ගිම්හානයේ අසිරිය - කණාමැදිරි රාත්‍රිය චේජනාගේ පිටුව (Chejana's web page) ඍතු වෙනසින් යුතු රටවල වෙනස් වෙන උෂ්ණත්වය, වර්ෂාව, ආර්ද්‍රතාවයත් එක්කම ඒ පරිසරයේ ජීවත්වෙන සත්ව විශේෂත් දවසින් දවස වෙනස් වෙනව... ඒ අතරෙ හිරු රශ්මියෙන් දැවුණත් ගිම්හානය වඩාත් සොඳුරු වෙන්නෙ ගිම්හානය පුරාවට ගහකොළත් සත්තුත් හිතට දැනෙන්න ජීවත් වෙන නිසා... ඉපල් විතරක් ඉතිරිවුණ ගස්වලට වඩා ගිම්හානයෙ ගෙඩි, කොළ පිරුනු ගස්වැල් ජීව ගුණයෙන් පිරිලා...ඒ ජීවගුණයෙන් යුත් ගස්වැල් කුරුල්ලන්ට ජීවත් වෙන්න අඬගහනව... ඒ නිසාම කාක්කෙක් ...
හචිකො - දුම්රිය පොළට ආ බල්ලා චේජනාගේ පිටුව (Chejana's web page) සිය ස්වාමියා සොයා දිනපතා දුම්රිය පොළට පැමිණි ජපන් බල්ලා පිළිබඳව ඇත්තේ සුප්‍රසිද්ධ කතාවකි. සම්පූර්ණ කතාව නොවුණ ද ඒ පිළිබඳව යම් කොටසක් මා ජපානයට එන්නට පෙර ද අසා තිබිණ. බල්ලන්ට ඉතාම ප්‍රිය නිසාම ඒ කතාව මගේ මතකයේ රැඳිණ. හචිකෝ 1923 අකිටා ප්‍රදේශයේ උපන්, අකිටා ඉනු වර්ගයට අයත් බල්ලෙකි. (අකිටා ඉනු තරමක් විශාල ලස්සන ජපන් බල්ලන් වර්ගයකි.) ටෝක්යො විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ මහාචාර්යවරයෙක් ...
අනාගතය දැකීමේ තැත සහ Marriage Simulator චේජනාගේ පිටුව (Chejana's web page) මිනිසා වන අපට අනාගතයට කර පොවා බලන්නට වරම් නැත. එතකුදු අනාගතයට කර පොවා බැලීමේ නොතිත් ආශාවෙන් පෙළෙන මිනිසා ඒ සඳහා නානාවිධ උපක්‍රම සොයා යයි. අතීතයේදී ද එය එසේම විය. වර්තමානයේ ද එය එසේමය. අනාගතයේ ද එය එසේම වනු ඇතැයි සිතේ. අනාගතය දැකීමේ හැකියාව මිනිසාගෙන් වසං කර ඇත්තේ ඒ දැක එය විඳ දරාගැනීමට හැකියාවක් මිනිසාට නැති බැවිනැයි මා වරක් කියවා ඇත. අනාගතය ...
සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී... චේජනාගේ පිටුව (Chejana's web page) පෙම් සබඳතා බිඳී ගිහින්, දෙදෙනා දෙපසට ගියත් පෙම නොමියෙයි... පෙම්වතුන් ද නොමියේ... ඔවුන් තවත් කෙනෙක් හා පෙමින් බැඳී නව දිවි අරඹයි... කාලයේ වැලිතලාවේ සැඟව ගිය පෙම තනිවුණ සංසුන් නිමේෂයක මිහිරි සුවඳක්ව සිත තුළ සුවඳ දේ... අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා ලොව කාට හෝ නුඹ උරුමැතී සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී මමද සැමියෙකි ඇයට අවනත ...
ඇගේ මළගම නොදුටු මා සිත... චේජනාගේ පිටුව (Chejana's web page) එවක නව යොවුන් වියේ සිටිය ද මිතුරු මිතුරියන් හා ගත කිරීමට වඩා ඈ හා දොඩමළුව සිටිම මට ප්‍රිය විය. ඉතා රසවත්ව කෑම පිසින ඈ මා ප්‍රිය කරන කෑමක් සාදාදෙන්නට උත්සුක වූයේ මගේ ම අම්මා මෙනි. ඒ වනවිට මගේ අම්මාගේ අසීමිත ප්‍රවේශම් කිරීමෙන් හෙම්බත්ව සිටි මට ඇගේ ළඟ ජීවත් වීම සතුටක් විය. ඈ උණ හෙම්බිරිස්සාවකට බෙහෙත් අහුරු ගණන් ගිලින්නට සිදුකළේ ...
