ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
හුරුවෙයන් මචං මෙන්න මේවට………………… ඒක පට්ට ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි හැමදේම කරන්නෙ ජීවත් වෙන්න… සමහරු බොහොම හොඳට ජීවත් වුනත්, තවත් සමහරු වේලක් ඇර වේලක් කාලයි ජීවත් වෙන්නෙ.. ඇති හැකි අය වගේම නැතිබැරි අයත් මේ සමාජයෙම කොටස් – ජීවිතය දෙවිදියකට සැලකුවත්, අපි හැමෝම උපදින්නෙ නිරුවතින්.. මිය යන්නෙ හිස් අතින්.. ඒ අතරෙ අපි විවිධාකාර ජීවිත රංගනයන් කරනවා. අපි බොහෝ දේ වලට හුරු වෙලා ඉන්නවා… සමහර […] ...
2012 මැයි 06 : ඇල්කෙමියාගේ වෙසක් දින පණිවුඩය………..අනිත් එවුන් මරා දමා හෝ බුද්ධාගම රැක ගනිමු….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සිංහල බෞද්ධ සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වී වසර 2600 ක් ගත වූ මේ අවස්ථාවේ අපේ සිංහල බුද්ධාගම වෙනත් ආගම්වල ක්‍රියාකාරකම් නිසා ඉතා අන්තරාකාරී තත්ත්වයකට පත් වී ඇත. මෙසේ බුද්ධාගමට සිදුවන අහිතකර ක්‍රියාකාරකම් නිසා තව අවුරුදු 10 කින් පමණ මුහුණුපොතේ ඇති බුද්ධාගම් කාරයන් හැරෙන්නට බෙහෙතකටවත් පරම පිවිතුරු සුපිරිසිදු සිංහල බුද්ධාගම්කාරයෙක් සොයාගැනීම අපහසු වෙනු ඇත. මූලධර්මවාදී ...
යකෝ…. තංගල්ලෙ ඉන්නෙ සුද්දියෙක් දූෂණය කර ගන්න බැරි පො**යොද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary උදේ පාන්දරම ඇහැ ඇරුණාම ඔළුවත් ටිකක් හෝන්දු මාන්දු වෙලා වගේ… රෑ නිදි මැරුවා වැඩිද මන්දා….. කරපු මගුලකුත් නෑ… ඇඳේ පොල්ලකුත් නෑ…. ආයෙම ටිකක් නිදා ගන්න කියලා අනිත් පැත්ත හැරිලා ඇස්දෙක පියා ගත්තා විතරයි……. එකොළහායි… දොළහායි…. දහතුනායි…..එකොළහායි… දොළහායි…. දහතුනායි. එකොළහායි… දොළහායි…. දහතුනායි. පොඩි එකා උගේ කාර් ටික දහතුනේ ගොඩවල් වලට වෙන් කරනවා….. ජිංජි බරස් බරස් බරස්….. ඔන්න […] ...
ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පරිසරය – සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර – අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව […] ...
2012 මැයි 03: ඇල්කෙමියාගේ රසායනාගාරය දැන් වැඩ…. මෙන්න පළමු ලිපිය. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇල්කෙමියාගේ රසායනාගාරය නැවත විවෘත කරන බවට ඔබට දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරමින් Population Boom and the Future of Energy Crisis. යන මාතෘකාවෙන් ලියැවුන ලිපිය ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වී ඇත. වැඩිදුර විස්තර සඳහා මෙතැනින් බලන්න. ලිපිය දිගු වැඩි වන නිසා කෙටි ලිපි කිහිපයකට කඩා ලියන්නට අදහස් කළෙමි. ඉදිරියේදී තවත් ලිපි ලියැවේවි. ...
ඇබ්බැහිවීම හොඳයි…… වෙනස් වීමට…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ලංකාව අපූරු රටකි….. මිනිසුන් අපූරු ජාතියකි…. සිරිලංකාවේ මිනිසුන් අපූරුම ජාතියකි… අපට අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇතැයිද , අනිකුන්ට නොදෙවනි සංස්කෘතියක් ඇතැයිද, ඉතාමත් ඉහල ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නේද, මනරම් භාෂාවක් හිමි යැයිද, ලෝකයම හොල්ලන්නට පුළුවන් මොළ, දැනුම් සම්භාරයක් ඇතැයි උදම් අනන්නේද , අපමය… එය එසේ නොවන්නේයැයි තර්කයක් නැත්තේමය… සුද්දා සතුන් මරා ගල්ගුහාවල සිටින කාලයේ අපේ ඇත්තන් වෙහෙර කර්මාන්ත […] ...
ආශියාන්තරේට මුක්කුද අප්පා උණේ ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මැලේශීයා ආශියාන්තරේ අන්තරස්දාන වෙලා තවම දවස් ටිකයි නෙ… මමත් මෝඩකමට දැම්මා පොරවල් වලට අභියෝගයක්… කියපල්ලකෝ තියෙන තැන කියලා… කියලා කට ගන්න ලැබුණෙ නෑ ආයිබොවං…. අර ගියපාර 20/20 කුසලානෙ අපි අනිවාර්යයෙන්ම ගන්නවයි කියපු බණ්ඩාර හ්උත්තමයා ටක්කෙටම හරි යන්න කිවුවෙ නැතෑ මෙන්න මෙහෙම… මේක හරියන්නෙ නැති නිසා මම අපේ රටට නම්බුවක් ලබා දෙන්න කියලා දන්න කියන කීප […] ...
2011 නොවැම්බර් 21 : අය-වැය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපෙන් බලෙන් අය කරගෙන උන්ගෙ හිතේ හැටියට වැය කිරීම
2011 නොවැම්බර් 30 : ඔබ කවුද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පිටින් එකම වගේ පෙනුනත් නිවුන්නුත් එකිනෙකාට වෙනස්.... ලෝකයේ එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. ඒ වගේම අද්විතීයයි. (Unique) … එකම අම්මගේ බඩේ ඉඳලා එකම වෙලාවෙ එලියට ආපු නිවුන්නු වුනත් එකිනෙකාගෙන් වෙනස්.. මේ වෙනසම තමයි සමහරවිට එකිනෙකා ලං කරන්නෙ.. තවත් සමහර වෙලාවක ඈත් කරන්නෙත්… ඒක තමයි අනිත්‍යය.. නැත්නම් වෙනස් වීම… වසර දෙදාස් හයසීයකට පෙර බුදුන් වහන්සේ වදාලේ මෙන්න මේ වෙනස් වීම… බිලියන හතක් පසු ...
දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපට බ්රේක් නැත… අපට බ්රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට […] ...
2011 දෙසැම්බර් 13 : අනේ අහමදිනෙජාඩ් අයියේ…..අපේ ඩ්‍රෝන් එක දීපංකො තරහ නැතුව………. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඔන්න එකමත් එක ලෝකයක ලොකු රටක් තිබුණාලු… මේ රටේ කට්ටිය හිතන් ඉන්නේ අපිට වඩා පොරවල් නෑ කියලා ලු… (නෑ නෑ මේ රටේ නම හිමින්ලන්තෙ නෙවෙයි) ඉතිං මේ රටෙ කට්ටිය හැම රටේම ඕන මඟුලටයි එපා මඟුලටයි හැම අටමගලෙටම හොටේ දානවා ලු… උන්ගෙ එවුන් කළාම ඒක ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න කරන දෙයක් වුනාට උන්ට වැඩිය පස්සපාත නැති එවුන් කළාම ඒක මානව හිමිකම් කඩ කිරීම් ...
