හිරුණිකාගේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද? තපස්ගේ කොලම පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉන්න කථානම් මට බලන්න ලැබිලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ රඟ දැක්වෙන හිරුණිකා-දුමින්ද කථාන්දරෙන් ඒ අඩුව යම් තරමකට මඟ හැරෙන බවක් පේන්න තියෙනවා. ධන බලය, මැර බලය, දේශපාලන බලය හැම එකක්ම තියෙන දුමින්ද සිල්වාට දුෂ්ටයාගේ චරිතය සඳහා හැම ...
දුරුතු සීතලේ... තපස්ගේ කොලම දුරුතු සීතලේ තනිවුණු නිශා මැදියමේ...සිහින තොටුපලේ හමුවුනු සිහින කුමරියේ..නුරා නෙතු දැලේ සිරවී පහස තුල ඇගේ...ස්වප්නයේ වෙලී ඉන්නෙමි සිතුම් විල්තෙරේ...කිරණ සොමි කැලුම් ගෙන එන තරිඳු නුඹ ගැඹේ....සීත මාරුතේ දැවටී පෙම් හැඟුම් මැවේ...තුෂර බිඳු වැටී දිලිසෙන අඩ අඳුරු රැයේ..බාඳුරා මලේ බැඳුනෙමි ඔබගෙ පාශයේ......පිරුණු රණ හසුන් කලඹයි සරාගික හැඟුම්....දැවේ සියොලඟම සැසලී සිතුම් පෙම් බිඟුන්...පියා නෙතු පියන් කොඳුරන නුරා පෙම් වදන්...සිහින දෙව්ලියේ වැතිරෙමි ...
සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ තපස්ගේ කොලම රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන්නට ලැබුණා.මාතලන් ලිපියක් ලියා තිබුණා ඒ අවසන් තරඟය ගැන. දෙරණින් බිහිවූ/බිහිවන "සිහින තරු" වලට මොකද වෙන්නේ? ස්වකීය අනන්‍යතාවයන් ගොඩ නඟා ගත් කෙනෙක් දකින්නට නැහැ.මොන විවේචන තිබුණා වුණත් සිරස සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් යම් මට්ටමකින් හෝ තමන්ගේ අනන්‍යතාවන් ගොඩ නඟා ගන්නට ...
පාද යාත්‍රාවෙන් වසර 20 කට පසු... තපස්ගේ කොලම වර්ෂය 1992........එය රණසිංහ ප්‍රේමදාස විසින් මේ රට පාලනය කළ යුගයයි. තමන් "වන් මෑන් ෂෝ" පාලකයෙක් බව ප්‍රසිද්ධියේ පැවසූ ප්‍රේමදාස අනෙකුත් සියළු මැති ඇමැත්තන් නිකමුන් ලෙස තබාගෙන ඒකාධිපති, අත්තනෝමතික සහ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගියේය.ජේවීපී භීෂණය අවසන් වී තිබුනද, රාජ්‍ය භීෂණය නැවතී නොතිබුණි.ආණ්ඩුවට විරුද්ධව කට ඇරීමට පවා මිනිසුන් බියවූහ. නිල නොලත් රාජ්‍ය මැර හමුදාවලින් පැහැර ගැනීමට හෝ ඝාතනයට ලක්වීම විරෝධය පෑම්වලට ...
2011 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.......................? තපස්ගේ කොලම අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස... අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව... දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී....මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව ...
අපි විජය මැරුවේ ඇයි?...ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය...! තපස්ගේ කොලම කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්‍ය ප්‍රතිරූපයක් නොවෙන බව ...
වළාකුළකින් මුවා කළ හිරු...විජය කුමාරතුංග නම් වූ ගායකයා ...... තපස්ගේ කොලම දවසක් ගොම්මන් වෙලාවේ...මං අහුවුණා නා කපන වරුසාවකට...දර කෝටු ටිකකුත් ඉනේ තියන්...ළිඳක් ගාව තනිවුණු අම්මා කෙනෙක් මං දැක්කා..ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්.....මොනවද ඈ හිතන්නේ...මේ ඈ හිතන දේවල් වෙන්න ඇති කියලා මට හිතිච්ච හැටි...වියූ පැදුර ගෙයි මිදුලේ....ළිඳ ගාවයි වතුර කළේ...තවම කැළේ දර උකුළේ...වහිනවා වැහී...පුතා ගෙයි නිදී....පැල තෙමෙනවා ඇතී...අහස ගුගුරුවා....වහිනවා වැහී.... ගීතය මෙතනින්.එය අපූරු කටහඬක්. අතිශයින් විරල මෙන්ම පෞර්ෂයෙන් පිරුණක්; එහි අයිතිකරු ...
ඇත්ත සිදුහත්....!!! තපස්ගේ කොලම බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත ...
