කවි මඩුවට ගියා කිරිපුතාගෙ විත්ති අවුරුදු 4කට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ජීවිතේ ගොඩක් වෙනස්වුණා මේ කාලෙ ඇතුලත. එදා වගේ දැන් ගොඩක් බ්ලොග් ලියවෙන්නෙ නෑ වගේ.මේ බ්ලොග් අවකාශෙ සමහර මතකයන් තාමත් සුන්දරයි.ඉස්සර කවි ලියපුවා ආයෙම මතක්වෙලා මූණු පොතේ පොඩි වැඩක් පටන් ගත්තා. කවි මඩුව කියලා පිටුවක්. පුලුවන් වෙලාවට කවියක් ලියාගෙන ඉන්නවා.ඒ පැත්තෙ ඇවිත් බලන්න.කවියට හුරුයි තාමත් ඒ වාගේමලියවෙයි කවිය බුකියේ පිටු අතරේමමතකයි බොලොග් අවකාසේ හමුවීමඉන්නේ ...
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය ) කිරිපුතාගෙ විත්ති කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද 81718කින් දිනන්නෙ.මහින්ද - 614,740 (52.93%)සරත් - 533,022 (45.9%)සමස්ථ චන්ද දායකයන්ගෙන් 77%ක ප්‍රමාණයක් ගියවර චන්දෙ ප්‍රකාශ කරල තියෙනවා. මෙවරත් ඊට ආසන්න අගයකින් චන්දය භාවිතාවෙයි. මැතිවරණ කොට්ටාශ ක් අතරින් මහින්ද මහතා 9ක් සහ ෆොන්සේකා ...
බඩට එක්සයිස්.......... කිරිපුතාගෙ විත්ති බඩ.......කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට තියාගන්නත් බැරිකමක් නෑ. ගොඩක්ම තෙල් අධික ආහාර තමයි ...
තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල.... කිරිපුතාගෙ විත්ති කිරිකට් මාමලා නම් හරි අපූරුයගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේයතෝරන උන්ට දැන් නම් අමු කැවිලායමේක අපට තේරෙන්නැති රහසක්යදන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතීපැරශුට් වලින් හැමදම ඇතුලට පනිතීඅතපත ගගා බිංදුවටම දැවී යතීඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතීඒ කණ්ඩායමට සිටියා එක්වීලාබිංදුවටම යනවා මුලදිම දැවිලාඑලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලාජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලාඑස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේඋතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේවැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ ...
අම්මව ගස් බැඳපු උක්කුණා..... කිරිපුතාගෙ විත්ති "ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් ...
අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය කිරිපුතාගෙ විත්ති අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්.අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය ගැන කලින් ලියල තිබ්බ එකක් මේ. ලිපිය පල කරන්න නම් පොඩ්ඩක් පරක්කුයි වගේ.චෙන්නායි සුපර් කින්ග්ස්රන්දිව් සමගින් කුලයයි ආවේඉඳහිට මැච්වල සෙල්ලම් කෙරුවේඅන්තිමේදි බං කවුරුද දිනුවේකවුරු නොදින්නත් දෝනිලු දිනුවේඩෙකෑන් චාජර්ස්අන්න ...
සුදු නංගි සහ මනෝපාර කිරිපුතාගෙ විත්ති ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයිඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයිදුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයිමගෙන් වහන්වී ...
මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 ) කිරිපුතාගෙ විත්ති පලමු කොටසට.......එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ.දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ මොකාද කියලා බලාගන්න ඕනෙ හින්දමයි.ඇය දැකපු දෙයින් තරමක තිගැස්මකට පත්වුනා."මේ රෑ ගෑණියෙක් මොකද අපේ මිදුලෙ කරන්නෙ. එතකොට මුන්දැද දොරට තට්ටු කරේ" කුසුමට එහෙම හිතුනා."කවුද........" මේ පාර කුසුමා ටිකක් සද්දෙට ...
