Arst Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15 ආගිය කතා මුල්ලේරියා සටනකතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානමමීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් ...
ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ? - ඉතිහාසයේ අප්‍රකට කතා 09 ආගිය කතා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාමුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා දෙක කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවිලංකාවේ රාජාවලියේ අන්තිම ...
ඇසි පිය මානෙන් නික්මුණු මහේෂ් අයියා ආගිය කතා ඊයේ Facebook එකට ගොඩවුණු වෙලාවේ දැක්කා මහේෂ් හසන්ත සිල්වාට හුඟක් අය නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. මට පුදුමත් හිතුණා.මහේෂ් අයියා ඉන්නේ අපේ ගෙවල් පැත්තේමයි. හරිම හිත හොඳ කෙනා. අපිත් එක්ක
Bio Island First Sinhala Blogger කෙනෙක් ??? ආගිය කතා "අයියේ මේ Site එක බලන්න. මේ මම ලියන blog එක. http://nikamaa.blogspot.com/ "ඒ විදිහට මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා ප්‍රමිත් මල්ලී මට facebook එකෙන් message එකක් එව්වා. ඉතින් මම ගිහින් blog එක බැලුවා වගේම ඒ ගැන comments එහෙමත් කළා.ඊට පස්සේ එයාට ලියන්න අදහස් ටිකක් දෙන්න කිව්වාම මම කිව්වේ "ඒක ඔයාට භාර එකක්. හිතට එන කැමති දේවල් ලියන්න. ඒත් සීමාවක් තියාගෙන. කෝකටත් ...
රුපියල් 140 කට පාඩු නැහැ ආගිය කතා ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු මට දවල් 1 විතර වෙනකම් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා ...
අපේ අප්‍රකට ඉතිහාසය ගැන දැනගමුද ??? ආගිය කතා රටක ඉතිහාසය නිසා ඒ රටේ අයට අභිමානයක් ඇතිකරගන්න පුලුවන් වෙනවා වගේම ඒ ඉතිහාසය නිවැරදිව ඉගෙන ගන්න එකෙන් වර්තමානයට වගේම අනාගතයටත් සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙනවා කියන එක අපි දන්න දෙයක්.ඉස්සරට වඩා අපේ රටේ ඉතිහාසය ගැන දැන් කාලේ නම් හුඟක් කතා වෙනවා. ඓතිහාසික බඩු බාහිරාදිය සොරකම් කිරීමත් එක්ක ඉතිහාසය ගැන කරළියට එනවා. ඒත් දවස් 14 කට විතරයි :)) ඊට පස්සේ අමතකයි.ඒ ...
උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව ආගිය කතා අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා. ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ ...
මත්පැන් වළඳා වෙරි වී කසළ ගොඩකට වැටුණු බුද්ධ උපස්ථායක සාගත හාමුදුරුවෝ ආගිය කතා මත්පැන් පානය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මත්පැන් එහෙමත් නැත්නම් සුරාව හැදුණු හැටි ගැනත් මම එකෝමත් එක කාලෙක කතාවක් කිව්ව මතක ඇතිනේ.ශරීරයට, පොකට් එකට මත්පැන් පානය හොඳ නැහැ කියලා කියන පිරිසක් ඉන්නවා වගේම මත්පැන් ටිකක් බොන එක සෞඛ්‍යයට ගුණදායක වෙනවා, පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවා. එහෙම උදවියලුනේ මේ කවිය හැදුවා කියන්නේ.සුරාවෙහි අගයත්එහි ඇති මනා ගුණයත්බොන සුදනෝ දනිත්නොබොන අනුවණ දනෝ ...
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 07 ආගිය කතා 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාවවසර 2000 කට අධික කාලයක් පැවතුණා වූ ලාංකීය රාජාවලියේ අන්තිමයා බවට පත්වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක්කර් වංශික රජතුමා. ඔහුගේ රාජ්‍යත්වය අහෝසි වෙන්නේ 1815 පෙබරවාරි 14 වෙනිදා ඉංග්‍රීසින් සෙංකඩගල නගරය අත්පත් කර ගැනීමත්, ඊට පස්සේ පෙබරවාරි 18 මැද මහනුවර ගල්ලැහැවත්තේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ බිසෝවරුන් අල්ලා ගන්න ඉංග්‍රීසින් සමත් වීමත්, ...
පන්සලේ දේවාලයේ සිටි පොළොං පැටියා ආගිය කතා මේ මාසේ පවත්වන්නට නියමිත වාර්ෂික කඨින චීවර පූජා පිංකමේ වැඩසටහන මට type කරන්න දෙන්න නායක හාමුදුරුවෝ උදෙන්ම මට එන්න කිව්වා. ඒ වැඩේ ඉවර වෙලා පොඩ්ඩක් පොඩි හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉද්දී තමයි උපාසක අම්මා කෙනෙක් ඇවිත් පොඩි හාමුදුරුවන්ට කිව
විහාරමහා දේවියට අන්තිමට මොකද වුණේ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 17 ආගිය කතා ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි. විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ. දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය ...
අයියලා නංගිලා කසාද බැන්ද හැටි ආගිය කතා අයියලා නංගිලා කසාද බඳිනවා කියන එක බරපතල ගණයේ වැරැද්දක් කියලා තමා අතීතයේ ඉදන්ම සැලකුණේ. ඒත් මානව සමාජයේ ආරම්භකම අවධියේදී එකම පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ලිංගික සබඳතා පැවතුණා කියලා තමා සමාජ විද්‍යාඥයන් දක්වන්නේ. ක්‍රමයෙන් මිනිසා ශිෂ්ට සම්පන්න වීමත් එක්ක සහෝදර සහෝදරියන් අතර වගේම සමාන්තර ඥාතීන් වෙන පිය පාර්ශවයේ සහෝදරයන් සහ දරුවන් අතරේ විවාහ සබඳතා/ ලිංගික සබඳතා "ව්‍යභිචාරී තහංචි" Incest Taboo විදිහට ...
අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 4 කොටස ආගිය කතා ගුරු හර්ගෝබින්ද්සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් තුනකින් කියෙව්වා.කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???ගුරු අංගද් දේව්ගුරු තනතුර පරම්පරාවට යයිකලින් කතාව නැවැත්තුවේ ගුරු අර්ජන් දේව්ව මෝගල් අධිරාජයා වුණු ජහාන්ගීර්ගේ අණින් 1606 දී දරුණු වධ හිංසා දීලා මරා දැමීමත් එක්ක මීළඟ ගුරු විදිහට ගුරු අර්ජන් දේව්ගේ පුත්‍රයා වුණු ගුරු හර්ගෝබින්ද් පත්වීමත් එක්ක. සීක්වරුන්ව සාමකාමී ...
I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක් - ඉතිහාසයේ අප්‍රකට කතා 06 ආගිය කතා I විමලධර්මසූරිය රජතුමාකන්ද උඩරට රාජධානිය නිසියාකාරව ආරම්භ කරපු රජතුමා විදිහට සැළකෙන්නේ I විමලධර්මසූරිය රජතුමා. අපි මීට කලිනුත් කතා කීපයකින්ම I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කළානේ. මතකනේ I විමලධර්මසූරිය රජතුමාට කුණුහරුප කියූ ලන්දේසි අද්මිරාල් වගේම කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා කියන සටහන්වලින් සෘජුවම නොවුණත් වක්‍රව මේ රජතුමා ගැන කතා කළා. අද මේ සූදානම රජතුමා ගැන තියෙන කුඩා කුඩා ...
රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව - ඉතිහාසයේ අප්‍රකට කතා 08 ආගිය කතා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්මේ ලිපිය මීට කලින් ලියවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුනාද කියන ලිපියට සම්බන්ධයක් තියෙන නිසා කලින් ලිපිය කියවන්න බැරි වුණා නම් ඒ ලිපිය වගේම ඒ ලිපියට එක්වුණු විවිධ අදහස් ටිකත් කියවලා ආවා නම් මේ ලිපියෙන් කියන්න යන දේ වඩාත් හොඳින් වැටහේවි.කන්ද උඩරට රාජධානිය ගැන කරුණු එකතු කරලා A Sketch ...
වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක් ආගිය කතා දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ" මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ හිවල්හාමි ...
දෙවිවරු වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් - ඉතිහාසයේ අප්‍රකට කතා 16 ආගිය කතා දෙවියෙක් වුණු ඔසිරිස් නම් ෆාරාවෝතමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු ...
රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා ආගිය කතා මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව ඒ ...
සුදු කොඩි නඩුව සහ සරත් ෆොන්සේකා ආගිය කතා අපි උපදින දවස්වලත් ලංකාවේ තිබුණේ යුද්ධයක්. අපි හැදුණේ වැඩුණෙත් යුද්ධයත් එක්ක. අපේ තාත්තා හමුදා නිලධාරියෙක් වුණු නිසා පොඩි කාලේ ඉදන්ම යුද්දේ කියන එක අයියටයි මටයි සමීප දෙයක් වෙලා තිබුණේ. අපි දෙන්නා සෙල්ලමටත් කළේ බංකර් හදන එක. ඒ වුණත් ටික ටික ලොකු වෙද්දී අපිට තේරුණා හරියටම යුද්දේ කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තාත්තා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ ඉද්දී තාත්තා ගැනත් බයක් අපේ ...
ශාක්‍යයන්ගේ ලේවලින් පුටු හෝදපු විඩූඪභ කුමාරයා ආගිය කතා කපිලවස්තුපුර නටබුන් කලින් සතියක ලියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කියන බ්ලොග් සටහනෙන් ශ්‍රේෂ්ඨ රාජ වංශයක් විදිහට සැලකෙන් ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය ගැන කතා කළා මතක ඇති. ඒ වගේ ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය බොහොම ඛේදනීයයි කියලා මම කිව්වාත් මතක ඇති. ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය පිළිබඳව. කෝසල ජනපදය කියන්නේ ...