Enjoying the Glory of a Star චේජනාගේ පිටුව (Chejana's web page) රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස අවුරුදු හැට සම්පූර්ණ කරන්න ඔන්න මෙන්න... මම නවයොවුන් වියේදි, ඔහු ඉතා ආකර්ෂණීය දිදුලන තරුණ වියේ පසුවුණා... අද වගේ ලෝකයේ සියළු දේ ඇඟිලි තුඩ අගට ගෙන්වා දිය හැකි ජංගම දුරකතන එදා අපි අතේ නොතිබුණ නිසා, ඔහුගේ ...
Entertainment industry චේජනාගේ පිටුව (Chejana's web page) ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ මේ කර්මාන්තය අසාර්ථක වීම ද එහි නියැලෙන්නන් වෘත්තිය නොවීම ද එහෙමත් නැත්නම් වෙනත් කරුණක් ද කියල මම ඇත්තටම දන්නෙ නැහැ.මම දකින පැතිකඩ කිහිපය අතර ප්‍රධානම කරුණ, ලංකාවේ කලාකරුවන් කියල කියාගත් බොහෝ දෙනෙක් මේක කර්මාන්තයක් බව නිවැරදිව තේරුම් ගත්තෙ ...
විනෝදාස්වාදය සොයායාම සහ Entertainment business චේජනාගේ පිටුව (Chejana's web page) Entertainment එහෙම නැත්නම් විනෝදාස්වාදය මිනිස්සු ඉතාම ඈත අතීතයේ ඉඳලා හොයාගෙන ගිය දෙයක්... බොහොම අතීතයේ මිනිස්සු ලාම්පු, පන්දම් පත්තු කරගත්ත තාවකාලිකව පුරන්වුණ කුඹුරක හෝ කමතක හදාගත්ත වේදිකාවක් වටේ වටවෙලා, ගමේම මිනිස්සු එකතුවෙලා සංගීතය, රංගනය ආදී සියල්ල තමා විසින්ම කරගනිමින් පවත්වා ගෙන ගිය නාට්‍ය, නාඩගම්, කෝලම් ආදී රංගකලා එදා මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුවා... අද අපි නොයෙක් ආකාරයේ මති මතාන්තර දැරුවත් එදා යුගයේ පෙරහරක් ...
Being true to self චේජනාගේ පිටුව (Chejana's web page) වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීමේ නිදහස හා සැහැල්ලුවයි... පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ නිදහස හා සැහැල්ලුව නැති කරගත් බොහෝ දෙනා මට දිනපතා මුණගැහෙනවා...විශේෂයෙන්ම රැකියා ආයතනයෙන් පිටතදීත් තමන් දරන තනතුරුවලට ගැලපෙන ලෙස ජීවත්වීමට උත්සාහ දරන විට හා රැකියාව තුළ ඉහළ යාමේ නොතිත් ආශාවෙන් ජීවත්වන ...
පෞද්ගලික මුල්‍ය කළමනාකරණය හා නිදහස චේජනාගේ පිටුව (Chejana's web page) වැඩිහිටියෙකු ලෙස ජීවත්වීමේ දී වගකීම් සහගතව තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීම සඳහා තම මුල්‍යමය පැවැත්ම ඉතා වැදගත්... මුල්‍යමය අවශ්‍යතා සඳහා තවත් කෙනෙකුගෙන් යැපෙන විට අපට නිදහසේ ජීවත්වීම අවස්ථාව බොහෝවිට ඉබේම අහිමි වෙනවා...මුදල් ඉපයීම සම්බන්ධ ගැටළු බොහොමයක් ලාංකීය සමාජය තුළ මා දකිනවා... මුදලක් උපයන ස්වාධීන වැඩිහිටියෙක් නොවී ම තමනුත් නව පවුලක් ඇරඹීම ලාංකීය සමාජය තුළ මුල් බැසගෙන ඇති ගැටළුවක්... මුදල් ...
