සිරිපා කරුණා මතක සටහන් තීර්ථ යාත්‍රාව දීර්ඝ ඉඩෝරය නිමා කරලා වර්ෂාව ඇති කරවන්න තීර්ථ යාත්‍රිකයත් දායක වුනා..(සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාලා)..ඉතින් ඒ වර්ෂා තත්වය තව තවත් වැඩි කරන අදහසින් පිට පිටම මේ මාසයේ දෙවනි පෝස්ටුවත් දාන්නයි මේ සූදානම.. :Dතීර්ථ යාත්‍රිකයාගේ කුළුඳුල් සිරිපා ගමන ගැන මීට අවුරුදු දෙකකට කලින් පෝස්ටයන් තුනකින් විස්තර සහිත සටහනක් ලියවුනා..ශුද්ධ වූ කඳු මුදුන කරා 1ශුද්ධ වූ කඳු මුදුන කරා 2ශුද්ධ වූ කඳු ...
වේයෝ බඳුනෑයෝ තීර්ථ යාත්‍රාව ළඟදි දවසක මගේ හොඳම මිත්‍රයෙකුගෙ පියා අඝාතයකට(Stroke) භාජනය වෙලා ප්‍රාදේශීය රෝහලේ වගේම කොළඹ ජාතික රෝහලෙත් නැවතිලා ප්‍රථිකාර ගන්න සිද්ද උනා. ඉතිං ඒ දවස් කීපය තුල මගේ මිත්‍රයාට මුහුණ දෙන්න සිද්ද සිදුවීම් හරහා මටත් අතීතයේ මං මුහුණ දුන්න සිදුවීම් මතක් උනා. විශේෂයෙන්ම නෑදෑයෝ ගැන.අපි හැමෝටම නෑදෑයෝ ඉන්නවා. අම්මලාගේ පැත්තෙන් , අප්පච්චිලාගේ පැත්තෙන්, දුරින් , ළඟින් නෑදෑ වෙන ආටෝරාසියක නෑදෑ සනුහරයක් අපි ...
වැටකොලු කොස්සේ ආතල් තීර්ථ යාත්‍රාව වැටකොලු කොස්සේ ආතල් දන්නේ ඒක පාවිච්චි කරලා තියෙන උදවියම තමයි මහත්තයෝ :D . දැං උඩ බිම බලන උදවියට සහ වැටකොලු කොස්ස කියන්නේ අතුගාන දෙයක් වගේ කියල හිතන මහත්ම මහත්මීන්ගේ පහන් සංවේගය උදෙසා තමයි පහත රූපය එකතු කරන්නේ.තවත් අවුල් වගේනම් , මේ තියෙන්නේ වැටකොලු කරල්. හරි දැන් මේවා මොකටද පාවිච්චි කරන්නේ ? නාද්දි ඇඟහෝදද්දි ඇඟ අතුල්ලන්න තමයි. සබන් ගාලා මේ වැටකොලු ...
එන්ට , කැති පාරක් කාල යන්ට තීර්ථ යාත්‍රාව මාතෘකාව දැක්කාම අබ්ලික්ද ? වැඩිය හිතන්න දෙයක් නෑ. පරණ ගම කතාවක්.මීට අවුරුදු පාලොවකට විස්සකට එහා අපේ ගම් පලාතෙ තරුණ උදවිය හිරිගඩු පිපෙන ආශ්වාදයක් ගන්න (ඇඩ්රිනලින් රෂ්) , බයිසිකලේක තමන් පස්සෙන් කෙනෙක් කැත්තං උස්සං එලවං එනවා බලන්න, ඔය ඔක්කොටමත් වඩා නොමිලේ කැති පාරක් කන්න මේ හැම වැඩේටම කලේ එක දෙයයි , ගමේ එක්තරා ගෙයක් ඉස්සරහින් යන ගමන් “අඹ දල්ලෝ........“ කියලා කෑගහන ...
