අදුර වැටෙන විට ස්වයංක්‍රීයව දැල්වෙන බල්බයක්... ඉලෙක්ට්‍රොනික් Lab ආලෝකයට සංවේදීව ක්‍රියාත්මක වන එල්.ඩී.ආර් උපාංගය සම්බන්ධව පසුගිය සතියේ සාකච්චා කල බව ඔබට මතක ඇතැයි විශ්වාස කරන අතරම මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ එල්.ඩී.ආර් උපාංගයක් යොදාගෙන සරල ප්‍රායෝගික පරිපථයක් ගොඩනගන ආකාරයයි.ආලෝක සංවේදී උපාංගයක මිළ රු.10ක් හෝ ඊට ආසන්න වන අතර විශාලත්වය අනුව මෙම උපාංගයේ මිළ රු.10/= සිට රු.50/= දක්වා වෙනස් වන බවත් මතකයේ තබා ගන්න.මෙම පරිපථයේදී භාවිතාකර ඇත්තේ PNP වර්ගයේ ...
ආලෝක සංවේදී ප්‍රතිරෝධක හදුනාගනිමු! What is Light Dependent Resistor? ඉලෙක්ට්‍රොනික් Lab රාත්‍රී කාලයේ මෝටර් රථයක් පදවාගෙන යනවිට ඉදිරියෙන් වාහනයක් පැමිණෙන සැම මොහොතකම ප්‍රධාන විදුලි ලාම්පුවේ ආලෝකය හීන කළ යුතු වනවා. එලෙසම නගරයේ ඇති වීදි ලාම්පු රාත්‍රිය ලගා වන විට වීදි ලාම්පු දල්වන්නන් විසින් ක්‍රියාත්මක කරන අතරම උදෑසන එළෙබෙද්දී නැවත අක්‍රිය කළ යුතු වනවා. නමුත් ඉහත ක්‍රියාවලීන් නියමිත පරිදි සිදු නොවීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට පවා හේතු වනවා. සැබවින්ම මෙම ක්‍රියාවලීන්, කුඩා ...
Electronic Inside වෙතින් නත්තල් තෑගි! සුභ නත්තලක් ලංකාවට! සුභ නත්තලක් මුළු ලොවටම!! ඉලෙක්ට්‍රොනික් Lab උදාවූ නත්තල ශ්‍රී ලාංකිකයන්ටත්, සමස්ථ ලෝක වාසීන්ටත් සුභම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනය කරන ඉලෙක්ට්‍රොනික්Lab බ්ලොග් අඩවිය, පරිපථයක් හෝ ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයට අදාල උපකරණ 25 ක්, නත්තල් තෑගි වශයෙන් ලබා දීමට, ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් වෙබ් අඩවිය තීරණය කර තිබෙන බව සතුටින් දැනුම් දෙනවා.තෑගි ලබා ගැනීමට නම් දෙසැම්බර් 31 ට පෙර ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයට පිවිස එහි සාමාජිකත්වය ලබා ගෙන ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාලව ලිපි 05 ...
සීරියස් බල්බ් සමූහයක දැවී ගිය බල්බ් එක හොයන්නේ කොහොමද? Continuity Tester ඉලෙක්ට්‍රොනික් Lab නත්තලට තව තියෙන්නේ දවස් දෙකක් විතරයි. ගිය අවුරුද්දේ හොදට ක්‍රියාත්මක වෙච්ච සීරියස් බල්බ් ටික මේ අවුරුද්දේ පරීක්ෂාකරනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල ඉවත දමන්න සිදුවෙච්ච අවස්ථා අනන්තවත් තිබෙනවානේ.ඉතින් අද මේ ලිපියෙන් විස්තර කරන්න යන්නේ නත්තලට වගේම වෙසක් , පොසොන් වලටත් නැතිවම බැරි සීරියස් වැලක් යථා තත්වයට පත්කරගත හැකි පහසු ක්‍රමයක් ගැනයි.Christmas Light Testerරූපයෙන් දක්වලා තියෙන්නේ ඒ සදහාම විශේෂයෙන්ම නිපදවපු උපකරණයක්. මෙය ...
