පොළවෙන් අහසට... චේජනාගේ පිටුව (Chejana's web page) පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පුටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර ...
තරඟ රටා සමීකරණයක රන්දා (Wave breaking) චේජනාගේ පිටුව (Chejana's web page) ඉමක් සොයා නොපෙනෙන නිල් සයුර මතින්ස්වර්ණ රටා ගෙත්තම් කළ නිල් අහසින්ක්ෂිතිජ ඉමේ මිලාන හිරු දකින රිසින්වෙරළ කොණේ පියමං කළ පියසටහන් මදනළ සයුරේ ගෙත්තම් කළ තරඟ රටා පිය සටහන් වැලි මතුයෙන් මකා දමා සමීකරණ අමතක මතකයක දමා රළ මතුයේ රඟයි මගේ සිතම ළමා වැල්ලෙන් තැනු මාලිගාව සෝදා හැර වෙරළින් ඔච්චමට සිනාසේ පෙණ කැටි බිඳෙන්ට කලියෙන් රළ බිඳුම මකාලයි වෙරළේ ඇඳි ...
සංසන්දනය... චේජනාගේ පිටුව (Chejana's web page) ඇත්තටම සංසන්දනය කියන්නෙ මොකටද? අපේ ගතිගුණ හරි දේපල හරි වෙනත් මොනවම හරි දෙයක් තවත් කෙනෙකුට තියෙන දේවල් එක්ක මැනල බලල සන්තෝස වීම හෝ කම්පා වීමට..? සංසන්දනය මම අකමැතිම දෙයක්... මාව මේ ලෝකෙ වෙන කිසීම කෙනෙක් එක්ක සංසන්දනය කරනවට මම අකමැතියි... හොඳ හෝ නරක වෙනුවෙන්... නමුත් බොහොමයක් දෙනාට සංසන්දනය නොකර ඉන්න අපහසුයි, ඒ වගෙම බොහෝම දෙනෙක් සැසඳෙන්න අකමැතියි... මම ලෝකෙ ...
සත්‍යය පරිකල්පනයෙන් ඔපවත්ව...The man in the iron mask චේජනාගේ පිටුව (Chejana's web page) වර්ෂ 1669 ජුලි මාසයේ අග භාගය ගෙවී යයි. දහහතර වන ලුවී රජුගේ අමාත්‍ය මාර්ක්වීස් ඩි ලුවිස් වෙතින් පිග්නෙරොල් බන්ධනාගාර ප්‍රධානියා සේන්ට් මාර්ස් වෙත ලැබුණ ලිපියකි. එස්ටාච් ඩෞගර් නම් වූ සිරකරුවෙක් ඊළඟ මාසයේ බන්ධනාගාරය වෙත ළඟාවීමට නියමිත බව හේ දන්වා එවා ඇත. බන්ධනාගාරයකට එය අමුත්තක් නොවන නමුත් ඒ සමග ඇති අනිකුත් නියෝග ඔහු තුළ තරමක විශ්මයක් ඇති කිරීමට සමත් ය. ළඟාවීමට නියමිත ...
අඩසියවසක නිහැඬියාවකින් පසු...(චිලි ගිනිකඳු පිපිරුම) චේජනාගේ පිටුව (Chejana's web page) අඩසියවසක් නිහඬව හුන් චිලි රටේ Puyehue-Cordón Caulle ගිනිකඳු පන්තිය නැවත වරක් ක්‍රියාත්මක වෙලා, ජුනි හතර වෙනිදා... උදේ වරුවේ සිදුවුණ අනතුරු හඟවන භූ කම්පා රැසකින් පස්සෙ...හවස්වරුවෙ ගිනිකන්ද පුපුරලා...රික්ටර් මාපාංක 4.0 ට වැඩි භූකම්පන 12කුත් ඇතුළුව භූ කම්පන 230 ක් විතර සිදු වුණාලු...ගිනි කඳු පිපිරුමත් සමගින් 3000 ක් පමණ දෙනා ප්‍රදේශයෙන් ඉවත් කරගන්න චිලි රජයට සිදු වුණාලු... ගිනිකඳු පිපිරුමෙන් නිකුත්වුණ අළුවලින් සමහර ගංගා, ...
