ලෝකෙ හැම දෙයක් ම සාපේක්ෂයිලු – ඉතින් ඕනෑ දෙයක් කළාට කමක් නෑල්ලු අරුණි ශපීරෝ වෙතින් මෙය සාපේක්ෂතාවාදය ගැන දාර්ශනික සටහනක් නොවේ. එහි ඉතිහාසයත්, එහි සංවාදයත්, එහි දැකිය හැකි අඩුපාඩු ගැනත් කෙස් පැලෙන තර්ක කියා පෑම වෙන දවසක කරන්නට හැකියි. “ඒකත් සාපේක්ෂයි නේද?” යන්න නිදහසට කරුණක් ලෙසින් යොදා ගැනීම ගැන සටහනකි මේ. සාපේක්ෂතාවාදය නොහොත් relativism යනු, යම් දැක්මකින් අයෙක් කියන්නක් හෝ සමාජයේ දකින්නට හැකි හැදියාවක් හෝ චාරිත්‍රයක් වාරිත්රයක් වුවත් හෝ ගැන කතාබහේ දී, එහි පරම ...
ජීවිතේ අම ධාරා … අරුණි ශපීරෝ වෙතින් පසුගිය දා පැවැත්වුනු “ඖෂධ පැළෑටි සහ හර්බල් නිෂ්පාදන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට” සහභාගී වෙන්න ආපු ලංකාවේ කණ්ඩායමෙන් මහවෙදනා මල්ලි ඇතුළු ටික දෙනෙක් හමුවන්න මට අවස්ථාවක් පෑදුනා. මුල් වතාවට ලංකාවේ සිට ඇමෙරිකාවට එන අය හා ගැවසීම හැම විටක ම ලොකු සතුටක්. මෙහෙ කාලයක් ජීවත් වූ අයත් දැකලා නැති ගොඩක් දේවල් එයාල දවස් කිහිපයක දී දැක බලාගන්නට සමත් වුනා. උත්සාහවන්තයෝ තමයිනෙ ජයගන්නේ!!!! සමහර ...
නාස්තික වූ නාස්තිවාදයේ විද්වතුන් එරී සිටිනා සමයක … අරුණි ශපීරෝ වෙතින් නාස්තික (destructive) වූ නාස්තිවාදයේ (nihilism) විද්වතුන් එරී සිටිනා සමයක ඔවුන් එසේ තමන් වැටිච්ච මඩ ගොහොරුවේ ලැග, නැත්නම් හැමෝම එක දිහා බලාගෙන විදුලි රැහැනක ඉන්නා පරෙවියන් සේ හිඳගෙන සිටිය දී, දුකම මොන තරම් සතුටක් දෝ යැයි සිතමින් ඉන්නවා නම් කමක් නොවේ. එහෙත් ඔවුන් ලොවට හඬ ගා එසේ කියමින් සිටින නාස්තික වූ හැදියාව පැතිර යෑමෙන් භීෂණය නැවත එන සෙය දැක දැකත් ...
පාඩුවේ ඉන්න දෙන්න -සමරිසියන්ටත්! අරුණි ශපීරෝ වෙතින් අයෙක් විවාහ වෙන්නේ හෝ නොවෙන්නේ කා සමඟදැයි කියා රටක ආණ්ඩුවක් තීන්දු දිය යුතු නැත. මිනිසා සිය ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන තීන්දු දෙන්නට දන්නවා කියාගත් ආණ්ඩු නිසා කිසිත් ප්රචණ්ඩත්වයන් සිදු නොකළ මිනිසුන්ට ජීවිත අහිමි වී ගිය හැටි අපිට ඉතිහාසයෙන් ඕනෑ තරම් දැනගන්නට හැකියි. සමලිංගිකතාව කියනවාට වඩා මම කැමති සිංහල බ්ලොග් ආරම්භයේ සිටි ටැබූ සබ්ජෙක්ට්ස් හඳුන්වා දුන් සමරිසි යන ...
