ලොකේ හතර දිග්බාගෙම ඉන්න හස්බන්ඩ ලා සහ වයිෆරේ ලා ට ප්‍රශ්ණයක් - ඇයි එහෙම වුණේ? : For all husbands (and wives) out there! කතන්දර මාර වැඩේ!මට අමතක වුණා! හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා.මොකක්ද දන්නවාද?අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය.දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා. එදා මං හාමිනේට ඉතා වැදගත් යෝජනාවකුත් කළා වගේ මතකයි, විවාහ සංවත්සරය සැමරීම ගැන.නමුත් අන්තිමේදී මොකද දන්නවාද වුණේ.හදිසියේම සම්මන්ත්‍රණයකට සහභාගීවීම ...
බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop කතන්දර පෙරේදා මං දාපු "පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද?" කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන.බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ හැර වෙනත් විකල්ප විෂයක් තිබුණේ නෑ.හතේ පන්තියේ දී විතර තමයි මට අර ...
පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture කතන්දර කලබල වෙන්න කාරි නෑ!මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි. මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට.දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා.මං දැන් අවුරුදු විස්සකට විතර කලින් නැරඹුවා, රූපවාහිනී චැනල් එකක ගිය හද්දා පරණ ඉංගිරිසි ඩොකියුමෙන්ට්‍රියක්. මේකේ නැරේටර් සුද්දාට භාෂා ...
සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals! කතන්දර විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා! අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු සුසිනිදු "මිනිමම් ෆෝස්" ක්‍රමවේදවලින් ...
ඇති පදං බස් තියෙද්දී කාර් එකේ ගෙදර යෑම - Free and easy travel plan goes crazy! කතන්දර සාමාන්‍යයෙන් කතාවට කියන්නේ "බස්තියං ඇයි පයින් යන්නේ?" කියලනේ. හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්!දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක. මේ කාලේ හාමිනේයි මායි, අපි දෙන්නා, අළුත බැඳපු ජෝඩුව, අර සත්ගුණවත් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ගෙදර කුලියට ගන්න ...
කාන්තාවක් සමග මහ වැස්සේ කුඩයක් යට කිටි-කිටියේ තුරුලූ වී ඇවිද ගියෙමි - Its Spring again! කතන්දර මං දැන් ටික දවසකට කලින් පරණ හින්දි ෆිල්ම් එකක ඩීවීඩි එකක් බැලුවා. මට මතක විදියට ආරාධනා ද කොහෙද නම. රාජේෂ් කන්නා සහ ෂර්මිලා තාගෝර් තමයි රඟපෑවේ.මේකේ අළුත (හොරෙන්) බැඳපු ජෝඩුවක් ඉන්නවා. මිනිහා ඉන්දියන් එයාෆෝස් එකේ පයිලට් කෙනෙක්. පොර ගැණිගෙන් සමු අරගෙන ඩියුටි යනවා. ගියා ගියාමයි ආයේ එන්නේ නෑ!පස්සේ මේ සිංගල් මදර් තමන්ගේ ඒ වෙනකොට කුසේ හිටිය දරුවාව හදා ගන්න කතාව ...
හැපි බර්ත්ඩේ බුදු සාදු! - Happy Birthday Buddha! කතන්දර වෙසක් උත්සවය සමරන්න මං හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා ෆේස් බුකියේ දාලා තිබුණු ස්ටේටස් අප්ඩේට් එක දැක්ක සමහරු ඒ ගැන තරමක අප්‍රසාදය පළ කරලා තිබුණා.අප්‍රසාදය ඒ විදියට තරමකින් නතර වුනේ නං ඉතිං ෆේස් බුකියේ ඉන්නේ පොතේ හැටියට යාළුවෝ නිසාත්, ඒ යාළුවන්ට ඇනෝනිමස් ආතල් ගන්න බැරි නිසාත් වෙන්න පුළුවනි!මගේ උත්තරේ වුනේ මේකයි.ඇයි ඉතිං ඒ හැපි බර්ත්ඩේ බුදු සාදු! සුභ පැතුමේ තියන ...
