මල කෙලියයි.. ජූලි දාහතයි.. අවුරුදු උත්සවයට එන්න වෙන්නෙ නැතෙයි... අහස කරා... නොවැලැක්විය හැකි හේතුවක් නිසා සයිබර් බක්මහ උලෙලට පැමිනිය නොහැකිවන බව කනගාටුවෙන් වුවත් දැනුම්දෙමි. කාරනය catch 22 (මේක ගැන පස්සෙ ලියන්නම් ) ආකාරයේ එකක් වන අතර ඒ පිලිබදව කනගාටුව පලකරමි.අවුරුදු උත්සවයට එන බව ප්‍රකාශකර අංකයක් පවා ලබාගත් බැවින් වහාම ඒ බව හීයක් මගින් සංවිධායක මන්ඩලය වෙත දැනුම් දෙමි.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
යුරේකා... යුරේකා... කුරේ ක්‍රීඩාංගනය හොයා ගත්තා... අහස කරා... මේ උදේ හවස වැල්ලවත්ත හරහා ගාලු පාරේ එහේ මෙහේ යන මමවත් කුරේ ක්‍රීඩාංගනය තියන තැන දැනගෙන හිටියෙ නෑනෙ. ඒකමනේ අපේ සංවිධායක මංඩලෙන් ප්‍රශ්න වගයකුත් ඇහුවෙ.ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක වැල්ලවත්තෙ මාර්ග තදබදයෙන් බේරෙන්න අතුරු පාරවල් වලින් දාගෙන යනකොට කුරේ ක්‍රීඩාංගනය තියනව දැක්ක. හප්පේ කොහොමද මන්ද ඕක හොයාගත්තෙ. අන්තිම අස්සකනෙ තියෙන්නෙ. පයින් එන උන්දෙලටනම් බුදුසරනයි ඉතින්.ඒ අස්සෙ මගේ කලින් ලිපිය බලපු ...
දනහිස් දෙකම තුවාල වෙච්ච ගෑනුලමයෙක් දැක්කොත්? අහස කරා... පහු ගිය සතියෙ මම බස් එකේ වැඩටයනකොට දෙහිවල හන්දියට කලින් බස් නැවතුමේ ඉන්නව දැක්ක ටිකක් පෙනුම තියන උස ගෑනු ලමයෙක්. දැක්ක ගමන් ආපහු බලන්න හිතෙන පෙනුමක් තිබිච්ච නිසා මමත් බස් එකේ කවුලුවෙන් ආපහු සැරයක් බැලුව.කෙට්ටුයි, උසයි, දන හිසට වඩා පොඩ්ඩක් කොට සාය. අඩි උස සපත්තු. හෝව්.. හොව්.. මෙන්න බොලේ දනහිස් දෙකටම පැලැස්තර දෙකක් ගහලා.ඉතින් කොහොමද දනහිස් දෙකම එකම විදිහට එකම ...
සයිබර් බක්මහ උළෙලට ප්‍රශ්න පත්තරයක්... අහස කරා... බක්මහ උලෙලට තියෙන්නෙ තව දවස් 31යි. ඉතින් සංවිධායක මන්ඩලයට පොඩි ප්‍රශ්න පත්තරයක් දෙන්න ඕන කියල හිතුව. මේ ප්‍රශ්න ඉතින් ඕකට එන්න බලාගෙන ඉන්න හැමෝටම ඇතිවෙන්න පුලුවන් ඒව.1. කුරේ ක්‍රීඩාංගනය තියෙන්නෙ කොහෙද? (වැල්ලවත්තෙ බව දන්නව. වැල්ලවත්තෙ කොහෙද?)2. වාහෙනේකින් ආවොත් (කාර් එකකින් වගේ) නවත්තන්න තැනක් තියනවද?3. ඇදන් එන්න ඕන විශේෂ ඇදුම් තියනවද?4. කීයක් අය කරනවද? ඒකට කන්න බොන්න එහෙමත් හම්බවෙනවද?5. පුංචි ලමයෙක් ...