ඉත්තෑ ගුරුකං තීර්ථ යාත්‍රාව පහුගිය දවසක තීර්ථ යාත්‍රිකයාත් ඇඹේනියත් ගෙදර වත්ත සුද්ද කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කලා. කාලයක් තිස්සේ ගෙදර හරිහැටියට රැඳිලා හිටපු නැති නිසා මුලු වත්තම සම්පූර්ණයෙන්ම වල් බිහිවෙලා ඝර්මකලාපීය මහා වනාන්තතරයක් වගේ වෙලා තිබුනේ. ඉතිං අපි දෙන්නා දැහැමින් සෙමෙන් වත්ත සුද්ද කරාගන කරාගන කරාගන යනකොට එකපාරටම හාමිනේ තීර්ථ යාත්‍රිකයාට කතා කරලා මේ පහල තියෙන භාණ්ඩෙ පෙන්නුවා.හොඳට ලෙලිගහලා ගානට කට්ට කපලා මූණක් ...
පාරිභෝගිකයන්ට බොරු කියන හලාවත ඉන්සයිට් පරිගණක අලවි සහ අලුත්වැඩියා සැල තීර්ථ යාත්‍රාව මා සතුව 2012 වර්ෂයේ මිලදී ගත් Core i 3 ටොෂීබා සැටලයිට් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් ඇත. වසරක් පමණ භාවිතා තදින් භාවිතා කිරීමෙන් අනතුරුව කාර්යාලයෙන් ලැබුන HP Probook ලැප්ටොප් පරිගණකය මම වැඩි වශයෙන් භාවිතා කලා. ඒ ලැප්ටොප් පරිගණක දෙකක් කොලඹ රැගෙන යාමේ සහ ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති නිසා. මාස කීපයකට පෙර සිට ටොෂීබා පරිගණකයේ යම් යම් දෝශ පෙන්නුම් කිරීමක් සිදු වුන අතර ...
මහ රෑ මෝටරේ රැකපු හැටි තීර්ථ යාත්‍රාව මතකනේ වතුර කපල පෝර වැවේ තිබ්බ කතාව. මේ ඒකෙදි ලියන්නම් කියපු අනිත් කතාවකුඹුරුවලට වතුර ගහන්න පටන් ගත්තට පස්සේ සමහර දවස්වලට රෑටත් වතුර ගහන්න සෙට් වෙනවා(ලු) . එතකොට සමහර අය මෝටරේ දාලානැවත ගෙදර ඇවිල්ලා සැරින් සැරේ කුඹුරට යන එකත් තව සමහරු මෝටරේ ගාවටම වෙලා ගිනි මැලයක්එහෙම ගහගන ඉන්න එකත් කරනවා. ගොඩක් වෙලාවට කට්ටිය කීප දෙනෙක් සෙට් වෙලා තමයි මේ වතුර ගැහීමටසෙට් ...
MongoDB, අනාගතය අදයි තීර්ථ යාත්‍රාව MongoDB ගැන මුලින්ම අහන්න හම්බවුනේ කාලෙකට කලින් node.js සහ Single page applications ගැන ඔපීසියේදී කතාවෙද්දි NoSQL වලට කතාව ඇදිලා ආපුවාම. මේ කතාකරන්නේ මොකක් ගැනද කියන එක පොඩ්ඩක් අපහැදිලි වගේ නම්, පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තීර්ථ යාත්‍රිකයා Web Programmer කෙනෙක්. තීර්ථ යාත්‍රිකයා වැඩ කරන තැන ප්‍රධාන වශයෙන්ම කරන්නේ වෙබ් එක උඩ දුවන ඇප්ලිකේෂන් නිර්මාණය කරන එක. ඉතිං අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා ...
