රතු කෙස් ළමයගෙ උත්තරේ... අහස කරා... මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න.මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ...
යුරේකා... යුරේකා... අපිට මේ පාර පඩිවැඩිවීම් නෑ... අහස කරා... මේක මාර සොයාගැනීමක්. මාව පෞද්ගලිකව දන්න අය දන්නව මාම් වැඩකරන්නෙ IT ක්ෂේත්රයෙ කොම්පැනියකෙයි කියල. අනික අපේ කොම්පැනිවල මොනව කලත් සල්ලි ලැබෙන්නෙ රුපියල් වලින් නෙමෙයි, ඩොලර් වලින් (අපිට නෙවෙයි, කොම්පැනියට ඕං. ඉතින් ඔන්න ඔය කරුනු පාවිච්චි කරල තමයි මගේ මේ නව සොයාගැනීම කලේ.මේ අවුරුද්දෙ අපි හිතමු 10%ක පඩි වැඩිවීමක් ලැබුන කියල. රජයේ සේවකයෙක් එක්ක එහෙම සසදල බැලුවොත් මේක එසේ මෙසේ වැඩිවීමක් ...
රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්) අහස කරා... ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.අනිත් අම්මත් ඉස්සරහ ...
අන්තිම වතාවට ස බලමුද? අහස කරා... ඔබ කී වරක් 'ස' බලල තියනවද? මේක බන්දුල නානායක්කාරවසම්ගෙන් ඇහුවොත් කියාවි 28 වරක් කියල. මටනම් කියන්න තියෙන්නෙ දෙවරක් කියල. අපේ තාත්ත නම් පස්වරක් කියල කියාවි. හැබැයි ලගදීම දවසක් එනව මේ අගය තවත් වැඩිකරන්න බැරිවෙන. මොකද අන්තිම 'ස' ප්‍රසංගයට තියෙන්නෙ තව දින 19ක් වගේ ගානක්. 1973 ජුලි 20 වෙනිදින ලුම්බිණි රගහලෙන් පටන් ගත්තු 'ස' ගමන 2013 ජුලි මාසෙ 20 වෙනිදින ලුම්බිණි ...
බො** රාජේන්ද්‍ර බො** අහස කරා... රාජේන්ද්‍ර කියන්නෙ ඔෆීස් එකේ ඉන්න පැනි හට්ටියක්. හැබැයි කොමන් සෙන්ස් කියන ඒව නම් බිංදුවයි.ඔන්න ඉතින් අලුත් ගෑනු ලමයෙක් ඔෆීසියෙ වැඩට ආව. ඇහැට කනට පේනව. ඉතින් රාජෙන්ද්රයත් කොහොම හරි මේ ලමයව තමන්ගෙ පරිවාර ගොඩට සෙට් කරගත්ත.ඔන්න දවසක් මිනිහ පැනි පෙරාගෙන මේ ගෑනුලමයත් එක්ක චැට් එකක්. එක පාරටම චැට් එකේ brb කියල ගහපු ගෑනු ලමය අතුරුදහන් උනා. ඒ කියන්නෙ ඕෆ්ලයින් ගියා.දැන් රාජේන්ද්රයට ...
If she is 7 why cant she walk??? - එයාට වයස 7 නම් ඇයි එයාට ඇවිදින්න බැරි? අහස කරා... ගිය ඉරිදා මගෙ බැචෙක්ගෙ පුතාගෙ දෙවැනි උපන්දිනය යෙදිල තිබුන. පුතාගෙ නම චනූ. බැචා වැඩ කරන්නෙ ලංකාවෙ තියන එකම, නැව් හදන කොම්පැනියෙ. මෙයා ටිකක් සීනියර් පොරක් නිසා නිල නිවාසයක් එහෙමත් දීල තියෙන්නෙ. උපන්දින උත්සවේ තිබුනෙත් ඔතනම තමයි.පදුර වටේ තැලුව ඇති, දැන් කතාවට. උත්සවේට ඇවිල්ල හිටිය සෑහෙන්න පිරිසක්. අපේ යාලුවො වගේම අවට නිල නිවාසවල කට්ටියත්. පොඩි ලමයිනුත් සෑහෙන්න හිටි නිසා හරියට මොන්ටිසෝරියක් ...