ලෝක අලි, පැරිසියේ කාන්තාවන් හා කළ නොකළ යුතු දෑ අරුණි ශපීරෝ වෙතින් ලෝකයේ සියල්ලන්ම පරාදීසියක් යැයි පිළිගත් තැනක් කිසිදා නොතිබුණි. එහෙත් පරාදීසියක් හොයන්නට බහුතර පිරිසක් වෙහෙසෙති. ඒ සඳහා නායකයන් පත්කර ගනිති. ආගම් හා දර්ශනයන් අදහති. දේශපාලන හා ආර්ථික න්‍යාය අනුගමනය කරති. මෙලොව දී බැරිනම් පරලොව දී හෝ එහි යන්නට වෙහෙසෙති. පරාදීසියට යන්නේ මෙසේ යැයි ද එය මෙවැනි ආකාරයෙන් වූවක් යැයි ද විස්තර කරනා අයත් සිටිති. පුරාතන හින්දු මිථ්‍යා ප්‍රබන්ධයකට අනුව ලොව ...
ලංකාවේ Dancesport! සුබ පැතුම් දර්ශන්!! අරුණි ශපීරෝ වෙතින් දර්ශන්ව මා හඳුනාගන්නේ 2004 දී. මෙන්න ඔක්තෝබර් 21 දා හිල්ටන් හෝටලයේ දී ප්‍රවීනයන් රඟ දක්වන ලතින් ඇමෙරිකන් සහ බෝල්රූම් ඩාන්සින් බලන්න අවස්ථාවක්. කැමති අයට ඉගෙන ගන්න එයා මෙහෙයවන පංති රාජගිරිය පැත්තේ තියෙනවා. වැඩි විස්තර සඳහා: http://www.dancesport.lk ...
මෝඩ වැඩ කරන්න අවසර ලැබෙන නිදහස අරුණි ශපීරෝ වෙතින් ධනවාදී ක්රමයේ දී බොස් වනාහි තමන් මිසෙක වෙන කිසිවෙක් නොවේ. පරම වනුයේ ආණ්ඩුව නොව ජනතාවයි. පරම කවුදැයි ඔප්පු කරන සාක්ෂිය නම් ජනතාවට මෝඩ ලෙසින් හැසිරෙන්නට ඉඩප්රස්ථාව ලැබීමයි. මෝඩ වැඩක් කිරීමට අවසරය ලැබෙනවා සේ ම ඒ මෝඩ වැඩෙන් ලැබෙන විපාකය ද අත්විඳීමට සිද්ධ වීමයි. පාරිභෝගිකයා තමයි අවසන් තීරණය ගනු ලබන්නේ යැයි කියද්දී එයා අතින් වැරදි තෝරාගැනීම් සිද්ධ වන්නේ නැතැයි කියැවෙන්නේ ...
මෙසේ වෙනවා යැයි දැන සිටියාට එසේ වූවාම කිසිම සතුටක් නැති දිනක්!!! අරුණි ශපීරෝ වෙතින් ඉදිරිපත් වූ දෙන්නා ගෙන් කොයි එක්කෙනා ආවත් ඇමෙරිකාව දාස භාවයට ගමන් ගන්නා මඟ වෙනස් නොවන බව දන්නා අය දැන සිටියහ. ඒ මාර්ගයේ වඩා ඉක්මණින් ගමන් කරනු පිණිස ඊයේ ඊට සුදුසු ජනාධිපතිවරයාව බහුතර ජනතාව විසින් තෝරාගෙන ඇත. ඔවුන් තෝරාගෙන ඇත්තේ රැකියාවක් නොමැති වුනත් පසුම්බියට වැටෙන භාණ්ඩාගාරයේ නොමැති මුදල් ය. ඔවුන් තෝරාගෙන ඇත්තේ යුනියන් එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටිනවාය යන මිථ්‍යාවය. ...
ස්වභාවයෙන් ම මොළය නිර්මාණය කර ඇත්තේ ත්‍යාගශීලී ධනවතුන්!!! අරුණි ශපීරෝ ගේ අඩ නිරුවත් ඡායාරූප සහිතයි!!! අරුණි ශපීරෝ වෙතින් මිනිස් සතා තුල ප්‍රාජක 4 ක් ඇති බව පෙන්නුම් කරන පර්යේෂණය ultimate game. චර්යා අර්ථ ශාස්ත්‍රඥයන් විසින් නිර්මාණය කරන ලද්දකි මේ. පර්යේෂණය සඳහා ‘යෝජනා කරන්නා’ (proposer) සහ ‘ප්‍රතිචාර දක්වන්නා’ (responder) වශයෙන් සසම්භාවී (random) දෙදෙනෙක් තෝරා ගැනෙයි. පර්යෙෂණය පවත්වන්නා විසින් ‘යෝජනා කරන්නාට’ යම් මුදල් ප්‍රමාණයක් දෙයි. එය රුපියල් දෙදාහක්, සියයේ නෝට්ටු වලින් දුන්නා යැයි කියමු. ඒ නෝට්ටු සියල්ල ‘යෝජනා කරන්නාට’ ...
ඇයි අනිත් රටවල් වලින් මෙහෙම කතා අහන්න නැත්තේ? අරුණි ශපීරෝ වෙතින් එකිනෙකාට උදව් කරගන්නා සමාජයක් ගැන වැඩියෙන්ම අහන්නට ලැබෙන්නේ වඩාත්ම පුද්ගලික අයිතිය අගයන සමාජය තුලින් ම නොවේ ද? ජෝ ලියුකන් ගැන ප්‍රතිචාරය දැම්මාට උදිතට බෙහෙවින් ස්තූතියි. වසර 14 කට පෙර ජෝ ලියුකන් තම සිල්ලර කඩයේ වැඩ කරමින් සිටිය දී තමාගේ අත් වෙව්ලන බව දැකීය. ඒ ගැන වැඩි අවධානයක් ඔහු දැක්වූයේ නැත. තමා වාසය කරන නගරය වූ බෙමිඩ්ජි හි තිබෙන බෙමිඩ්ජි ...
අල්ලතොත් මහ එකා අරුණි ශපීරෝ වෙතින් හැප්පෙන්න ඕනෑ නම් හැප්පිය යුත්තේ ඉහළ අයෙකු සමඟ ය. එයින් ලබනා පරාජය වුවත් නම්බුවකි යැයි මතයක් ලංකාවේ ඇතැයි කියන්නේ ජනශ්රැතියේ එන “ප්‍රස්තාව පිරුළු” (2011) නමින් පොතක් ලියූ පී. ඇම්. සේනාරත්න විසිනි. රංඩුවකට වුවත් අල්ලා ගත යුත්තේ මහ එකෙකි යැයි ‘අල්ලතොත් මහ එකා’ යන්න පහදමින් ඔහු ලියයි. ලොකු තානාන්තරයක් දරන ප්‍රභූ පුද්ගලයාට, ඉහළ පංතියේ යැයි සැලකෙන අයෙක්ට මෙවැනි වැදගත්කමක් දීමෙන් ...
මැද පෙරදිග මොකක් ද රුසියාවෙනේ උද්ඝෝෂණ!!! අරුණි ශපීරෝ වෙතින් පුසි රයට්ලා මුකවාඩම් බැඳගෙන සිංදු කිව්වේ මොස්කව් හි ප්‍රධාන පල්ලියක දී ය. ඒ පූටින් ගෙදර යවන්නට කියා දෙයියන්ට කරන ලද ඉල්ලීමකි. පූටින් විසින් පුසි රයට්ලා අල්ලා සිරගත කළේ දෙවියන්ට අපහාස කළා කියමිනි. නැවත ජනාධිපති වූ පූටින් මැයි මාසයේ පටන් ගෙන රුසියාවේ නීති බොහොමයක් තද කරන ලදි. ඔහුට විරුද්ධ අයව අත් අඩංගුවට ගන්නා ලදි. ඒ අයව සිරගත කරන ලදි. ඕනෑම ...
