එකම පක්ෂයක නොවෙනස් වූ ජනාධිපතිවරණ පොරොන්දුව චරිත්ගෙ සිතුවිලි "විධායක ජනාධිපතිවරණ ක්‍රමය අහෝසි කළ යුතුයි."1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව. 1988 දී සිරිමාවෝ බණ්ඩාරණායක.1994 දී චන්ද්‍රිකා කුමාරතුංග.1999 දී චන්ද්‍රිකා කුමාරතුංග.2005 දී මහින්ද රාජපක්ෂ.2010 දී මහින්ද රාජපක්ෂ. ...
සිංහල කතා කරන දෙමළ චරිත චරිත්ගෙ සිතුවිලි චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක දෙමළ පුද්ගලයකුගේ චරිතයක් තියෙන කොට ඒ චරිතය රඟපාන කෙනා බොහෝ වෙලාවට කතා කරන්නෙ දෙමළෙන් බව අපි දැකල තියෙනව. අද එක්තරා ගුවන් විදුලි නාලිකාවක ප්‍රචාරය වෙච්ච දෙමළ චරිත රැගත් කතාවකත් ඔවුන් භාවිතා කළේ සිංහල භාෂාව. ඒ වගේම දැන් තිරගත වන "ඉර හඳ යට" චිත්‍රපටියෙත් ත්‍රස්තාදී නායකයකු වන පෝල් මාස්ටරුත් එක් අවස්ථාවකදී සිංහලෙන් කතා කරනව. කිසිම දිනෙක සිංහල කතා ...
පුංචි කාලෙ අහපු, බලපු සින්දු - 1 චරිත්ගෙ සිතුවිලි අද මම ලියන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් අහපු, බලපු සින්දු කීපයක් පිළිබඳව. මේ බොහොමයක් සින්දු මට වයස අවුරුදු 5ක් වෙන්න කලින් අහපු ඒවයි. ඒ නිසා ඒ ගොඩක් සින්දු වලට එදා වගේම තාමත් මම ආසයි."මොනවද මුත්තේ" කියන සින්දුව තමයි මට මතක පරණම සින්දුව. මේක ගායනා කරන්නෙ රෝහණ වීරසිංහ මහත්මයත් එක්ක තවත් ළමා ගායකයෙක්. ළමා ගායකයාගෙ නම නම් මම දන්නෙ ...
රංගොජා එන විට පාර කාපට් වීම චරිත්ගෙ සිතුවිලි පාණදුරේ තියෙන රත්තරන් කොතක් තියෙන පන්සලකට අවුරුදු 200ක් වුනයි කියල ඒකෙ තුන්මහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තියන්න රංගොජා වහන්සේ ඔක්තෝම්බර් මාසෙ දහවෙනිද පාණදුරේට එනවලු. ඉතින් ඒ නිසා මේ මහ වැහි අස්සෙ පන්සලට යන පාරත් අවහිර කරගෙන කාපට් කරනවලු.ඊයෙ පටන් ගත්ත කාපට් කිරිල්ලත් වැස්ස නිසා අතරමග නවත්තන්න වුනාලු. අදත් පාරෙ ටික දුරක් කාපට් කරනවලු. වහින වෙලාවට කාපට් කරන ටිකත් හේදී ගෙන යනවලු.පන්සලේ නායක ...
චිරන් ජයතු දයාවංශ ජයකොඩි මහත්මයාණෙනි චරිත්ගෙ සිතුවිලි මේ සැප්තැම්බර් මාසෙ මට වගේම තවත් ගොඩක් අයටත් විශේෂ වෙන්නෙ සාහිත්‍ය මාසය යෙදිල තියෙන හින්ද. ඉතින් හැමෝම බලන්නෙ පුළුවන් තරම් අඩු මුදලකට වැඩි වටිනාකමක් තියෙන පොත් මිලදී ගන්නනෙ. මේ පාර වැඩිම වාසියක් පාඨකයාට ලබා දීපු පොත් ප්‍රකාශකයා විදිහට මට හිතෙන්නෙ "දයාවංශ ජයකොඩි" මහත්මයායි. ඒ මහත්මයා මේ පාර සතියක් පුරාවටම පොත් දහයක් රුපියල් දහසක මුදලට මිලදී ගන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ ...
පුංචි කාලෙ බලපු කාටූන් චරිත්ගෙ සිතුවිලි පල්ලෙහා දාල තියෙන්නෙ මම පුංචි කාලෙ ආසාවෙන් බලපු කාටුන් කීපයක්. "දොස්තර හොඳ හිත", "පිස්සු පූසා", "හා හා හරි හාවා", "ගලිවරයන්ගේ සුවිසැරිය" වගේ මම තවමත් ප්‍රිය කරන කාටූන් කීපයක වීඩියෝ කීපයක්. මේවා බලද්දි ආපහු පුංචි කාලෙට යන්න හිතෙනව.මේවයින් දැන් ඉදල හිටල හරි පෙන්නන්නෙ "පිස්සු පූස" විතරයි. ඒකත් දැන් ගොඩක් කාලෙකින් පෙන්නුවෙ නෑ. දැන් ඉන්න ළමයින්ට මේ වගේ කාටූන් එකක් රස විදින්නත් ...