පේන්ට් බෝල් යුද්ධය Paint Ball War, Sri Lanka තීර්ථ යාත්‍රාව ටික කාලෙකට කලින්, හරියටම කියනවා නම් සැප්තැම්බරයේ අග හරියේ අපි යුධ වැදුනා. හැබැයි යුධ වැදුන කට්ටිය යහතින් ආපහුත් ආවා. කාලෙකින් රවුමක් නොගහපු එකේ යන්න තැනක් ගැන කල්පනා කර කර ඉද්දි යමු අඩවියේ ලිපියකින් අපිට හම්බුනා හොඳ ඔත්තුවක්. ඒ හංවැල්ලේ තියෙන පේන්ට් බෝල් අංගනයක් ගැන. තීර්ථ යාත්‍රිකයාට හොඳටම අවශ්‍යවෙලා තිබුනේ පේන්ට් බෝල් ක්‍රීඩා කරන්න ඒ කාලෙ වෙනකොට, ඒ හින්දා මේ ආපු ...
සූෂී තීර්ථ යාත්‍රාව කොච්චර පොෂ් උනත්හොඳටම ගුණ උනත්පෝෂ්ය පදාර්ථ පිරී තිබුනත්ආයෙ කන්නෑ සූෂි මම නං.......
MongoDB වලට පූර්විකාවක් තීර්ථ යාත්‍රාව MongoDB ගැන මුලින්ම අහන්න හම්බවුනේ කාලෙකට කලින් node.js සහ Single page applications ගැන ඔපීසියේදී කතාවෙද්දි NoSQL වලට කතාව ඇදිලා ආපුවාම. මේ කතාකරන්නේ මොකක් ගැනද කියන එක පොඩ්ඩක් අපහැදිලි වගේ නම්, පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. Mysql කියන්නේ ඩේටා බේස් සිස්ටම් එකක් කියල හැමෝම දන්නවනේ. MongoDB කියන්නෙත් ඩේටාබේස් සිස්ටම් එකක් හැබැයි ඒකෙ විදිහ mysql හරි sql හරි වගේ නෙවෙයි ටිකක් වෙනස්.Mysql හරි ...
ක්රිප්ටෝනියානුවන්ගේ පුනරාගමනය Man of Steel 2013 තීර්ථ යාත්‍රාව ක්‍රිප්ටෝනියානු නටඹුන් අතරින් සුපර් මෑන් ආයෙත් ඇවිල්ලා. ඒ මෑන් ඔෆ් ස්ටීල් (Man of steel) 2013 චිත්‍රපටිය තුලින්. බලාපොරොත්තු වුන විදිහටම තාක්ෂණික ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ප්‍රයෝග රැසක් සමඟින්. නමුත් කතාවේ ගලායාම නම් බලාපොරොත්තු කඩ කරවන සුලු බවයි තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය. ඒ වගේම මෙම චිත්‍රපටයේදී සුපර්මෑන් යට ඇඳුම නිවැරදිව ඇඳීමට ඉගනගෙන තිබෙනවා :D . ඇමරිකානු පාලනය කිසිදු ප්රතිරෝධයකින් තොරව ක්ලාර්ක් ...
බ්‍රවුනා මිය ගියේය...... තීර්ථ යාත්‍රාව හාපෝ මේ මොකෙද්ද ? . අප්පච්චි එහෙම ඇහැව්වේ බයිසිකලේ ඉස්සරහ හයි කරලා තිබ්බ කූඩෙට එබිල බලලා. “මේ ඇවිල්ලා බල්ලෙක්, ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෝග් කියලා.නම බ්‍රවුන්..“අප්පචිචි, බල්ලො කියන්නේ කිරි බීල වැඩෙන සත්තු ජාතියක් , ඒ හින්ද එයාට දෙන්න කිරි පැකට් එකක් ඕනා.....හීන් සීරුවේ මං එහෙම කියල දැම්මම අප්පච්චි හිනා වුනේ “හොඳා හොඳා ගෙනාව වගේම හදමුකෝ එහෙනං “ කියලයි..එහෙමයි බ්‍රවුන් අපේ ගෙදරට ආවේ.************************************************** ...
සිත් ඇදගත් මාලා නාටක (මම බලන ටීවී සීරීස්) 2 තීර්ථ යාත්‍රාව පහුගිය ලිපියෙන් The Mentalist සහ Game of Thrones ගැන ලියවුනා. අද ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ බාගත කරගෙන නැරඹුවාට පාඩු නැති තවත් මාලා නාටක ද්විත්වයක් ගැනයි. 3.Terra Nova (ටෙරා නෝවා)ඊ.ටී (E.T. the Extra-Terrestrial) , ජුරාසික් පාක් (Jurassic Park) , ෂින්ඩර්ස් ලිස්ට් (Schindler's List) වගේ සිනමා පට බිහිකරපු ස්ටීවන් ස්පීල්බර්ග් මතකද ? ඔහුගේ දායකත්වයෙන් ගොඩනැගුන අපූරු තේමාවක් රැගත් ටීවී සීරීස් එකක් විදිහට ...