කමල් අද්දරආරච්චි.... නැවතත්....! තපස්ගේ කොලම උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්‍යා" චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි. එච්.ඩී.ප්‍රේමරත්නගේ "සප්ත කන්‍යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්‍රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්‍රියතාව ද අදට ද අඩුවී නැහැ. ...
ෂාරුක් ඛාන් ගේ ආකර්ශනීයම රංගනය...... තපස්ගේ කොලම ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්‍රපටයෙන්.ඔහුගේ පළමු චිත්‍රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා. ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993) සහ Baazigar(1993) චිත්‍රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ Baazigar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය දිනා ...
ලාංකේය දේශපාලනයේ විකට ජවනිකා... තපස්ගේ කොලම අපේ රටේ සිටින්නේ පුදුම ආතල් ජනතාවකි.අද දවසේ රටේ දේශපාලන නායකත්වය සඳහා ජනතාව තෝරා එවන්නේ ටෙලි නාට්‍ය නිලියන්ය. ගායකයෝය.ක්‍රිකට් ක්‍රීඩකයෝය. පාර්ලිමේන්තුව කියන්නේ සිංදු කියන, නටන, ක්‍රිකට් ගසන නියම "ෆන් පොට්" එකක් ලෙස අපේ රටේ ජනතාව සිතනවා විය හැක. ...
රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රි ලාංකේය දේශපාලනය.... තපස්ගේ කොලම විවාදය ආයෙත් පටන් අරන්....මේක ඇවිල්ලා හෝද හෝද මඩේ දාන වර්ගයේ විවාදයක්..රනිල් යු.එන්.පී නායකත්වයෙන් යන්න ඕනැද? නැද්ද?..(ජයසූරිය ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඕනැද? නැද්ද වගේම ජනප්‍රිය මාතෘකාවක්...) ...
චම්පිකව දේශපාලනිකව විනාශ කිරීමට ඉඩ දිය යුතුද? තපස්ගේ කොලම ගතවෙන මේ මොහොත තුළ රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැක්කේ කාටද ? රනිල් ටද ? සජිත් ටද ? නැත. ඒ හැකියාව, ඒ දක්ෂතාවය ඇති එකම මිනිසා චම්පික රණවක පමණි. සැබෑම දේශපාලඥයන් ලෙස රාජපක්ෂවරු ඒ අභියෝගය මනාව වටහාගෙන ඇත.ඒ දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසා දේශපාලනිකව විනාශ කිරීමේ ව්‍යාපෘතිය දැන් ඇරඹී ඇත. දූෂණ, වංචා චෝදනා නැති චම්පිකගේ රිය අනතුරක් අවසානයේ ඔවුන්ට අසුවී තිබේ.මේ මොහොතේදී ...
ගෝඨා සමඟ ලැබෙන Package එක..බාර ගැනීමට ඔබ සූදානම්ද ? තපස්ගේ කොලම නායකයෙක් තෝරාගැනීම යනු තනි පුද්ගලයෙක් පමණක් තෝරාගැනීමක් නොවේ. ඔහුට සහය දක්වන, ඔහු සමඟ සිටින පිරිස ද ඔහු සමඟ ලැබෙන "Package" එකක් ලෙසින් බාර ගැනීමට ජනතාවට සිදුවේ.ගෝඨා සමඟ ජනතාවට ලැබෙන Package එක කුමක්ද?මහින්ද රාජපක්ෂචමල් රාජපක්ෂබැසිල් රාජපක්ෂනාමල් රාජපක්ෂබන්දුල ගුණවර්ධනඩලස් අලහප්පෙරුමවිමල් වීරවන්ශඋදය ගම්මන්පිලජොන්ස්ටන් ප්රනාන්දුරෝහිත අබේගුණවර්ධන (රත්තරං)මහින්දානන්ද අලුත්ගමගේකෙහෙළිය රඹුක්වැල්ලමේ Package එක බාර ගැනීමට ඔබ සූදානම්ද? ...
සජිත් සමඟ ලැබෙන Package එක ..බාර ගැනීමට ඔබ සූදානම්ද ? තපස්ගේ කොලම සජිත් නම් ටිකක් මොංගල් බව ඇත්ත..ඒත් සජිත් සමඟ මෙහෙම Package එකක් ලැබුනොත් කොහොමද?ෆොන්සේකා (ආරක්ෂක )චම්පික ( මෙගා පොලිස් )අකිල (අධ්‍යාපන )හර්ෂ (මුදල්)එරාන් ( ආර්ථික සංවර්ධන )හරීන් (ක්‍රීඩා ) ...
