Car Stereo එකක් වාහනයකට සම්බන්ධ කරගන්නේ මෙන්න මෙහෙමයි! ඉලෙක්ට්‍රොනික් Lab කාර් ස්ටීරියෝ පද්ධතියක් හෝ කාර් සෙට් එකක් ලෙස පොදු ව්‍යවහාරයෙන් හැදින්වෙන උපාංගය තුළ වර්ථමානයේදී නම් රේඩියෝවට අමතරව DVD, CD වාදක සහ USB ආධාරයෙන් MP3 ශ්‍රවණය කළ හැකි පහසුකම් දක්නට ලැබෙනවා. මෙවැනි පහසුකම් වත්මන් යුගයේදී අරුමයක් නොවූවද වාහනයකට Car Stereo පද්ධතියක් සවි කිරීමේදී නම් බොහෝ විට විශේෂිත වූ ආයතනයක සහාය පැතීම බොහෝවිට සිදුවන්නක්. වාහනයක් තුළ ගමන් කරන්නාවූ විදුලි පද්ධතිය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති ...
මල්ටි මීටරය සෙල්ලම් බඩුවක් වෙලාය!! බවුත් එකේ මළකඩ, සකර් එකද වැඩ නැත!! ඉලෙක්ට්‍රොනික් Lab අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි ලියන්නට අවශ්‍ය නැත. බ්ලොග් එකට පැමිණෙන ඕනෑම අයකුට මෙය තේරුම් ගත හැකිය. මාස 3ක් ඇතුලත ඉලෙක්ට්‍රොනික් පරිපථයකට අදාලව කිසිදු ලිපියක් ඵල වූයේ නැත. සැබවින්ම මාස 03 ක් ඇතුළත කිසිදු පරිපථයක් අත් හදා බැලුවේ නැත. පිළිස්සුණු සී.එෆ්.එල් කිහිපයක් නැවත භාවිතා කළ හැකි තත්වයට පත් කර ගත් වග නම් යාන්තමට මතකයි. ඇත්තටම මටම ප්‍රශ්ණයක් නැගේ "ඉලෙක්ට්‍රොනික් එපා වෙලාද?"මේ ...
මසකට රු. 50,000ක්!! අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ සත්‍යය කතාවක්!!! ඉලෙක්ට්‍රොනික් Lab පූර්විකාවඉලෙක්ට්රොනික් තාක්ෂණයත අදාලව ලිපි 70ක් පමණ මාස 06ක් පමණ කෙටි කාලයක් තුළ ඉදිරිපත් කළත් මෑතක පටන් මෙම බ්ලොග් අඩවිය තුලින් ලිපියක් ඉදිරිපත් කිරීමට කල් ගතවන බවක් ඔබත් අත් විදින්නට ඇති. ලිපියක් ලියන්නට අවශ්‍ය කාලය මෙන්ම වටපිටාවක් නොමැති වීමත් ඊට හේතු වූ බව පැවිසිය යුතුයි. කෙසේ වෙතත් මා අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රොනික් විෂයයට අදාල ලිපියක් නොවන නමුත් අන්තර්ජාලය හා අත්වැල් ...
රු. ලක්ෂ පහක් ෆ්‍රී-ලාන්සින් හරහා සෙවීමට උර දුන් PHP+MySql ඉලෙක්ට්‍රොනික් Lab ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මිළට ගැනීමට $50ක් සොයා ගැනීමේ අරමුණින් ෆ්‍රී-ලාන්සින් වෙත යොමුවීම මේ වන විට ඩොලර් 4590 ක් උපයා ගැනීම දක්වා විහිද ගියා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාස නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට ...
555 අයි.සී. එක ඇස්ටබල් මල්ටිවයිබ්රේටරයක් ලෙසින් යොදා ගනිමු. ඉලෙක්ට්‍රොනික් Lab මීට පෙර ඔපරේෂන් Astable Muiltivibrator ලිපිය මගින් ඉදිරිපත් කළ, එල්.ඊ.ඩී දෙකක් මාරුවෙන් මාරුවට ස්වයංක්‍රීයව දල්වා ගතහැකි ඉතා සරල පරිපථය ඔබට මතක ඇතැයි සිතනවා. ට්‍රාන්සිස්ටර් දෙකක් යොදාගෙන තිබූ එම පරිපථයම NE555 අයි.සී. එක යොදාගෙන ක්‍රියාත්මක කරන අයුරු අද අප සාකච්චා කරමු. NE555 අයි.සී. එක Astable, Bistable සහ Monostable ලෙස යොදා ගත හැකි අතරම මෙම පරිපථයේදී Astable ක්‍රියාවලියට අදාල වන ලෙස සැළසුම් ...