Responsible Freedom චේජනාගේ පිටුව (Chejana's web page) මට හමුවුන ලෝකයේ බොහෝ රටවල්වල මිනිස්සු අතරෙ අඩුවැඩි වශයෙන් තමන් තමා වෙනුවෙන් ජීවත් වීමේ ආශාව මා දැක තිබෙනවා...ඒත් ලාංකීය අපේ ජීවන රටාව තුළ මට දැනෙන විදියට තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නේ නැතිකම...ලාංකීය සමාජය තුළ දෙමාපියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සහකරු හෝ සහකාරිය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම බොහෝ අගනා කටයුත්තක් ලෙසින් සැලකුණත් කෙනෙකුට තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නට අපේ සමාජය ...
ප්‍රේමයේ සැමරුම්... චේජනාගේ පිටුව (Chejana's web page) සමාජ මාධ්‍ය විසින් මිනිස් ජීවිත තුළ ඇතිවන බොහෝ පැතිකඩ පාලනය කරන වර්තමානයේ ප්‍රේමය හා ජීවිතය උත්කර්ෂයට නංවා පෙන්වීම ද සමාජ මාධ්‍ය විසින් බොහෝ ඉහළින් සිදුකෙරෙනවා...සමාජ මාධ්‍යයක් තුළට ඇතුළුවන බොහෝ විට උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමණීය සැමරුම් බොහෝයි... විශේෂයෙන් ම ලාංකික සමාජය තුළ ඉතා අඩුවෙන් සමාජ කතිකාවතකට ඇතුළත් වූ විවාහයට පසුව එක්ව ජීවත්වන යුවලක් තුළ ඇති ප්‍රේමය ප්‍රදර්ශනයෙහිලා සමාජ මාධ්‍ය ඉතා ප්‍රබල ...
e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා හරහා වෙබ් නවකතා වෙත... චේජනාගේ පිටුව (Chejana's web page) මම බාගත කරගෙන කියවිය හැකි e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා කියවීම පටන් අරන් මම හිතන්නේ දැන් අවුරුදු 16ක් විතර ඇති කියලයි... බ්ලොග් ලිවීමට වඩා ඒ පුරුද්ද අවුරුද්දක් හෝ එකහමාරක් විතර පරණ ඇති...Count of Monte Cristo, Morning Star වගේම She - අදටත් මගේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන මේ පොත් තුනේම මුල් ඉංග්‍රීසි පොත් මම කියෙව්වෙ e-book විදියට...ඉංග්‍රීසි තේරීම අඩුකමයි, e-book වීමයි, ඒවයේ තියෙන ...
කාලය මැව් වෙනසක අරුමේ... චේජනාගේ පිටුව (Chejana's web page) මීට වසර 15 කට පෙර මා මුලින්ම චේජනාගේ පිටුව ලිවීම ඇරඹුවේ දුරු රටක තනිව ගෙවෙන ජීවිතයේ තනිකම මකන ක්‍රමයක් ලෙසින්... ඒ මා ජපානයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි කාලයයි... ඒ වනවිට ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු නවකතාවක් කියවා රස විඳීමට තරම් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත නොහැකිකමත්, සිංහල භාෂාවෙන් ලියවුණු නවකතා හෝ අනෙකුත් කියවීමට තරම් කිසිවකුත් සොයාගත නොහැකිව සිටි මට බ්ලොග් අඩවි හමුවුණේ හරිම ...
ප්‍රේමය නම්... චේජනාගේ පිටුව (Chejana's web page) "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්යයි" සුනිල් ආරියරත්නයන් ලියා තිබෙනවා. දිනක් මා බොහෝ වේදනාවෙන් සිටින මොහොතක සැබෑ ලෝකය තුළ ප්‍රේමය එසේ වන්නේ නැති බව මගේ මිතුරෙක් මට පැවසුවා. එදා වනවිට "ප්‍රේමය නම්" කෙසේ වියයුතු ද යන පැනයට මගේ පිළිතුර මටවත් පැහැදිලි වී තිබුණා ද මන්දා... මට අද සිතෙනවා...නමුත් මා ඒ වනවිටත් විශ්වාසයෙන් සිටි එක් දෙයක් වන්නේ ...
