ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts (http://dhanikauom.blogspot.com/) Latest Posts Most Popular Posts
eBay Auctions වල bid කිරීම හෙවත් වෙන්දේසි වල ලංසු තැබීම (eBay කුප්පි #7) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! ඉතිං කොහොමද? කාලෙකට පස්සෙ නේද? කොහොමහරි ඉතිං ඔන්න ආයෙමත් eBay ගැන කුප්පියක් දාන්න වෙලාවක් හොයාගත්තා. ඊට කලින් ඉතිං අලුත් අලුත් තොරතුරු ටිකකුත් කියලා ඉන්න එපැයි නේද? මෙන්න මේවයි අලුත් තොරතුරු. දැන් මගේ සරසවි ජීවිතේ අවුරුදු දෙකහමාරක් ඉවරයි. ඉතිං මේ දවස් වල නං සරසවියෙ නෙමෙයි ඉන්නෙ. මේ දවස් වල අපිට training. මට නං සෙට් උනේ කොම්පඤ්ඤ වීදියෙ company එකක්. (මගේ ...
eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen ...
සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද? (eBay කුප්පි #3) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts eBay කුප්පි #1 සහ eBay කුප්පි #2 හැමෝම කියවන්න ඇතිනෙ. පසුගිය ලිපියෙ eBay කුප්පි #2 න් අපි කතා කළේ ලංකාවෙ අපිට eBay තුළ සහ අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැනනෙ. ඒ ගැන හඳුන්වාදීමක් එක්කම සම්පත් Webcard එකකට අයදුම් කරන අයුරුත් එදා ලිපියෙන් අපි සාකච්ඡා කළා. ඉතිං දැන් Webcard එකට දැනටමත් අයදුම් කරපු අයට ...
SETT Browser සිංහල/දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය mBillionth South Asian Mobile Awards 2011 හී දී ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි ෴ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ තවත් එක් ජයග්‍රහණයක් ගැන නම් නෙමෙයි. මේ මගේ ජීවිතේ මෙතෙක් මා ලද සුවිශාලතම ජයග්‍රහණය. මේ වර්ෂය මුලදි මවිසින් නිර්මාණය කර එළිදැක්වූ SETT Browser for Android නම් සිංහල/දෙමළ ජංගම දුරකථන වෙබ් බ්‍රව්සරය පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි හී පැවැත්වුනු mBillionth South Asian Mobile Awards 2011 නම් දකුණු ආසියානු සම්මාන උළලේදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුනා. මේ ලිපිය ...
ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග - Sampath Webcard (eBay කුප්පි #2) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts පසුගිය ලිපියෙන් පටන් ගත්ත eBay කුප්පි මාලාවට ලැබෙන ප්‍රතිචාර ගැන නම් බොහොම සතුටුයි. ඒ ප්‍රතිචාර එකතු කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ ලිපියෙ ප්‍රතිචාරයකින් ලෝහිත කියලා අපේ සොයුරෙක් කියලා තිබ්බා ඔහු eBay වෙතින් ගෙන්වපු කිලෝ 4.5ක් පමණ බර mini air compressor එකකුත් කිසි අවුලක් නැතුව තැපැල් කාර්යාලයට ආවා කියලා. ඒ පිළිබඳ තැපැල් කාර්යාලයෙන් ඔහුව දැනුවත් කළාම ඔහු තැපැල් කාර්යාලයට ගිහින් ඒ ...
ඔබේ සිංහල බ්ලොගය/වෙබ් අඩවිය සිංහල සහය ඇති/නැති ඕනෑම පරිගණකයකින් කියවිය හැකි කරවන්න - SETT Unicode Decoder - තවත් නිර්මාණයක්... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! අද මං කියන්න යන්නෙ තවත් අපූරු නිර්මාණයක් පිළිබඳව. ප්‍රශ්නයක් අහලා ඉන්නද මුලින්ම? සිංහල බ්ලොග් ලියන අපිට තියෙන ලොකුම ගැටළුව මොකක්ද? ම්... අපි සිංහලෙන් බ්ලොග් ලිව්වට අපි ලියන ඒවා කියවන්න පුළුවන් අය, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් සහය ඇති පරිගණක තියෙන අය ලංකාවෙ තාම ඉන්නෙ ඉතා සීමීත පිරිසක් වීම, නේද? මොකද ලංකාවෙ බහුතර පරිගණක වල තාම තියෙන්නෙ පෙරනිමි සිංහල සහය නොමැති ...
eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හිටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා. eBay ගැන ලියන්න පටන් අරං දැන් මාස 9 ...