සත පහක් වත් වියදම් නොකර පරිපථ නිර්මාණය කරන්නේ මෙන්න මෙහෙමයි!! ඉලෙක්ට්‍රොනික් Lab මාසයකට අධික කාලයක් තුළ ලිපියක් ඵල නොකිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින අතරම එකී කාලය තුළ ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය තුළින් සහ ඊ-මේල් මාර්ගයෙන් විමසා තිබූ කරුණු සම්බන්ධව සාකච්චා කිරීමට ඉදිරි ලිපි කිහිපය මගින් බලාපොරොත්තු වනවා. ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට පිවිසෙන ආධුනිකයෙක් තමන්ගේ මුල් පරිපථ කිහිපය ෆෝමිකා කැබැල්ලක් හෝ වෙරෝ බෝඩ් එකක් ආධාරයෙන් ගොඩනැගුවත් පරිපථ කිහිපයක් ගොඩ නැගීමෙන් අනතුරුව වඩාත් ක්‍රමවත් ආකාරයට තම නිර්මාණයන් ...
රූපවාහිනි හා කැසට් රේඩියෝ යන්ත්‍රයන්හි දක්නට ලැබෙන දෝෂ හා ඒවාට පිලියම් මෙන්න... ඉලෙක්ට්‍රොනික් Lab වර්තමානයේදී සෑම නිවසකම දැකිය හැකි ඉලෙක්ට්‍රොනික් මෙවලම් ලෙස රූපවාහිනිය හා කැසට් රේඩියෝ යන්ත්‍ර හදුන්වා දිය හැකි බව අවිවාදයෙන් පිලිගත හැකි කරුණකි. විදුලිය උච්චාවචනයක් නිසා හෝ අකුණු ගැසීම් වැනි ස්වභාවික උපද්‍රවයන්ට ගොදුරු වීමෙන් හෝ වෙනයම් හේතුවක් නිසා මෙවැනි උපකරණ දෝෂ සහගත වීමට වැඩි නැඹුරුවක් ඇති බව ඔබත් අත් විද ඇතුවාට කිසිදු සැකයක් නැහැ. එසේම බොහොමයක් නිවෙස් වල ...
රැක ගත යුතු නමුත් සගවා නොගත යුතු දැනුම... ඉලෙක්ට්‍රොනික් Lab ජීවිතයේ පරිච්චේදයෙන් පරිච්චේදය බාල, තරුණ, වැඩිහිටි , මහළු යනාදී වශයෙන් වෙන් වුවත් දැනුම වර්ධනය කර ගැනීමේ සා පිපාසාව මිය යන තුරුම අප තුළ තිබෙන බව මා මෙන්ම ඔබත් අත්දැක ඇතුවාට කිසිදු සැකයක් නැහැ. කුඩා කල අපට ලැබුණු සෙල්ලම් බඩුවක් පැය කිහිපයකින් කෑලි කෑලි වලට වෙන් කල බව ඔබේ ජීවිතයේත් මතක සටහන් තුළ තිබෙන්නට පුළුවන. නිවසේ තිබුන ...
TV දුරස්ථපාලකයකින් 230V විදුලි උපකරණයක් හසුරවමු - Part 2 ඉලෙක්ට්‍රොනික් Lab දුරස්ථපාලකයකට ප්‍රතිචාර දක්වන සරල ග්රාහක පරිපථයක් නිර්මාණය කර ගන්නා අන්දම පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළ බව ඔබට මතක ඇතැයි සිතනවා. එසේ නම් එම පරිපථයම මදක් වෙනස් කර ගනිමින් 230V විදුලි උපකරණයක් ON/OFF කරන ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු. පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කළ පරිපථයට සම්බන්ධ කර තිබූ එල්.ඊ.ඩී ය දුරස්ථ පාලක සංඤාවන්ට අනුරූපිව ක්ෂිණිකව සුළු මොහොතකට පමණක් දැල්වුණු බවත් ඔබට දිස්වන්නට ...
ෆ්රීලාන්සින් කරන්නේ කොහොමද - පටන්ගැන්ම | How to start freelancing ඉලෙක්ට්‍රොනික් Lab ඔන්න මට හිතුනා හැමෝම කථා කරන ෆ්රීලාන්සින් ගැන පොඩි පෝස්ට් එකක් දාන්න. ඉතින් ශ්‍රීලංකාවාසී හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරන ගමන්ම වැඩේ පටන් ගමු. කෙටියෙන්ම සහ සරලවම කියන්නම් ෆ්රීලාන්ස් වැඩ කරලා ඉන්ටර්නෙට් එකෙන් කීයක් හරි නෙවෙයි මාසෙකට රුපියල් 100,000/= වගේ ගාණක් හොයන එක නිදිමරාගෙන කට්ට කාගෙන කරන්න ඕනි වැඩක් නම් නෙවෙයි. හැබැයි හැම මාසෙම ලක්ෂයක් හොයන්න නම් ...
