රස්සාව චරිත්ගෙ සිතුවිලි topjobs වල කරක් ගහල vacancies ගොඩකට apply කළා.එයින් එකක interview ගිහින් අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තා.Training එකටත් ගියා.Production එකට ගිහින් දවස් තුනකින් නොදන්වාම නිවාඩු 2ක් ගත්තා.ආපහු රස්සාවට යන්නද? එපාද? නැත්නම් දැනටමත් මාව රස්සාවෙන් අයින් කරල ඇද්ද?පළවෙනි රස්සාවෙ මේ වගේ අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දීල යන්න. ...
Bombay Meri Hai චරිත්ගෙ සිතුවිලි නීල් විජේරත්නගෙ "කේරළ නළඟන" පොත කියවන කොට මතක් වෙච්ච සිංදුවක් තමා මේ දාලා තියෙන්නෙ.මේ ගීතය මුලින්ම පටිගත කරල තියෙන්නෙ 1696 වසරේදී. ගීතය මුලින්ම ගායනා කරල තියෙන්නෙ ඌශා උතුප් විසින්. සංගීතය සපයල තියෙන්නෙ මීනා කාවා විසින්. ද්විභාෂික පදමාලාව රචනා කරල තියෙන්නෙ නජු කාවා විසින්.VerseCome from England, come from Scotland, come from IrelandCome from Holland, come from Poland, come from any land,If ...
ඔයා මාරයි සුනේත්‍රා!!! චරිත්ගෙ සිතුවිලි සුනේත්‍රා, ඔයා මේ පාරත් කොහොම හරි අර ස්වර්ණ පුස්තක කියන සම්මානෙ ගන්න කොහොම හරි ඔයාගෙ පොතක් රිංගවා ගත්ත නේද? කොහොම හරි ගිය අවුරුද්දෙ "බුද්ධදාසිට" ලැබුනෙ රුපියල් පනස්දාහක් විතරක් හින්ද මේ පාර "කවි කඳුර" රිංගවා ගත්ත නේද?කාටවත්ම කියවන්න බැරි "පොදු පුරුෂයා" පොතෙන් එක පාරම රුපියල් පන් ලක්ෂ පනස්දාහක් හොයා ගත්තු ඔයා දැන් හැමදාම ස්වර්ණ පුස්තකේ අන්තිම පොත් පහට තේරෙන්නෙ කොහොමද කියන ...
The Ashok Ferrey Show චරිත්ගෙ සිතුවිලි "The Ashok Ferrey Show" කියන්නෙ අශෝක් ෆෙරී කියන ලේඛකයා විසින් ඉදිරිපත් කරනු ලබන ඉංග්‍රීසි සාහිත්‍ය, කලාව, ගීත ආදිය පිළිබඳව ඉදිරිපත් කරනු ලබන වැඩසටහනක්. සාමාන්‍ය සිංහල සාහිත්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකටත්, මැදිරියක රූපගත නොකර වෙනස් පසුබිම් තල වල ඉඳල රූපගත කරල තිබෙන නිසා කම්මැලිකමක් නැතිවත් බලා සිටිය හැකි වැඩසටහනක්.අශෝක් ෆෙරී කියන්නෙ සිංහල පොත් පත් කියවන්නන් අතර නම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ...
Put A Chat With auntie netta චරිත්ගෙ සිතුවිලි "Put A Chat With auntie netta" කියන්නෙ ETV රූපවාහිනී සේවයේ විකාශය වන නිම්මි හරස්ගම විසින් ඉදිරිපත් කරන විනෝදාතමක සම්මුඛ සාකච්ඡා වැඩසටහනක්. ගොඩක් අයට මේක ඇල්ලුවෙ නැති වුනත් මට නම් මේ වැඩසටහන ගොඩක් සිංහල වැඩසටහන් වලට වඩා හොඳයි. හරසාර, බරසාර වචන යොදා ගන්නෙ නැතුව කරන මේ වැඩසටහන සිංහල වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ටද බලල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. හැබැයි මේ වගේ එකක් සිංහලෙන් ...