ආලය ප්‍රේමය රාගය නැති දා... මේ මනුලෝකය කෙලෙස ද පවතින්නේ... චේජනාගේ පිටුව (Chejana's web page) චේජනාගේ පිටුව ඇරඹුනේ ද ජීවිතයේ එක පරිච්ඡේදයක මා තනිව ජීවිතය ගතකරන මොහොතකයි... නැවත ද ජීවිතයේ මා තනිව ගතකරන පරිච්ඡේදයක මගේ සිතුවිලි අකුරු කර නිමවන සොඳුරු මතක සටහනක් නිර්මාණය කරගැනීමේ ලා චේජනාගේ පිටුව නැවතත් ලියන්න මට සිතිලා... තනිව ජීවිතය ගත කිරීම එක්තරා විටෙක භාවනාවක් මෙන් ද තවත් විටෙක දුෂ්කර ක්‍රියාවක් මෙන්ද දැනෙනවා... නමුත් තනිව ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් ජීවිත ගමන ඉදිරියට ...
ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට... සිත් විය කප් අග හිරු පායන තුරු... චේජනාගේ පිටුව (Chejana's web page) ඔහු හමුවන දින වනවිට බොහෝ යුවතියන් මෙන්ම මා ද යෞවන ප්‍රේමය අත්විඳ තිබිණ.ප්‍රේමය යයි මා සිතූ මා පැතූ සියල්ල ප්‍රේමය නොවන බව ඉතා වේදනාත්මක අත්දැකීම්වලින් වටහා ගෙන සිටි නමුත් ඒවා වේදනාත්මක අත්දැකීම් මිස ජීවිතයට සහකරුවකු උවමනා නොවන බව සිතීමට තරම් ඒවා මසිත රිදවා, මා බිඳවා දැමූයේ නැත.නමුත්, මට ඔහුව මුලින්ම මුණගැහුණේ ඉතාම සාම්ප්‍රදායික ලෙසින් මංගල යෝජනාවක් සමගිනි. අඳුරුපැහැ සමක් හා ...
කෙලෙස අදහා ගනිම්දෝ දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන්...... දේවතා එළියෙන්...... චේජනාගේ පිටුව (Chejana's web page) ගොඩාක් කාලෙකින් ආපහු... තනිකම විසින් ආයෙම චේජනාගේ පිටුව ළඟට ගෙනත්...මෑත කාලයේ මා දුටු අපූරු ගී පද රචකයෙක් විසින් රචනා කළ ගීයක්.. ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි..මට කියන්න තියෙන හැම දෙයක්ම ගී පදවලින් කියවෙන ගීයක් නිසාවෙන් ම චේජනාගේ පිටුවේ ගීතය සටහන් වෙනවා...දිසාපාමොක් ඇදුරුතුමනේ...තක්සලාවෙන් යන්න අවසර...හොඳම සිසුවිය නොවී මගහැරරැගෙන යන්නම් කුමරි බඹසරපුරා සූසැට කලා අබරණ රන් පදක්කම් දිනා ගෙල පළඳන් උපාධියෙ කළු කබායෙන් කෙසේ ...
මෙහෙයවන සෙනෙහස... චේජනාගේ පිටුව (Chejana's web page) අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් කියවා දැන ගැනීමට සිදුවන අවස්ථාවක මම කියවා සොයාගත් තොරතුරු ටිකක් මේ. සිදුවීම මසිත කම්පනය කළ නිසාත්, තොරතුරු කාට හෝ ප්‍රයෝජනවත් විය හැකි නිසාත් පුද්ගල අනන්‍යතාව සඟවමින් කතාව මෙහි ලියවෙනවා...ඒ කතාව අනුව ඇය සතු ඉතාම ආදරණීය පෙම්වතෙක් සිටිනවා... ඇය ...
අමදින්නී... චේජනාගේ පිටුව (Chejana's web page) නුපුරුදු පරිසරයෙ නුපුරුදු මිනිස්සු අතරෙ නුපුරුදු ගැහැණියක් විදියට ඈ මට මුණ ගැහුනෙ....ඇගේ රූපය මට මතක් කළේ සුරංගනා කතාවල නපුරු මන්තරකාරිව...මූණෙ රැවුල වැවුණු ගෑණු නපුරුයිළු...මූසලයිළු...ඕව මම පුංචිකාලෙ ලොකු මිනිස්සු කියනව ඇහුණ කතා...ඈ මුල්ම දවසෙ දැක්කම මට ඒ කතා මතක් වුණා...------------------------------------------ මූණ බැලුවට ඈ මාත් එක්ක හිනාවුණේ නෑ...ඒත් මම ඇරුණු ජනෙල් පියනෙන් දිගටෝම ඈ දිහා බලාන හිටියා... මිදුල් කෑල්ල අතුපතු ගාල ඉවරයි... ...