බුරීටෝ Burrito ? (වගේ ජාතියක්) සෑදීම. තීර්ථ යාත්‍රාව බුරීටෝ කියල කියන්නේ ඇවිල්ලා අවුරුදු බර ගාණක ඉතිහාසයක් තියන මැක්සිකන් කෑමක්. අවුරුදු බර ගාණක් කියන්නෙ ඇස්ටෙක් අධිරාජ්‍ය තිබ්බ කාලෙටම යනවා. ඉතිං ඒ වගේ කෑමක් කාල නැත්තං වැඩක් තියෙයිද කියල කල්පනා කරලා මමතුමා සෙනසුරාදා දවසක අාදරණීය බිරින්දෑ එක්ක බුරීටෝ වගේ ජාතියක් හදන්න ට්‍රයි එකක් දුන්නා. මෙතන බුරීටෝ වගේ ජාතියක් කියල කිව්වේ මම ඔරිජිනල් බුරීටෝ එකක් තාම කාල නැති නිසා සහ ඒකෙ ...
දන්සැල් වන්දනාව තීර්ථ යාත්‍රාව වෙසක් හරි පොසොන් හරි එහෙමත් නැත්තං ඇසල හරි පෝයට කට්ටිය එක්කාසු වෙලා අහල පහල තියන පංසල්, පුරාවිද්‍යා වටිනාකමක් තියන ස්ථාන බලාගන හැම තැනම තියන දන්සැල් වලින් කාලා එහෙම එන්න යනවට අපේ පැත්තේ උදවිය කියන්නේ දංසැල් වඳින්න යනවා කියලා. පංසල් දිහා පැත්ත පලාතෙ වත් යන්නෙ නැතිව මොකක් හරි රව්ට් එකක් දිගේ දිගට දිගට තියන දන්සැල් වලින් දෙන දෙන දේවල් කාල බීල ...
සැඩ වතුරේ ඔරු පැදීමු. White water rafting at kithulgala තීර්ථ යාත්‍රාව White water කියල හඳුන්වන්නේ ගල්වල හැපි හැපී පෙණ පිඬු නංවාගෙන සැරට තදින් ගලාගෙන යන සුදු පැහැති ජල ප්රවාහයට. ඉතින් ඔය සැඩ වතුරේ හුළං පුරෝපු ඩිංගි බෝට්ටුවකට නැඟීගෙන ඕක පහලට පැදගෙන යන ටිකක් විතර අවදානම් ඒ වගේම අභියෝගාත්මක ක්‍රීඩාවකට තමා white water rafting කියල කියන්නේ. තීර්ථ යාත්‍රිකයටත් සෑහෙන කාලෙක ඉඳල වයිට් වෝට රාෆ්ටින් උණක් තිබුනා. අර පේන්ට් බෝල් උණ වගේ...ඉතිං පෙරුම් ...
මාදුරුඔය සංචාරය තීර්ථ යාත්‍රාව තීර්ථ යාත්‍රිකයා කියන්නේ එහෙ මෙහෙ ඇවිදින්න, බලන්න යන්න අප්‍රමාණ කැමැත්තක් තියන උදවියගෙන් කෙනෙක්. ඒ වගේම බොහෝ දුර වාහන පැදවීමටත් ආසාවක් තියන කොට්ටාසයෙන් අයෙක් (රථ ගාය). ඉතිං මාදුරුඔයේ මිත්රයකුගෙන් දවසක් දෙකක් එහෙ ඉන්න එන්න කියලා ආරාධනාවක් ලැබුනාම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය එක අහන්නත් දෙයක්ද :D. ඉතිං ඒවගේ ගමන්වලට ප්‍රිය කරන මිත්‍රයෝ කීපදෙනෙකුත් කැටුව එක පාන්දරක තීර්ථ යාත්‍රිකයා පිටත් වුනා මාදුරු ඔය ...