රෝස කටු - බෞද්ධ නවකතා ලියූ ලේඛයකුගේ ජීවිත කතාව චරිත්ගෙ සිතුවිලි ජයසේන ජයකොඩි කියන්නෙ බෞද්ධ ධර්මයෙහි ඇතුළත් කරුණු මුල් කරගෙන නවකතාකරණයෙහි යෙදිච්ච ලේඛකයෙක්. බුදුන් වහන්සේගේ ජීවිත කතාව "අමාවැස්ස" හා "ගෝතම ගීතය" යන පොත් දෙකෙහි එතුමා ඉතා අලංකාරව නවකතාවකට ගැළපෙන අයුරින් සකස් කර තිබෙනවා.ඒ වගේම තමයි එතුමා විසින් ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් පිච්චමල නවකතා මාලව. එහි නවකතා පොත් 8ක් ඇතුළත් වෙනවා. මෙම රාහුල තෙරුන් ජීවත් වූ ප්‍රදේශය ලෙසට යොදා ගෙන තිබෙන්නෙත් එතුමාගේ ...
කියවන්න පොත් 8ක් චරිත්ගෙ සිතුවිලි සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් ...
කතා දෙකක් චරිත්ගෙ සිතුවිලි මේ කියන්න යන්නෙ ඊයෙ දවසෙ මට දකින්න ලැබිච්ච සිද්ධි දෙකක්. කතා දෙකක් කිව්වට මේ සිද්ධි දෙකේ රසවත් දෙයක් ඇත්තෙම නැති තරම්.පළවෙනි සිද්ධිය වුනේ පානදුරෙන් පටන් අරන් මරදාන බලා යන "මුතු කුමාරි" දුම්රියේදී. (දැන් අහන්න එපා හලාවතින් පටන් ගන්න "මුතු කුමාරි" කෝච්චිය පානදුරෙන් පටන් ගන්නෙ කොහොමද කියල. පානදුරේ පැත්තෙන් කෝච්චියෙ යන අය "මුතු කුමාරි" ගැන දන්නව ඇති කියල හිතනව.)උදේ 9.35ට පානදුරෙන් "මුතු ...
දේව පාමුල චරිත්ගෙ සිතුවිලි ඔබටත් වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කර ගත නොහැකි රෝගයක් වැළඳී තිබෙනවාද?පිළිකා, ඇස් නොපෙනීම, කන් නොඇසීම, ගොළු බව, කොර වීම වැනි රෝගාබාධයන් තිබෙනවාද?මෙන්න එහෙනම් එම රෝගාබාධයන් සුව කර ගැනීමට හැකි එකම මග.අද දින (මාර්තු 13) සවස 5ට පමණ ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන "දේව පාමුල" යාඥාවට සහභාගි වන්න. ඔබට ඇති සියළුම කායික, මානසික දුර්වලතා මග හරවා ගත හැක.හැබැයි බැරිවෙලාවත් ඔබේ ආත්මය ශුද්ධාත්මයාණන් ...
මගේ ක්‍රිකට් මතකයෙන් බිඳක් - 2 || එදා මෙදා තුර හොඳම සිංහල ක්‍රිකට් ගීතය චරිත්ගෙ සිතුවිලි මේ දවස්වල ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ මොරාල් එක නග්ගන්න එක එක සිංදු රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය වෙනවා. ඇත්තටම ඒ එක සිංදුවක්වත් මිනිසුන් අතර ජනප්‍රිය නැහැ. ජනප්‍රිය කියන එකෙන් මම අදහස් කළේ මිනිස්සුන්ට ඒ එක ගීතයක්වත් කටපාඩම් හිටින්නෙ නැති නිසයි.ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වුනු 1982 කාලයේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ඒ වෙනුවෙන් නිකුත් කළ "Test Cricket Souvenir" නම් ඇල්බමයේ ...
