ගිනි අවි සහ ගිනි කෙළි!... ජනාධිපතිතුමාට විවෘත ලිපියක්.. උදහස් නොවූ අදහස් අතිගරු ජනාධිපතිතුමනි,මෙවැනි ලිපියක් ඔබ අමතා ලිවීමට සිදුවෙතැයි මම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූයෙමි. ඇත්තෙන්ම මෙයට වඩා බෙහෙවින් වෙනස් ලිපියක් ලියන්නට සිතා සිටියද පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීම නිසා මෙවැන්නක් ලිවීමට සිදුවිය.ඔබතුමා 2005 දී ජනාධිපති ධූරයට පත්වූ මොහොතේ රටේ පැවැති තත්ත්වය ගැන අමුතුවෙන් යළි යළිත් මතක් කිරීම අනවශ්‍ය කරුණක් වුවද එතැනින්ම මෙම ලිපිය පටන් ගැනීමට සිතුවේ එය වඩාත් යෝග්‍යය ...
ජවිපෙ, දෙමළ සන්ධානය, හියුමන් රයිට්ස් වොච්, ත්‍රස්තවාදය මැඬලීමේ පණත හා දූෂණයට එරෙහිව අන්නා ක්‍රමය.. උදහස් නොවූ අදහස් ශ්‍රී ලංකාව වෙලා සිටි රුදුරු ත්රස්තවාදයට පින්සිදු වන්නට මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමූයේ හදිසි නීති රෙගුලාසි යටතේ පාලනය වූ රටකය. හදිසි නීතිය වනාහී රටෙක අස්ථාවර භාවය පිළිබඳ නොනිල දර්ශකයකැයි කීවාට වරදක් නැත. අපේ රටේ ත්‍රස්තවාදී අර්බූධය යුධමය ක්රියාදාමයකින් අවසන් කොට දැන් වසර දෙකකට මඳක් වැඩිය. යුද්ධය අවසන් වූ වහාම වාගේ ප්‍රකාශයක් කළ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ...
දූෂණයට වැට බඳිමුද? උදහස් නොවූ අදහස් වංචා සහ දූෂණ වනාහී රටක විරුද්ධ පක්ෂයන් හි වැදගත්ම සටන් පාඨයි. සෑම පක්ෂයක්ම විපක්ෂයේ සිටිනා තාක් දූෂණ සහ වංචා වලට විරුද්ධව මහ හඬක් නැගීමත් ආණ්ඩු පිහිටවූ පසු ඒ ගැන අමතක කිරීමත් අපට දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මේ අතර වංචා දූෂණ ගැන පළ වන වාර්තා වල විශ්වාසනීය භාවය ගැනද ඇතැම් විට ගැටළු මතු වන්නේ ඒවා දිය බුබුළු මෙන් ...
රට වෙනුවෙන් නිදිගැට හැර පෙරට යමු! උදහස් නොවූ අදහස් අවුරුදු 30ක් දිග්ගැස්සුනු යුද්ධයකින් හෙම්බත්ව හෙටක් පිළිබඳව කිසිදු බලාපොරොත්තුවකින් තොරව පිට රටින් එන ඕනෑම විසඳුමක් බාර ගැනීමට සූදානම් ව සිටි අපට කොන්ද පණ ඇතිව නැගී සිටින්නට පුළුවන් වූයේ 2009 දී එල්ටීටීඊ සංවිධානය විනාශ කර දැමීමෙන් පසුවය. එදා ඒ ජයග්‍රහණය අවස්ථාවේ රටම එකාවන්ව එකතු වූයේ පාට පක්ෂ අමතක කරමිනි. එදා ජාතියක් වශයෙන් අප හමුදා හා පොලිස් සාමාජිකයින්ට කිරිබත් කවා මල් මාලා ...
සරසවි සිසු ගැටුම්, අන්තරේ, ජ.වි.පෙ,එ.ජා.පය සහ ආණ්ඩුව... උදහස් නොවූ අදහස් මෑතක සිට නැවතත් අපේ සරසවි පද්ධතිය තුළ ගැටුම් මතු වෙමින් පවතින බව පෙනේ. උද්ඝෝෂණ අපේ සරසවි වලට අළුත් අතදැකීමක් නොවේ. උද්ඝෝෂණයකට සහභාගී නොවූ විශ්ව විද්‍යාල සිසුවෙකු සොයා ගැනීම ඉතාම දුර්ලභ වන අතර සිය විශ්ව විද්‍යාල ජීවිතයේ එවැන්නක් දැක නැති සිසුවෙකු සොයා ගැනීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම වැනිම දුෂ්කර කාර්යයකි.විශ්ව විද්‍යාල තුළ ගැටුම් ඇති වන ප්‍රධාන කාරණයක් වන්නේ ...
සරත් ෆොන්සේකා නිදහස් කළ යුතුද? උදහස් නොවූ අදහස් මෙම බ්ලොග් අඩවිය ලිවීම පටන් ගත් දින සිටම සරත් ෆොන්සේකා මහතා හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ කෙළින්ම ඉලක්ක නොකරන පිළිවෙතක සිට ලිවීමට මම හැකිතාක් උත්සාහ ගත්තෙමි. එයට හේතුව වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙම දෙදෙනා එකිනෙකාට එරෙහිව ඉදිරිපත් වීම මා අනුමත නොකිරීමම පමණක් නොවේ. ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුටත් මාගෙන් අසාධාරණයක් නොවීම පිණිසය. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම යුද්ධයෙන් ...
චැනල් 4 කුමන්ත්‍රණයට එරෙහිව ..2 උදහස් නොවූ අදහස් චැනල් 4 නාලිකාව විසින් පසුගියදා එළි දැක්වූ වාර්තා චිත්‍රපටය පිළිබඳව පසුගිය ලිපියේ අග කොටසින් සාකච්ඡා කළ බී.බී.සි යේ මාධ්‍ය වේදියෙකු නිමැයූ සාකච්ඡාමය වැඩසටහන පිළිබඳවත් 2011.06.27 දින බී.බීසී සංදේශයේ මකරන්දය නමැති වැඩසටහන පිළිබඳවත් වැඩිදුර සටහනක් තැබිය යුතු යැයි සිතුවෙමි. නිහාල් විසින් ඉදිරිපත් කළ බී.බී.සී වැඩසටහන අන්තර්ජාලයෙන් මේ මස 30 වන විට ඉවත් කරන බැවින් අදාල වැඩසටහනේ චැනල් 4 චිත්‍රපටය සම්බන්ධ කොටස ...
චැනල් 4 කුමන්ත්‍රණයට එරෙහිව... උදහස් නොවූ අදහස් චැනල් 4 නාලිකාවෙන් විකාශය වූ "Sri Lanka's Killing Fields" නම් ඊනියා වාර්තා චිත්‍රපටය සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව මෙන්ම පෞද්ගලික වශයෙන් ද දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතර දිගු නිහැඬියාව බිඳදමා යමක් ලිවිය යුතු යැයි සිතුවෙමි.චැනල් 4 නාලිකාව බෙහෙවින් විවාදයට ලක්වූ වීඩියෝ පට ප්‍රසිද්ධ කිරීමේ ඉතිහාසයක් ඇති නාලිකාවකි. ඔවුන්ම හඳුන්වා දෙන පරිදි ඔවුන් ගේ කාර්යභාරය වන්නේ ලොව පුරා සිදුවන අකටයුතු ...
අපේ මානව හිමිකම් උල්ලංඝනය කරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව. උදහස් නොවූ අදහස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 18 වන සැසිවාරය මේ දිනවල ජිනීවා නගරයේ දී පැවැත්වෙමින් තිබේ. මෙම වාර්ෂික සැසිවාරය අර්ථ දැක්වීමට අනුව පවත්වනු ලබන්නේ ලොව පුරා රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම වර්ධනය කිරීමටත් මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ෂණය කොට ඒ පිළිබඳව අවශ්‍ය කරණ නිර්ණායකයන් සැපයීමටත් ය. මෙම සමුළුව පැවැත්වෙන සෑම වාරයක්ම මෙතෙක් කල් යොදා ගත්තේ ඇත්තෙන්ම ලෝකය පුරා මානව හිමිකම් රැකගැනීමට ...