ලියන අප්පුලා ගේ කතන්දරයක් හෙවත් මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ දේවල් ද? - Writing for fun! කතන්දර මං අතීත-අනතීත පොඩි සිදුවීම් දෙකක් අල්ලලා කතන්දරයක් ලියාගෙන ගියත් ඒක ටිකක් දිග වෙච්ච හින්දා පස්සේ හිතුනා කෙටියෙන් මගේ පොයින්ට් එක විතරක් ලියන්න.මෙන්න අතීත සිද්ධියමේ කතන්දර බ්ලොග් ලියන්න කලින් මං මගේ පාසල් ජීවිතයේ විවිධ සිදුවීම් ගැන කතන්දර කීපයක් ලියලා තිබුණා. සඟරාවක් කරන පොරක් මට ලිපියක් ලියන්න කියලා ආරාධනාවක් කළ වෙලේ මං ඒවායින් දෙක තුනක් දුන්නා. පොරත් ඒවා පළ කළා.නමුත් පොර කියන්නේ ...
ඉතාලියේ දී මා දුටු බංග්ලාදේශ්කාරයෝ - Bangladeshi's in Italy කතන්දර පසුගිය වසරේ මට සතියක පමණ කාලයක් ඉතාලියේ නගර දෙක තුනක සංචාරයක් කරන්නට පොට්ට චාන්ස් එකක් ලැබුණා.මං ඒ කාලේ අහපු දැකපු දේවල් ගැන කතන්දර කීපයක්ම ලිව්වා සමහර විට ඔබ කියවන්නට ඇති. ඒ දවස්වල අමතක වුණු එක කාරණයක් අද අන්සතු දිනපොත බ්ලොගයේ චිතගොන් හි නැව් කැඩීම ගැන තිබුණු ලිපිය කියවද්දී හදිසියේ මතක් වුණු නිසයි මේ ලියන්නේ.අපි ඉතාලියේ රෝමා නගරයේ විවිධ ඓතිහාසික තැන් ...
ගෑණියි මිනිහයි තරහ වුණාම යාළුවෝ එක පැත්තක් ගන්න එක හරි ද? - Till death do them apart! කතන්දර මේ කතන්දරේ (ඇත්තටම කතන්දර කීපයක්ම තියෙනවා මෙතන) සිහියට ආවේ මේ ඊයේ පෙරේදා අර ලංකාව ගලවා ගන්න එනවාය කියන දේවදුතයා වෙන ජේමිස් පැකර් ගොයියා දාවිත් ගින්ජල් කියන හාදයෙක් එක්ක කළාය කියන ගුස්ති පොරය ගැන ආරංචිය කණ වැටුණු වෙලේයි.ජේමිස් සහ දාවිත් දෙන්නා ගජ යාළුවෝ ලු මේ වෙනකල් ම. කොටින්ම මුං දෙන්නාම තමයි මුං දෙන්නා ගේ දෙවෙන මනමාලයෝ විදියට ඉඳලා තියෙන්නේත්.නමුත් දෙන්නා මේ ...
කලකට පස්සෙමි වෙළකට බැස්සෙමි - Long time no see! කතන්දර කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් ...
බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, වලියෙන් වලි සහ වලි පිට වලි! - A baila from Kathandarakaraya කතන්දර කතන්දර 1,000 ක් ලියලා දාලා ඒ මහන්සියේ හති අරින්න මේ අවුරුදු කාලේ පොඩි පහේ නිවාඩුවක් විඳින අතරතුරේ ඔන්න ඔහේ නිකමට වගේ වචන දෙක තුනක් ටයිප් කරන්න හිතුණා.හැබැයි, මේක කතන්දරයක් නම් නොවෙයි, අපේ සිංහල බ්ලොග් ලෝකාර්ධය ගැන පොඩි අදහසක් විතරයි. ඇත්තටම කියනවානම්, මේක සිංහල බ්ලොග් ලෝකාර්ධයේ විටින් විට ඇතිවෙන විවිධාකාර වලි ගැන මගේ අදහසයි.වාද බයිලා සංදර්ශන දැකලා තියෙනවා නේද? කාලෙකට ඉස්සර ...
