බලා හිඳිමි මම....නිසලව..... තපස්ගේ කොලම ඉර බසින සැන්දෑව....නෙත් යොමා...රතුපාට සිතිජයට..බලා හිඳිමි මම....නිසලව.....රැළි නඟයි මහ සයුර..රළ නැඟී..පෙරළී...බිඳී විසිරෙයි...මගේ සිතුවිලි වගේමයි...මන්දාරම් අඳුර මැදින්...පියාඹයි ලිහිණියෙක් තනිවී...හුදෙකලා වූ මගේ සිත වගෙයි...පාළු අහසට...නැගී එයි සඳ...සිත පුරෝගෙන...ඔබේ මතකය...මුහුදු වෙරළේ...තනිව හිඳිමි මම..... ...
නීතියක් නැති රටක්...........!!! තපස්ගේ කොලම පසුගිය සති දෙකක පමණ සිදුවීම් නිරීක්ෂණය කල විට වුවද දේශපාලන බලය හමුවේ රටේ නීතිය, යුක්තිය සහ සාධරණය වල් වැදී අවනීතිය රජවී ඇති අයුරු පැහැදිලි වෙයි.ආණ්ඩු පක්ෂයේම කොළොන්නාව නගර සභා සභාපතිවරයා ඝාතනයට පැමිණි සුදු වෑන් කරුවන් ජනතා මැදිහත් වීමකින් අල්ලා ගැනීම (ජනතාව රාත්‍රිය වන තුරුම පොලීසිය අසළ රැකවළේ සිටි අතර ඔවුන් පාන්දර 2 ට පමණ ඉවත් වී ගිය පසු අත් අඩංගුවට ...
ගෞතම බුදුනි..මේ ඔබ වෙනුවෙනි...! තපස්ගේ කොලම පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් ...
ලලිත් ඇතුළත්මුදලි මහපොළ අරඹමින් කළ හැඟීම්බර කථාව.... තපස්ගේ කොලම ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්‍රබල දේශපාලන නායකයෙක්. ඕනෑම දේශපාලඥයෙකුට වාගේම ලලිත් කෙරෙහිත් දේශපාලන විවේචන තිබෙනවා උනත්, සාපේක්ෂව ගත්තාම ඔහු සැබැවින්ම උගත්, බුද්ධිමත්, දක්ෂ, විශිෂ්ට නායකයෙක් කියන එක බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්.ලලිත්ගේ නම බැබළෙන්නේ "මහපොළ" නිසා. සැබෑ උගතෙකු වුණු, උගත්කමේ වටිනාකම හඳුනාගත් දේශපාලන නායකයෙකු ලෙස ලලිත් රටට උගතුන් බිහිකිරීමේ ක්‍රියාවලියට විශිෂ්ට මෙහෙවරක් කරමින් මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කළා.ඔහු එංගලන්තයේ ...
ජිනීවා සමුළුව පිළිබඳ ගැටළුවේදී.......ඔබ ඉන්නේ කොතැනද???? තපස්ගේ කොලම ජිනීවා සමුළුව පිලිබඳව විවිධ සංවාද, මත ගැටුම් මේ දිනවල දැකගන්න පුළුවන්..ඒවායේ අදහස් නිරීක්ෂණයේදී පෙනෙන දෙයක් තමයි මේ පිලිබඳව ස්ථාවරයන් කීපයක් සිටින ලාංකිකයන් ඉන්න බව...ඒවා දළ වශයෙන් පහත පරිදි වර්ග කරන්න පුළුවන්.1 වන ස්ථාවරය:- " යුද්ධය ජයග්‍රහණය කරදුන්නේ ජනපතිතුමා සහ රණවිරුවන්ය.එය ජයග්‍රහණය කළේ අනේක විධ දුෂ්කරතා මැද, විදෙස් බලපෑම් වලට හිස නොනමාය.දැන් අමෙරිකාව ප්රමුඛ බලවතුන් සැරසෙන්නේ එහි වාඩුව ගැනීමටය. කුඩා රටක් ...
12 වෙනි සියවසේ ජීවත් වූ අපි........... තපස්ගේ කොලම ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් කල හොර තක්කඩි..මේ කාණ්ඩයට නායකත්වය දුන්නේ හිස වැසූ මිනිසෙක් (Hooded Man.)..ඔහුට Robin in the hood එහෙමත් නැත්නම් Robinhood කියලා කියනවා..මේ අපි බොහෝ දෙනෙක් ආදරය කළ Robinhood ගේ වෘත්තාන්තය..රොබින්හුඩ් මගේ ලෝකයේ වීරයෙක්..මගේ විතරක් නෙමෙයි..ලංකාවේ පරම්පරා කීපයකම වීරයෙක්....Robin of Sherwood නම් TV ...