සියළු වින වලට මූලය වනාහී නිෂ්පාදනයට එරෙහි බද්දයි අරුණි ශපීරෝ වෙතින් ඇමෙරිකාව බිහිවූයේ නිර්භීත මිනිසුන් වෙතින්. නිවහල් මිනිසුන් වෙතින්. ඇමෙරිකාවේ ජාතික ගීය හෙවත් “තරු විසිරුන කොඩිය” ලියුවේ 35 හැවිරිදි නීතීඥයෙකු හා ආධුනික කිවියෙකු වූ ෆ්‍රැන්සිස් ස්කොට් කී වෙතින් 1814 දී ය. ඇමෙරිකාව “නිවහල් අයගේ වාසස්ථානයයි, එය නිර්භීත අයගේ භූමියයි,” (the home of the free and the land of the brave) යනුවෙන් ඇමෙරිකානුවන් අදත් ගායනා කරන්නේ යම් උත්සවයක් ආරම්භයේ දී ය!!!! ...
Ikea නොහොත් ස්විඩිශ් වලින් කියන ඉකෙයා වෙළඳසැලට ගියෙමි අරුණි ශපීරෝ වෙතින් සියෑටල් නගරයේ පදිංචියට වෙන්න ලැහැස්ති වෙන දියණියට කුලියට නවාතැනක් සොයාගන්න තමයි අපි මුලින්ම කාලයක් යෙදෙව්වෙ. සෙනසුරාදා සියෑටල් ටයිම්ස් පත්තරේ කුලියට තැනක් ගැන දාපු දැන්වීම් එකක් පමණයි තිබුනේ. දැන් මෙහෙ හැමෝම අන්තර්ජාලයෙන් දැන්වීම් ප්‍රචාරය මිසෙක පත්තර වල දාන්නෙ නැත්ද කොහෙද. අනික දැන්වීම් දාන්නත් ඕනෑ ද කියලා හිතුන මොකද එක තැනකට යද්දී 17 දෙනෙක් ඇවිත් සිටියා ස්ටුඩියෝව කුලියට ගන්න!!! ඩොලර් 35 ...
දුර්වල රටක් විදේශීය අනතුරු කැඳවති අරුණි ශපීරෝ වෙතින් “1706 ජූලි 1 වැනිදා ස්කොට් පාර්ලිමේන්තුවට ලිපියක් ලියූ ඈන් රැජින එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර යුනියනයක වැදගත්කම මෙසේ සඳහන් කළාය: “සම්පූර්ණ සහ පරිපූර්ණ වූ යුනියනයක් දීර්ඝ කාලීන සාමයක පදනම වෙයි. එයින් ඔබේ ආගම, නිදහස සහ සමෘද්ධිය ආරක්ෂා වෙයි. ඔබ එකිනෙකා අතර ඇති වෛරයන් ඉවත් කරගන්න, එවිට අපේ රාජධානි දෙක අතර ඇති ද්වේශයන් සහ වෙනස්කම් ඉවත් කරගන්න හැකිවනු ඇත. එයින් වැඩිවෙන්නේ ...
වාහනයක් උස්සා පුද්ගලයෙක් බේරාගත් මහමඟ සිටි මිනිස්සු අරුණි ශපීරෝ වෙතින් රථ ගාලකින් එළියට ඇදෙනා වාහනයක් හා ගැටෙන්නට ගිය මෝටර් සයිකලයක් එය මඟහරින්නට දැරූ උත්සාහය අසාර්ථක විය. මෝටර් සයිකලයේ ආ තරුණයා වාහනය යටට විසි වී ගියේය. රථයත් මෝටර් සයිකලයත් ක්ෂණයෙන් ගිනි ගත්හ. ඒ යුටාහ් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ Lund Hall නම් ගොඩනැඟිල්ල අසල දී ය. අසල වූ කැම්පස් ගොඩනැඟිල්ලේ 9 වැනි තට්ටුවේ දේශන විඩියෝ පටිගත කරන අයෙක් මේ දර්ශනය පටිගත කළේය. ...
නිදහස් වෙළඳාමට රහසිගත ගිවිසුම් අවශ්‍ය ද? අරුණි ශපීරෝ වෙතින් ලංකාවේ සමහරු අද එක්ටා නමින් හැඳින්වෙන ඉන්දියා-ලංකා වෙළඳ ගිවිසුම ගැන විරෝධය දක්වති. මෑතක දී යුරෝපීය යුනියනය සහ ඇමෙරිකාව අතර හදන්නට යන ආයෝජන එකමුතුව ගැන වූ නිදහස් වෙළඳ යෝජනා ගැන විරෝධය පාන්නට බෙල්ජියමේ දහස් ගණනක ජනතාවක් බ්‍රසල්ස් නගරයේ දී වීදි බැස්සහ. සටහනට එකතු කරන පින්තූරයේ දැක්වෙන්නේ 2015 දී බර්ලිනයේ පැවති විරෝධතා රැළියකි. නිදහස් වෙළඳාමට ගිවිසුම් අවශ්‍ය නැත. බෙල්ජියමේ විරෝධය දක්වන ...
සියෑටල් නගරයේ කිඹුලා පාන් අරුණි ශපීරෝ වෙතින් මේ කිඹුලා බනිස් නෙමෙයි. කිඹුලා පාන්. සීනි තවරලා නැති නිසා පැණිරහක් නැහැ. මේ අවුරුද්දේ මාර්තු මාසයේ පටන් ගත්ත බේකරියක්. කළින් ඕඩර් කළාම තමයි කිඹුලා පාන් හදලා දෙන්නෙ. උත්සවයකට හෝ රුස්වීමකට පාන් අවශ්‍ය වුනාම මේ කඩයේ අරක්කැමියා වන Angel Rocha, පුලුවන් තරම් උත්සාහයක් ගන්නවා යැයි කිව්වා පාරිභෝගිකයා ඉල්ලන විදියෙ හැඩයකට පාන් ගෙඩියක් හදලා දෙන්න. පාන් පුච්චද්දී තියෙන ලොකුම අභියෝගය හැඩය ...
ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී අරුණි ශපීරෝ වෙතින් ලුඩ්විග් වොන් මීසස් විසින් “Die Legende von Versagen des Kapitalismus” නමින් Der Internationale Kapitalismus und die Krise, Festschrift für Julius Wolf (1932) හි පළ කරන ලද “ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව” යන ඉංග්‍රීසි පරිවර්තන ලිපියේ සිංහල අනුවාදයයි. උපුටා ගැනීමේ අවසරය ලැබෙන්නේ Copyright © 2012 by the Ludwig von Mises Institute වෙතින්. පහුගිය වසර කිහිපය තුල පටන් පැවතෙන ආර්ථික අර්බූදය ...
ආගම දේශපාලනයට ගාව ගත්තම ආණ්ඩුවක් පරදිනවා ද? අරුණි ශපීරෝ වෙතින් චීනයේ China Power Investment Corp. එකට අවුරුදු පහක් තිස්සෙ මියෙන්මාර් පාලකයෝ එක්ක බොහෝ සෙයින් කුළුපග වෙලා ඩොලර් බිලියන 3.6 ක ආයෝජනයෙන් Myitsone හි හදමින් සිටි ජලවිදුලිබලාගාරය හදිසියේ ම නවත්වන්න කියා මියෙන්මාර් ආණ්ඩුවෙන් නියමයක් ලැබුණ. මියෙන්මාර් ජනාධිපති Thein Sein කිව්වෙ “ජනතාවගේ කැමැත්තට සවන් දෙන්න” ඕන නිසා කියල. දුප්පත් රටවල් වලට ඇමෙරිකාවේ සල්ලි නැතුවත් බැහැ. ඇමෙරිකාවේ නීති පිළිපදින්නෙ නැතිව සල්ලි දෙන්නෙත් ...