තනිවෙලා... කතා පොත හැම දේම,බෙදා හදාගත්තු...තනිකමට ලඟ උන්නු....ඈ ලඟින් නැති නිසා... මම තනිවෙලා...ජීවිතේම එපා වෙලා..ආත්මෙම තුවාල වෙලා...
ආදරය මෙසේ විය ... කතා පොත ඔහු ;වසර ගණනක් බලා හිඳ,පෙරුම් පුරමින්,සිහින දකිමින්,දවස් ගණනක්,මාස ගණනක්,වෙහෙසිලා වෙහෙසිලා,ඔහුට ඇය හිමිවුණා.......එතැන් සිට :ආදරෙන් තුරුල් වී,පැය ගණන් තුටු සිතින්,බස් දොඩා,පෙම් කලා,ජීවිතේ සුන්දරයි, කිය කියා හිනැහුණා... ඉන්පසුව :අත මුදල් හිඟ වුණා,හමුවීම් මඳවුණා,සිනහ මල් වියැකුනා,ආදරය ලොප් වුණා,ඈ ඔහුව තනිකලා,අවැසිකම් ඉටුවෙනා, වෙන හිතක නැවතුණා....ඔහු : දුක් විඳිමින් තනිවිය..
සිහින විමන කතා පොත අහස් ගැබ තුල තරුත් නලවනපොලෝ තලයම සිසිල් කරවනසොඳුරු සඳරැස් වලින් සැනැහුණමලක් මෙනි ඔබ ලඟදි මා සිතඔබේ සිනහව රසඳුනකි මට සිතේ දුක් ගිනි මිලින කරවනහදවතින් බැඳි සොඳුරු සෙනෙහස හැඟෙනවා ඔය නෙතින් මා හටසතුටු පිරි සිත උදම් කරවන සොඳුරු සිත්තම් වලින් සනහනකවක් මෙනි ඔබ සොඳුරු උතුරන පද වැලකි මුතු වලින් පබැඳුනුසුවඳ කුසුමක් වී ඔබේ ඔය නෙතු තුලම සතැපෙන්න අවසරදෙනවදෝ පවසන්න කුමරිය ...
ඔබ නැතිදා.... කතා පොත හඳ වුණත් තනි වේවීතරු අහසෙ නැති දාට නිල් අහස හිස් වේවීවළාකුළු නැති දාට මුහුදෙ රළ නවතීවීමුහුද තනිවුණ දාට මගේ හදත් නවතීවිඔබ ලඟින් නැති දාට
නූතන ප්‍රේමය කතා පොත නුඹ ලැබෙනතුරුනොයිවසිල්ලෙන් බලා උන්'යුරුතවම මතකයි.. දින ගනන්මා සති ගනන් ඇඟිලි ගනිමින්හීන මැවුවා..ඔබේ හැඩරුව,හුරුබුහුටි බව මාහීනෙනුත් දුටුවා...බලාඋන් ඒ සොඳුරු මොහොත, වසරකට පෙර මා,සොයා ආවා... එතැන් සිට,ඔබ මගේමයි,සදාකල් ඔබ මා ලඟයි..යනෙන හැම තැන,මාත් එක්කයි...හෙවනැල්ල සේ,මගේ ජීවිතේ,දුක සතුට බෙදාගත්,ඔබ සතියකට පෙර අසනීප වූවා... වෙදැදුරා කීවේ,"මෙහෙ බෙහෙත් නෑ,රට යවමු අපි" කියල විතරයි...මගෙ පපුව,මොහොතකට නතරවුණා..... දැන් ඉතින් ඔබ,දුර රටකට පියඹයි, එනතුරා යලි,මම බලං ඉඳිමී...ඔබට ඉක්මන් සුවය පතමී... ...
සහෝදරයෙක් , මිතුරෙක් ..... කතා පොත කැම්පස් ආපු මටදුක හිතුණා නැහැ කියලාමටම ගැලපෙන මිතුරෙක් හමුවුණාම උඹ මටඒ දුක නැතිවුණා මොකද උඹමගේම සහෝදරයෙක් තරංසමීප වෙච්ච නිසා...
ඔය ඇස්...... කතා පොත ලස්සනයි ඔය ඇස්තුරුළු කරගත්තා මගෙ ඇස්කතා කරන ඒ ලස්සන ඇස්ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස් එන්න ලඟට යැයි කියූ ඒ ඇස්මාව වශී කරගත්තා ඔය ඇස් ගොඩාක් හීන මට මවපු ඔය ඇස්හීන ලොවක මා රජ කල ඒ ඇස් දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස් කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස් ...