හැක් වීම Being Hacked තීර්ථ යාත්‍රාව “අනේ අයියෙ මටත් කියල දෙන්නකො facebook හැක් කරන හැටි“. ඔය වාක්‍ය ඛණ්ඩය තීර්ථ යාත්‍රිකයට කාලෙකට කලින් සෑහෙන්ඩ අහන්න ලැබිච්චි දෙයක්. ඒකට ප්‍රධාන හේතුව එක දවසක් තීර්ථ යාත්රිකයගේ ඥාති සහෝදරයෙක් කරපු අභියෝගයකට පිළිතුරු හැටියට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තිබුන ප්‍රොෆයිල් ඡායාරූපය වෙනුවට තටු හැලිච්චි පැස්බරෙකුගේ ෆොටෝ එකක් ආදේශ කිරීමත් සමඟයි.“මගේ එකවුන්ට් එක හැක් වෙලා..,මගෙ එකවුන්ට් එක හැක් කරලා“.. මේවා කොයි කාලෙත් අඩු ...
සිත් ඇදගත් මාලා නාටක (මම බලන ටීවී සීරීස්) තීර්ථ යාත්‍රාව The Mentalist තීර්ථ යාත්‍රිකයා නරඹා ඇති මාලා නාටක අතුරින් විශිෂ්ඨම මාලා නාටකයක් ලෙස The Mentalist හැඳින්විය හැකියි. මේ දක්වා මාලා 5 ක් විකාශය වී අවසන් . කතා මාලාවේ ගලා යාම ගැන සඳහනක් කලොත්, CBI (California Bureau of Investigation) යන කැලිෆෝනියාව පදනම් කරගත් විමර්ශන අංශයට විවිධ අපරාධ විසඳීමට උපකාර කරන පැට්රික් ජේන් (Patrick Jane) නම් ස්වාධීන උපදේශකයෙකු වටායි කතාව ගෙතෙන්නේ. ඔහු ...
පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා !!! තීර්ථ යාත්‍රාව පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවාසඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවාසිංහ පැටව් වාගේ බුරනවාබල්ලො හඳට යන්න හදනවා........අජිත් කුමාරසිරි ගැන මුලින්ම දැක්කෙ චමිල ලියපු ලිපියකින් . හොයාගන සින්දුවක් දෙකක් අහන්නං කියල හිටියත් ඒක හිමීට අමතක වෙලා ගියා. පහුගිය දවසක ඕක ආයෙ මතක් වෙලා You Tube වල හොයද්දි සිංදු ලිස්ට් එකක්ම හම්බවුනා. ඔහුගෙ හඬ ගොරහැඩියි , බැරැන්ඩියි, සින්දුවල ගීතවත් භාවය අඩුයි රලු ගතියක් තියෙන්නේ, ...
ඔබත් අඩි හයේ කල්ලියේද ? Are you six feet tall ? තීර්ථ යාත්‍රාව සුභ නව වසරක් වේවා සමස්ත බ්ලොගොස්පියරවාසී හිතවතුන්ට !!!තීර්ථ යාත්‍රිකයා අයත් වෙන්නේ හයේ හතරේ කුලකයට.පැහැදිලිව කිව්වොත් උස අඩි හයකුත් උචිත මහතිනුත් යුක්තයි.ඉතින් කියවන ඔබත් අඩි හය හෝ එයට වැඩි උසකින් යුක්ත හයේ හතරේ කල්ලියට අයත් කෙනෙක් නං සහ ජීවත් වෙන්නේ සසිරිබර මෙසිරිලක :D නං මේ කියන්න යන දේවල් ඔබට අමුතු කාරණා වෙන්නේ නැහැ. අඩි හයේ කුලකයට අයත් වීම මොන වගේද ? ...
Huawei 8650 රූට් කිරීමේ පියවරයන්. How to root huawei sonic 8650 තීර්ථ යාත්‍රාව පහුගිය ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කිරීම ගැන පසුබිම් කතාව කලා. මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් කතාකරන්න යන්නේ Huawei 8650 (Sonic) වර්ගයේ දුරකතනයක් රූට් කරගැනීම තීර්ථ යාත්‍රිකයා සිදු කල ආකාරයයි.Huawei 8650 ට මෙහෙයුම් පද්ධතිය වශයෙන් ලැබෙන්නේ ජින්ජර්බ්‍රෙඩ් (2.3.3) . පසුව ඔවුන් යාවත්කාලීන කිරීමක් ලබාදුන්නා 2.3.5 වලට. තීර්ථ යාත්‍රිකයාගේ දැනීමේ හැටියට මෙම දුරකතනය රූට් කිරීමට ආකාර කීපයක්ම තිබෙනවා. Clock work mod recovery භාවිතය ...
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය රූට් කලෙමි. Just rooted my android phone තීර්ථ යාත්‍රාව SE OS , සිම්බියන් ,වින්ඩෝස් ෆෝන් එක්ක හක්කලං කර කර ඉඳලා තීර්ථ යාත්‍රිකයා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා. මේ දක්වා භාවිතා කරපු මොබයිල් මෙහෙයුම් පද්ධති එක්ක බලපුවාම ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ අති විශිෂ්ඨ මෙහෙයුම් පද්ධතියක්. ඕකට විරුද්ධ වෙන උදවිය ඉන්නත් පුලුවන්, නමුත් තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය අනුව නං ඇන්ඩ්‍රොයිඩ් එක්ක කරට කර යන්න පුලුවන් IOS වලට විතරයි.ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ...
තීර්ථ යාත්‍රාව තෙවර්ෂ පූරණය තීර්ථ යාත්‍රාව තීර්ථ යාත්‍රිකයා, අපමණ වූ වෙබ් සයුරේ යාත්රාකරන්නාවූ තීර්ථ යාත්‍රාව බ්ලොගයට 2013 නවම් මාසයට තෙවර්ෂක් පූරණය වූ බව බ්ලොගොස්පියර වාසී මිතුරන්ටත් , සමස්ත පාඨක ජනතාවටත් හදපිරි සතුටින් දැනුම් දෙමි......*********************************************************************************තීර්ථ යාත්‍රිකයා බ්ලොග්කරණයට පැමිණිය හැටි සහ ඉතිහාසය තීර්ථ යාත්‍රාවට දෙවර්ෂ පූරණය සිදුවූ පසු ලිවූ “බ්ලොග්කරණයේ දෙවසරක්“ ලිපියේ සඳහන් වන බැවින් නැවත ඒ පිළිඹඳ ලිවීම අනවශ්‍ය යැයි සිතමි... ...
හුදෙකලා චාරිකා තීර්ථ යාත්‍රාව ගමේ නොගිහිං කොළඹ ඉන්න සති අන්තය කම්මැලියි. සති අන්තෙට කොළඹ හිටියොත් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හරි රස්තියාදුවක යන එක. කැමරාව සයිඩ් එකට එල්ලං හොඳ දර්ශනයක් හොයාගන ඉබාගාතේ යද්දි සමහර වෙලාවට ආරක්ෂක අංශවල උදවිය අහන්නේ “මහත්තය මීඩියාද කියලා“ . නැහ් කියල කිව්වාම කිසිම අවුලක් නැතිව ගියෑකි. හේතුව නං දන්නෑ ඒත් පේන විදිහට නං ආරක්ෂක අංශ මාධ්‍ය ක්ෂේත්රයේ උදවියට කැමැත්තක් නැති හැඩයි. ...
දක්ෂිණ වෙරල තීරයේ සුවපහසු නවාතැන Octopus Reef Bungalow තීර්ථ යාත්‍රාව දකුණු ලක වෙරල තීරයේ රන්වන් වැලිතලාවත් සමඟ සියුම් හඬින් ගී මුමුණන සමුද්‍ර රැල්ලත්, නෙරලු තුරු ගොමුවෙන් හෙවන වුන, කරදිය හුළඟේ මෘදු මොලොක් මුරු මුරුවෙන් නැලවෙන , දැවමුවා උඩුමහල් තලාවක් ගැන මැවෙන්නේ කොයි වගේ මනෝ චිත්‍රයක්ද ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “විවේකය“ හා “සැහැල්ලුවයි“.ඉතින් ඒ විවේකය හා සැහැල්ලුව හොයාගන පහුගිය දවසක අපි ගියා සමුද්‍රාසන්නයේ ඇති ඔක්ටොපස් රීෆ් බංගලාව (Octopus Reef Bungalow) වෙත.කොළඹින් ...