වහා අවසන් කළ යුතු ප්රචණ්ඩ සංස්කෘතිය.. උදහස් නොවූ අදහස් ප්රචණ්ඩත්වය අපේ පරම්පරාවේ කිසිවෙකුටත්අළුත් අත්දැකීමක් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහසින් පසු බිහි වූ සෑම රජයක්ම ප්රචණ්ඩත්වයඅඩු වැඩි වශයෙන් භාවිතා කළ බව නොරහසකි. එපමණක් නොව ප්රචණ්ඩත්වය සාමාන්‍ය කරණයකිරීමටත්, එය විඳ දරාගෙනම ජීවත් වීමටත් සාමාන්‍ය ජනයාටබල කෙරෙන සමාජ දේශපාලන වාතාවරණයක් දීර්ඝ කාලයක් මුළුල්ලේ අත් විඳීමටත් තරම් අපිඅවාසනාවන්ත වීමු. එකිනෙකා කෙරෙහි කිසිදු ගරුත්වයක් නැති මුග්ධ ජන කොට්ඨාසයක් බවටඅපව ක්‍රමයෙන් පත් කර ඇත්තේ මේ ...
චැනල් 4 , සරත් ෆොන්සේකා,චන්ද්‍රිකා,විමුක්ති, සහ ශවේන්ද්‍ර .. උදහස් නොවූ අදහස් සති කිහිපයකට පෙර මහා ඝෝෂාවක් කොට නිහඬවූ චැනල් 4 එසේ නිහඬවූයේ ඉතා කෙටි කලකට පමණක් බව පෙන්වමින් පසුගිය 28 වන දා තවත් වීඩියෝවක් හෙවත් වාර්තාමය රඟපෑමක් විකාශය කළේය. ඒ යුධ අපරාධ සඳහා වගකිව යුත්තන් හඳුනා ගන්නා ලද බවට මහා මොර දීමකින් පසුවය. අදාල වාර්තාමය වීඩියෝ පටය නැරඹූ වහා මට මතක් වූයේ 2009 වසරේ දෙසැම්බර් 13 වන දා The Sunday Leader පුවත් ...
ලැබූ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නම්.. උදහස් නොවූ අදහස් වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුණ දුන් යුධමය වාතාවරණය නිමවී දැන් වසර 2කට මඳක් වැඩි කාලයක් ගතවී ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අප රට පාලනය කිරීම පහසු කරගැනීම සඳහා රටේ පුරවැසියන් එකිනෙකා ගෙන් ඈත් කර බෙදා පාලනය කිරීමේ ක්‍රමයක් අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කරන ලද බව නොරහසකි. මේ ක්‍රමය බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද්දේ ශ්‍රී ලාංකික අපගේ යහපත ...
ධනවාදයේ මීළඟ පියවර උදහස් නොවූ අදහස් වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට හැරුණු ලෝකය පසුගිය ශතවර්ෂය පුරාම ක්‍රමයෙන් පරිණාමය වෙමින් මේ වන විට ධනවාදයේ ගෝලීයකරණ අවධියේ පසුවෙයි. යුරෝපයේ ධනේශ්වර විප්ලව අවුළුවා ලූ කාර්මික විප්ලවය ධනවාදී ආර්ථික ගමන වේගවත් කළේය. කාර්මික විප්ලවයත් සමග ලහි ලහියේ කර්මාන්ත මහා පරිමාණයෙන් වර්ධනය වීමත් සමග බටහිර යුරෝපය පුරා වේගවත් ධනේශ්වර “සංවර්ධන“ සුළං හමද්දී, ධනවාදයටම ආවේණිකවූ විවිධ අතුරු විපත් ද ලෝකයේ විවිධ අංශ වලට බලපෑවේය. ...