අධ්වේගී පාර නිසා වැලේ වැල් නැතිවෙච්ච අයත් ඉන්නවද? අහස කරා... පහුගිය සතියෙ මම බස් එකේ මාතර යනගමන් කල්පනා කරේ ඉස්සර කාර් එකේ ගාලු පාර දිගේ මාතර යනවනම් අපි නවත්වන තැන් කොච්චර තියනවද කියල. අධ්වේගෙ ඇරියට පස්සෙ මම අඩුම ගානෙ 10 වතාවක් මාතර කොළඹ ගියා මගේ වාහනෙන්, හැබැයි එක පාරක් වත් කලුතර, අලුත්ගම, අම්බලන්ගොඩ හික්කඩුව හරහා ගාලු පාරෙන් නම් ගියේ නෑ.ඉතින් මම කල්පනා කරේ ඔය මාතර කොළඹ පාරෙ ඉස්සර ගියපු කාර් ...
මගේ අලුත් අවුරුදු තෑගි ලැයිස්තුව... අහස කරා... අලුත් අවුරුද්දක් එනකොට හැමෝම කරන්නෙ තමන්ට දෙන්න තියන තෑගිවල ලැයිස්තුවක් හදන එකනේ. ඒත් මම හිතුව අනිත් අය මට දුන්නොත් හොද දේවල් ලැයිස්තුවක් හදන්න. මට අවුරුදු තෑගි දෙන අයගෙන් 99%ක්ම මේක දකින්නෙ නැති උනත් හදිස්සියෙවත් දැක්කොතින් කියල හිතල තමයි මේ ලියන්නෙ.හැම අවුරුද්දටම ඉතින් මට ලැබෙන්නෙ ටී ෂ්ර්ට් කිහිපයක්, ෂ්ර්ට් කිහිපයක්, සරමක්, කලිසමක් වගේ තෑගිනෙ. ඉතින් මේ අවුරුද්දෙ මට ලැබුනොත් වටින්නෙ මේ ...
ශ්‍රී ලාංකිකයින්ට PR දීම ඕස්ට්‍රේලියානු රජය විසින් නවත්වයි? අහස කරා... මේක ඉතින් ජෝක් එකක් එහෙම නෙමෙයි.දැන් බලන්න ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ක්‍රිකට් තරගයේ වැඩිම දිරිගැන්වීමක් තිබුනෙ ලංකාවටනේ. මොකෝ ඔය හිටියෙ මැච් එක බලන්නම ලංකාවෙන් ගියපු අය නෙමෙයිනෙ. අනික වැඩිපුර හිටියෙ ඉගනගන්න ගිහින් එහෙම ඉන්න අයත් නෙමෙයිනෙ. ඔය ඔක්කොම වගේ දැනට ස්තිර පදිංචියට අවසර ලැබිල තියන, ලගදිම පුරවැසිබව ලැබෙන, නැත්නම් දැනටම පුරවැසියො වෙන කට්ටිය.දැන් හිතල බලන්න ලංකාවෙ තියන ඔයවගේ තරගෙකට මෙහේ කට්ටිය ...
ක්‍රොක් බන් කාල තියනවද? අහස කරා... මේක 2004දි විතර මොරටුව තක්සලාවෙදි වෙච්ච වැඩක්.2004/2005 වගේ වෙනකම් මොර්ටුවෙ හිටපු කට්ටිය මැක් කැන්ටින් එක කියන්නෙ මොකක්ද කියල හොදටම දන්නව. ඒ කාලෙ මොරටුවෙ තිබුනෙ ගොඩ, වල, ගුල, එල් එක, මැක් එක කියන කැන්ටින් විතරයි, අපායෙත් එකක් තිබුනද මන්දා. අලුතින් මිකැනිකල් බිල්ඩිම හදනකොට කඩල දැම්මට මැක් කැන්ටිම හුගක් අයට සොදුරු මතක තියන තැනක්, විශේෂයෙන් දවල්ට ආදරය කරන්නයි රෑට බොන්නයි.මම පුරුද්දක් විදිහට ...