නංගි මම කොලඹ අම්පාරෙ.... අහස කරා... ඔන්න එක අවුරුද්දක මොරටුවෙ ගෘහනිර්මාණ ෆැකල්ටියේ රැග් එක දෙන වෙලාවක අලුත් බැචේ සෙට් එකක් අල්ලගත්තු සින්නෙක් උන්ව වාත කරනවලු. ඔන්න ඉතින් ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙක්ගෙන් සින්න මෙහෙම අහනවලු:සින්නා: නංගි, තමුසෙ කොහේද?ජුන්නියා: අයියෙ, මම කොලඹ.සින්නා: කොලඹ කොහේද?ජුන්නියා: කොලඹ හොරණෙ.සින්නා: හොරණ කොහොමද යකෝ කොලඹ වෙන්නෙ?ජුන්නියා: නෑ අයියෙ එක බස් එකයිනෙ.ඉතින් වාත කිසිල්ල ඉවර වේගෙන එනකොට දෙගොල්ලොම හොදට සෙට් වෙනවනෙ. ඉතින් එහෙම ...
හොරණ පැත්තෙ ට්‍රෆික් රාලහාමිලාට හොද ආරංචියක් අහස කරා... අපේ රාලහාමිල හරි ආසයිනෙ අස්සවල්වල හැන්ගිල ඉදල හොර අල්ලන්න. මතකනෙ මම කලින් අනුරාධපුරේ යනකොට වෙච්ච සිද්දිය.මම කාර් එකෙන් මාතර යනවනම්, බොහෝ වෙලාවට ගමන පටන් ගන්නෙ ගල්කිස්සෙන් නිසා පානදුරෙන් හරවල ගිහින් තමයි අධිවේගී පාරට දමන්නෙ. ඉතින් පානදුර - හොරණ - රත්නපුර පාරෙන් අධිවේගෙට හැරෙන තැන් දෙකේදීම (එකක් කොලඹ පැත්තට, අනික ගාල්ල පැත්තට ) විදුලි ආලෝක සංඥා හෙවත් කලර් ලයිට්ස් හයි කරල ...
රත්මලානෙ ඉදන් සිංගප්පූරුවට දොලදුක් කෑම පැකට් එකක් අහස කරා... මීට අවුරුදු දෙකකට විතර කලින් මට රාජකාරි වැඩකට ඕස්ට්‍රේලියාවට යන්න සිද්ද උනා. ඉතින් ටිකට් බුක් කරේ සිංගප්පූරුව හරහා යන්න. ඔය දවස්වල තමයි Airbus A380 ගුවන් යානය මුලින්ම ඇවිල්ල තිබුනෙ. සිංගප්පූරුව සහ මෙල්බර්න් අතරත් ඔයින් එකක් දිවුවා. මටත් ඕකෙම යන්න ඕන වෙච්ච නිසා ඒ විදිහට යන්න ගමන සෙට් කරගත්තා. වැඩේ උනේ එහෙම කරනකොට උදේ 6 ඉදන් රෑ 10 වෙනකම්ම සිංගප්පූරුවෙ ඉන්න ...
අපේ කට්ටිය දෙමල විභාගෙ පාස් කරපු හැටි. අහස කරා... රජයේ සේවයෙ ඉන්න හැමෝම සමත් වෙන්න ඕන විභාග වගයක් තියනවනෙ. ඕකට කියන්නෙ ඊබා කියලද කොහෙද. ඉතින් මගේ යාලුවෙකුත් පහුගිය දවසක ගියා ඕකෙ එක කොටසක් වෙන දෙමල විභාගෙට.වැඩේ තියෙන්නෙ මේ දෙමල විභාගෙ කතා කරන්න ඕන ටෙස්ට් එකක් වීම. ලියල ගොඩ යනව වගේ නෙමෙයිනෙ කතාකරන එක. ඔන්න ඉතින් මගේ යාලුවා දොස්තර කෙනෙක්. කලින් වැඩකලේ නෝනා වාට්ටුවේ (LRH - Lady Ridgway Hospital). දැන් ...