ඡායාරූපකරණය සහ මම තීර්ථ යාත්‍රාව ඡායාරූපකරණය තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රධානම විනෝදාංශයක් වුනේ අහම්බෙන්.තීර්ථ යාත්‍රිකයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ආවෙත් ඒ වගේම අහඹු සිදුවීමක් නිසා.සමහර අහම්බයන් ජීවිතයට එකතු කරන්නේ යහපතක්.ඒ දවස්වල ප්‍රධානම විනෝදාංශ වෙලා තිබුනේ පොත් කියවීම, නිදාගැනීම :D , වගේ දේවල්. අන්තර්ජාලයයි පරිගණකයයි ජීවිතයේ ප්‍රධාන කොටසක් වුනාම ඒ විනෝදාංශ අතරට අන්තර්ජාලයේ රස්තියාදු ගහන එකයි, චිත්‍රපටි නරඹන එකයි එකතු වුනා.පහුකාලීනව කැමරා සහිත ජංගම දුරකතනයක් ලැබුනහම ඔහේ හතර අතට ...
වස්ගමුව වනෝද්‍යානය, මානිගල තරණය සහ නකල්ස් සංචාරය තීර්ථ යාත්‍රාව ආයුබෝවන් ! ටික කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රිකයා නැවත සටහනක් තබන්නේ මෑතකදී යෙදුන සුන්දර සංචාරයක සටහනක් සමඟයි. සංචාරය සංවිධානය කර තිබුනේ නකල්ස් හි ඇති Sir John's Bungalow සංචාරක ආයතනය මඟින්. සංචාරයට එක්වුනේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ සංචාරක සමාගම්වල නියෝජිතයින්. තීර්ථ යාත්‍රිකයා නියෝජනය කලේ Walksons Tourist ආයතනයයි. දින දෙකක සංචාරයේ ප්‍රධාන සංදිස්ථාන ත්‍රිත්වයක් අඩංගු වුනා. ඒ1) සර් ජෝන් බංගලාව (නවාතැන)2) වස්ගමුව වනෝද්‍යානයේ (ජීප් ...
ජීව විද්‍යා නැදුන් දෙවැන්නේ කතා වස්තුව තීර්ථ යාත්‍රාව යටගිය දවස දඹදිව අබ්දුල් කලාම් නම් රජ තෙමේ දැහැමෙන් සෙමින් ජනරංජනය කරන කල්හි මෙලක හස්තියෙකුගේ රුව රැගත් හෙයින් හස්ථිශෛල්ය පුර නම් විරුද නාමය ලද මහනුවරක් විය. මෙකී හස්තිශෛල්ය පුරවර සහ මිහිගොමුව යා කරන්නාවූ ගැල් සකෙන් නුබුන් මගෙහි පුරවර සිට හූවක් තරම් වූ දුරකින් පිහිටි බොහෝ ජනී ජනයාගේ ප්‍රසාදයට ලක්වූ, පුද සත්කාර ලබන්නාවූ මහත්වූ පරසිදු තක්සලාවක් වෙයි. දුටු දුටුවන් භයෙන් ත්‍රස්ථ ...
ඈරියා 51 තීර්ථ යාත්‍රාව මිත්‍රවරුනි, හැමදාම නෑ හැමතැනම නෑ..මේ ආකාරයට සිංහල සබ් යෙදූ චිත්‍රපටි ගැන බයිස්කෝප් සිංහලෙන් වත් ඔය ගොල්ලන්ට දැනගන්න වෙන්නේ නෑ.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවා වගේ , “සබ්වල ගුණාත්මක භාවය dvd කවරයෙන් පෙනේ“.... (කවර වල ඇති සිංහල වචන හොඳින් නිරීක්ෂණය කර අදාල ඉංග්‍රීසි වචනය සමඟ සසඳා බලන්න)කවර මෙහෙම නම් සබ් කොහොම ඇතිද ? ෆිල්ම් එක බලන අතරතුරේ බහුතරයක් පේක්ෂකයෝ සබ් හදපු ...
සිරිපා කරුණා මතක සටහන් තීර්ථ යාත්‍රාව දීර්ඝ ඉඩෝරය නිමා කරලා වර්ෂාව ඇති කරවන්න තීර්ථ යාත්‍රිකයත් දායක වුනා..(සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාලා)..ඉතින් ඒ වර්ෂා තත්වය තව තවත් වැඩි කරන අදහසින් පිට පිටම මේ මාසයේ දෙවනි පෝස්ටුවත් දාන්නයි මේ සූදානම.. :Dතීර්ථ යාත්‍රිකයාගේ කුළුඳුල් සිරිපා ගමන ගැන මීට අවුරුදු දෙකකට කලින් පෝස්ටයන් තුනකින් විස්තර සහිත සටහනක් ලියවුනා..ශුද්ධ වූ කඳු මුදුන කරා 1ශුද්ධ වූ කඳු මුදුන කරා 2ශුද්ධ වූ කඳු ...