මිනීවාහිනිය කිරිපුතාගෙ විත්ති මලකුණු වල රස බුදිමින් සැනසෙන්නමහතුනි නුඹලාට හැකිවෙද විමසන්නඅනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්නමිනීවාහිනිය බැහැ නොවැ නරඹන්නකඳුලත් සැපක් විදියට අදහා ගත්තදුක විකුණලා මඩි තව තද කරගත්තසිනහව නගා එය පෙන්වා නම ගත්තමහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්තපෙන්වන්නට මලකුණු විතරද ඇත්තේවෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේරඟපාලා ඒවා පෙන්වති පැත්තේඑලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේඅසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්දසියදිවි නසා ගන්නා එක සැපයක්දඅනතුරු බහුල වනවිට සිත් සැනසේදජීවිතයක ...
කසිප්පු ප්‍රමෝෂන් කිරිපුතාගෙ විත්ති නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.කියුවත් එක එක කතාබිව්වත් රසටම ඉතාසිරිදාසගෙ සුදූ තමයිගමේ උන්නු හිතවතාඅවමගුලට ...
බොසා සහ බ්ලොග් එක කිරිපුතාගෙ විත්ති බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි ...
කාටත් හොරෙන් යන්නම ගිය සොඳුරු හිතවතා.... කිරිපුතාගෙ විත්ති අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි පන්තිය උපහාරයක්ම වේවා.......!අපගේ දෑස් කඳුලෙන් පුරවලා තියාඔබා මාම අද සමුගෙන යන්න ගියාසුන්දර මිනිසෙකුව සතුටින් සිටිය එයාවෙනුවෙන් ලියමි දුක්බර සෝ සුසුම් තියාසැලකුවෙ අපට ඔහුගෙම දරුවන් ලෙසටසතුටක් එක්කලා ...
වැඩිම වියදමක් දරා ගල් පෙන්නන සුපර් සික්ස්..... කිරිපුතාගෙ විත්ති මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට.කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නාසිනමා රසවතුන්හට උපරිම ෆන් දෙන්නාබොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නාඅපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නාසිංදු වලට විෂුවල් නියමෙට ඇතියබොලිවුඩ් තරමටම තියෙනව එහි ගතියඅන්දල ගත්තොතින් සිටිනා රූමතියපෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතියවියතක් දිගට ඇති සායක් ඉනෙහි ...
පුක කියන්නෙ ඇත්තටම කුණුහරුපයක්ද? කිරිපුතාගෙ විත්ති මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ ...
ගමේ මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන විජේ මාමා.... කිරිපුතාගෙ විත්ති වෙසක් දවසෙ පන්සල් යන ගමන් හඳුන්කූරු පෙට්ටියක් ගන්න විජේ මාමගෙ කඩේට ගොඩ වැදුනා. දැන්නම් උන්නැහේ අලුත් ඇන්ටනාවක් ගෙනල්ලද කොහෙද අයි.ටී.එන්. එක ගැන කිසි කතාවක් නෑ. ඒත් අලුත් කතාවක් ඇදිල ආවෙ නොහිතූ විදිහට. මේක අපේ ගමේ සාමාන්‍යයෙන් කතා කරන්න බය මාතෘකාවක්. මේකට විරුද්ධව කතා කරන්න ඉන්නෙ විජේ මාමා ඇතුලු කීප දෙනෙක් විතරයි. මම කිසි බයක් නැතුව මේක බ්ලොග් එකේ දාන්නෙ අදාල ...
කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය ) කිරිපුතාගෙ විත්ති කුඹුරෙ වැඩට මහන්සි උන නිසාම කුසුමාවතී වේලාසන නින්දට වැටුනා. ඒත් රෑ දෙගොඩහරියෙ ඇහුන මහා සද්දෙට ඈ උඩ ගිහින් ඇහැරුණා. යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඇහුනෙ කන ලඟ ඉඳන් බෙරිහන්දෙනවා වගේ. ඒ මුස්පේන්තු සද්දෙ කුසුමගෙ හිතේ රැව් පිලිරැව් දුන්නා.ඒ වෙනකොට කුසුම ලස්සන හීනයක් දැක දැකයි හිටියෙ. එයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සියදෝරිස් කුසුමට දෙන්න නෙලුම් මල් අහුරක්ම කඩන් එනවා. කුසුමත් සියදෝරිස්ව පිලිගන්න වැව අයිනෙ ...
කම්කරුවෙකුගේ මැයි දින පණිවුඩය..... කිරිපුතාගෙ විත්ති රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණීසොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණීදින සති මාස හීනෙන් වාගේ ගෙවුණීකම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී උදෑසනම මා නිවසෙන් ...
විජේ මාමා අයි.ටී.එන්. බලපු හැටි කිරිපුතාගෙ විත්ති අවුරුදු කාලෙ කාගෙ කාගෙත් කරල පැහෙද්දි ජාතික කොඩිය වෙනුවට සරම එල්ලන්න හදපු විජේ මාමට ලබල තිබුනෙ නරක කාලයක්. මාමගෙ කාලෙ නරක උනාට නැන්දගෙ නම් ඉහේ මලක් පිපිලා තිබුනෙ.විජේ මාමලාගෙ ඇන්ටනාව කැඩිලා. දැන් අහුවෙන්නෙ අයි.ටී. එන් විතරයි. කඩේට එන පක්ශ විපක්ශ හැමෝටම විජේ මාමා මේ අඳෝනාව කියෝනවා. ඉතින් අවුරුදු නිවාඩුවට ගමේ ගිය මටත් විජේ මාමගෙ අඬුවැඩියාව අහන්න ලැබුනා. ඒ අඳෝනාව ඇහුවට ...
නෝටි ඇමෙරිකා......... කිරිපුතාගෙ විත්ති රක්ත දෙකොපුල්සේම දෙනුවන්නුඹේ දැකුමෙන්වේය අඩවන්නාග රජිඳුන්පෙනය පුප්පන්තුඹස ඇතුලේකරයි සක්මන්තිරයෙ ලෙලෙදෙනරුවට රැවටීනාග රජු ලඟසුරත දැවටීශබ්ද නෑසෙනලෙසට අඩුකරපරිගණක සඳදෑස බොඳකරසිතට මිහිරක්ගෙනෙන මොහොතක්නෝටි ඇමරිකදුන්නු වදයක්බොහෝ දැකුමන්සිතක සැනසුම්අහෝ අවසනචීයා නොදකින්මාසෙ අවසන්තවත් බලපන්හෙටම පලයන්බිලත් උස්සන්ඇමරිකන් බඩුවිසික් කරපන්නෝටි එක නම්හොරෙන් බලපන් ...
සයිබර් බක්මහ උලෙල කොහොමද? එලද? කිරිපුතාගෙ විත්ති අද සයිබර් උලෙල සුපිරියි. ආයෙ කියන්න දෙයක් නෑ. ඒකෙ අමාරුව දැනෙන්නෙ දැන් තමයි.සංවිධායක මණ්ඩලේ ඇතුලු සියලුම දෙනාටත් ඒක සාර්ථක කරගන්න දායක වුන සහෝදර සහෝදරියො සියලු දෙනාටමත් ඔන්න සුපුරුදු විදිහට කවියෙන් සුබ පැතුවා. ජයවේවා........!!!දින සති ගෙවී නව දවසක් උදා උනාඅමුතුම ජීවයක් මා ලද බව දැනුනාකුරේ පිටිය වෙත මගෙ පියවර ඇදුනාසයිබර් උලෙල මනරම් බව මට පෙනුනාසයිබර් ලොවේ නම සහ වැඩ දැන ගත්තූඑහි ...