අරාබි නිසොල්ලාසය හෙවත් එක්දහස් එක් රැය (Arabian nights) චේජනාගේ පිටුව (Chejana's web page) මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත සේම වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දෑ නිර්මාණය කළ අරාබි නිසොල්ලාසය සිය ජීවිතය බේරාගන්න එක් යුවතියක් එක්දස් එක් රැයක් තිස්සෙ කිවූ අපූරු කතාමාලාවක්... Illustration by H.J. Ford (1898) මේ කතාමාලාව පර්සියන් රජකුමරෙකුට ඔහු විවාහකරගත් බිරිඳ විසින් එක්දහස් එක් රැයක් තිස්සේ කියල තියනව... මේ කතාමාලාව ...
TEDDY BEARS...ටෙඩි බෙයාවෝ... චේජනාගේ පිටුව (Chejana's web page) ටෙඩිබෙයාවො...කියන ඕනෙම දෙයක් හරස් ප්‍රශ්න අහන්නෙ නැතිව සාවදානව අහගෙන ඉන්න, දුක හිතිල අඬද්දි සද්ද නැතිව ළඟට වෙලා ඉන්න, තනියි කියල හිතිල ඉන්න වෙලාවට තනියට ඉන්න ටෙඩිබෙයාවො... බබාලගෙ වගෙම බොහොමයක් ගෑණුළමයින්ගෙත් අවදානය තදින්ම යොමුවෙන, ආදරේ උදුරගන්න ටෙඩිබෙයාවො... මේ ගොල්ලො ලෝකෙට එකතුවෙලා තියෙන්නෙත් හරිම අපූරු විදියකට... ඒ ගොල්ලො මේ ලෝකෙට මුලින්ම එකතුවෙලා තියෙන්නෙ 1902. එයාලට මේ නම ලැබිල තියෙන්නෙ හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් වන තියඩොර් ...
කඳුමුදුනට නැග සඳ මඬලේවත් ලියාතියන්න ද මගේ කවී... චේජනාගේ පිටුව (Chejana's web page) මේඝ වළාවක ලියා එවනු බෑඔබෙ සෙනෙහස ගැන කියන කවිමගෙ සෙනෙහස ගෙන සිව් සිය ගව් දුරමේඝ වළාවට යන්න බැරීෆුජි සිඹින හිරු මඬලෙ ලියනු බෑඔබෙ සෙනෙහස ගැන කියන කවීමා අමතක කර, ෆූජිට ඒ කවිහිරු කොඳුරනු මට අසනු බැරීඅඳුරු නිශාවේ ඔබ මා දෙදෙනගෙනෙත විසිතුර වී නැගෙනු රිසීසඳ මඬලේවත් කඳුමුදුනට නැගලියාතියන්න ද මගේ කවී ...
ඔබට කෙටි සසර චාරිකාවක් වේවා...! චේජනාගේ පිටුව (Chejana's web page) නුදුටු ඔබ වෙනුවෙන් දෙනයනනලියනා කඳුලක් කැටිකොටපතන්නම් මෙලෙසින් ඔබ වෙතඔබට කෙටි සසර චාරිකාවක් වේවා...!
මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්... චේජනාගේ පිටුව (Chejana's web page) තිස්ස වැව්දියට රාස්සිගෙ අව්ව වැටිල...රත්තරන් පාටයි...දිලිසෙනව... රංචු පිටින් පීනගෙන යන කොරළි පැටව්... දැල එලන්න යන්න වෙලාව... වැවෙන් නාල යන්න නැවතුන වන්දනා නඩ එකින් එක වාහනවලට ගොඩ වෙනව... ඉර වැටෙන්න කලියෙන් යන්න වෙන්න ඇති... ඒත් ඒ ඇහෙන හිනාහඬ... තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්...උකුළු මුකුළු සිනාහඬින් වැව්දියවර පිනා ගිහින්..කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්... හිස තැවරූ ...
ප්‍රේමය නම්... චේජනාගේ පිටුව (Chejana's web page) "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්යයි" සුනිල් ආරියරත්නයන් ලියා තිබෙනවා. දිනක් මා බොහෝ වේදනාවෙන් සිටින මොහොතක සැබෑ ලෝකය තුළ ප්‍රේමය එසේ වන්නේ නැති බව මගේ මිතුරෙක් මට පැවසුවා. එදා වනවිට "ප්‍රේමය නම්" කෙසේ වියයුතු ද යන පැනයට මගේ පිළිතුර මටවත් පැහැදිලි වී තිබුණා ද මන්දා... මට අද සිතෙනවා...නමුත් මා ඒ වනවිටත් විශ්වාසයෙන් සිටි එක් දෙයක් වන්නේ ...
