් එක ලඟ තියෙන නෝනාවාට්‍ටුවෙයි වැලිකඩයිත් ඉඳල අන්තිමට පත්තර පිටුවක් හන්ද නෙව අපි [...] ...
යමක් සිදුවෙමින් පවතී. එහෙත් එය කුමක්දැයි නොදනිමි. නවම් මාවත ඔබ කිසිවෙක් ජීවිතයේ හිස් බව විඳ ඇත්දැයි නොදනිමි. නමුත් මම විඳිමි. සුවපහසු දිවියක, සෙනෙහෙබර බිරිඳක් හා හුරතල් කොළුපැටියෙක් සමඟ ගතකරනා ජීවිතයේ කිසියම්ම හෝ හිස් බවක් දැනෙනුයේ නම්…. ඒ ඇයි දැයි පහදා පවසන්නට තරම් දැනුමක්, ජීවිතාවබෝධයක් නොමැති හිතින් තැවෙමි. පහදා දීම ඔබට නොව මටමය. ඒ ගැටළුව ලිහා ගැනීමට ප්‍රථමයෙන් ගැටළුව අවබෝධ කරගත යුතු හෙයිනි. නැත, මට [...] ...
මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්ටු නෑ හරිය] නවම් මාවත පහුගිය පෝය දවසෙ අහම්බෙන් වගේ බෞද්ධයා නාලිකාවෙ ප්‍රචාරය උන බණක් අහන්න ලැබුන. ඒකත් චූටිමැණිකෙයි මායි පොඩ්ඩයි අම්මලගෙ ගෙදර ගිය නිසා. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න. හෝව් !! මම බණ කියන්න [...] ...
ආදරණීය රිදුම – 04 නවම් මාවත තිළිණි හමු උනාට පස්සෙ ගෙවුන බොහෝමයක් දවස්වල වගේ එදා හැන්දෑවෙත් මම ඈගෙන් සමු අරන් ක්වාටස් එකට ආවෙ බොහෝම සැහැල්ලුවකින්. හරියට අවුරුදු දහ අටේ විස්සෙ කොල්ලෙක් වගේ ප්‍රීතියෙන් පිම්බිච්ච හදවතකුත් එක්ක. එකමත් එක කාලෙකට කලින් මගේ හිතෙන් ගිලිහිලා ගියපු සැහැල්ලුව නැවත ගෙන එන්න, දුක්ඛ දෝමනස්සයන් බොහෝමයක් දුරු කරල ප්‍රීතියෙන් පුරවල දාන්න ඈ එක්ක ගතකරන එක මොහොතකට පුළුවන්. මම ඒ […] ...
එහෙමත් කාලයක් හැබෑටම නවම් මාවත බහින්නයි කිව්වෙ ලොවි ගහෙන් !! දොරකඩ ගහෙන් කඩාගනිපු හීනි පේර කෝටුවත් උරුක් කරගෙන ලොවි ගහේ කොළ වලට බනින ආච්චිගෙ ඔළුගෙඩිය විතරයි මට පේන්නෙ. ගිණි මද්දහනෙ අව්ව හරියටම එයැයිගෙ තෙල් ගාල තදකරල බැඳපු කොණ්ඩෙට වැදිල එහෙ මෙහෙ වීසිවෙනව. හරියට අර ටී වී එකේ හවසට පෙන්නන සින්දුවල කැරකෙන කණ්නාඩි කෑලි අල්ලපු ව්ලිය වීසිවෙන වීදුරු බෝලෙ වගේ. මෙච්චර [...] ...
එක දවසක් හැන්දෑවක – පරණ කතාවක් නවම් මාවත ඔයාට මතකද එදා අපි අලි සෙල්ලං බලන්න අර ගැට්ටෙ වාඩි වෙලා ඉඳිද්දි කාක්කෙක් ජරා කලා… හැන්දෑවෙ බැල්කනියට වෙලා ඈතින් පේන ගඩොල් වලේ ඉහත්තාවෙ බැඳල ඉන්න මීහරක් ජෝඩුව දිහා බලාගෙන අතරෙ චූටි මැණිකෙ ගෙනාපු අඩු සීනි ප්ලේන් ටී එක තොල ගාන ගමන් මම ඇහුව. මොන අලි සෙල්ලංද ? මොන කාක්කෙක් ද? ඔයාට විකාරද ? එතන ප්රශ්ණම […] ...
දැන් පෙන්නනවා – කැලයක් මැද ආදරය හෙළුවෙන් – අධ්‍යක්ෂනය : ලූලා නැති වලේ කණයා නවම් මාවත මචං, මට හිතෙන්නෙ නිර්ධා උඹට කැමතියි කියල. ගඟ අයිනෙ වැටිල තිබිච්ච කුඹුක් කොටේ උඩ වාඩිවෙච්ච ප්‍රියන්ත කකුල් දෙක වතුරට දනගමන් කිව්වෙ අමුතු හිනාවකුත් එක්ක. උඹ කොහොමද දන්නෙ ? ඇයි බං උඹට තේරුනේ නැද්ද කෑම්ප් එකට ආව වෙලාවෙ ඉඳල ඒකි උඹෙ පස්සෙමයි කියල. මම දැක්කෙ නෑ බං, අනික මම මේ ගමන ආවෙ වනාන්තරය රසවිඳින්න මිසක් කෙල්ලෙක්ගෙ [...] ...
හපෝ..නිදහසද ? මටනම් එපා. මෙහෙම හොඳා !!! නවම් මාවත මොන කරදරයක්ද ගෑණියෙ මේ…. අම්මප මට නිදහසේ ඉන්න දුන්නෙ නැත්නං යනව ඔළුව හැරිච්ච හැරිච්ච අතේ හරිය.. අයෙ නොකිව්වයි කියන්න එපා. නිවනන් ඇත්තෙම නෑ නෙව. උදේ ඉඳං නැහිල නැහිල ගෙදර එනව ඩිංගක් නිවීහැනහිල්ලෙ ඉන්නෙයි කියල. කොහෙද.. ආ වෙලේ ඉඳල මෙතන නහූතෙට වැඩ. රෙදි හෝදන්නයි, ටයිල් මදින්නයි, මකුළුදැල් කඩන්නයි කක්ක රෙදි හෝදන්නයි. වලං හෝදන්නයි …. අම්මප වන්දියක් [...] ...