කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව.. අසමාන කාලෙකට පස්සෙ ක්‍රිකට් මැච් එකක් බැලුව..ඒකත් බැලුවෙ හයිලයිට්ස්..එකෙක් කකුළ කඩාගෙනත් දුවනව..ඇඬෙනව තනි ඇහැට..දැන් දුවන්න සපොර්ට් එකක් ගන්න බෑලු..ඊළඟ පාර බලනකොට මොනව වෙලා තියෙයිද දන්නෙ නැහැ.. ...
ක්‍රිකට් හතුරො ක්‍රිකට් හතුරො අසමාන අහල පහල ගෙවල් වල ඉන්න ඉන්දියන් එවුන් කෑගහනව..ඔල්වරසන් දෙනව ඇහිල මමත් නිකමට වගේ ක්‍රික් ඉන්ෆො බැලුවම..පොඩ්ඩක් හය්යින් නෙලනව අරුන්..මුන්ට ආසියවෙ එකාටවඩා කැන්ගරු ලොකු උනා එහෙනම්.. ...
සාපේක්ෂ.. අසමාන සිකුරාදා පෝය නිවාඩු ලංකාවට..ගෙදර වැඩ ග්‍රොසරි ලොන්ඩ්‍රි අපට..ප.ලි.ඔය ෆොටෝ එකනම් ගත්තෙ මගෙ මොබිල් එකෙන්..නරකම නෑ නේද?
ගුවන් සූදුව... අසමාන මං මේ කියන්න යන්නෙ සුදූ කෙනෙක් ගැන නම් නෙමෙයි..සූදුවක් ගැන..සූදු කිව්වට මේක එසේ මෙසේ සූදුවක් නෙමේ...මේක කැලේකවත්..එහෙමත් නැත්නම් හොරෙන් කරන දෙයක්වත් නෙමේ..මේක කරන්නෙ ප්‍රසිද්ධ ස්ථානයක..සූදුව කරන්නෙ ගුවන් තොටුපොළක කිව්වොත්...මං ටෙක්සාස් වල ඉඳල වර්ජිනියා වලට අගෝස්තු මුල සතියෙ සංක්‍රමනය වුනා..සංක්‍රමනය කිව්වට මට ඉතින් ඒ හැටි දෙයක් තිබුනෙ නැහැ අරගෙන යන්න..ඇඳුම් ටිකයි පොත් පත් ටිකයි විතරයි..මගෙ මාස්ටර්ස් එක ටෙක්සාස් වල ඉවර කරල ...
ප්‍රථම වතාවට සිංහලෙන් error පේජ් එකක් දුටුවෙමි.. අසමාන ප්‍රථම වතාවට සිංහලෙන් එරර් පේජ් එකක් දුටුවෙමි....මෙහෙම එකක් මම දැක්කමයි මේ...404 දෝෂය..
හුරු බුහුටි... අසමාන හුරුබුහුටි කියන වචනේ පරිසමාප්ත අයුරින්ම ඇය හුරුබුහුටිය..ඒ ලස්සන වරලස..නිල්වන් ඇස්..චූටි මූන..ඇත්තටම එයා හරි පොඩී..ලස්සනයි..හුරුබුහුටියි...එයා අඩි 4ක් විතර උස ඇති..ඇත්තටම කියනවනම් එයාව හරියට බොන්සායි කරල වගේ..මටනම් ඇත්තටම පෙන්නෙ එයාව රාණි මුඛර්ජිගෙ බොන්සායි සහෝදරීවගේ..සමහර විට එයාගෙත් රාණිගෙ වගේ උගුර බැරැන්ඩි හින්ද සහ එයත් හින්දි කතාකරන හින්ද වෙන්න ඇති..ඔව්..එයා ඉන්දියන්..හැමවෙලේම මුහුනෙ හිනාවකින් සැරසිලා ඉන්නෙ..හරිම ශෝක්..හුරුබුහුටි ඉන්නෙ මගෙ ජූනියර් බැච් එකේ..ඒත් සමහර සමහර සබ්ජෙක්ට්ස් ...