රුපියල් 1100ක් අනූනවයෙන් බේරා ගතිමි. අහස කරා... ගිය ඉරිදා මගුල් ගෙදරකට සහභාගි වෙන්න අනුරාධපුරේ යන්න සිද්ද වුනා. හැමෝම පුත්තලම පාරෙ යන එක හොදයි කියපු නිසා මමත් ඒ පැත්තෙන්ම ගියා. පාර හොද වගේම රාලහාමිලත් හැමතැනම ඉන්නව කියල කියපු නිසා හොදට පරිස්සමින් තමයි ගියේ.ඔන්න පුත්තලම පහුවෙලා සැතපුම් 10ක් විතර ගියාට පස්සෙ එක පාරටම වෑන් එකක් ඇවිත් මාව ඉස්සර කරගෙන ගියා. මමත් ඉතින් වෑන් එක පස්සෙන් අරල දාල යන්න පටන් ...
බුහාරි එකේ බුරියානි එක. අහස කරා... අද හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා. උගේ මස්සිනා දවල්ට බුහාරි එකෙන් බුරියානි එකක් කාල ඇවිල්ල පලු යන්න බනිනව ඒකෙ වැරදි කියකියා. ඒක අහන් ඉදපු මට පුන්චිකාලෙ සිද්දියක් මතක් උනා.මම පොඩි කාලෙ, ඒ කියන්න ඉස්කෝලෙ හයේ හතේ වගෙ ඉන්නකොට දවසක් මොකක් හරි සිද්දියකට කොලබ ආව. ආවෙ මොකටද උනේ මොකක්ද කියල මතක නැතිඋනත් ඒ වැඩටික ඉවරවෙලා දවල්ට මට බුහාරි එකෙන් බුරියානි එකක් අරන් ...
මාතර බීච් එකේ බලු ශෝ එක අහස කරා... මාතර නගරය දන්න අය දන්නව වෙරල පාරෙ තියන මයුර හෝටලය. හවසට මයුර හෝටලය අවට ඇවිදින්න ගියොත් මීට අවුරුදු ගනනකට කලින් (මම මෙහෙම කියන්නෙ දැන් මේ දර්ශනය තියද දන්නෙ නැති නිසා) දකින්න පුලුවන් එක වයසක නෝන කෙනෙක් වටිනා කියන බල්ලෙක් අරගෙන ඇවිල්ල මුහුදු වෙරල ගාව බංකුවක වාඩිවෙලා ඉන්න හැටි.ඉතින් තව ටිකකින් එතනින් යන කෙනෙකුට පේනව අර නෝනම වෙනින් ජාතියක වටින බල්ලෙක්ගෙ ...
අධිවේගී පාරෙ ගැටලුවට පිලිතුර. අහස කරා... ඔන්න කියපු දවසටම පිලිතුර අරන් ආව. ගැටලුව කියවල නැත්නම් මෙතනින් ගිහින් ඉස්සෙල්ලම උත්සාහ කරල බලන්න. ඔක්කොමල වගේ හරි උත්තර දීල තිබුන. කාටද ආඩම්බර අපේ බ්ලොග් සහෝදරයොන්ගෙ දැනුම ගැන.අධිවේගී මාර්ගයෙ යන්න ඉන්ධන දහනය = 2500 X 1 = 2500අනිත් පැත්තෙන් යනකොට ඉන්ධන දහනය = 1700 X 2 = 3400අනුපාතය = 2500 : 3400 -> 5 : 7 (ආසන්න වශයෙන්)ඒ අනුව ඉස්සර ...
අධිවේගී පාරෙන් ගනිත ගැටලුවක් අහස කරා... අධිවේගී පාරෙ වාහනයක් එලවන් ගියපු අය දන්නව ඇති 100ක වගේ වේගෙකින් යනකොට වාහනයෙ RPM අගය සාමාන්‍ය අගයට වදා ඉහලට නගිනව කියල. වාහනයක ඉන්ධන දහනය සමානුපාත වෙන්නෙ ඒකෙ එන්ජිමේ වේගයට හෙවත් RPM අගයට. ඒ අනුව අපිට දල වශයෙන් ගනනය කරගන්න පුලුවන් මොන පාරෙන් යන එකද වාසි දායක කියල.අපි හිතමු කෙනෙකුට ඕන උනා කියල කොට්ටාවෙ ඉදල ගාල්ලට යන්න. අධිවේගී මර්ගයෙ ගියොත් 100ක ...
රංගය ශාන්ත සර්ට දීපු ගේම... අහස කරා... මුලින්ම කියන්න ඕන මේ රංග අර අපි හැමෝම දන්න ඊයෙ පෙරේද අමාරුවෙ වැටිච්ච රංග නෙමෙයි. මේ රංග හිටියෙ කැම්පස් එකේ අපේ යට බැච් එකේ.මොරටුව තක්සලාවෙ පරිගණක දෙපාර්තුමේන්තුවෙ හොදටම නින්ද යන විදිහට උගන්වන්නෙ කවුද කියල ඇහුවොත් ඒ තමයි අපේ අනිත් කතා නායකය, ශාන්ත සර්.ඉතින් ශාන්ත සර්ගෙ ලෙක්චර්ස් වලදි කොච්චර නින්ද යනවද කියනවනම් පහු වෙනකොට ලමයි හුගක් පුරුදු උනා හොස්ටල් එකේ ඉදන්ම ...
ලංකාවෙ කැම්පස් කීයක් අබෞද්ද??? අසිංහලද???? අහස කරා... මම කැම්පස් යන කාලෙ අත්වින්ද දෙයක් තමයි අපිට සිංහල අවුරුද්දට හරි වෙසක් එකට හරි වඩා නත්තලට නිවාඩු හම්බ වෙනව කියන එක. දැන් කැම්පස් එකෙන් එලියට ඇවිත් අවුරුදු 6ක් විතර උන නිසා හරියටම දින ගනන් මතක නැතිඋනත් මේ කතාව පරම සත්‍යයක් බවනම් ශුවර්.මේ කතාව මතක් උනේ සිංහල අවුරුදු දවස් වල අහපු සිද්දි දෙකක් නිසා. අවුරුද්දට මම අවුරුදු සතියෙ දවස් 3ම නිවාඩු ...
ඉන්ටර්විව් ගොඩ ගිය හැටි අහස කරා... මේක මීට මාස ගනනකට කලින් වෙච්ච දෙයක්.අපේ කොම්පැනියෙ SSE තනතුරකට ප්‍රසිද්ද කොම්පැනියක වැඩකරන බුවෙක් ඉන්ටර්විව් එකකට ආව. වැඩේ කරන්න නියම උනේ මටයි මගේ ලොකු ටෙක්ලීඩ්ටයි. පස්සෙ බලන් යනකොට බුවා ටෙක්ලීඩ්ව අදුනනව. ඉතින් අන්තිමට මටයි තව කෙනෙකුටයි තමයි වැඩේ කරන්න උනේ.ඉතින් ඔන්න සුපුරුදු ප්‍රශ්න ටික අහල ටික ටික අමාරු කරන්න පටන් ගත්ත අපි දෙන්නා. ඔන්න ඇහුව ජාව කලෙක්ශන් ගැන. වැඩේ ගොඩගියේ ...
ඔන්න අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවා... අහස කරා... මේක මම දැනට ලියල තියන කෙටිම පෝස්ට් එක උනත් අලුත් අවුරුද්දත වැඩ අල්ලන්නත් එක්ක ඔන්න ලියල දානව.එහෙනම් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!විදුල හසරංගhttp://vidula-sinhala.blogspot.comhttp://vidulahasaranga.blogspot.com ...
On a golden king pair සහ on a pair අහස කරා... අද ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් මැච් එක බැලුවනම් දකින්න ඇති සංගක්කාර බැට් කරන්න ආපු ගමන් යටින් වැටුන Sangakkara - On a golden pair කියල. ඉතින් පලවෙනි බෝලෙට ගැහුව ගමන් ඒක වෙනස් උනා Sangakkara - On a pair කියල. මොකක්ද මේජෙන් අදහස් වෙන්නෙ?මම ඉතින් ටිකක් හොයල බලනකොට විකි දෙයියෝ ගාව තිබුන ක්‍රිකට් වල පාරිභාෂිත ශබ්ද මාලාව. ඔන්න හොයාගත්ත මේ කියන්නෙ ...