සුන්දරයි ජීවිතේ.., (2) තපස්ගේ කොලම මම පටන් ගත්තා පාඩම..ප්‍රශ්නයක්, දෙකක් ඇහුවා කට්ටියගේ දැනුම බලන්න..අවුලක් නෑ..කෙල්ලෝ ටික හොඳයි..ඉගෙනුමට උනන්දු කෙල්ලෝ ටිකක්..ටික වෙලාවක් පාඩම කරලා, මම පොඩි කතාවකට සෙට් වුනා..කට්ටිය ඉක්මනින්ම මාත් එක්ක ෆිට් වුනා...කට්ටිය නම් කීවේ ටික කාලයකට ඉස්සර නම් පන්තියේ 10 ක් 15 ක් හිටියලු..හිටපු teachers ලා හරි නැති නිසා ඉස්කෝලෙන් අයින් වෙලා ගිහින් කියලා...Government ඉස්කෝලවලට වඩා මේවායේ ළමයින්ගේ ආකල්ප වෙනස් බව මම දැනන් හිටියා..ගුරුවරු ...
දෛවයේ සරදමට ලක්වූ අවාසනාවන්ත නායකයා...."ශ්‍රීමත්" රණසිංහ ප්‍රේමදාස... තපස්ගේ කොලම "ප්‍රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇත්ද? ඔහුගේ වැනි පසුබිමකින් ආව කෙනෙක් රටේ ඉහළම තැනට පත්වීමේ ඉලක්කයක් තියාගන්නවා කියන එකම කොයි තරම් ධෛර්යවන්ත සිහිනයක්ද?ඒ වගේම එයා තමන් තනතුරින් ඉහළ නැඟීම ගැන විතරක් සිහින මැව්වේ නැහැ.මේ රට දියුණු කරන්න, දුප්පත්, අහිංසක මිනිස්සුන්ට ඇත්තටම සේවයක් කරන්න ඔහු සිහින මැව්වා. ඒ ...
මිනීමැරුමෙන් ලොව දිනූ සරාගිනිය.... තපස්ගේ කොලම ශෘංගාරය සහ කාන්තා නිරුවත ජීවිතයේ සුන්දර විඳීමක්. ඉදින් සිනමාව මේ විඳීමෙන් බැහැර වන්නේ කෙලෙසද? ගැටළුව මතුවන්නේ සංස්කෘතික සීමා ඇතුලේය. විශේෂයෙන්ම පෙරදිග, ආසියානු සිනමාවේදී මේ ගැටළුවක්ව මතුවෙයි.විශේෂයෙන්ම මේ නිරූපනයට එක්වන නිරූපිකාවට/නිළියට සමාජීය විවේචන වලට මුහුණ දීමට සෑහෙන මට්ටමක ධෛර්යක් අවශ්‍ය වෙයි.බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක් වීමේ සිහිනයෙන් සිය නිරුවත පෙන්වීමට නොපැකිළෙන නිරූපිකාවන් බොහෝය.පසු කලෙක අතිශය ජනප්‍රිය තලයන්ට පැමිණි බොහෝ නිළියන් ක්ෂේත්රයට පිවිසි ...
මාතා...යුද්ධයට මැදිවූ දහස් ගණන් ජීවිත වෙත හෙලූ දයාර්ද්‍ර බැල්මක්... තපස්ගේ කොලම මාතා ගැන ලියන්නට පළමුව "බුඩී" ගැන යමක් ලිවියයුතු වෙනවා.."බුඩී" හෙවත් විශ්වනාත් බුද්ධික කීර්තිසේන...ලාංකේය සිනමාවට "සිහින දේශයෙන්" ගෙන ආ මිනිසා ඔහුයි..ඔහුගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලාංකේය සිනමා රසිකයාට තියුණු සිනමා රස වින්දනයක් ගෙනදීමට ඔහු සමත්වුනා. ඉන්පසුව ඔහු නිර්මාණය කළ "මිල්ලෙ සොයා" ද විශිෂ්ට නිර්මාණයක්..මිල්ලෙ සොයා ඉතාලියට පනින ලාංකේය තරුණයාගේ කථාව ඔහු එහිදී කදිමට නිරූපණය කළා.සහජ කුසලතාවත් සිනමාව පිළිබඳව ගැඹුරින් හදාරා තිබීමේ පසුබිමත් ...
..සුන්දරයි ජීවිතේ...(1) තපස්ගේ කොලම වෙලාව හවස 7 ට විතර ඇති..මට ආවා කෝල් එකක්.."මිස්ටර්, physics ටීච් කරනවා නේද?" කෝල් කරන පොර අහනවා.."ඔව්""physics ප්‍රැක්ටිකල් එහෙම කරන්න පුළුවන්ද?""පුළුවන්..හැබැයි, practicals වලට අවශ්‍ය instruments නම් මා ලඟ නැහැ"මම බැලුවා මූ ලඟ කොහෙන්ද instruments කියලා..පොරත් ඉතින් වැඩි විස්තරයක් කිව්වේ නැහැ..දිනයක් කථා කරගෙන address එකක් දුන්නා මට එන්න කියලා..ඔන්න ඉතින් දා ගත්ත දිනේට උදේ 10 ට විතර මමත් ගියා දුන්න address ...
පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම තපස්ගේ කොලම දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ. නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන ...
වික්‍රමසිංහගේ "විරාගය" සහ අබේසේකරගේ "විරාගය".. තපස්ගේ කොලම අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.විරාගය ලියවෙන්නේ 1956 දී. එය සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකථාවක් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.-------------------------------"ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් ...
2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....! තපස්ගේ කොලම "අර්ජුන රණතුංග".....එය අභිමානවත් නාමයක්..රටකට, ජාතියකට අභිමානය දිනාදුන් මිනිසෙක් ඔහු..96 ලෝක කුසලානය දිනීම සරලව ක්‍රිකට් දක්ෂතාවන්ට ලඝු කරන්නට බැහැ..ඒ පිටුපස වෙනත් බොහෝ දුක් කම්කටොළු, දුෂ්කරතා, අභියෝග තිබුනා..ඒවා ජයගන්නට මේ මිනිසාගේ අසහාය පෞර්ෂය, නායකත්වය ඉවහල් වූ බව කළගුන මතක ඇති අයෙකුට අමතක කරන්නට පුළුවන්කමක් නැහැ..[ ඔහුගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් හෝ 96 ලෝක කුසලානයෙන් පසු ඔහුගේ හැසිරීම් පිලිබඳව අපට කොතෙකුත් විවේචන තිබිය හැකි ...
2011 ලෝක කුසලානයේ "අරා" ගේ භූමිකාව... තපස්ගේ කොලම අරවින්ද යනු අපට ලැබිය හැකි හොඳම තේරීම් කමිටු සභාපති..ඔහු සැබෑම සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස ලාංකේය ක්‍රිකට් වලට කල මෙහෙය සියළු දෙනාගේ ගෞරවයට ලක් වූවක්..එබැවින් බොහෝ දෙනාට ඔහු සමඟ වැඩ කිරීම ගැටළුවක් නොවෙයි... අතීතය විසින් ඔහු කවුදැයි මනාව ඔප්පු කොට තිබෙනවා..ඔහු කොහොමටත් තමන්ගේ වැඩේ හරියට කරන චරිතයක් මිස අනවශ්‍ය බාධක ඇතිකර ගන්න චරිතයක් නොවේ..අර්ජුනට වගේ ඔහුට දේශපාලනික ගැටීම් නැහැ..තිලංග ...
ඉතිහාසයේ තීරණාත්මක මොහොතක විජේවීර විසින් ජේ.ආර් ට යවන ලද ලිපිය... තපස්ගේ කොලම 1983 ජූලි 31 වෙනිදා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. 87-89 භීෂණ යුගයට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මුල් ගල තිබ්බේ එදා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. දේශපාලනය අත හරින්න; එහෙම නැත්නම් සැඟවුණු දේශපාලනයක නියැලෙන්න විජේවීරට බල කෙරුණේ එතනදී.විජේවීර වගේ මිනිහෙක්, ඒ වගේ වෙලාවක දේශපාලනය අත හරිනවා කියන්නේ නොවිය හැකි දෙයක්. ඒ අර්ථයෙන් රහසිගත දේශපාලනයක නියැලෙන්නට JVP යට බල කෙරුණු ...
මාලිනියේ.... තපස්ගේ කොලම මේ කථාව ඇරඹෙන්නේ "පුංචි බබා" ගෙන්...ඒ 1968 වසර. ඒ කාලයේ වේදිකා නාට්‍යවල රඟපාන සුන්දර යුවතියක් හිටියා. ඇය "අකල් වැස්ස" නම් වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් "හොඳම වේදිකා නාට්‍ය නිළිය" සම්මානය ලබා තිබුනා."පුංචි බබා" නම් තමන්ගේ අලුත් චිත්‍රපටයට නවක නිළියක් සොයමින් සිටි තිස්ස ලියනසූරිය නම් චිත්‍රපට අධ්යක්ෂවරයා විසි එක් වියැති මේ තරුණියට අවස්ථාවක් දෙන්නට තීරණයක් ගන්නවා.මේ තීරණයේ ප්රථිඵලයක් විදිහට පරම්පරා ගණනක සුවහසක් ...
ගාමිණි-මාලිනි යුගයේ සුන්දරම ගීතය කුමක්ද..........??? තපස්ගේ කොලම හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-) ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය" ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ...
"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"... තපස්ගේ කොලම ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ...
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය "නිෂ්මි" ගැන මතකයෙන් බිඳක්... තපස්ගේ කොලම විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් ...