මා දුටු ජපානයෙන්... ඕසකාවේ දවසක්... චේජනාගේ පිටුව (Chejana's web page) පහුවුණ සතිය ජපානෙ ලැබෙන දිගම නිවාඩුව. Golden week... ටොක්යෝවට පහළින් පිහිටි කන්සායි ප්‍රදේශය බලාගන්න ඒ නිවාඩුව ගත කළා අපි... ඕසකා ප්‍රාන්තයෙ අගනුවර, ඕසකා නගරය වගෙම එක රාජ්‍ය පාලන යුගයක ජපානයෙ අගනුවර වුණු ක්යෝතොවත් එක්කම... ඕසකා හරිම නිස්කලංක වෙරළබඩ නගරයක්... ගොඩක් කාර්යබහුල වුණත් ටෝක්යෝවෙ අයට තියන කලබල ගතිය ඕසකාවේ දි අඩුයි වගේ... ඒගොල්ලො කෙනෙක්ට උදව් කරන්න ටිකක් වෙලාවක් ගත කරන්න අකමැත්තක් නෑ... සාමාන්‍ය ...
"මට ඉඳුරු දික්පතී - දනෝ සක් දෙවිඳු යයි පවසතී " - Myths of indra and sakra චේජනාගේ පිටුව (Chejana's web page) පුංචි කාලෙ කතන්දර අහන්න තිබ්බ ආසාවෙත්, අම්ම රෑ කෑම හදල ඉවර කරනකං අපිව බලාගන්න තිබ්බ ලේසිම විදිය නිසා රසකර කර කතා කියන්න තාත්තට තිබුන හැකියාවෙත්, කියපු කතා මතක තියාගෙන ඉඳල ඒක දෙසරයක් නං කියන්න නොදීමෙ මගේ හැකියාවෙත්, ඔය ඔක්කොගෙම සංකලනය නිසා අන්තිමට ජාතක කතා පවා තාත්ත කතා විදියට කියල මම ඇහුව. ජාතක කතාවල ගොඩක් වෙලාවට එන සක් දෙවිඳු ජනප්‍රියම ...
මහ වැස්සේ අයාලේ ගලන සිතුවිලි... චේජනාගේ පිටුව (Chejana's web page) පොළව තෙමාගෙන, ගහකොළ අඹරවගෙන මහ වැස්ස වහිනව... කොච්චර වැඩ තිබුණත් ඒව අමතක කරල දාල දොඩමළු වෙන හිතේ ඇතිවෙන කතාබහ අකුරු කරන්න මට හිත් වෙනව... සියුම් ආකාරයේ පළිගැනීමක් වින්දනය කිරීම වටා ලියවුන මගේ කලින් බ්ලොග් පෝස්ට් එකට ගොඩාක් දෙනා කිව්වෙ පළිගැනීම කෘරයි කියල... "පළිගැනීම කියන්නෙ ඊතලය විසින් දුනුවායාම විනාශ කරන ආයුධයක් බව මම කියෙව්වෙ ඈත අතීතෙ දවසක ක්ලියෝපැට්රා නවකතාව කියවද්දි", ...
ලෝකය වගෙම ජීවිතෙත් පුදුමයි!!! චේජනාගේ පිටුව (Chejana's web page) මම ඉස්සෙල්ලම වැන්දෙ කාටද කියල මට මතක නැහැ... අම්ම තාත්තට, ඉස්කෝලෙ ගුරුවරුන්ට, පන්සලේ හාමුදුරුවන්ට, ඒ ඇරුනම ඔය අම්මයි තාත්තයි "වඳින්න පුතේ" කියල කියන ඕනෙම වැඩිහිටියෙක්ට මම පුංචි කාලෙ මමත් වඳින්න ඇති... වැඳීම ගැන මගේ අතීත මතකයෙ තියෙන එකම දේ අළුත් අවුරුද්දට වැඳීම ගැන ... මොකද ඒක හොඳ ආදායම් මාර්ගයක් අපේ පුංචි කාලෙ තිබුන, අවුරුදු දවසට අම්මටයි තාත්තටයි වඳින්න මමයි ...
මං හැඬුවා... නුඹ දුටුවේ නෑ... චේජනාගේ පිටුව (Chejana's web page) වැව් දිය තලය රඟ නගයි නිල් කඳු වළලු නිසසලයි විලෝ රිකිලි අතරින් සඳ පුරා'න ආවා පාළු අහස්කුස පාමුල තනි තරු කැටයක් වුණ මට... අමාවකේ සඳ වී නුඹ... අඳුර ගෙනාවා මං හැඬුවා... නුඹ දුටුවෙත් නෑ... රිදී දිය මතට අහසින් ගලාන ආ තරු එළියක අහස දෑලවර හිමිකම් සරි කර ආවා අද ඒ අහස මා සතුයි... මන්දාකිණිය මට හිමියි... අමාවකේ දුන්නු දුකම ...