අහන් ඉන්නකෝ...... කතා පොත එන්නකෝ අහගෙන ඉන්නමම කියන්නම් කතාවක්සිනහව පිරුණු ඉතුරුණු කතාවක් සෙනෙහස දෝර ගලනා කතාවක්ආදරෙන් හිත පිරෙන කතාවක් කියන්නද? කෝ නෑනේ තාමත්එනවද? අහන් ඉන්නේ නැද්ද?එහෙනන් අනේ මට බෑ ඕන්න මම ගියා... ...
අහිමි සෙනෙහසේ PDF එක මෙන්න කතා පොත හුඟාක් අය "අහිමි සෙනෙහස" කියවලා එකේ PDF එකක් ඉල්ලලා තිබුනා.මෙන්න ඒ අයට PDF එක.මේක ලේසියෙන් හදාගන්න හැටි කියලා දුන්නු " පිස්සාට " මගේ ස්තුතිය.එහෙනන් කශ්ටිය මේක බාගෙන කියවලාම බලන්නකෝ!බාගන්න මෙතන කොටන්න නැත්තං මෙතන කොටන්න ...
මගේ ප්‍රථම කෙටි නවකතාව - අහිමි සෙනෙහස - (කොටස් සියල්ල එකම ලිපියකින්) - කතා පොත ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මොහොතින් මොහොත වෙනස්වෙන ජීවිතේ හරියට ගලන ගඟක් වගේ.අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන දුක,සතුට,වේදනාව .... මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.මේ බව අඳුනගත්තු මිනිස්සු ජීවිත කාලයම සතුටින්,මැදහත් සිතින් විඳිනවා.ඒත් ඒ බව නොදන්න තවත් සමහරු, මුළු ජීවිතේම විඳවනවා. ජීවිතේ විඳිමින් උන්නු මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන් පිරිලා තිබුණු මගේ ආත්මය අද ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 07 - කතා පොත සඳුනියි මායි හුම්මානේ වතුරමල ගාවට යන පාර දිගේ හිමීට ඇවිද්දා.දෙන්නගෙම හිත්වල තිබුණේ හිස්බවක්.සඳුනි කතාකළේවත් මා දිහා බැලුවේවත් නෑ.මගේ හිතේ පිරිල තිබුණේ ප්‍රශ්න පත්තරයක්!මොකක්ද අද වෙන්න යන්නේ කියල මගේ හිත මගෙන් කෑ ගහල අහනවා.ඒත් ඒ ප්‍රශ්නෙට මං ගාව උත්තර තිබුණේ නෑ!"කසුන්.." හැමදාමත් අහන්න ආසා කරපු සඳුනිගේ කටහඬ..."කසුන් ඇයි ඔයා මුකුත් කියන්නැත්තේ?" "මොනවා කියන්නද සඳුනි.ඔයා මාව පඹගාලකනේ පැටලුවේ.ඔයාගේ හිතේ තියෙන හැමදේම කියල ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 06 - කතා පොත කලින් ලියපු කොටස් ටික මෙතනින් කියවන්න :අහිමි සෙනෙහස - කඳුළු බිඳු 01 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 02 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 03 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 -අහිමි සෙනෙහස - කඳුළු බිඳු 05 - -------------------------------------------------------------------------------- මටත් මගේම කියලා සහෝදරයෙක්වත් සහෝදරියක්වත් හිටියේ නෑ.ඉතින් ඒ තනිකමට සඳුනි මගේම සහෝදරියක් වෙලා මගේ තනිකම රැක්කා. ඇත්ත ...
ජීවිතේ ජීවත්වෙමු කතා පොත ජීවිතේ....අපි කාටවත් හිතාගන්න බැරි,තේරුම් ගන්න බැරි,අරුම පුදුම ජීවිතේ....වෙලාවකට සොමිබරයි,වෙලාවකට දුක්බරයි.... හුඟාක් අය ජීවිතේ ගැන දන්නෙවත් නෑ,ඔහේ ජීවත් වෙනවා, ජීවත් වෙන්නේ ඇයි,ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලවත් සමහරු දන්නේ නෑ....හැබැයි,අපි හැමෝම ජීවිතේ ජීවත් වෙනවා... සමහරු පරණ මතක තුරුළු කරං ජීවත් වෙනවා...ඒ මතක බොහෝවිට දුක්,කඳුලු පිරුණු මතක.. තවත් සමහරු අතීතේ වෙච්ච රසවත්,ආදරණීය මතක පොදි බැඳගෙන සතුටින් ජීවත් වෙනවා... ඔය අතරේ බොහෝම සුළු දෙනෙක් අද ...