ඩිෂ් ටීවී ගැන දැන ගනිමු - A to Z Guide to dishtv ඉලෙක්ට්‍රොනික් Lab ඩිෂ් ටීවී (dishtv) ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනේ මේ දවස් වල සෑහෙන පිරිසක් මේක ගැන තොරතුරු හොයන නිසා. ශ්‍රී ලංකාවේ චැනල් 8ක් මෑතක ඉදන් NSS-6 | SES-8 Satellite එකේ 12180 H කියන ට්‍රාන්ස්පොන්ඩර් එකට එකතු කරපු නිසා සෑහෙන පිරිසක් ඩිෂ් ටීවී එකක් ගන්න උනන්දු වෙනවා. හැබැයි එහෙම උනන්දුවක් ඇති වුනාට ඩයලොග් ටීවී එකක් ගන්න තරම් ලේසියෙන් ඉන්දියානු ඩිෂ් එකක් ...
පුංචි වුනත් ලොකු වැඩ කරන පුළුවන් NE 555 ඉලෙක්ට්‍රොනික් Lab ඉලෙක්ට්‍රොනික් ලෝකයේ නම් මේ නම අහල නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒත් නොදන්න අය බලනවා ඇති මොකක්ද මේ NE555 කියන්නේ කියලා. පසුගිය ලිපියන් අප සාකච්චා කලේ සංගෘහිත පරිපථ (Intergrated Circuit) හෙවත් අයි.සී. ගැනනේ. ඉතින් අයි.සී. එකක් උපයෝගී කරගෙන පරිපථ නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ මෙන්න මේ NE555 අයි.සී. එකයි. ප්‍රමානයෙන් ඔබේ නියපොත්තකටත් වඩා කුඩා වුවත් එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා ...
මොකක්ද මේ අයි.සී එකක් කියන්නෙ? What is an IC? ඉලෙක්ට්‍රොනික් Lab මේ වන විට ඉලෙක්ට්‍රොනික් Lab බ්ලොග් අඩවිය හරහා ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාල වන මූලික උපාංග බොහොමයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ ...
Electronic Inside වෙතින් නත්තල් තෑගි! සුභ නත්තලක් ලංකාවට! සුභ නත්තලක් මුළු ලොවටම!! ඉලෙක්ට්‍රොනික් Lab උදාවූ නත්තල ශ්‍රී ලාංකිකයන්ටත්, සමස්ථ ලෝක වාසීන්ටත් සුභම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනය කරන ඉලෙක්ට්‍රොනික්Lab බ්ලොග් අඩවිය, පරිපථයක් හෝ ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයට අදාල උපකරණ 25 ක්, නත්තල් තෑගි වශයෙන් ලබා දීමට, ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් වෙබ් අඩවිය තීරණය කර තිබෙන බව සතුටින් දැනුම් දෙනවා.තෑගි ලබා ගැනීමට නම් දෙසැම්බර් 31 ට පෙර ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයට පිවිස එහි සාමාජිකත්වය ලබා ගෙන ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාලව ලිපි 05 ...
230V විදුලියෙන්ම දුරස්ථ පාලක සංවේදී පරිපථය බලගන්වන්නේ මෙහෙමයි!!! ඉලෙක්ට්‍රොනික් Lab සාමාන්‍ය වර්ගයේ දුරස්ථ පාලකයක් උපයෝගී කරගෙන 230V බල්බයක් ON/OFF කරන ආකාරය පසුගිය ලිපි මගින් සාකච්චා කළ වග ඔබට මතක ඇති. අදාල පරිපථය බලගැන්වීම සදහා වෙනම 5V බල සැපයුමක් අවශ්‍ය වූ නමුත් ට්‍රාන්ස්ෆෝමර් රහිත බල සැපයුමකින් එම පරිපථය බලගන්වන ආකාරය මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වනවා. ට්‍රාන්ස්ෆෝමර් රහිත බල සැපයුම් (Transformerless Power Supply) ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ ...
TV රිමෝට් කන්ට්‍රෝලරයෙන් 230V බල්බ් දල්වමු. ෆෑන් ON/OFF කරමු. ඉලෙක්ට්‍රොනික් Lab ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන මිනිස් සමාජය අරඹයා නිර්මාණය වූවක් වුවත් දුරස්ථ පාලක සම්බන්ධයෙනුත් එය සත්‍යයක් වන බව මා මෙන්ම ඔබත් අත්දැක ඇතුවාට කිසිදු සැකයක් නැහැ. මා එසේ පවසන්නේ ටී.වී රිමෝට් කන්ට්‍රෝලරයෙන් කැසට් යන්ත්‍රය හෝ ඩී.වී.ඩී ප්ලේයරය හැසිරවීමට නොහැකිවා සේම ඒ.ඒ. උපකරණයන්ට අදාලව නියමිත දුරස්ථ පාලකය මගින් පමණක් අදාල උපකරණය හැසිරවිය හැකි බව අත්දැක ඇති නිසාවෙනි. කෙසේ ...
ජංගම දුරකථනයට DTMF Decoder පරිපථය සම්බන්ධ කරන්නේ මෙහෙමයි! ඉලෙක්ට්‍රොනික් Lab පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළ DTMF Decoder පරිපථය ජංගම දුරකථනයකට සම්බන්ධ කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට මතුවූ ගැටළුවක්. මෙම පරිපථය ජංගම දුරකථනයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් සම්බන්ධ කළ හැකියි. මේ සදහා ඔබේ ජංගම දුරකථනයට ගැලපෙන Hand Free Kit එකක් පමණක් අමතරව සොයා ගත යුතු වනවා. Hand Free Kit එකෙහි එක් Earpiece එකකට යන වයරය පළුදු කරගත යුතු බැවින් මේ සදහා ...
ජංගම හෝ ස්ථාවර දුරකථනය දුරස්ථ පාලකයක් ලෙස භාවිතා කරමු. DTMF Based Remote Controller ඉලෙක්ට්‍රොනික් Lab රිමෝට් කන්ට්රෝලරය කියන වචනේ එක්තරා කාල සීමාවකදී නම් දේශපාලන කරළියේත් බොහෝම ජනප්‍රිය වචනයක් වෙලා තිබ්බ වග ඔබටත් මතක ඇති. ඇත්ගොව්වෙක් මහා සද්දන්තයෙක්ව කුඩා ප්‍රමාණයේ හෙන්ඩුවකින් හසුරුනවා සේම ඉතා සංකීර්ණ උපාංගයන් පවා කුඩා ප්‍රමාණයේ දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි බව අප කවුරුත් දන්නා කරුණක්. බොහෝ විට දුරස්ථ පාලක පද්ධති නිපදවන්නේ අධෝරක්ත කිරණ සහ ගුවන් විදුලි තරංග ආශ්‍රිතව නමුත් අද මේ ලිපිය මගින් ...
සිංහල භාෂාවෙන් සම්බන්ධතාවය පවත්වාගෙන යාමට අංක එක ඇතුලත් කරන්න... ඉලෙක්ට්‍රොනික් Lab අද ඉදිරිපත් කරලා තියෙන මාතෘකාව, ස්ථාවර හෝ ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙකුට නම් නුහුරු නුපුරුදු වදනක් නොවන බව අප කවුරුත් දන්නා දෙයක්. ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව අනිකුත් රටවල් වලත් දුරකථන සේවා සපයන හෝ වෙනත් ප්‍රධාන පෙලේ සේවාවන් සපයන ආයතනයකට ඇමතු විට බොහෝවිට පිලිතුරු දෙන්නේ ස්වංක්‍රීය පිලිතුරු සපයන යන්ත්‍රයක් මගින්. (Automatic Answering Machine) අද මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ස්වංක්‍රීය ...
අදුර වැටෙද්දි 230V බල්බයක් ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථය..Dark activated 230V Bulb ඉලෙක්ට්‍රොනික් Lab ආලෝක සංවේදී ප්‍රතිරෝධක සම්බන්ධව විස්තර කල පළමු ලිපියේදී මා ඔබට පොරොන්දු වූවා එල්.ඩී.ආර් උපාංගයක් භාවිත කරමින් 230V බල්බයක් දල්වාගත හැකි පරිපථයක් ලබා දෙන බවට. පොරොන්දුවූ පරිද්ද්දෙන්ම අදාල පරිපථය සම්බන්ධවයි මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ හා සමාන පරිපථ සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ පරික්ෂා කිරීමේදී බොහෝ විට හමු වන්නේ 230V විදුලි සම්බන්ධ්තාවයට අමතරව එල්.ඩී.ආර් උපාංගය අයත් පරිපථ කොටසට විදුලිය ලබා ...