හදවත දොරගුලු වසාදමන්නද චේජනාගේ පිටුව (Chejana's web page) කල්ප කාලයක් නොකී කතාවක් එකම ඇසිල්ලක ඔබට කියන්නට හෙටත් උදෑසන මා හමුවෙනවද දෙනෝ දහක් ඇස් නෑ නෑ තනිවම ලෝකය නැවතුනු එකම ඇසිල්ලක ඔබේ දෑත් තුළ මොහොතක් ඉන්නට මැදියම් රෑ සිහිනෙක ඔබ එනවද කාටත් නොපෙනන මගෙ ඇසිපිය යට මගතොට රැඳි නෙත් දහක් කතාවෙන අසම්මතේ පෙම්වතුන් නොවෙන්නට හදවත දොරගුලු වසාදමන්නද මොහොතක් කලියෙන් ඔබ එහි සිරකර ...
ඇසෙන කතා...(පාසල් දැරියෝ) චේජනාගේ පිටුව (Chejana's web page) බටහිර අහස දිලියෙමින් හිරු සයුරේ ගිලෙන්නට තතනයි. දාවල පුරා කරව් කරමින් ගොදුරු සෙවූ කාක්කන් සමුදුරු පියවර අද්දර කොට්ටම්බා ගස් මත රාත්‍රියට ලගුම් සොයයි. ලහි ලහියේ නිවෙස් බලා ඇදෙන අප මෙන්ම ඔවුන් ද රාත්‍රිය පිළිගැනීමට සැරසෙති. රිය තුළ තෙරපෙන පාසල් දැරියන්, මුහුදු සුළඟ සිපගනිමින් සමුදුර අද්දරින් ඇදෙන රිය කවුළුවෙන් එළියට යොමුවුණ නෙතු, බස් රිය තුලට යොමන්නට බලකරයි. උදෑසන පාසල් නිල ඇඳුමෙන්ම ...
මගතොට දී... චේජනාගේ පිටුව (Chejana's web page) අප අවට ගැවසෙන්නන් කතා කරන දේ වටහා ගන්නට හැකිනම් ලෝකය කතා තෝතැන්නක් බව අද මට එදාටත් වඩා හොඳින් වැටහේ... ඒ අතරම වසර ගණනාවක් තිස්සේ ගම් රටවල්වල කෙමෙන් සිදුවූ වෙනස්කම් ද එකවර ග්‍රහණය කිරීම හේතුවෙන් විශාල පරිවර්තනයන් ලෙස සමහර සිදුවීම් මා තුළට ඇතුළු වේ. මා අසන දකින දේ මසිත බොහෝ සිතුවිලි ගොනු කරන්නේ එබැවිනි... එදා මා දුටු පාසල් වෑන් රථවල ස්ථානය ...
සමාස තද්ත ප්‍රත්‍ය ශ්ෂණ චේජනාගේ පිටුව (Chejana's web page) කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බෑඳලනු ලෑබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පෑතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඈති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා ගිහින්. "සමාස තද්ත ප්‍රත්‍ය ශ්ෂණ සන් සන් භක්ති ක්යාපද න්ද්යා කໟවැ භු ශමතා දාසන් මහසන් ගැමුණු ජයබා" අහම්බෙන් කණට වෑටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත ...
ආන්දෝලනාත්මක මාතෘකා... චේජනාගේ පිටුව (Chejana's web page) ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන එක මම මගහරින්නෙ හිතාමතාම... වෙලාවකට මට හිතෙනව ඒක වරදක් ද කියලත්... අනිත් අතින් ඒව කතා කරන්න ගිහිල්ල ඒවට උත්තර දෙන්නත්, හිත රිදවගන්නත් මගෙ කැමැත්තක් නෑ... ආයෙම මට මෙහෙමත් හිතෙනව, ආන්දෝලනාත්මක මාතෘකා ගැන එකේක තැන කමෙන්ට් කර කර ලිය ලිය කාලෙ ගත කරනවට වඩා තමන්ගෙ තරමට, තමන්ට පුළුවන් ප්‍රමාණෙන් ඒවට උත්තරයක් හොයාගන්න ගත කරන එක ...