ජංගම දුරකථනයෙන් සිංහල/දෙමළ වෙබ්පිටු පැහැදිලිව බලන්න - SETT Browser for Android - මාගේ කේවල ව්‍යාපෘතිය! ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts Read this post in English>>ආයුබෝවන්! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අලුත් අවුරුද්දෙ මගේ මුල්ම බ්ලොග් සටහනින් ඔබ සැමට මං තිළිණ කරන්න හදන්නෙ අපූරු පුංචි තෑග්ගක්. ඒ තමයි මගේ පරිගණක මැවිසුරු උපාධියේ තෙවන වසර කේවල ව්‍යාපෘතිය ලෙස මා නිර්මාණය කළ SETT Browser නම් ජංගම දුරකථන අන්තර්ජාල ගවේශකය.මොකද්ද මේ SETT Browser කියන්නෙ? ඒ ගැන කියන්න කලින් මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.ඔබ කවදහරි ...
අලුත් අවුරුදු තෑග්ග... Bhasha Dictionary ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! සුභ අලුත් අවුරුද්දක් වේවා!ඔන්න අලුත් අවුරුද්දෙ කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්නෙ ඔයාලට අලුත් අවුරුදු තෑග්ගක් දෙන්න. SETT Browser එකෙන් පටන් ගත්තු තෑගි දෙන එක තාමත් නැවතිලා නෑ ඕං. ඉස්සරනං තෑගි දුන්නෙ මං තනියම මහන්සි වෙලානෙ. දැන් තෑගි දෙන්නෙ මගේ පුංචි සමාගමේ හැමොන්ගෙම දහඩිය මහන්සියෙන්. ඒ බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. පහුගිය දවස් වලත් ඒ වගේ දීපු තෑගි දෙකක් ගැන ...
මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ ...
ජංගම දුරකථන සඳහා ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව, "භාෂා හෙළකුරු" එළිදකී! ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! කාලෙකට පස්සෙ ඔන්න අද මම මේ කියන්න හදන්නෙ තවත් අලුත්ම අලුත් නිර්මාණයක් ගැන. මේ වන විට ජංගම දුරකථන වලින් පහසුවෙන්ම අන්තර්ජාලයේ සිංහල කියවිය හැකි බව ඔබ දන්නවනෙ. අද මම මේ කියන්න යන්නෙ ජංගම දුරකථනයෙන් සිංහල ලිවිය හැකි නව නිර්මාණයක් ගැන. මීට මාස 10 කට පමණ කලින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා SETT සිංහල/දෙමළ බ්‍රව්සරය එළිදැක්වීමෙන් පසුව මතුවුනු විශාලතම අඩුපාඩුව තමයි ...
eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු! (eBay කුප්පි #4) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො. ප්‍රධානම කාරණේ තමයි මේ හතරවෙනි ලිපිය 1, 2, 3 ලිපි වගේ හදිස්සියෙ ලියන්න අවශ්‍යයි කියලා මට හිතුන්නෑ. ඒ මොකද අපේ ජීවිතේ ...
මාගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාව - සියලු ශ්‍රී ලාංකික නවක ව්‍යවසායකයින්ට දිරියක්ම වේවා! ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! හැමෝන්ටම සුභම සුභ අලුත් අවුරුද්දක්!අලුත් අවුරුද්දෙ මුලින්ම මේ කියන්න යන්නෙ මං ගැනම පුංචි තොරතුරුක්. මේ බ්ලොගය ආරම්භයේ පටන් සිටි පාඨකයින්ට මතක ඇති මං මේ බ්ලොගය ඇරඹුවෙ සරසවි ශිෂ්‍යයෙක් ලෙස. නමුත් අද වන විට මම ව්‍යවසායකයෙක්. ඉතිං මං ගැන සහ මවිසින් ආරම්භ කරපු නව සමාගම පිළිබඳ සිංහල ලිපියක් පසුගිය සතියේ 'තරුණයා' ජාතික පුවත්පතේ පළවුනා. මෙම ලිපිය අපේ රටේ ඉන්න නවක ...
සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න විදියක්... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආවා සිංහල බ්ලොගවකාශෙට. විභාගෙත් අවසාන වෙලා ටිකක් දිග නිවාඩුවකුත් ලැබුණු නිසා දැන් ඉතිං ආයෙත් සුපුරුදු විදියට බ්ලොග්කරණයෙ යෙදෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතිං ඔන්න අද 2010 වර්ෂයෙ මුලින්ම ලියන ලිපියෙන් මං කියන්න හදන්නෙ නොමිලේ Mobile News Alerts ලබා ගන්න පුළුවන් සරළ විදියක් ගැන.හැමෝම දන්නවනෙ ඔය අපේ ජංගම දුරකතන සේවාසැපයුම්කරුවන් විසින් එක එක විදියෙ Mobile News Alert සේවා ...