2011 සැප්තැම්බර් 01: ඔබාමාගේ මාමා සහ එස් බී ගේ රියදුරා ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇත්ත ඇමරිකාව චිත්‍රපටි වලින් ලංකාවේ අය බලන ඇමරිකාවට වඩා තරමක් වෙනස් ය… මිනිස්සුන්ට කන්න බොන්න හෝ වෙනත් මොනවා නැතත් ඇමරිකාවේ එක දෙයක් තවමත් ඇත. ඒ නීතිය තරමක් හෝ හරියට ක්‍රියා කරවීමයි. යම් යම් අඩුපාඩු ඇතත්, බොහෝ අවස්ථාවල ඇමරිකාවේ නීතිය කාටත් පොදුය… මොනිකා බිල් ක්ලින්ටන් අමාරුවේ දමා (හෝ ඒකේ අනිත් පැත්ත සිදුවී) තවමත් යහතින් සිටින්නේත් ඒ [...] ...
2011 ඔක්තෝබර් 07 : සාර්ථක මිනිසෙක් (හෝ ගැහැණියක්) වෙන්න ඩිග්රියක් තියෙන්නම ඕනද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මෙන්න මේ ප්රශ්නය හුඟ කලක් මගේ සිතේ වද දුන්නා…. ඇත්තෙන්ම මම මේ මහලොකු ආචාර්ය උපාධියක් තියාගෙන මොනවද කරන්නේ කියලා… සමහර වෙලාවට හිතෙනවා අපරාදෙ අවුරුදු පහක් නිකරුණේ කා දැම්මා ද කියලා… තවත් වෙලාවකට හිතෙනවා මොනවා උනත් ඉස්සරහට (එහෙම දෙයක් තිබුණොත්) ප්‍රයෝජනවත් වේවි නේද කියලා… දවසක් තාත්තා කියපු දෙයක් මගේ හිතේ පතුලටම වැදුනා… ” පුතේ උඹ මේ ආචාර්ය උපාධි ගන්න වැය කරපු ...
2012 මැයි 12 : ඇල්කෙමියාගේ බ්ලොග් අවකාශය විකිණීමට තිබේ… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ දිනවල මගේ බ්ලොග් අවකාශයේ සාකච්ඡා කෙරෙන්නේ විද්‍යාව නොව ධර්මය ය. ඒ මා ද නොවේ, අනෙකෙකි. මගේ උගත් බුද්ධිමත් පාඨක මහතෙකු වන ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා මගේ බ්ලොග් අවකාශය එතුමාගේ ධර්ම ඥානය පැතිරවීමේ තෝතැන්නක් කරගෙන ඇති බව මගේ බ්ලොගය කියවන ඔබට දැන් පැහැදිලි වෙමින් පවතිනවා ඇත. එතුමාගේ ධර්ම ඥානය විශ්ලේෂණය කරන මට එතුමා සෝවාන් ඵලයට පත්ව ඇත්දැයි සැකයක් ද ...
2012 නොවැම්බර් 03: මෙන්න මිනිහෙක් මැරෙනවා… වරෙල්ලා වරෙල්ලා…. වීඩියෝ කරපල්ලා…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ඉතිහාසයේ නොවූ විරූ අන්දමට අපේ සිත් සතන් සහ සිතිවිලි විරූප වී තිබේ. තාක්ෂණයේ දියුණුවත් සමඟම සියළුම දෙනාට අති නවීන ජංගම දුරකථන හිමි වී තිබේ. යුද්ධයේ අනුහසින් මරණය යනු තවත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මිනිසුන් සිතන්නේ නැත.. ඔවුහු තිරිසන් හැඟීම් සහ ඇඩ්රිනලින් ප්රවාහයන් වෙනුවෙන් මානුෂිකත්වය බිලි දී ඇත. පුවත්පතක් ගතහොත් ස්ත්‍රී දූෂණ 10ක්, මිනී මැරුම් 15 ක් සහ ...
ඇය නික්ම ගියාය….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අවසාන කටයුතු අගලිය – බද්දේගම නිවසේ සිදු කෙරෙන අතර පසුව දැනුම් දෙනු ලැබේ පැමිණෙන ආකාරය. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිටවුමෙන් පිටවන්න අම්බලන්ගොඩ දෙසට වමට හැරී මීටර 20 කට පමණ පසු නැවතත් වමට ගාල්ල දෙසට හැරෙන්න යක්කටුව හන්දියෙන් නැවතත් වමට හැරී ඇත්කඳුර පසුකර කිලෝ මීටර 5.5 ක් පැමිණ තණබද්දේගම හන්දියෙන් දකුණට අගලිය […] ...