එපික් බුෆේ.. අසමාන මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු නමක් තියෙන රෙස්ටුවරන්ට් එකක් ගැන..ඒකෙ නම එපික් බුෆේ..එපික් කියන වචනෙට විවිධ තේරුම් තිබුනත් මෙතන අදහස මට හිතෙන විදියට 'මාර බුෆේ' කියන එක..ලංකාව්දි අපි Buffet කියන එක බුෆේ කියල කියෙව්වට මෙහෙදි කියන්නෙ බෆේ කියල..මේ එපික් බුෆේ එක තියෙන්නෙ ඇමෙරිකාවෙ වෙස්ට් වර්ජිනියා ප්‍රන්තයෙ..මේකෙ විශේශත්වයක් වෙන්නෙ මේ බුෆේ එක තියෙන්නෙ කැසිනෝ එකක් ඇතුලෙ වීම..මේක තියෙන්නෙ හොල්වුඩ් කැසිනො ...
අවුරුද්ද අසමාන අලුත් අවුරුද්ද මේ සිකුරාදා..හ්ම්..වැඩ අත්හරින්න තියෙන්නෙ දවල්..හ්ම්ම්..ලිප ගිනිමොලවන්න තියෙන්නෙ රෑ..හ්ම්ම්..මේ පාරත් පුතා නෑනේ..කිරිබත් කටක් කවන්න...හ්ම් හ්ම්ම්..කට්ටිය ඔක්කොම එනව ආච්ච් බලන්න එදාට..හ්ම්ම්..චැට් එකක් දාන්න පුලුවන්නේද..බැරි වෙයි මං හිතන්නෙ...නිවාඩු නෑනෙ අපට ...
සුබ නව වසරක් වේවා..! අසමාන තව පැය කීපයකින් උදාවන නව වසර කිරියෙන් පැණියෙන් උතුරන..ලෝක විනාසයෙන් අවසන් නොවන එළමකිරි එකක් වේවා..!
සුදු නංගි අසමාන අද වැහි දවසක්..කළු වලාකුල්වලින් අහස බරවෙලා.ඉර කොහෙදෝ හැන්ගිලා.. වැස්ස බලන්නැතුව ජැකට් එකත් දාගෙන වෝට ප්රූෆ් බොටමකුත් උඩින් ඇන්දගෙන උදෙන්ම කැම්පස් එකට ගියෙ හීතලට ගුලුවෙලා බුදියගන්න බැරුවනම් නෙමේ..මේසෙ උඩින් බෑග් එක තියල..බෙදාගෙන ගිය බත් එක කන්න පටන්ගත්තෙ වෙනදට උදේට කන ඕට්මීල් ඉවර වෙල හින්ද..ෆ්‍රිජ් එකේ අලුත් දේවල් නැතිඋනත් හැමදාම ඒක ඇරල බලනව වගේ ෆේස්බූක් එක දිග ඇරගත්තෙ තට්ටතනියෙන් කනකොට පාළු හින්ද..කටවල් ...
එයා එනවලු..(අයිරින්) අසමාන එයා එනවලුමාර වේගෙන්ගස් පඳුරු ගලවගෙනගෙවල් කඩාගෙනමුහුද ගොඩ ගලයිලුගඟ උතුරයිලුඅපිට යන්නලුගෙවල් අත ඇරලකොහේ යන්නදකවුරු ගාවටදඔබාමා..ඔබාමා..අයිම් හියර්... ප.ලි. මම මෙහෙට ඇවිල්ල තාම සති තුනයි..අඟහරුවාදා බූමිකම්පාවක් උනා..දැන් කුණාටුවක් එන්න යනව..ටෙක්සාස් වල හිටපු අවුරුදු දෙකේම අවුලකට තිබුනෙ පට්ට අව්ව විතරයි..! ...