නව ඇමති මණ්ඩලය සහ එහි වගකීම් උදහස් නොවූ අදහස් නව රජයේ ඇමති මණ්ඩලය මේ වන විට පත් කොට තිබේ. සියළුම හිටපු ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ මේ වන විට වෙනස් වී ඇත. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදිම ඇමතිධූර සංඛ්‍යාව ද අඩු කොට ඇත. මෙම නව සාධනීය තත්ත්වය අගය නොකරන්නෙක්වේ නම් ඔහු හෝ ඇය දේශපාලන කුහකයෙක් ලෙස හඳුන්වා දීම වඩාත් තාර්කිකය. ඇමති තනතුරු වලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න ජනාධිපතිතුමාට කියාදීමට යමෙක් අවශ්‍ය ...
හොඳින් නරක කිරීම සහ නරකින් හොඳ කිරීම උදහස් නොවූ අදහස් ගරු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාවේ බොහෝ කථා බහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ගැන විශේෂයෙන් ලිවීමට සිත්වූයේ පුවත්පත් සිරස්තල වැඩසටහනකින් කියැවුනු අපූරු පුවතක් කන වැටීම නිසාය.මර්වින් සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ නියෝගයක් පරිදි කැළණිය ආසනයේ සියළු සුරා සැල් ( අවසර ලත් ඒවාද ඇතුළුව) වසා දමන්නට සිදු වී ඇතැයි යන ප්‍රවෘත්තිය සමග ඒ ගැන අදහස් පළ කල "නීත්‍යානුකූල" සුරාසැල් හිමියන් පවසා ඇත්තේ ...
අළුත් අවුරුද්දේ අළුත් ආණ්ඩුව උදහස් නොවූ අදහස් මහ මැතිවරණය නිමවී දින කිහිපයක් ගෙවී ගොස් ඇති නමුත් ශ්‍රී ලාංකික අපි තවමත් අවසන් ප්‍රතිඵලය නොදැන සිටින්නෙමු. එයට හේතුව වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඹුරුපිඩ්ඩි බල ප්‍රදේශයේත් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම ඊට හේතුවයි.දැනට ලැබී ඇති ප්‍රතිඵල මත එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ලෙස ජය ලබා ඇත. හෙට දිනයේ පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව සමස්ථ ප්‍රතිඵලය නිකුත් වනු ...
අප නියෝජනය කළ යුත්තේ කවුද? උදහස් නොවූ අදහස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීලඟ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් පත් කරගැනීම සඳහා දැන් අපට කාලය එළඹී ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මෙවරද මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය අනුවම සිදුවනු ඇත.පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව අප නියෝජනය කරනු පිණිස නියෝජිතයින් පත් කරගන්නා මෙම නියෝජිත ප්රජාතන්ත්රවාදය වඩාත් අරුත් ගැන්වීමට නම් ඡන්ද දායකයා වඩාත් බුද්ධිමත්ව සිය ඡන්දය පාවිච්චි කළ යුතුය. එසේ නොකිරීම නිසා අපට සිදුවූ ...
ප්‍රිය වදනින් ලිපි ලියමුද? උදහස් නොවූ අදහස් සිංහලෙන් අන්තර්ජාලය තුළ කටයුතු කළ හැකි වීම ඇත්තෙන්ම සතුටට කරුණකි. එක්තරා යුගයක මියෙමින් පවතින භාෂාවක් ලෙස අපේම අය හැඳින්වූ අපේ මවු බසින් යමක් ලියා තිබෙනු දැකීම නෙතට මිහිරි දසුනකි. සිංහලෙන් ලිවීමට යුනිකෝඩ් සෑදීමේදිත් ඒවා නැවත නැවත සැකසීමේදීත් අපමණ වෙහෙසක් දැරූ සියල්ලන්ටම ජාතියේ උපහාර හිමිවිය යුතුමය.අන්තර්ජාලය වේගයෙන් ගම් දනව් සිසාරා පැතිර යද්දී ඈත ගම් වල දරුවන් හා වැඩිහිටියන් ද මේ අළුත් ...