රොහාන් පල්ලෙවත්ත...සැබෑ විකල්පයක්ද ? තපස්ගේ කොලම පෙණ බුබුළු වගේ මතුවී, බිඳී විසිරී යාමට නියමිත.......ස්ථිර, දිගුකාලීන ගමනක් නැති...සමාජ මාධ්‍යයේ තරුණ ඡන්ද ඉලක්ක කරගත්..බොළඳ විකල්පයක්..!මේ ඡන්දයෙන් යම් ඡන්ද ප්‍රමානයක් ගනීවි..නමුත් ඒ අය වෙනුවෙන් හෝ මොහු ඡන්දයෙන් පසු ලංකාවේ දේශපාලනයේ දිගටම නිරත වීමට ඇති ඉඩකඩ නම් ඉතා අඩුය..මොහුව සොයා ගැනීමටවත් නොහැකි වීමේ සම්භාවිතාව නම් ඉතා ඉහලය. ...
ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි? තපස්ගේ කොලම විශිෂ්ට ප්‍රතිපත්ති මාලා සකසන, ඒවා මැනවින් විග්රහ කරන අති දක්ෂ කථිකයන් සිටින, තර්කානුකූල හා ප්රගතිශීලී විසඳුම් අතින් ප්‍රධාන පක්ෂ දෙකම අභිබවන, හොරකම් නොකරන ජේවීපි යට බහුතර මිනිසුන් ඡන්දය නොදෙන්නේ ඇයි?මෙතරම් හොඳ ප්‍රතිපත්ති තිබියදීත් ජේවීපි ය දිනන්නේ නැත්තේ ඇයි?ජේවීපි යට බලය දීලා බලන්නේ නැත්තේ ඇයි?දීලා බලන්නට දෙයක් නැත. බලය ඇතිවිට ඔවුන්ගේ හැසිරීම කෙබඳු දැයි ඔවුන් මනාව ඔප්පු කර ඇත.ඒ සඳහා ඔබ ...
විජේවීර, ප්‍රේමදාස යුගයේ සිට අනුර, සජිත් දක්වා.. තපස්ගේ කොලම මේ ඡායාරූපය දේශපාලන සංකේතාත්මකව වටිනා එකකි...වසර 30 ක් ආපසු හැරී බැලූ විට අපට 1989 හමුවෙයි..තිරිසනුන් මෙන්..පිස්සු බල්ලන් මෙන් උනුන් මරාගත්..ලේ පිපාසිතව දහස් ගණන් ජීවිත බිලිගත්..දේශපාලන ව්‍යාපාර දෙකක්..වසර 30 කට පසුව...තමුන්ගේ මතවාද එක් වේදිකාවක සිට ජනතාවට ඉදිරිපත් කරනප්රජාතන්ත්රීය අවකාශය තුල මෙසේ හමුවී සිටියි.එය ඉබේ ගොඩනැඟුනේ නැත..දියුණු ප්රජාතන්ත්රවාදී, ඉදිරිගාමී ලක්ෂණ වෙනුවෙන්පෙනී සිටි මිනිසුන්ගේ උත්සාහයන්, කැපවීම් හමුවේ පැමිණි ගමනකි මේ..වැඩවසම්, පසුගාමීත්වය වෙනුවට..දියුණු ප්රජාතන්ත්රවාදී ...
යහපාලන ආණ්ඩුවේ ශේෂ පත්‍රය තපස්ගේ කොලම යහපාලන ආණ්ඩුව දැන් ඉතිහාසයට එක්වී හමාරය. 2015 ජනවාරි 8 න් ඇරඹී ඒ ගමන , 2019 නොවැම්බර් 16 දක්වා, අවුරුදු 4 කුත් මාස 10 ක පමණ කාලයකට පසුව සිය ගමන නිමා කළාය. ඒ යුගය අප හැඳින්විය යුත්තේ කන්දක් විළිලා මී පැටියෙක් වැදූ යුගයක් ලෙසද ? නැත්නම් නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති යුගයක් ලෙසද ?යහපාලන ආණ්ඩුව ලද ප්‍රධානම චෝදනාවක් නම් මහ ...
2019 ජනාධිපතිවරණය - ඡන්ද ප්‍රථිපල ගැන අනාවැකියක් තපස්ගේ කොලම 2018 දී පිළියෙළ කළ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණයේදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 160 කට ආසන්නය.1) ජනාධිපතිවරණයකදී සියයට 80 ක පමණ ප්‍රමාණයක් ඡන්දය භාවිතා කරනු ඇතැයි මීට පෙර ජනාධිපතිවරණවල ඡන්දය භාවිතය සැලකීමෙන් අනුමාන කළ හැක.ලක්ෂ 160 න් සියයට අසූවක් ලක්ෂ 128 කි.සියයට 50 ක් ලබා ජයගැනීමට නම්, අපේක්ෂකයෙක් ඡන්ද ලක්ෂ 64 ක් ලබා ගත යුතුය.2) දෙමළ, මුස්ලිම් ඡන්ද ...