යූ.එස්.බී. පෝර්ට් එකෙන් දැල්වෙන Night Lamp එකක් හදමුද? ඉලෙක්ට්‍රොනික් Lab ඉලෙක්ට්‍රොනික් වලට වගේම පරිඝණකයත් අපි කවුරුත් කවුරුත් ලැදියාවක් දක්වන නිසා අද මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යූ.එස්.බී පෝර්ට් එකෙන් Night Lamp එකක් විදියට Super Bright L.E.D 6ක් දල්වාගන්න පුළුවන් ඉතාමත් සරල ක්‍රමවේදයක් පිළිබදවයි. පරිගණකයක් අභ්‍යන්තරයේ ගමන් කරන්නේ වොල්ට් 5ක සහ වෝල්ට් 12ක විදුලියක් කියන එක අප කවුරුත් දන්නා දෙයක්නේ. යූඑස්බී පෝර්ට් එක හරහා පිටවෙන්නේ වෝල්ට් 5ක විදුලියක්. ඒ වගේම තමයි ...
මොනෝස්ටේබල් පරිපථයක් යනු කුමක්ද? What is a Monostable Circuit? ඉලෙක්ට්‍රොනික් Lab ඇස්ටබල්, මොනෝස්ටේබල්, බයි-ස්ටේබල් වැනි ඉලෙක්ට්‍රොනික වචන වැඩි පිරිසකට නුපුරුදු වුනත් එදිනෙදා ජීවිතයේදී සිය දහස් වාරයක් ඔබ මෙවැනි සංසිද්ධි ආශ්‍රිතව නිපදවපු සරල උපකරණ භාවිතයට ගන්නවා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඉතාමත් සරල උදාහරණ ලෙස දෑත් වලින් ජලය ඉවත් කිරීමට භාවිතා කරන උණුසුම්කරනය දැක්විය හැකියි. මෙහිදී ඔබේ දෑත් අදාල උපකරණය වෙත යොමුකළ විට තත්. 30 හෝ තත් 45 වැනි කෙටි කාලසීමවක් එය ...
230V විදුලියෙන් දැල්වෙන නත්තල් තරුවක් හදමුද? Christmas Star Circuit with 230V ඉලෙක්ට්‍රොනික් Lab දෙසැම්බර් මාසෙත් උදාවෙලා වගේම නත්තල් උත්සවයටත් තව දින කීපයයිනේ තියෙන්නේ. නත්තල සමරනවා වුනත් සමරන්නේ නැති වුනත් පොදුවේ කවුරුත් ප්‍රිය කරන නත්තල් ගස ආලෝකමත් කරගැනීමට 230V විදුලියෙන් දැල්වෙන ඉල්රක්ට්රොනික තරුවක් නිර්මාණය කර ගත හැකි පරිපථයක් තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් මේ සදහාත් යොදාගන්නේ මීට කලින් ලිපියකින් විස්තර කළ ට්රාන්සීටර් යොදාගෙන නිපදවපු Astable Muiltivibrator පරිපථයයි. පරිපථයට විදුලිය ලබාදෙන්නේත් කැපෑසිටරයක් හරහාම ...
ඩෙංගු මාරයාට තිත. මදුරුවන් පළවාහරින පරිපථයක් නිපදවමු!! ඉලෙක්ට්‍රොනික් Lab මදුරු කරදරේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මම මේ සටහන ලියන අතරතුරෙත් දෙතුන් පාරක්ම මදුරුවෝ රෑනක් කන ලගින්ම පියෑබුවා. (රෑනක් කිවුවට ඉතින් මදුරුවෝ ගමන් යන්නේ තනි තනියෙන්) ඉතින් මේ දවස්වල අපි කථා කරමින් ඉන්නේ 555 අයි.සී. එක ගැනනේ. අද මම විස්තර කරන්න යන්නේ 555 අයි.සී. එක යොදාගෙන අධි සංඛ්‍යාත වර්ධකයක් නිපදවා ගන්නා ආකාරය සම්බන්ධවයි. ඉතින් මේ පරිපථය මේ වෙනකන් අත් ...