අවුරුදු කජු, අවුරුදු අඹ තීර්ථ යාත්‍රාව ගොඩක් පොඩි උං වගේ තීර්ථ යාත්‍රිකයත් පොඩි කාලෙ ගස් නඟින්න හරිම ආසයි. දෙතුන් පාරක් ගස්වලින් වැටිලා තිබුනත් කිසිම හානියක් නං උනේ නෑ ඒ කාලේ. තීර්ථ යාත්‍රිකයලා පොල්ගහවෙල ගෙදර ඉන්න කාලේ ප්‍රියතම ගස් ජාතිය උනේ අඹ ගස්. ගෙදර තිබුනා කරතකොලොම්බන් ගහකුයි, විලාඩ් ගහකුයි, මී අඹ ගහකුයි. ඕකෙන් ප්‍රියතම ගහ උනේ බිම ඉඳලම හතර අතට අතු විහිදුන හුරුබුහුටි විලාඩ් අඹ ගහ. ඕක ...
තොප්පිය දාගෙන නෑම තීර්ථ යාත්‍රාව ඔය කොයි ගමෙත් තියනවා කසිප්පු පොට්. කචල් ෆැන්ටා, වල් ෆැන්ටා, වෙලේ සුදා ආදී විවිද අනවර්ථ නාම වලින් කසිප්පු හඳුන්වනවා. කසිප්පු නිෂ්පාදනගාර ගමේ නැතත් වෙන කොහෙන් හරි අරගන ඇවිල්ලා බිස්නස් කරන උදවිය ඉන්නවා ගොඩක් ගම්වල. කසිප්පුයි කියල කිව්වට ඕක ඇවිල්ලා මද්‍යසාර නිෂ්පාදනය කිරීමේ ක්රියාවලියමක්ම තමයි. වෙනස ඉතිං නීත්‍යානුකූල නැති එකයි, අන්තර්ගතය ෂුවර් නැති එකයි තමයි. මධ්‍යසාර නිෂ්පාදනය තනිකර රසායන විද්‍යානුකූල ක්‍රියාවලියක්. ...
ගංවතුර සහ අපි තීර්ථ යාත්‍රාව “අව්ව මල්ල බැඳපියෝ!වැස්ස මල්ල ලෙහපියෝවතුර උඩට නැගපියෝගංවතුරක් ගලපියෝ“කුඩා අවධියේ ළමා පොතක තිබූ කවියක් තමයි ඒ. “පුංචි සටනක්“ නම් වූ එම පොතේ කතුවරයා කවුරුන්දැයි මා හට මේ වන විට මතක නැතත් රත්නපුර පලාතේ කුඩා ළමෝ කීපදෙනෙක් මූලික කරගන ගෙතූ ඒ කතාව මැණික් ඉල්ලම් ගැනත් මහ වැසි වැටී ගඟ උතුරා ගංවතුරක් ගැලීම සම්බන්ධයෙනුත් යමක් තිබූ බව මතකයි.“ගං වතුරේ ඔරු පැදීමු“ යනුවෙන් මා ...
කලකට පස්සේ වෙලකට බැස්සේ තීර්ථ යාත්‍රාව කලකට පස්සේ වෙලකට බැස්සේ කියල කිව්වට මේක මීහරකෙක් සම්බන්ධ කතාවක් නෙවෙයි :) . කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රාවේ පෝස්ට් එකක් දාන්න යද්දි නැවත ආගමනය ගැන අලංකෘත මාතෘකාවක් ගැන හිත හිතා ඉද්දැද්දි නිකම්ම ඔලුවට ආපු චවන ටිකක් දැම්මා පෝස්ට් එකේ මාතෘකාව විදිහට. කාලයක් තිස්සේ ලියන උදවියට රයිටරස් බ්ලොක් ද මොකද්ද කියලා ලියන්න දෙයක් හිතාගන්න බැරිව මුකුත් ලියාගන්න බැරි වෙන එකේ එහෙං මෙහෙං ...