2012 ඔක්තෝබර් 10 : රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය සෛල වලට පණිවුඩ යන හැටි ගැනීම වෙනුවෙන්…… කියවලා බලන්න හරිම රසවත්…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද උදෑසන හරියටම ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11.45 ට ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර සිට රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාග ලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අදාල ත්‍යාගයට හිමිකම් කිවුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීව රසායන විද්‍යාඥයින් දෙදෙනෙක්. එක් අයෙක් වන්නේ (HHMI) හොවාර්ඩ් හියුග්ස් වෛද්‍ය ආයතනයේ Robert Lefkowitz. අනෙකා ස්ටැන්ෆර්ඩ් සරසවියේ Brian Kobilka. මේ දෙදෙනාම එකම විදියේ පර්යේෂණ පවත්වපු උදවියයි. මේ අංශය ගැන ...
ආණ්ඩුව මෙතරම් කාර්යක්ෂම නං …… ඇයි අපි ඈස්චරිය අනාගන්නෙ ….. ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපේ ආණ්ඩුව තරම් කාර්යක්ෂම ආණ්ඩුවක් මේ ලෝකේ හතර දිග් භාගයේම නැතැයි අපේ අතිගරු ජනාධිපතිතුමා උදම් ඇනුවේ ඇස්චරියේ විහිදුම් සේලය දිගේ රේන්ජ් රෝවරයෙන් ලයිසන් නැතුව යන අතර මගදීය. ආණ්ඩුව කෙසේ වෙතත් ජනාධිපතිතුමා, ගෝඨාභය සහ බැසිල් තුන් කට්ටුව නම් අතිශය කාර්යක්ෂම බවට විවාදයක් නොමැත. මේ තුන්දෙනා හිටියාම ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය ද නැත.. මොකද කියනවා නම් අපේ රටේ […] ...
2011 දෙසැම්බර් 28 : හෙඩිමක් නැති ලිපියක් ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary උසස් පෙළ ප්‍රතිඵල අවුල ගැන ලියන්න පටන් ගනිපු “මහින්ද මහත්තයෝ – මේ Three idiots ලට මොනවද කරන්නේ ? ” කියලා ලිපියක් කෙටුම්පත් ගොන්නෙ තියෙනවා දැකපු ඇල්කෙමිච්චි දෝස් මුරයක් දැම්මා… තමන්ගෙ තත්ත්වයට ගැලපෙන ලිපි ලියන්න කියලා.. දැන් නැන්දම්මා මදිවට දූත් වලි දානවා දේශපාලන ලිපි ලියන්න එපා කියලා.. නැන්දම්මා නම් ඉතිං ඉන්නේ දුරු ඈත රටක නිසා බේරෙන්න පුළුවනි… දූ පැය 24 ම ...
2012 මාර්තු 10 : ආවොතින් නොගොසින් බැරිය II ෴ලොකු තාත්තාගේ නික්ම යාම෴ ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඉස්සර නිවාඩු කාළෙ ආපු ගමන් පෙරුම් පුරන්නෙ අවිත්තාවෙ ලොකු අම්මලගෙ ගෙදර දුවන්න… ගෙදර තිබුණෙ ඉත්තෑපානෙ – ගලතර (අවිත්තාවට හැතැක්ම පහකටත් වැඩිය දුරින්) නමුත් මම ලොකු අම්මට අවිත්තාවෙ ලොකු අම්මා කියපු නිසා හැමෝම කිවුවෙ ලොකු අම්මලගෙ ගෙදර යනව නම් අවිත්තාවෙ යනවා කියලා. ලොකු අම්මගෙ ගෙදර තිබුණෙ පහුරකන්ද කියන සුන්දර කඳු ගැටයට ටිකක් මෑතින්…. උදේට නැගිට්ටාම පහුර කන්ද පේනවා… අවිත්තාවෙ ඉඳලා අළුත්ගම ...