සිමියොන් දවීදොව් හා ලෝරා ඉන්ගල්ස් සමගින් ගතවුණ නිවාඩු කාලය චේජනාගේ පිටුව (Chejana's web page) හිම මිදිච්ච සීත කාලෙ මැද හරියෙ දවසක දවීදොව් හිම යානෙක නැගිල ගම්මානයට එමින් හිටියෙ...දවීදොව් හිටියෙ සන්තෝසෙන්... සමූහ ගොවිපොලක් හදන හීනෙ දවීදොව්ගෙ හිත පුරාම තිබුනෙ... තමන්ගෙ අරමුණ වෙනුවෙන් දවීදොව් කැපවුණා... මකාර්, අන්ද්‍රෙයි, යාකව්, ශිචුකාර් සීයා ඇතුළුව ගම්මානෙ නොයෙක් තරාතිරමෙ නොයෙක් අදහස් දරපු මුරණ්ඩු මිනිස්සු, යටහත් පහත් මිනිස්සු, දුප්පත් මිනිස්සු මේ ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්න දවීදොව් හැබෑවටම මහන්සි වුණා... ...
පරිණාමය... චේජනාගේ පිටුව (Chejana's web page) දහනවවන සියවස අවසන් වන්නට තවත් වසර දහයක් දොළහක් පමණ ඉතිරිව තිබුණා. ලොරි මූණු මහමගින් සමුගෙන තිබුණත් එතැන හිමිකරගෙන තිබුණේ බස් ලෙසින් හැඳින්වූ වෑන්... මහපාරට තාර දමා තිබුණත් ඒ තාර දැමුමට සාක්කි දුන්නේ පලින් පල ඉතිරිව තිබුණ නටබුන්... ලොකු නා ගහ පසුකර පොඩි නා ගහත් පසු කර ඈ සෙමෙන් ඉදිරියට එමින් හිටියා... නිතොරවම ඇදහැලෙන පොද වැස්ස ඒ වෙලාවෙත් ඇදහැලුනා... වෙහෙස ...
Graduation චේජනාගේ පිටුව (Chejana's web page) කූඩුවෙන් කුරුළු පැටව් ඉගිල්ලිලා යනව වගේ තවත් බැච් එකක් සරසවියෙන් මිදිල එළියට යනව... උන් ලොකු මිනිස්සු වෙලා මේ ලෝකෙට එකතු වෙන එක ගැන දැනෙන සතුට මැද්දෙම අපෙන් ඈතට යන එක ගැන දුකකුත් හිතට දැනෙනව...සරසවියට, දරුවන්ට හිත කොයිතරම් බැඳිල ද කියල දැනෙන්න මේ වගේ වෙලාවල් එන එකත් හොඳයි... අනිත් අතින් ජීවිතේ ඒකාකාරී වෙනවට බොහොම අප්‍රිය කරන මට මේ ජීවිතේ ඒකාකාරී ...
?? චේජනාගේ පිටුව (Chejana's web page) සතියට දවස් පහක් දවසකට පැය තුනක් හතරක් බස් එකේ ගත කරන මට බස් ගැන, බස් කොන්දොස්තර කොළුව ගැන කතා කරන්න නැත්නං තමයි පුදුමේ... මගීන්ට කරදරයක් නැති කොන්දොස්තරවරු, මහාම කරදරයක් හිසරදයක් වුණ කොන්දොස්තරවරු වගෙම මගීන් එක්ක බොහොම සාමකාමීව සන්තෝසෙන් ගමන යන කොන්දොස්තරවරුත් අප්‍රමාණයි... ඒ එදා කොන්දොස්තර කොළුවම තමයි... බස් එක ස්ටෑන්ඩ් එකේ... බස් එකට නගින්න මම දොර ළඟ... දොර හරස් ...
මා දුටු ජපානයෙන්... අසිරිමත් පුරවර... චේජනාගේ පිටුව (Chejana's web page) ජපන් භූකම්පනය හා බැඳුනු සිදුවීම් අවට ලෝකය කොයිතරම් කම්පනයට පත් කළත් නියොන් එළියෙන් දිදුලන මේ අසිරිමත් පුරවරය, ටෝක්යෝව එදා වගෙමයි... සතිය පුරාම සිය ජීවන අරගලයේ යෙදිලා සතිඅන්තය බොහෝවිට අවන්හලකින් යමක් කා බී සතුටුවන ටෝක්යෝ වැසියන්ගෙ ජන ජීවිතයත් එහෙම්මයි... භූ කම්පනයට සාර්තකව මුහුණ දෙමින් ලොව උසම කුළුණත් ටෝක්යෝවේ උසම ඉදිකිරීමත් වන ස්කයි ට්‍රී එහි මුළු උස ලබාගෙන..., මාර්තු 18 වෙනිදා...මීටර් 634 ...