වැඩිපුර අමාරු මොන කොන්දොස්තරකමද? අහස කරා... කලුතර... අලුත්ගම... අම්බලන්ගොඩ... ගාල්ල... මාතර... ගාල්ල... මාතර.....කොලඹ මාතර බස් එකක යනවනම් සුපුරුදු වාක්‍ය ටිකක් තමයි ඒ. පහුගිය දවස් වල නිතරම බස් වල මාතර යන්න වෙච්ච නිසා මට පෙනිච්ච දෙයක් තමයි බස් කොන්දොස්තර කම කොච්චර අමාරුද කියල.ඉතින් අමාරුම වැඩේ සාමාන්‍ය බස් එකක කොන්දොස්තර වැඩේද? ඒසී බස් එකක් වැඩේද?ගිය සතියෙ මම ඒසී එකක ආපු නිසා ඒවැඩේ ලේසිය කියල තමයි මටනම් හිතෙන්නෙ. (අපේ ...
අන්තිම පූසගෙ උත්තරේ... අහස කරා... තාම පූස හෙව්වෙ නැත්තම් මෙතනට යන්න. පූස බලාගන්න පහලට යන්න.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
පූසව හොයමුද??? අහස කරා... මතකද මන්ද මම මීට කලිනුත් පූසො හොයන්න අවස්තාව ලබල දීල තියනව. දැකල නැති අය මේකෙන් යන්නකො.1. පලමු පූසා.2. දෙවන පූසා.අද දෙන්න යන්නෙ ලගදි මට අහුවුනු පූසෙක්. බලන්නකො පූස ඉන්න තැන හොයාගන්න පුලුවන්ද කියල.පින්තූරය හොයාගත්තෙ : http://ritemail.blogspot.comවිදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
බල්ලොත් එක්ක බෑ අහස කරා... 15 වෙනිද බල්ලොත් එක්ක බෑ පෙන්නනව මොරටුව විශ්වවිද්‍යාලයෙදි. පුලුවන් කට්ටිය ගිහින් බලන්න.... විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com
මෙන්න බොලේ කරන්ට් බිල නැගලා.... අහස කරා... අපේ ඔෆීසියෙ කරන්ට් බිල නැගල. ජෙනරල් මැනේජර් මහත්තය ඊයක් එවලම කියල තිබුන හවසට යනකොට කොම්පියුටරේ නිවල යන්න කියල. හවසට හවසට ඒ මහත්තය කොම්පුටර් නිවලද කියල ඇවිල්ල බලනවත් දැක්ක. මටනම් ඉතින් වැඩිපුර බලපෑවෙ නෑ මොකද මගේ තියන ලැප්ටොප් එක කොහොමත් හවසට අකුලල මල්ල ඇතුලට දාගන්න නිසා.පහුගිය සතියෙ තේ මේසෙදි අපේ කෙනෙක් යෝජනා කලා ඔය විදුලි බිල ඉතිරි කරගන්න හොද ක්‍රමයක්. මේක ...
සබ්වේ (SUBWAY) එකෙන් සබ්මැරීන් එකක් කෑවෙමි අහස කරා... ලංකාවෙදි සබ්මැරීන් එකක් කන්න මොකක්ද කරන්න ඕන? ඩයිනමෝ එකට ගිහිල්ල චිකන් හරි වෙජිටබල් හරි ටූන හරි සබ්මැරීන් එකක් ඉල්ලන එක විතරයි. එයාල කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතිව ඉක්මනටම අපිට ඒක හදල දෙනව.ඒ උනාට සබ්වේ එකට ගිහින් සබ්මැරීන් එකක් ඉල්ලුවොත් තත්වය වෙනස්.මේක මට උනේ කලිනුත් කියල තියන විදිහට මම ඕස්ත්‍රේලියාවෙ හිටපු දවස් වල. ඔන්න ඉතින් මෙල්බර්න් වල කොලින් වීදියෙ අපේ කන්තෝරුව ගාවම ...
හිගන්නෙක් බස් එකට නැග්ගොත් කීයක් දෙනවද??? අහස කරා... ඉස්සර හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් සාමාන්‍යයෙන් අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.අද මම ආපු බස් එකට හිගන මනුස්සයෙක් නැග්ගා. එක කකුලයි තියෙන්නෙ, මමනම් කලිනුත් දැකල තියනව බස් වල හිගාකනව. මම දැකපු ප්‍රධානම දේ තමයි හැමෝම වගේ දුන්නෙ රුපියල් 10 කොල බව. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙ 8 දෙනෙක් වත් ...