කතන්දර දහසක් ලියා පළ කළ මහන්සියේ හති රිසි සේ ඇරීමට සතියක නිවාඩුවක් ගන්නෙමි! - Puffing Billy just passed an important milestone! කතන්දර මං මේ කතන්දර බ්ලොග් එක ලියන්න 2009 ජූලි මාසේ පටන් ගත්තේ මුලින්ම කතන්දර දහතුනක් ඩ්‍රාෆ්ට් කරලා ඉවර කරලායි. මගේ ප්ලෑන් එක වුනේ සතියකට එකක් ගානේ කතන්දර පළකරන්නයි. එතකොට මාස තුනකට බ්ලොග් එක රන් වෙනවා අවුලක් නැතුව.නමුත් ප්‍රායෝගිකව ඒ විදියට නොවෙයි වැඩ සිද්ධ වුනේ. ඒ ලියපු කතන්දරත් දැම්මා, අතුරු කතන්දරත් ලියවුණා. අළුතින් ඒවාත් එකතු වුණා. ඒ එක්කම සතියකට එකකට වඩා කතන්දර ...
මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා! - In another 1000 years! කතන්දර මේ කතන්දරය කියනව ඔබ අතරින් කිහිප දෙනෙකු හෝ සිනමා ශාලාවක නොවෙතත් අඩුවශයෙන් මැතිවරණ චන්ද ප්‍රතිපල විකාශනය කෙරෙන දිනක දී වත් "ලොකුම හිනාව" නම් වූ සිනමා පටය නරඹා ඇතැයි මම සිතමි.මා මේ ප්‍රහසනය නරඹා දැන් දිගු කලෙකි. එහි ආ දර්ශණවලින් මගේ මතකයේ රැඳී ඇති කරුණු අතර මිනිසුන් දෙදෙනෙක් පාන් සාදන බේකරියක් ඇතුලේ පාන් පිටි මිශ්‍රණය ඇඟ පුරා ගා ගනිමින් සටන් වැදුණු ...
පුක යන වචනය නිසා, කතන්දර බ්ලොගය විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙන්නට අද හෙට උසාවියට යයි ද? - It is going to be a historical judgement! කතන්දර පුක යනු කුණුහරුපයක් නොවන්නේ ඇයිදැයි පහදමින් මා ලිපියක් ලියා පළ කර වසර තුනක් සපිරෙන්නට තව ඇත්තේ දින දෙකකි.ඊයේ පෙරේදා උසාවියක ද මේ ප්‍රශ්ණයම සාකච්චා වී ඇති බව විවිධ මූලාශ්‍ර මගින් මට දැන ගන්නට ලැබුණි.පුක යනු කුණුහරුපයක් නොවන බව නැවත නැවතත් කියන්නට මට අවශ්‍යතාවයක් නැත.එය එසේම ය.නමුත් මේ සිද්ධියට සම්බන්ධව උසාවියේ දී කියවී ඇති වෙනත් කරුණක් ගැන කිව යුතුය.එනම් පුක යනු ...
පැන්ෂන් පලච්ච සමහරක් වයසක ඩයල්වලට තමන්ට වඩා බාල පරම්පරාව එක්ක ඇති අවුල මොකක්ද? : Grumpy old bigoted men - for no reason! කතන්දර බෙන්ජමින් බට්න් කියන ෆික්ෂනල් කැරැක්ටර් එක හැරුණාම මේ ලෝකේ උපත ලබන සියළු දෙනා, ළමා වියෙන් තරුණ වියට එළැඹිලා, තරුණ වියෙන් වැඩිහිටි වියට එළැඹිලා, ඉන් පස්සේ ටික ටික නාකිවෙන්න පටන් ගන්නවා ය කියන එක අපි හැමෝම දන්නා කාරණයක්.නාකි විසේ ගෙටත් උසේ වගේ කතන්දර හැදිලා තිබුණත් ඉහ නිකට පැහිලා වයසට ගිය කෙනෙක්ය කියන්නේ, ලෝකේ ගැන දැනුම් තෙරුම් ඇති, අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටයි. ඒ ...
බැන්දට පස්සේ අසරණ කොල්ලන්ට වෙන දේවල් - You figure it out! කතන්දර මැරෙන එකත් පණ යන වැඩක් ය කියන කතාව අහලා ඇතිනේ? ඒ වගේම කතාවක් තමයි බඳින එකත් පණ යන වැඩක් ය කියන එක. හැබැයි ඒ කොයි පණ ද කියලා නම් අහන්න එපා!අපේ බැච් එකේ අවුට් වුණාට පස්සේ ඉස්සෙල්ලාම බැන්ද පොරව (අවුට් වෙන්න කලින්ම බැඳපු එකෙකුත් හිටියා!) මට උගේ වෙඩිමෙන් පස්සේ මුණ ගැසුනේ සෑහෙන කාලෙකට පස්සෙයි. ඊලඟට බැඳපු එකාව නම් උගේ හෝම් ...
පැරසිටමෝල් පෙත්තක්වත් නැතුව ඔළුවේ කැක්කුමක් සමතික්‍රමණය කළෙමි! - Man, am I the man, man! කතන්දර හිසරදය, ඉරුවාරුදාව, ඔළුවේ කැක්කුම කියන නම් වලිනුත් සමහර වෙලාවට හැඳින්වෙන ඔය "හෙඩේක්" කියන සංසිද්ධිය තියෙනවා නේද? ඕක අපි මේ ලෝකෙට බිහිවෙලා ජීවත් වෙනවා කියන එක දන්න කියන දවස්වල ඉඳලා අපිට විටින් විට කරදර, කෙනෙහිලි, හිරිහැර කරපු ලෙඩක් නේ. මං හිතන්නේ අපේ ජීවිතවල අවසානය දක්වාමත් හෙඩේක් කියන එව්වා අප අතර හැර නොයන පාටක් තමයි තියෙන්නේ.දවස් දෙකකට හෝ තුනකට පාරක් කතන්දරයක් ලියලා ...
දිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism! කතන්දර ඉස්සර අපි පොඩි කාලේ නව වසරේ පාසල් යන්න අළුත් සපත්තු හෙම ගෙදරින් අරං අපිට දෙනවානම් අපිව කඩේ එක්කං යන අම්මාට තාත්තා කියන්නේ ඩී.අයි. සපත්තු අරන් දෙන්න කියලායි. මොකද හොඳ හම් සපත්තු කල් පවතිනවා ලු!ඒත් අපි නං කැමති බාටා ගන්නයි. ඒ බාටා සපත්තු ගන්න කොට ඒ එක්ක වෛර්ණයෙන් මුද්‍රිත පාසල් කාලසටහනක් නොමිලේම ලැබෙන නිසයි. ඒ කාලසටහනේ "පළමුව බාටා දෙවනුව පාසලට" කියලා ...
දරුදුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝකෙන්ම පජාති දුක! - Parenting - What not to do කතන්දර සාමාන්‍යයෙන් නම් දරුදුක කියන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ ඇති වෙන දුකයි. දරුවන්ට ලෙසක් දුකක් හැදුණාම, දරුවන් අනතුරක වැටුණාම, දරුවන් තාවකාලිකව හෝ තමන් අතහැරලා ගියාම, එහෙමත් නැත්නම් අකාලයේ වියෝ වුණාම දෙමව්පියන් කම්පාවට පත්වෙන එක, දෙමව්පියන්ට දරුදුක දැනෙන එක, සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවයක්.දරුවන් නැති අයටත් ඒ නැති නිසාම දරුදුක දැණෙනවා.මට හිතෙන්නේ දරුදුකේ තවත් ප්‍රභේදයක් තියෙනවාය කියලයි. ඒක තමයි, දරුවන් ගේ නොකටයුතුකම් නිසා, දරුවන්ගෙන් ...