ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
2011 දෙසැම්බර් 01 : වැස්සෙ ඇවිදින්න යනවනං රේන් කෝට් එකක් අරන් යන්න….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සූදානම පසුතැවිල්ලට වඩා දහස් ගුණයක් හොඳය අද දෙසැම්බර් පළමුවෙනිදා… වසරේ අවසාන මාසයේ පළමු දිනය… වෙන් කරලා තියෙන්නේ ඒඩ්ස් වැළඳුන අය වෙනුවෙන්… මම ඒඩ්ස් වැළඳුන අය කියලා සඳහන් කළේ මේ අය රෝගීන් කියලා හඳුන්වන්න මා තුළ ඇති අකැමැත්ත නිසා. සමහරු විහින් ඒඩ්ස් වැළඳුන අය වුනත් තවත් සමහරක් ඉන්නවා මේ ගැන හාංකවිසියක් වත් නොදැන ඒඩ්ස් වැළඳුන අය… මේ ලිපියෙන් කිසි කෙනෙකුගේ ලිංගික චර්යාවන් ...
බලන් කඩතුරා හැර දෑසේ…. කාබන් ඩයොක්සයිඩ් ශ්‍රී මහා බෝධියට අකැප නම්, කළුතර බෝධියයි බෙල්ලන්විල බෝධියයි පවතින්නෙ කොහොමද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පණ්ඩිත් අමරදේවත්, ටී එම් ජයරත්න මහතාත්, මහින්දයේ නැටුම් ගුරුවරයා වුන ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාත් තුන් දෙනා ඒ කාලෙ බොහොම හොඳ යාළුවො… දවසක් තුන්දෙනා කතරගම ගියේ ඒ යාළුකමට වුනත්, අලවත්තගේ මහත්තයා හීනියට පොඩ්ඩක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ… ඒ කාලෙ දැන් වගේ කතරගම දෙයියොන්ගෙ පිහිට පතන්න අසූහාරදාහක් සෙනඟ නොහිටිය නිසාම ඒ තුන්දෙනා කතරගම දේවාලෙ ඇතුලෙ හොඳට වාඩි […] ...
2011 දෙසැම්බර් 25 : හැමදාම නත්තල් නෑ…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද නත්තල්… ඇත්තෝ කති… ටිකක් ඇත්තෝ ටික වෙන්න කති…. නැත්තටම නැත්තෝ ලෙවකති… මේකයි යථාර්ථය… දැන් දැන් නත්තල ව්‍යාපාරික ප්‍රජාවට අයත් දෙයක් වෙලා.. බොහෝ දෙනෙක් නත්තලට සැරසෙන්නේ නොවැම්බර් අවසානයේ සිට.. නත්තල් සේල්… අර සේල් මේ සේල්… ඇමරිකාවෙ නම් තෑන්ක්ස්ගිවිං ඉවර වුන දා සිට… බලුප් වැල් දාලා.. ගස් සරසලා… හිස් පෙට්ටි තෑගි දවටන වලින් ඔතලා.. බෝ ගැටගහලා එක විකාරයයි. නත්තල් දවසට හුවමාරු ...
ලොකු ලොකු දෑ කළ හැකි පුංචි දෙයක් – නැනෝතාක්ෂණය සරළව – මෙවර රිවිර ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (Nanotechnology) පිළිබඳ කතා කරන්න පටන් අරන්. සිංහලෙන් නම් මෙයට කියන්නෙ නිනිති තාක්ෂණය කියලයි. නමුත් බොහෝ දෙනා දන්නෙ එය නැනෝතාක්ෂණය නමින්. නැනෝතාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා නොදැන වුනත් අපි ඒ ගැන කතා කරනවා. ඒ වගේම අපි නොදැනම වුවත් නැනෝතාක්ෂණය පාවිච්චි කරන අවස්ථාද නැතුවා නොවෙයි. සරළව කියනවා නම් අපි දිග මනින්නේ මීටර වලින්. මෙන්න මේ මීටරයේ දිග අපි […] ...