ඇන්ටි අක්කා අහස කරා... මේක උනේ ගිය අවුරුද්දෙ මම ඕස්ත්‍රේලියාවෙ ගිහින් හිටපු දවස්වල. (ඔන්න නයෙක් නෙමෙයි හොදෙයි.)මම ඔන්න ඉතින් එක සති අන්තයක රෑ කෑම වේල ගොඩදාගනත් බලාගෙන අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. ඒ ඇන්ටි අම්මගෙ යාලුවෙක් වෙන්නෙ ලංකාවෙ හිටපු කාලේ අම්ම එක්ක එක ඉස්කෝලෙ උගන්නපු නිසා. නැත්නම් වයසින් නම් අපේ අම්මට වඩා මත තමයි කිට්ටු මම හිතන්නෙ.ඉතින් පහුවෙනිද මගේ තව යාලුවෙක්ගෙන් දවල් කෑමකට ආරාධනයක් තිබුන. ...
කෝකියෙක් වුනු ඉංජිනේරුවෙකු හමුවිය... අහස කරා... අලුත් අවුරුද්දෙ මුල්ම සටහන. නමුත් මම අකමැති සිදුවීමක්.පහුගිය දවසක පරණ යාලුවෙක් රට ඉදන් ලංකාවට ඇවිත් අපේ ගෙදරටත් පොඩි විසිට් එකක් දැම්ම. මිනිහ මගේ පහල බැජ් එකේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරුවෙක්.ඉතින් අපේ කතා නායකය අවුරුදු 3ක් විතර මෙහේ ජොබක් කරකර ඉදල M.Sc. කරන්න කියල ඕස්ත්‍රේලියාව පැත්තෙ ගියා. ඒක ඉවර කරල දැන් මිනිහ කරන්නෙ ආපන ශාලාවක ක්ෂනික කෑම හදන එක. අපරාදෙ නේද ...
සුබ නව වසරක් වේවා... අහස කරා... 2012 නව වසර සාමය සතුට සපිරුනු සුබ නව වසරක් වේවා.තව තවත් බ්ලොග් සටහන් ලිවීමට වාසනාව පෑදේවා....වැඩි වැඩියෙන් හිට්ස් ලැබේවා....කොමෙන්ට් වැඩෙවේවා.....ආයු බොහෝ වේවා...ලියපු ටික ගැලපෙන්නෙ නැත්ද මන්ද.විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
පිය පදවියට මාස 2 යි අහස කරා... 2011 ඔක්තෝබර් 31 දමන්න හිටපු මේ ලිපිය ලියාගන්න බැරිවෙච්ච නිසා අද මේ විදිහට පලකරනව.2011 ඔක්තෝබර් 31 මට විශේෂ දවසක්. ඒ මම පිය පදවිය ලබපු නිසා. මාස ගනනක, නැත්නම් අවුරුදු ගන්නක බලාපොරොත්තුවක් ඉටුවුනු දවස එයයි.අද ගියා බබාට මාස 2කේ බෙහෙත් ගහන්න. හරියට ඇඩුව, හිගක් රිදෙන්න ඇති. ඒත් මොනව කරන්නද, ප්‍රතිශක්තිකරන එන්නත් නියම විදිහට දෙන්න එපයි.ඉතින් අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු හුගක් තියනව. විශේෂයෙන් ...
සිරිමත් - කුමාරතුංග මුනිදාසයන්.... අහස කරා... කුමාරතුංග මුනිදාසයන් ලියපු සිරිමත් කවි පංතිය මම පුංචි කාලෙ හරිම ආසාවෙන් රසවිදපු එකක්. නන්දා මාලිනිය එයාගෙ හදහාමි කැසට් පටයටත් මේ ගීතය ඇතුලත් කරා. හදහාමි කැසට් පටය ලගදි නැවතත් මිලදී ගන්න ලැබිච්ච නිසා මගේ ඒ මතකය ආයිත් අලුත් උනා... Sirimath by vidulahasarangaසිරිමත් මගෙ සකියහපත් ළමයෙකිනුවණත් ඇත්තෙකිවැඩටත් සමතෙකිඋදය ම පුබු දීමුහුණට දිය දීකුල දෙවි නම ඳීගේ දොර හම ඳීපාඩම් කරන ටපත-පොත ගෙන ...