After he became my life partner... චේජනාගේ පිටුව (Chejana's web page) ජනවාරි මාසෙ පළමුවෙනිදා... කාලයක් තිස්සෙ නිහඬව තිබුන වියුණු සටහන් ආයෙමත් ලියන්න මට හිතිලා...මෙච්චර දිග කාලයක් වියුණු සටහන් නිහඬ වුණේ හිත ගොළු වුණ නිසා... ප්‍රේමය දෙතොල් අගුළු දාන හැඟීමක් වෙලා නෑ කිසිම දවසක මගෙ හිතේ... මගේ වුණත් අනුන්ගෙ වුණත් ආදර හැඟුම්, අත්දැකීම් හැමදාමත් මගේ හිත ඇතුළෙ කවි වෙලා ලියවුණා... ඒත් මල්ඵල දරපු ආදරය විවාහයක් වෙලා පෙම්වතා මට සදහටම අයිති වුණාම, ආදර ...
මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද එදා මගේ හිත පිරිමැදපූ... චේජනාගේ පිටුව (Chejana's web page) නිල් අහස පුරාවට තරු ඉහිරෙද්දිරහස් කතා කර සිනාසුනුගගන එකළු කර සඳ පායද්දීසඳ සෙවණැල්ලට මුවාවුණුනුඹ කතා නොකර ඉන්නා එක දවසටකල්ප කාලයක් සේ දැනුනුමේ එදා තුරුළු වී අනන්තයට ගියරාත්රියද සිහිනය රැඳුනූඑක නිමේෂයක දිලි දිලී මැකී යනරන් රේඛාවක් සේ ඇඳූනුනෙතු පියන් වැසූන එක නිමේෂයකසිත ගෑ අඳුනක් සේ මට දැනුනුගල කෙටූ ලෙසින් මා හදේ නිදන් කරසදා රකින්නට හිත රැඳුනුමේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයදඑදා මගේ ...
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනා… චේජනාගේ පිටුව (Chejana's web page) විහඟ ගීයේ තනුව ඔබ සෙනෙහේ... හමන පවනේ රිද්මයත් සෙනෙහේ... සරා සඳ රැස් සිහිල කීවෙත් මිහිරි බව සෙනෙහේ.. දිලෙන තරු කැට මුමුණනා වදනේ.. දැවටුනා ලූ රහස අප සෙනෙහේ... පුළුන් වළාසළු දැවටිලා ගුවනේ.. මිමිනු වදනෙත් රැඳුනි ඔබ සෙනෙහේ... මල් කැකුළු සමනළුන්ට ද කී... රහස ඒකළු අපට හොර රහසේ... ඉරිතැලුන කෙම් බිමට පොද වැස්ස වී වැටුණ නුඹෙ නමට පණ පෙවුණු ස්නේහයේ සොඳුරු ...
මායාවේ ගැලෙන මිනිසා... චේජනාගේ පිටුව (Chejana's web page) දෑසින් දකින ලෝකය මනසින් අර්ථ දක්වන්නෙකි මිනිසා... මිහිතලය මත ජීවත් වන වඩාත් බුද්ධිමත්ම සත්වයා ද මිහිතලයේ එකම හිමිකරු ද ලෙස ඔහු තමා අර්ථ දක්වා ගත්තෙකි.... මිහිතලයෙන් එපිට ද දකින්නට දැල්වූ අපේක්ෂාවන්ගෙන් ඔද වැඩුනු ඔහු, සිය මසැස ඒ සඳහා ප්‍රමාණවත් පරිදි පරිණාමය නොවන කල, සිය මසැස ද මනස ද සිරුරෙන් පරිබාහිර පරිණාමයකට ලක් කරමින් දුරේක්ෂ හා පරිගණක නිපදවමින් ඒ හරහා.... ...
එතකොට අහස අයිති...? චේජනාගේ පිටුව (Chejana's web page) සුදු වළාකුළු ලස්සන වුණාටවැස්ස අයිති කළු වළාකුළුවලට...එතකොට අහස අයිති...? සුදු වළාකුළුවලට ද... කළු වළාකුළුවලටද.../