උස අයට..මිටි අයට..කොට අයට හැමෝටම..වයස ප්‍රශ්නයක් නැහැ.. අසමාන මම මේක දැක්කෙ වර්ජිනියාවල තියෙන උද්භිද උද්‍යානයක රෙස්ට් රූම් එකක..පොඩි ළමයිනුත් එන නිසා වෙන්න ඇති මේවගේ හදල තියෙන්නෙ..ලංකාවෙනම් ඉතින් ගහකට අල්ලනවනෙ..මෙහෙ එහෙම බැහැ..ලොල්ප.ලි. මීට කලින් මෙන්ස් රූම් එකක ඇතුළ දැකල නැති අයට..ඒවල මේවගේ ටිකක් උසකින් තමයි තියෙන්න.. ...
ඇමෙරිකාවෙ කොකිස් අසමාන බැලූ බැලූ හැමතැනම කිස් තිබුනට කොකිසක් දකින්නෙ ඉතින් කාලාන්තරයකට සැරයක් තමයි..හිකිස්..මැක්ඩොනල්ඩ්ස් එකේවත් පිට්සා හට් එකේවත් කොකිස් විකුන්නනෙ නැහැනෙ...ස්ටාර්බක්ස් එකෙන් කොකිසක් කාල ප්ලේන්ටියක් බොන්න බෑනෙ..ඒ හින්ද ඔය කොකිස්,කැවුම් වගේ සිංහල කෑම වගේම කට්ලට් මාලුපාන් වඩේ වගේ ඒවටත් මාර ආසවක් එනව මෙහෙ ඇවිල්ල ටික දවසක් යනකොට..මෙහෙ ඉතින් කන්න තියෙන ගොඩාක් ජාති පැණිරසයිනෙ..වැඩිය ඕනෙ නැහැ..මෙහෙ සබ්මැරින් එකක් තියෙනව උඩින් මීපැණි දාල දෙන්නෙ..අලිගැට පේර ...
සුදු නංගි ඇවිත් ගියා... අසමාන සුදු නංගි මට හම්බුනේ මෙහෙම..එදා කිව්ව විදියටම..ඊළඟ සඳුදා එයා උදේම ආව..ඒත්..ඒත්..මගෙ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා එයාගෙ සිගරට් දුමට.. එයත් බහුතර කෙල්ලො වගේම සිගරට් බොනව..සීත නිසා වෙන්නත් ඇති..සිගරට් බීල හින්දද කොහෙද පොඩි කැස්සකුත් තියෙනව..මං ඉතින් දුම් බොන එක හොඳ නැහැ කියල කියන්න හිතුවත්..ඒත් මං කවුද එයාට ඕව කියන්න නේද? මට එයා විතරක් උනාට එයාට එහෙම නැහැනෙ..ඔයා හරි ස්වීට් කියල හිනා ...
අපි දෙන්නා.. අසමාන හෝදන්නෙත්පිහින්නෙත්වේලන්නෙත්එකට.. ප.ලි. මේක මං ඉන්න ගෙදරට යට තට්ටුවෙ ඉන්න ඉන්දියන් ජෝඩුවගෙ
බොට්ල් ඕපනර්.. අසමාන වෙලාව රෑ 12.05..මං පොඩි ගමනක් ගිහින් ගෙදර එන ගමන්..බයිසිකලේ කණුවෙ ගැටගහල..සුපුරුදු පරිදි මූනුපොත ෆෝන් එකේ දිගඇරගෙන ඒක ඉහලට පහලට බලමින් පඩිපේළි 64 නගිමින් හිටියෙ..තුන්වෙනි තට්ටුවත් නැගල හතරවෙනි එකට ඔන්න මෙන්න කියල තියෙන කොට තමයි දැක්කෙ සුදු නංගිල දෙන්නෙක් පඩිපෙළ හරස් කරගෙන ඉඳගෙන ඉන්නව..මොනවදෝ බොනගමන් බටත් ගහනව..මම ලොකු හිස්මක් අල්ලගෙන (පැසිව් ස්මෝක්න් මොකටද නිකන්..) ඉන්නකොට..එක්කෙනෙක් නැගිටල ඉඩදුන්න..ඇනික් කෙන අහනව.."ඩූඩ්..ඩූ යූ හෑව් ...