නවකයින්ව පිලිගැනීම... කතා පොත "ALL ARE WELCOME""පිලිගනිමු සාදරයෙන්"එන්න එන්න,ඇතුලටම එන්න, බයවෙන්න එපා,ඔයාලා අපේම නංගිලා මල්ලිලා,නවක සිත් සෙනෙහසින්, සහෝදර ඇල්මෙන් පිරී ඉතිරී යයි... නවකයින් ඇතුලට යයි ආදරණීය senior අයියා කෙනෙකු පැමිණ,ඇතුලට එන සිසුවෙකු නවතයි."මොකක්ද ඉස්කෝලේ?"[කොලඹ පාසලක නම ඇසේ]ඇයි උඹලට සිංහල බැරිද?කියපල්ලා සිංහලෙන්!නැවත පාසලේ නම සිංහලෙන් ඇසේ,ආන්න හරි,එහෙම තමයි,තොපි කොලඹ උනාට කමක් නෑ,සිංහලෙන් කතා කරපල්ලා![ නමුත් සියළු විෂයන් ඉගැන්වීම සිදුවන්නේ ඉංග්‍රීසියෙන් බව කියැවෙයි ] තොගේ ඔලුව ...
මගේ අම්මා , මට ලිව්ව කවිය.... කතා පොත හැමදාම ආදරේ , ජීවිතේ ,දුක , සතුට ගැන ලිව්ව මම , අද ටිකක් වෙනස් දෙයක් ගැන පොඩි සටහනක් තියන්නයි මේ සූදානම.ඒ මගේ ජීවිත කතාවේ සුවිශේෂී සංධිස්ථාන සහ මගේ අම්මා,මං ගැන ලියපු කවියක් ගැන. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු( පියා සහකාර විදුහල්පතිතුමෙක්.දැනට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ සේවය කරනවා : මව සාමාන්‍යපෙළ ගණිත ගුරුවරියක්.දැනට කොට්ටාව ධර්මපාල ම.වි. යේ සේවය කරනවා ). ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 05 - කතා පොත එදා ඒ ගමනෙන් පස්සේ සඳුනියි මායි අතර තිබුණු බැඳීම තව තවත් සමීපවුණා.ඒ විතරක් නෙවෙයි , හැමදාම පංති ඉවරවෙලා ගාළුකොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන ටික වෙලාවක් කතා කරන්නත් අපි දෙන්නා පුරුදුවුණා.සඳුනිටවත් , මටවත් කවදාවත් හිතුණේ නැහැ අපි කරන්නේ වරදක් කියලා.මොකද අපි දෙන්නා අතරේ තිබුණේ අයියා කෙනෙකුයි , නංගි කෙනෙකුයි අතරේ තිබුණු සහෝදර බැඳීමක් මිසක් උමතු ආදරයක් නොවෙනවග මම වගේම එයත් ...
අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 - කතා පොත මොහොතකට නිරුත්තරවුණ මම , සඳුනි අහපු ප්‍රශ්ණෙට හිත පතුලෙන්ම ආපු සැබෑ උත්තරේ හිමීට ඒ අහිංසක ඇස් ඉස්සරහා මෙහෙම ගැලපුවා;"ජීවිතේටම සිදු නොවිච්ච තරම්ම මගේ හිතට සමීප වුණේ ඔයා සඳුනි!!!වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට මෙහෙම සමීපවෙලා නෑ.හීනෙකිංවත් නැහැ.හැබැයි මම ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ නැහැ.මොකද එහෙම දෙයක් ලැබෙනවනම් , ඒක මට ලැබේවි කවදාහරි.ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ.එතනින් එහා ගිය දෙයක් මම ඔයා ගැන ...
මොහොතක මතකය..... කතා පොත ~~~ මොහොතක මතකය ~~~සීතලයි ඔය අත්ල,පුදුම සිනිඳුයි,මොහොතකට වුණත්,හිත නතරවුණා...ඇස් දෙක මාව මඟහැරියත්,හිත ගැස්සුනා කියලා,මට දැනුනා...ඇඟිලි තුඩුවලින් මගේ අත,මිරිකගත්තේ ඒ නිසා නේද?නමවත් දන්නේ නෑ,හමුවුණෙත් මොහොතකට,ඒ වුණත්,දැනගෙන හිටියා වගේ,ආත්ම ගානක්.... මමත් ඔයාගේ,අත්පොඩිය තවත් මිරිකගත්තේ,සිනිඳු ඔය අත්ලේ සීතල,හිතට දැනුනු නිසා,ආත්මයට කා වැදුණු නිසා....ඒ අත්ල,සිපගන්න තිබුණානම්,තුරුළුකරගත්තානම්,සුවපත් වෙන්න තිබුණා,මගේ හිත,තවත් ආත්ම ගානකට.... අහිංසකකම පිරිච්ච,ඔය ඇස්,මං දිහා බැලුවා මතකද?දෙතුන් වතාවයි....ඒත් ඇස්