ভাল সম্পন্ন বাংলাদেশ || Well done Bangladesh චරිත්ගෙ සිතුවිලි මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නෙ බංග්ලාදේශය අද ක්‍රිකට් මැච් එකෙන් දිනුව ප්‍රීතිය නිසා. කාලයක් බංග්ලාදේශයෙ හිටපු කෙනෙක් විදිහට ඔවුන්ගෙ ජයග්‍රණයට සුභ පතන්නයි මේ පුංචි සටහන තිබ්බෙ.ඉතිරි මැච් ටිකත් කොහොම හරි අද වගේ දිනාගෙන අවසන් තරගයට ශ්‍රී ලංකාවත් සමග සහභාගි වෙන්න ලැබේවායි කියල බංග්ලාදේශ ක්‍රිකට් පිළට මුළු හදවතින්ම සුභ පතනව.ভাল সম্পন্ন বাংলাদেশ। আল্লাহ কি আশীর্বাদ করতে পারে(මේ තියෙන්නෙ මීට කලින් බංග්ලාදේශ ක්‍රිකට් ...
මගේ ක්‍රිකට් මතකයෙන් බිඳක් - 1 චරිත්ගෙ සිතුවිලි මම මුලින්ම ක්‍රිකට් බලන්න ඇබ්බැහි වුනේ 1996 ලෝක කුසලාන තරගාවලියත් එක්කයි. ඊට පස්සෙ 2003 විතර වෙනකම්ම වගේ මේ ඇබ්බැහි වීම මට තිබුණා. දැන් නම් ඒක අඩු වුනත් ආපහු ක්‍රිකට් උණ වැළඳිලයි තියෙන්නෙ.මුලින්ම ක්‍රිකට් මතකයෙන් බිඳක් යටතේ මම කියන්න යන්නෙ 1996ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මතකයන් ගැන.මට මතක විදිහට 96 ලෝක කුසලානෙ ලංකාව ගහපු පළමුවැනි මැච් එක ගැහුවෙ සිම්බාබ්වේ ටීම් එකත් ...
බතුයි, සම්බෝලයි, මාළුයි චරිත්ගෙ සිතුවිලි නිකන් දුන්නත්මාළු කෑල්ලක් කන්නෙනැති මම,අදතනියෙන්ම උයාගෙනපරා මාළුත් එක්කසම්බෝලයි බතුයිකෑවෙමිපිංතූරෙ ගත්තෙ මෙතනින්.
ඔබත් සුරතල් මසුන් ඇති කරනවාද? එසේ නම් සුදු තිත් රෝගය (White spot disease) ගැන දැනුවත් වන්න. චරිත්ගෙ සිතුවිලි මගේ එක විනෝදාංශයක් තමයි විවිධ වර්ගයේ සුරතල් මසුන් ඇති කිරීම. විවිධ වර්ගයේ කිව්වට වැඩිපුර ඇති කරල තියෙන්නෙ කාර්ෆ් හා ගෝල්ඩ් ෆිශ් මසුන් වර්ග තමයි. ඒ ඇරෙන්න විවිධ ගුරාමි වර්ගත්, ගප්පි වර්ගත් ඇති කරල තියෙනව. එකම එක වතාවක් ඔස්කා මසුන් ජෝඩුවකුත් ඇති කළා. මාළු ලොකු වුනාට පස්සෙ ආපහු ගත්තු තැනටම විකුණල දැම්මා.මේ කොයි මාළු ඇති කළත්, මාළුන්ට බහුලව ඇති වන රෝගයක් ...
ටියුෂන් හා ටියුෂන් ගුරුවරු හා රාජකීය විද්‍යාලයේ ගුරුවරු චරිත්ගෙ සිතුවිලි 2011 ජනවාරි පළවැනිදාම 2013 අවුරුද්දෙ උසස් පෙළ කරන අයට ටියුෂන් පන්ති පටන් අරන් තියෙනව. මේ ලියන්නෙ මගේ ටියුෂන් අත්දැකීම් කීපයක්.මුලින්ම මම උසස් පෙළ ටියුෂන් පන්තියකට කියල ගියෙ ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ රසායන විද්‍යාව පන්තියට. පන්ති ගියෙ පාණදුරේ අබාන්ස් එක ගාව තිබ්බ New Academy එකට. මේක group class එකක්. ඒ කාලෙ නම් රුපියල් පන්සීයක් ගත්තා. දැන් නම් කීයක් ගන්නවද දන්නෙ නෑ. A/L ...
එකම ගීතය භාෂා තුනකින් ("මගෙ සුදු මාමේ", "Chinna Maamiye", "My Fair Uncle") චරිත්ගෙ සිතුවිලි පහත දක්වල තියෙන්නෙ සී.ටී. ෆර්නෑන්ඩු ගායනා කරන "මගෙ සුදු මාමේ" කියන ගීතය භාෂා තුනකින් ගායනා කරල තියෙන ආකාරයයි. මේකෙ ඉංග්‍රීසි ගීතය යම් තරමක් සිංහල අය අතර ජනප්‍රිය වුවත් දෙමළ ගීතය නම් ගොඩක් අය අහල නැතුව ඇති. සිංහල අය අතර මේ දෙමළ ගීතය ජනප්‍රිය නැති වුවත් දෙමළ ගුවන් විදුලි නාලිකාවලින් නම් සමහර වෙලාවට මේ ගීතය ප්‍රචාරය වෙනව අහන්න පුළුවන්."මගෙ සුදු මාමේ" ...
"සරා" සහ "සුබා" චරිත්ගෙ සිතුවිලි මේ දවස්වල තිරගත වන චිත්‍රපට දෙකක් තමයි "සරා" සහ "සුබා". එම චිත්‍රපටි දෙකේ කතාවත් මේ දෙක අතරෙ තියෙන වෙනස්කම් ගැනත් තමයි මේ කියන්න යන්නෙ.මුලින්ම "සරා" ගැන කියල ඉන්නම්. මේක "දෙරණ" රූපවාහිනී නාලිකාවේ ගිය "සරා" ටෙලිනාට්‍යය short & sweet කරල හදපු චිත්‍රපටියක්. කතාවෙ සාරාංශ මේකයි. සරා කියන්නෙ නාගරික මන්ත්‍රීවරියක්. ඇය ජීවත් වෙන්නෙ අඩු ආදායම් ලාභීන් ජීවත් වෙන ප්‍රදේශයක. සරා ජීවත් වෙන ...
Mega Star හි මෙගා ගුටි කෙළිය චරිත්ගෙ සිතුවිලි ඊයෙ පැවත්වෙච්ච ස්වර්ණවාහිණියෙ මෙගා ස්ටාර් තරගයෙ අවසන් ප්‍රතිඵලය අද අළුයම 12.30 ට විතර කමල් අද්දරාරච්චි විසින් ප්‍රකාශ කරනු ලැබුව. මෙගාර් ස්ටාර් වුනේ අජිත් වීරසිංහ. දෙවනිය වුනේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.ඉතින් තරග ප්‍රතිඵල කියල ඉවර වුනාම තැගි දෙන්න සෝමා එදිරිසිංහයි, ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක බුද්ධිකයි වේදිකාවට ආව. දයාසිරිටත් තරගයේ දෙවෙනියට හිමි තෑගි ලබා දුන්නා.ඒත් තරගයෙන් දිනුව අජිත්ට තෑගි දෙන්න කලින් වේදිකාව උඩ රණ්ඩුවක් ...
විශේෂඥයන්ගේ අනාවැකි || Expert opinions චරිත්ගෙ සිතුවිලි "මං හිතන්නෙ නෑ කිසි කෙනෙකුට ඕන වෙයි කියලා ගෙදර පරිඝනකයක් තියා ගන්න." විඩිටල් ඉක්විප්මන්ට් සමාගමේ සභාපති කේන් ඔල්සන් 1977 දී. "පරමාණුවෙහි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසා කිසි දිනෙක සමත් නොවනු ඇත."භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් රොබට් මිලිකෑන් 1923 දී. "අනාගතයේදී පරිඝනකය ටොන් එකහමාරකට වඩා බරින් වැඩි නොවනු ඇත." විද්‍යාවේ අනාගත වර්ධනයන් පිළිබඳ අනාවැකි පළ කරමින් Popular Mechanism සඟරාව 1944 දී."ගුවන් යානා ...