SETTdeco හෙවත් SETT යුනිකේත විකේතකය ගැන විජය පරිගණක සඟරාවේ පළවෙයි... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! ඉතිං ඔන්න පුංචි සුභ ආරංචියක් කියන්නයි යන්නෙ. SETTdeco ~ එහෙමත් නැත්නම් SETT යුනිකේත විකේතකය පිළිබඳ මෙවර 2011 ජූනි මස විජය පරිගණක සඟරාවෙ 17 වෙනි පිටුවෙ අලුත් වෙබ් සේවා පිටුවෙ පළ වෙලා තියෙනවා. ඉතිං මේක අපි කාටත් සතුටුදායක ආරංචියක් නේද? ඔන්න බලාගන්නකො විජය පරිගණක සඟරාවෙ පළ වෙලා තියෙන විස්තරය.අපේ විකේතකය ගැන වැඩිදුර විස්තර පළ වෙලා නැතත් මෙය පළ කරලා තියෙන ...
ලොව කුඩාතම වාගේ Flash Pen එකක් හිමිකර ගතිමි! - PNY F7 Flip Attaché ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න භාණ්ඩෙ. කොහොමද? ප්‍රමාණෙ ගැන හිතාගන්න පුළුවන්නෙ නේ? රු.2ට වඩා ටිකයි දිග, රු.5ට වඩා ටිකයි ඝනකම. ඉතිං දැන් ඔය උඩ පිංතූර දෙක බලපූවාම ඔයාලා බලයි මොකද්ද බොලේ දැන් එතකොට USB port එකට ගහන්නෙ කියලා. කලබල වෙන්න එපා. මේ යට පිංතූරත් බලන්නකො. ආ... ඔය තියෙන්නෙ අපූරුවට USB port එකට ගහලා. මේක PNY F7 Flip Attaché වර්ගයේ 8GB pen drive එකක්. දිග, ...
~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ තෙවන වසරට පා තබයි . . . ෴ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! ඔන්න කියන්නත් සන්තෝසයි, මගේ මේ හෙළ බ්ලොග් සටහනට අදට වසර දෙකක් සපිරෙනවා. ඉතිං මේ සටහන ලියැවෙන්නෙ අන්න ඒ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්. 2009 වර්ෂයෙදි තමන්ටම කියලා අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්තට පස්සෙ මේ සිංහල බ්ලොග්කරණයට මං පිවිසුනු හැටි, මීට හරියටම වසරකට කලින් අද වගේ දවසක, මේ බ්ලොග් සටහනට වසරක් සපිරුණු දා සටහනක් තැබුවා ඇතැම්විට කියවන්න ඇති. ඉතිං ඒ අතීත කතාව ආයෙමත් කියන්න ...
SETT යුනිකේත විකේතකය: Updates - දැන් Internet Explorer සඳහාත් සහය දක්වයි! ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! SETT යුනිකේත විකේතකය ගැන කව්රුත් දන්නවා ඇතිනෙ දැන්. (දන්නැත්තං මේ ලිපිය කියවන්න.) මේ විකේතකය එළිදක්වන මොහෙතෙ එය 100% ක් නිවැරදිව සිංහල පෙළ (text) පෙන්වුවෙ Firefox සහ Safari තුළ පමණයි. නමුත් ඔන්න දැන් මේ විකේතකය Internet Explorer වලත් සාර්ථකව වැඩ! IE (Internet Explorer) වල මෙය සාර්ථකව වැඩ කිරීම සිංහල බ්ලොග්කරුවන් සහ සිංහල වෙබ් අඩවි පවත්වාගෙන යන ඔබට වැදගත් වෙන්නෙ මෙන්න ...
සසඳ සසඳ... - මා ගැයූ තවත් ගීයක් ඔබේ රසවින්ඳනයට... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! කාලෙකට පස්සෙ නේද? හ්ම්... බ්ලොග් එක ලියන්න අතපසු වෙන එක ගැන නම් සෑහෙන්න දුකයි. මොනා කරන්නද ඉතිං, ටික ටික කාර්යබහුල වෙලානෙ. මෙච්චර කාලෙකට කවදාවත් බ්ලොග් එක ලියන්න අතපසුවෙන එකට හේතුව විදියට කිසිම තැනක 'කාර්යබහුල වීම' කියන කාරණේ කිව්වෙ නැතත් දැන්නං ඒක නොකියාම බැරි වෙලා. මොකද දැන්නං ඇත්තටම එහෙමයි.කාර්යබුහුල වෙන්න හේතුව කලින් ලිපිය කියවපු අය නම් දන්නවා ඇති. මේ දවස් ...
SETT Browser for Android වීඩියෝ දර්ශන පෙළ නරඹන්න ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ආයුබෝවන්! මීට ටික කලකට කලින් Android දුරකථන සඳහා නිර්මාණය වුනු SETT Browser නම් ජංගම ගවේශකය ගැන ඔබට මතක ඇති. ඒ නිර්මාණ කාර්යය ගැන ප්‍රශංසා කරමින් බොහොදෙනා ප්‍රතිචාර එක්කෙරුවත් හුඟ දෙනෙක් කණගාටු වුනා එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්නවත් නොහැකි වීම ගැන. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, අපි හැමෝගාවම Android දුරකථන නැති නිසා. කොටින්ම කිව්වොත් මං ගාවවත් Android දුරකථනයක් නෑ.SETT Browser පිළිබඳ විස්තර ...