වසන්තය ඇවිත්... චේජනාගේ පිටුව (Chejana's web page) හැන්දෑවෙ වේලාසනින් නිදාගන්න හැමදවසකම වගෙම අදත් යාන්තම් පාන්දර පහට වෙනකොට ඇහැරිල... වසන්තයට හිමි දිග දවස් ගතවෙන වෙන නිසා ඒ වෙනකොටත් බිම්කරුවල මැකිල...සිරිපොද වැස්ස වැටෙනව... වසන්තය ඇවිත්... සකුරා මල් පිපුනට වසන්තය නොඒවි කියල හිතුව ජපානෙට වසන්තය ඇවිත්... උණුසුමත් එක්ක ම සැනසුමත් අරන්... සකුරා මල් පියවිලි පොද වැස්සට හේදිල යද්දි දුක් දොම්නස් හේදිලා යන්න ඇති... ඍතු වෙනස හිමි රටකට ලැබෙන අපූර්වත්වය ඒ... එයිනුත් ...
ආලය ප්‍රේමය රාගය නැති දා... මේ මනුලෝකය කෙලෙස ද පවතින්නේ... චේජනාගේ පිටුව (Chejana's web page) චේජනාගේ පිටුව ඇරඹුනේ ද ජීවිතයේ එක පරිච්ඡේදයක මා තනිව ජීවිතය ගතකරන මොහොතකයි... නැවත ද ජීවිතයේ මා තනිව ගතකරන පරිච්ඡේදයක මගේ සිතුවිලි අකුරු කර නිමවන සොඳුරු මතක සටහනක් නිර්මාණය කරගැනීමේ ලා චේජනාගේ පිටුව නැවතත් ලියන්න මට සිතිලා... තනිව ජීවිතය ගත කිරීම එක්තරා විටෙක භාවනාවක් මෙන් ද තවත් විටෙක දුෂ්කර ක්‍රියාවක් මෙන්ද දැනෙනවා... නමුත් තනිව ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් ජීවිත ගමන ඉදිරියට ...
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට... සිත් විය කප් අග හිරු පායන තුරු... චේජනාගේ පිටුව (Chejana's web page) ඔහු හමුවන දින වනවිට බොහෝ යුවතියන් මෙන්ම මා ද යෞවන ප්‍රේමය අත්විඳ තිබිණ.ප්‍රේමය යයි මා සිතූ මා පැතූ සියල්ල ප්‍රේමය නොවන බව ඉතා වේදනාත්මක අත්දැකීම්වලින් වටහා ගෙන සිටි නමුත් ඒවා වේදනාත්මක අත්දැකීම් මිස ජීවිතයට සහකරුවකු උවමනා නොවන බව සිතීමට තරම් ඒවා මසිත රිදවා, මා බිඳවා දැමූයේ නැත.නමුත්, මට ඔහුව මුලින්ම මුණගැහුණේ ඉතාම සාම්ප්‍රදායික ලෙසින් මංගල යෝජනාවක් සමගිනි. අඳුරුපැහැ සමක් හා ...
කෙලෙස අදහා ගනිම්දෝ දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන්...... දේවතා එළියෙන්...... චේජනාගේ පිටුව (Chejana's web page) ගොඩාක් කාලෙකින් ආපහු... තනිකම විසින් ආයෙම චේජනාගේ පිටුව ළඟට ගෙනත්...මෑත කාලයේ මා දුටු අපූරු ගී පද රචකයෙක් විසින් රචනා කළ ගීයක්.. ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි..මට කියන්න තියෙන හැම දෙයක්ම ගී පදවලින් කියවෙන ගීයක් නිසාවෙන් ම චේජනාගේ පිටුවේ ගීතය සටහන් වෙනවා...දිසාපාමොක් ඇදුරුතුමනේ...තක්සලාවෙන් යන්න අවසර...හොඳම සිසුවිය නොවී මගහැරරැගෙන යන්නම් කුමරි බඹසරපුරා සූසැට කලා අබරණ රන් පදක්කම් දිනා ගෙල පළඳන් උපාධියෙ කළු කබායෙන් කෙසේ ...
Being true to self චේජනාගේ පිටුව (Chejana's web page) වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීමේ නිදහස හා සැහැල්ලුවයි... පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ නිදහස හා සැහැල්ලුව නැති කරගත් බොහෝ දෙනා මට දිනපතා මුණගැහෙනවා...විශේෂයෙන්ම රැකියා ආයතනයෙන් පිටතදීත් තමන් දරන තනතුරුවලට ගැලපෙන ලෙස ජීවත්වීමට උත්සාහ දරන විට හා රැකියාව තුළ ඉහළ යාමේ නොතිත් ආශාවෙන් ජීවත්වන ...