Untitled Post තීර්ථ යාත්‍රාව වී ගොවිතැන කියන්නේ ඉතිං ලංකාවේ ගම්වල යහමින් සිද්දවෙන ගොවිතැනක්නේ. කොච්චර අමාරුයි කිව්වත් , වියදම සැරයි කිව්වත්, ආයෙ කරන්නේනෑ කිව්වත් කන්නෙ ලංවෙද්දි වී ගොවිතැන් කරන උදවිය කුඹුරු හාලා වැඩ පටංගන්නවා. මමතුමාට නං කුඹුරු වැඩ ගැන තියෙන්නේජෙනරල් අයිඩියාවක්. ඒකට හේතුව කුඹුරු වැඩ වලට සම්බන්ධ වෙලා නැති නිසා.ඉස්සරකාලේ නං කුඹුරු කරද්දි දැං වගේ වතුර එහෙම ගහන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැල්ලු. නමුත් දැන් නං කාලගුණික ...
GOCR - Image to Document Convert App තීර්ථ යාත්‍රාව සරලව කියනවා නම් GOCR කියන්නේ තීර්ථ යාත්‍රිකයා විසින් රචිත කාව්‍යක් (ස්ක්‍රිප්ට් එකක්). :D . මේක භාවිතා කරලා පින්තූරයක තියන අකුරු සංස්කරණය කරන්න පුලුවන් ආකාරයක ඩොකියුමන්ට් එකකට ගන්න පුුලුවනි (වර්ඩ් ඩොකියුමන්ට් එකකට). පොර ටෝක් එකක් විදිහට මහාප්රාණෙන් කියනවා නම් - GOCR යනු Optical Character Recognition තාක්ෂණය භාවිතා කර ගූගල් හි අති ප්‍රබල ක්ලවුඩ් සේවය මත පදනම් වූ Optical Character Recognition මෘදුකාංගයකි. ...
සැඩ වතුරේ ඔරු පැදීමු. White water rafting at kithulgala තීර්ථ යාත්‍රාව White water කියල හඳුන්වන්නේ ගල්වල හැපි හැපී පෙණ පිඬු නංවාගෙන සැරට තදින් ගලාගෙන යන සුදු පැහැති ජල ප්රවාහයට. ඉතින් ඔය සැඩ වතුරේ හුළං පුරෝපු ඩිංගි බෝට්ටුවකට නැඟීගෙන ඕක පහලට පැදගෙන යන ටිකක් විතර අවදානම් ඒ වගේම අභියෝගාත්මක ක්‍රීඩාවකට තමා white water rafting කියල කියන්නේ. තීර්ථ යාත්‍රිකයටත් සෑහෙන කාලෙක ඉඳල වයිට් වෝට රාෆ්ටින් උණක් තිබුනා. අර පේන්ට් බෝල් උණ වගේ...ඉතිං පෙරුම් ...
හැමිල්ටන් ඇල දිගේ Hamilton Canal Boat Ride තීර්ථ යාත්‍රාව අත්‍ය තත්‍ය ලෝකේ මිත්‍රයන් වෙච්චි මමතුමා , රනා, ඕනයා, සුදු පූසා, අමිල චතුරංග ඇතුලු පිරිසක් පහු ගිය දවසක් අත්‍ය තත්‍ය ලෝකෙන් මිදිලා සත්‍ය ලෝකයේ විනෝදගමනකට, අලුත් අත්දැකීමකට මුල පිරුවා. සංවිධාන කටයුතු කලේ රනා සහ ඕනයා විසින්. අපේ ගමන් මාර්ගය උනේ මීගමු කලපුවෙන් යාන්ත්‍රික බෝට්ටුවක් ඔස්සේ හැමිල්ටන් ඇල ඔස්සේ ගමන් කරලා, ආපහු මීගමු කලපුව ඔස්සේම ගොඩට පැමිණීමයි.මෝඩ ඇල කියලත් හඳුන්වන හැමිල්ටන් ...