2011 ඔක්තෝබර් 31 : ජනගහනය බිලියන හතයි… අපට තව කොතෙක් කළක් ජීවත් විය හැකිද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ වන විට ලෝකයේ ජනගහනය බිලියන හතයි.. ජනගහනය බිලියන හයක් බවට පත් වුනේ මීට අවුරුදු 12 කට පෙරයි.. ඒ කියන්නේ මේ ජනගහන වර්ධනය ඉතා ඉක්මනින් සිදු වූවක්. මේ ජනගහන වර්ධනය එක්කම ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වෙනවා. මේ අවශ්‍යතා වලින් ප්‍රධාන වන්නේ ඉන්න හිටින්න යන්න එන්න ඉඩ සහ බලශක්තිය… ඉඩ වැඩි කරගන්න තිබෙන ඉඩම් එළි පෙහෙළි කරගෙන නිවාස පාරවල් තනාගන්න වෙනවා… ...
පිටස්තරයා – 10 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ආරම්භය කෙසේ වුවත් විස්තරයේ මැද භාගයට යනවිට මේ පර්යේෂණයේ බැරෑරුම් බව තිදෙනාටම හොඳින් අවබෝධ වී තිබුණි. ඩොලර් මිලියන ගණනාවක පිරිවැයක් වෙන්කර ඇති මේ පර්යේෂණයේ වැදගත්කම අමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන්නක් බව විශ්වට අවබෝධ විය… තමා මෙතෙක් කල් කළ පර්යේෂණවල අග්‍රඵලය ලබා ගැනීමට මේ ව්‍යාපෘතිය හොඳම මාර්ගය බව කෙමෙන් විශ්වට වැටහෙන්නට විය….. […] ...
දයා සිරි – ඔයා හරි ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary හිතවත් දයාසිරි, හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ. පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට […] ...
2011 නොවැම්බර් 22 : පශ්චාත් භාගය ඉස්ට්‍රයික්…. ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇල්කෙමි පැටියගේ මාළු ටැංකියේ හිටපු මාළුවෙක් හදිසියේ මිය ගිහින්…. ටැංකියේ හිටපු ලොකුම මාළුවා පහර දීලා මේ මාළුවා මිය ගිහින්…ඇත්තෙන්ම “මින්මැරුමක්”… සිද්ධ වෙච්ච දේ එහෙම වුනත්, කවුරුවත් අර මාළුවාට තර්ජනයක් කරන්න ගියෙත් නෑ… ඒ වගේම අර ලස්සන මාළුවා පැටියා ආසම කරන මාළුවා නිසා දඬුවමක් කරන්නත් බෑ… (ආයෙම කියනවා…. මේක දේශපාලන ලිපියක් නොවේ).. ඒ වගේම මියගිය මාළුවා තවත් එතරම් ලස්සනත් නැති නිසා ...
කැසිනෝ එපා…. නෑ යකෝ… කැසිනෝ ඕන… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රතන උන්නාන්සේ විරුද්දව ඡන්දය දුන්නේ කැසිනෝ අනිත් එවුන්ට නරක නිසා නොව උන්නාන්සෙට ගහන්න යන්න බැරි වුන නිසා යැයි මගේ ඔලමොට්ටල හිතට ආපු මහා අසමජ්ජාති අසික්කිත මූලධර්මවාදී අසෝභන අවලං සිතුවිල්ලත් එක්කම අාපු යටිබඩේ කැසිල්ලත් එක්ක අපට ඇත්තටම කැසිනෝ ඕන දැයි මට සිතෙන්නට පටන් ගත්තේය…. ඇත්තටම අපට කැසිනෝ එපා ය. ඕනය. කැසිනෝ එපා කියන සත්ගුණවත්, දානපති, ශීලවන්ත, […] ...
2011 දෙසැම්බර් 06 : ලෝකයේ පැවැත්මට අයින්ස්ටයින්ලා මෙන්ම දුමින්ද සිල්වලාද නැතිවම බැරිය……. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ලෝකෙ හැම දෙයක්ම පදනම් වෙන්නේ හේතු-ඵළ වාදය මත කියලා කිව්වොත් සමහරක් දෙනා කලබල වෙන්නට පුළුවනි. හේතුවක් නැතුව කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ…. අපි අවට සිදු වෙන හැම දෙයක්ම සිදු වන්නේ හේතුවක් ඇතිව… මලක් පිපෙන්නේ ඵලයක් හට ගන්න…. ගෙඩියක් හැදෙන්නේ සිය වර්ගයා බෝ කරන්න… ඒ වගේම අපේ ඉපැදීමත් කිසියම් හේතුවක් මුල් කරගෙනයි සිදු වන්නේ කියලයි ...
2011 දෙසැම්බර් 11 : එහෙම වෙන්නෙ ඇයි ? I Don’t Know Why… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමේ නියුතුව සිටි කහවෙ ගුරුගේ ප්‍රේමදාස නම් මැදි වියේ ට්‍රැක්ටර් රියදුරා තම ට්‍රැක්ටරයේ ටයර් පරීක්ෂා කර බලා එහි තත්ත්වය නිසි ලෙස නැති බව දැන දැනත්, දවසේ අවසාන පස් ට්රැක්ටරය අකුරටි කන්ද උඩට ගෙනයාමට සැරසුනි. සහායකයින් ඒ ගමන වැලැක්වීමට උත්සාහ කළත් එයින් පළක් වුනේ නැති. අතරමගදී ට්රැක්ටරය පහලට ලිස්සා විත් ප්‍රේමදාස මහතා ට්‍රැක්ටරයේ එන්ජිමට යටවුණි. වහාම කරාපිටිය ...
2011 නොවැම්බර් 24 : ඔබ ස්තුතිවන්ත වන්නේ කාටද ? මොනවාටද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද ඉඳලා දවස් හතරක් රසායනාගාරයට නිවාඩු… විශ්ව විද්‍යාලයටම නිවාඩු… තෑන්ක්ස්ගිවිං (Thanksgiving) එහෙමත් නැත්නම් ස්තුති පුදකිරීම, ප්‍රශංසා කිරීම, ආදී නොයෙක් විදියට කිවුවත් කළුකුම් ප්‍රජාවට නම් සන්තෝස දවසක් නෙවෙයි….. මේ දවසේ… හැම ගෙදරකම වගේ කළුකුමෙක් පුරවලා මේසෙ මැද්දෙ තියාගන කපාගෙන කාලා දවස නිවාඩු පාඩුවේ, ක්‍රීඩා කරමින් හෝ තරඟයක් නරඹමින් ගෙවා දමනවා.. හරියටම ලංකාවෙ අළුත් අවුරුද්ද දවස වගේ… තම තමන්ගේ දෙමාපියෝ බලන්න. පවුල් ...
අව්ව සැරයි – විජලනයට පිළියම් යොදන්න… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ආකාරයේ කාළගුණ තත්ත්ව ඍජුවම පරිසරයට බලපානවා. සතුන්ට සහ ගහකොළවලට මේ වෙනස බලපෑවත්, ඔවුන් ස්වභාවයෙන්ම පරිසරයට අනුවර්තනය වන නිසා කෙසේ හෝ එයින් මිදීමට අවකාශ සළසා ගන්නවා. ඒ මිනිසුන්ට මෙන් සංකීර්ණ ජීවන රටාවක් ඔවුනට නැති නිසා. මිනිසුන්ට අවශ්‍යතා අධිකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයා අවුරුදු සමයේ ඔවුන් ක්‍රියාකාරී වන්නේ අවුරුද්ද ඔවුන්ට සංස්කෘතිකව ඉතා වැදගත් නිසා. ඒ නිසාම මේ අධික රස්නයත් ඔවුන්ට අමතකයි.... ...
2011 දෙසැම්බර් 30 : නව වසර ඵලදායී කරගැනීමට ශක්තිය ලැබේවා…. ! ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අද දෙසැම්බර් 30…ඇල්කෙමියාගේ දිනපොතට අවුරුද්දයි.. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් වහන තත්ත්වයටම ඇවිත්…. ඒ වුනත් ඇල්කෙමියාගේ දිනපොත නම් තවමත් ගාට ගාටා යනවා… මුලින්ම පටන් ගත්ත 2011 දී අළුතින් හිතමු කියන ලිපියට අනුව මමත් 2011 වසරේදී අළුතින් යමක් හිතුවා කියලයි මට නම් හැඟෙන්නෙ. මම මේ දිනපොත ලියන්න පටන් ගත්තට පස්සේ ජීවිතය ගැන අළුත් විදියකට හිතන්න ගත්තා… දිනපොත කියවපු බොහෝ දෙනා පෞද්ගලිකවත් ප්‍රතිචාර වශයෙනුත් ...
පිටස්තරයා – 04 ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary විශ්ව සමාධි සූර්යබණ්ඩාර…. ඔව්… වයස අවුරුදු 30 යි… හරි…. ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේය. මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව […] ...
2011 දෙසැම්බර් 07 : ඇල්කෙමියා බස් එකකට යට වෙයි…. ලොකු අමාරුවක් නෑ…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary වෙනදා වගේ නෙවෙයි ඉරිදා උදේ පාන්දරම නැගිටින්න වුනා… ඉතිං ටිකක් වෙලා යනකොට එහා පැත්තෙන් තඩි බස් එකක් ඇවිත් මාව යටකරන් ගියා පැය දෙකක් යනකල් නැගිටින්න බැරි වුනා… පැය දෙකකට පස්සෙයි පියවි සිහියට ආවෙ…. ඒ එනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි… ඉතුරු ටික බ්‍රහස්පතින්දා ලංකාවෙ වෙලාවෙන් රෑ 8.30 ට මෙතැනින් බලා ගන්න http://www.buzzradio.lk/ මේ තියෙන්නෙ හඳුන්වා දීම….. යට වුනේ බස් රේඩියෝවට…. ...
2012 අප්‍රේල් 28 : ඇල්කෙමියාගේ රසායනාගාරය ආයෙමත් විවෘත කරන්නයි යන්නෙ… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ඇල්කෙමියට පොත් කියවන්නයි ලිපි ලියන්නයි තියෙනවා නම් වෙනත් මොකුත් ඕන නෑ.. කවුරු හරි කන්න ගෙනැත් දෙනවා නම්, සහ ජීවිතේ ගැට ගහගන්න සල්ලි හොයලා දෙනවා නම් ජීවිත කාලෙම ලිය ලිය ඉන්න පුළුවන්. ලියන්නෙ නම් බොහෝ දුරට සිංහලෙන්.. නමුත් ඇල්කෙමියාගේ රසායනාගාරය යනුවෙන් මුලින්ම මා පටන් ගත් බ්ලොග් අඩවිය ඇල්කෙමිච්චි ඇතුළු මගේ පාට පාට පාඨක පිරිසගේ ඉල්ලීම නිසා නැවතත් විවෘත කරන්නයි හිතාගෙන ඉන්නෙ. ...
2011 දෙසැම්බර් 19 : හොරු සමඟ හෙළුවෙන්… ලාංකීය දේශපාලනයේ පැහැබර අනාගතය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ලිපිය සතියක් පුරා කෙටුම්පතක් සේ හිර වී තිබුණ ලිපියක්… පසුගිය සතියේ කාර්ය බහුල වීම නිසාත්, පෞද්ගලික අවශ්‍යතාවයන් නිසාත් ඇල්කෙමියාගේ දිනපොත අකුරු කරන්නට නොහැකි වුනා… මෙය එතරම් පරිපූර්ණ ලිපියක් නොවන්නේත් ඒකමයි…. ලාංකීය දේශපාලකයා යනු කිසි විටක විශ්වාස කළ නොහැකි, වංක, මුග්ධ, නිර්ලජ්ජී, දාමරික, පටු අදහස් ඇති, ආත්මාර්ථකාමී, බලකාමී, සතෙකු බවට රටේ බොහෝ දෙනා විසින් පිළිගනු ලබන තත්ත්වයකට ඔවුන් විසින්ම පත් ...
පිටසක්වල ජීවින් ඉන්නවද ? නැත්නම් අපට පිස්සුද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ජීවීන් වසන එකම ලොව පෘථිවිය විය නොහැක. බොහෝ ලෝකයන්හි ජීවය තිබිය හැකි අතරම, ඒ ජීවීන් සමහරවිට අපට වඩා දියුණු හෝ එසේත් නැතිනම් අපට වඩා ප්‍රාථමික විය හැකිය. කෙසේ වුවත් අප වසන සෞරග්‍රහ මණ්ඩලයේ නම් ජීවී ග්‍රහලෝකයකට ඇත්තේ පෘථිවිය පමණක්ම බව අපට බොහෝ දුරට ප්රත්යක්ෂ වී හමාරය. නමුත් අප වැරදි විය හැකිය. 2012 දෙසැම්බර් 21 වන දින සිදුවනවා යැයි කියන ලෝක ...
යකෝ මගෙ සුරේ….. උඹ මාව කෑවා…. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින – හීනෙන් ටයිප් කරන – හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ […] ...