555 අයි.සී. එක ඇස්ටබල් මල්ටිවයිබ්රේටරයක් ලෙසින් යොදා ගනිමු. ඉලෙක්ට්‍රොනික් Lab මීට පෙර ඔපරේෂන් Astable Muiltivibrator ලිපිය මගින් ඉදිරිපත් කළ, එල්.ඊ.ඩී දෙකක් මාරුවෙන් මාරුවට ස්වයංක්‍රීයව දල්වා ගතහැකි ඉතා සරල පරිපථය ඔබට මතක ඇතැයි සිතනවා. ට්‍රාන්සිස්ටර් දෙකක් යොදාගෙන තිබූ එම පරිපථයම NE555 අයි.සී. එක යොදාගෙන ක්‍රියාත්මක කරන අයුරු අද අප සාකච්චා කරමු. NE555 අයි.සී. එක Astable, Bistable සහ Monostable ලෙස යොදා ගත හැකි අතරම මෙම පරිපථයේදී Astable ක්‍රියාවලියට අදාල වන ලෙස සැළසුම් ...
Polyester කැපෑසිටර් හදුනාගන්නේ මෙන්න මෙහෙමයි!! ඉලෙක්ට්‍රොනික් Lab සමහර අයට Non Electrolytic කැපෑසිටර්ස් හදුනාගන්න අපහසු වුනු බව, කමෙන්ට් බල බලා ඉන්න කොටයි දැක්කේ. ප්‍රතිපත්තියක් විදියට මේ බ්ලොග් එකේ පරිපථයක් ඉදිරිපත් කලා නම් ඒ දේ කලේ අවශ්‍ය කරන සියළුම උපාංග සම්බන්ධව විස්තරාත්මකව හැදින්වීමක් කිරීමෙන් අනරුතුවයි. කෙසේ වෙතත් ප්‍රධාන විදුලියෙන් එල්.ඊ.ඩී දල්වන පරිපථවල තිබෙන Polyester කැපෑසිටර් හදුනාගන්න ක්‍රම වේදයගැන ගැන සාකච්චා කිරීම මග හැරී ගොසින්.කැපෑසිටර් සම්බන්ධව සාකච්චා කළ ලිපියේදී මා ...
ජංගම දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානය ගූගල් මැප් ඔස්සේ සජීවීව දැකගන්න ඉලෙක්ට්‍රොනික් Lab අද විස්තර කරන්න යන්නේ ජංගම දුරකථනයක් ක්‍රියාකාරී තත්වයේ තිබෙනවා නම් එය භාවිතා වෙන ස්ථානය ගූගල් මැප් ඔස්සේ නැරඹිය හැකි හැකි ක්‍රම වේදයක් සම්බන්ධවයි. හැබැයි මුලින්ම ඔබට කොන්දේසි දෙකක් පනවනවා. එකක් තමයි මෙය සිදු කරන්නේ භාවිතා කරන්නාගේ අනුදැනුම සහිතවයි. මොකද එහෙම නොවුනොත් මේ ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම නීතිවිරෝධි බවට පත් වන නිසයි. උදාහරණයක් ලෙස, තමන්ගේ දූ දරුවන් ගැන විමසිල්ලෙන් සිටින දෙමව්පියන්ට මෙය භාවිතාවෙන් ...
පුංචි වුනත් ලොකු වැඩ කරන පුළුවන් NE 555 ඉලෙක්ට්‍රොනික් Lab ඉලෙක්ට්‍රොනික් ලෝකයේ නම් මේ නම අහල නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒත් නොදන්න අය බලනවා ඇති මොකක්ද මේ NE555 කියන්නේ කියලා. පසුගිය ලිපියන් අප සාකච්චා කලේ සංගෘහිත පරිපථ (Intergrated Circuit) හෙවත් අයි.සී. ගැනනේ. ඉතින් අයි.සී. එකක් උපයෝගී කරගෙන පරිපථ නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ මෙන්න මේ NE555 අයි.සී. එකයි. ප්‍රමානයෙන් ඔබේ නියපොත්තකටත් වඩා කුඩා වුවත් එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා ...
මොකක්ද මේ අයි.සී එකක් කියන්නෙ? What is an IC? ඉලෙක්ට්‍රොනික් Lab මේ වන විට ඉලෙක්ට්‍රොනික් Lab බ්ලොග් අඩවිය හරහා ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්රයට අදාල වන මූලික උපාංග බොහොමයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ ...