වීමන් අලියා නිවන් ගියේ ය....... ආගිය කතා මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය. ඔහු කෙතරම් උග්‍ර යූ.ඇන්.පී. කාරයෙක්ද යන වග කුඩා ...
අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම ආගිය කතා පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ කතා කරන්නයි කාලෙකට පස්සේ මේ සූදානම. ඒ තමා ...
දෙමළාගේ ප්රශ්නය-අපි දෙමළ තමා මහත්තයා ඒත් දෙමළ දන්නෑ ආගිය කතා උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා. මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් ...
හොර රහසේ කරන වැඩේ හෙළිවේ - ආගිය කතාවෙන් හෙළිදරව්වක් ආගිය කතා ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේ වැඩ සිටිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියටත්, තුන්වෙනි වරට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්, ලෝකය පුරා ඇති බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා ...
උපැවිදිව කතෝලිකයෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ ආගිය කතා අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා කතෝලික දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි. කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ...
රුපියල් 140 කට පාඩු නැහැ ආගිය කතා ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු මට දවල් 1 විතර වෙනකම් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා ...
උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව ආගිය කතා අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා. ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ ...
වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක් ආගිය කතා දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ" මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ හිවල්හාමි ...
දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම ආගිය කතා චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි. කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක් කියන්නම්!" "ඒ මොකක්ද?" "මං අර පේන පුංචි පාලම ...
උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19 ආගිය කතා සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. උඩරට ...
සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ??? ආගිය කතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස ...
ඇයි එයාලා හෙළුවෙන් ඉන්නේ ? පිස්සුද ??? ආගිය කතා ඉන්දියාවේ විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ඔයාලා සංචාරය කරලා තියෙනවා නම් නිරුවතින් සිටින පුද්ගල කණ්ඩායමක් දැකලා තියෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් පොත පතින් ඉන්දියාවේ ඉන්න නිරුවත් ආගමික කණ්ඩායමක් ගැන අහලා තියෙන්න පුලුවන්. වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත නමින් හැඳින්වෙන ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වෙන ඒ පිරිස හඳුන්වන්නේ ජෛන එහෙමත් නැත්නම් නිඝණ්ඨ යන නමින්. අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු ...
එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ??? ආගිය කතා පාප්වරු තුන් දෙනෙක් මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්. ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් ...
හලාල් හලාල්.... හලාල් කතා දෙක තුනක් + විහිළුද සහිතයි ආගිය කතා මෙන්න චුට්ටි "හලාල්" කතාවක්... කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක් "ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න. කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන... අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට ...
ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18 ආගිය කතා අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ...
විහාරමහා දේවියට අන්තිමට මොකද වුණේ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 17 ආගිය කතා ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි. විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ. දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය ...
කෝ සින්දු සංගීතේ විතරද ??? ආගිය කතා චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ. කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ...
විෂ්ණුගේ දෙවියන්ගේ පාදයෙන් ඉපදුණු ගංගා නම් ගඟ ආගිය කතා ගංගා නම් නදිය මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම් නදිය ඇතිවීමත් එයාලා ඒ විදිහට හින්දු දේවප්‍රභ සංකල්පය යටතේම විස්තර කරලා තියෙනවා. ...
exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි ආගිය කතා exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave ...
මරුටි කාර් එකට නම දාපු හනුමාන් දෙවියා ආගිය කතා හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ. ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව ...