"මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී......" අඹ ගහ යට "හන්තානේ කදු පාමුල සරසවි වලේ ගල් බැම්මක නුඹ සමගින් ගෙවු කාලය කොහේදෝ සැගව ගොසින් වස්සානේ වසින වැස්ස මොන තරම්ම සීතලයිද උනුසුමකට ගුලි වෙන්නට නුඹ මා ලගින් නොමැත වසන්තයේ මල් පිපෙද්දි මගෙ සිත් මල පරව ගිහින් සිත ලග උන් නුඹත් අරන් වෙන කවුරුද යන්න ගිහින් මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී නෙතට හොරා ආ කදුලූ පිස දමන්න නුඹ නැතිලූ මහවැලියේ සීත ඉමේ නුඹ සමගින් උන් කාලේ ගග දිය සේ ගලා ගිහින් ගග අද්දර මා තනියෙන්........." ...
කියන්නා කෙසේ කිවත්.... අඹ ගහ යට ඔයා නැති විනාඩියත් කල්පයක්කියලා කිව්ව ඔයා...මේ දැන් ගත කරන්නේ කිවෙනි කල්පයද?
ජපන් ඛේදවාචකයේ සහෝදර අත්දැකීම් අඹ ගහ යට "දවස මාර්තු 14 සඳුදා. වෙලාව පාන්දර 2.30යි. සිවිලිමෙන් කොටසක් ගැලවී ගොස් තිබෙන ලැබ් කාමරයේ පරිගණක තිරය ඉදිරිපිට මා වාඩි වී සිටිමි. සෝපා මත හා බිමද නිදාසිටින මා සඟයන් තදින් හුස්ම ගන්න ශබ්දය මට බාධාවක් නොවේ. දැන් දවස් දෙකක් තිස්සේ ඔවුන් ගතින්ද සිතින්ද බොහෝ සේ වෙහෙසී සිටින බව මා දනිමි.මගේ ඉදිරිපිට විශාල රූපවාහිනී තිරයේ දිස්වන්නේ හිත සනසන ලස්සන රූප නොවේ. එයින් ...
සිත මිස කය නැති, බඹ ලොවකට ඔබ - මා කැඳවන්නේ මන්ද නගේ....... අඹ ගහ යට බසය නවතා ඇත. එන්ජිම පණ ගැහෙයි. දැන් විනාඩි පහකට ආසන්නව ඇත. ගිණියම් මාර්තු අව්ව තහඩු වහලය විනිවිද දැනෙයි.මා එක් අතකින් වැරෙන් ආධාරකයක එල්ලී සිටිමි. අසුනක ඉහල කොටස තෙරපී කලවයක් රිදුම් දෙයි. අනෙක් අතින් අල්ලා ගැනීමට අඟලක හෝ ආධාරකයක් අවට ඉතිරිව නැත. මා පසුපසින් දෙදෙනෙකු තෙරපෙයි. දහඩිය පිරුණු අතක් මා මුහුණ හරහා ගොස් කණුවක් අල්ලාගෙනය. දෙපසින් තෙරපෙන ස්ථුල මිනිසුන් දෙදෙනාගෙන් මා ...
මැරෙන්නට තීරණය කිරීම අඹ ගහ යට වෙරෝනිකාමම සුදානම්මරණයට.......උමතුවෙන් හිනාවෙන්නඑපා ආයෙත්..ආතාත්වික ප්රතිබිම්බවලටපණ ඇවිදින්උඩුකුරු උනාම....දිග පළල මනින්න බැරි ලෝකේඑක දිගටකම්මැලි හීන පේනකොට.....පුදුමයක් දමම සුදානම් වීමමරණයට...... ...
පුතා හෙවත් ඩුබායි වට්ටක්කා කෝ අඹ ගහ යට ලුණු ඇඹුල් දමා අනාගෙනඅරාබ් කාරයෝත් හරි විහිළු කාරයෝ කියමින්ගුළි තුන ගැන කිය කියා හොරෙන් හොරෙන් කිරිත් බ්ව්වටොයිලත් ප්රශ්ණ මැද බලුම බලු කතා කියමින්බිත්තර දැමූ කුකුළා..............................?ලව් ඉස්ටෝරියක් වගේ එකක් නිසාඋඹට පිස්සු හැදිලාවත්ද? ...
ටැබූ.......! අඹ ගහ යට විකසිත වන මිනිස් අදහස් වාරණය කල හැකි බව ඔප්පු කර ඇත. එහෙත් අදහස් විකසිත වීම නැවතිය නොහේ. පුංචි අව් රැල්ලකටත් හේබා යන මීවන පඳුරු මෙන් ළදරු අවධියේ වැඩෙන ලාංකීය බ්ලොග් අවකාශයට පරිනාමීයව ගත්කල ඔබගේ බ්ලොගයට සිදුව ඇති දෙය සාධනීය වනු ඇත.ශුශ්ක ලාංකීය පොළොවේ මීවන පඳුරක් හෝ වැවීමට ඔබ ගත් උත්සාහය අගනේය. ඔබ රචනාවන්ගේ ආශ්වාදය මත උපන් එවන් මීවන පඳුරු ...
අපිට නැති ගමන්.....! අඹ ගහ යට මිනිසුන්ටමෙච්චෙර ගමන් තියේද යන්නවිවිධාකාර ඇඳුම් ඇඳගෙන...,කාර් වල, බස් වල, පයින් ....බලන්න…උන් සිනාසෙන අන්දමපවුල් පිටින් කොහේ යනවද?අපි වගේවේලාසන ගෙදර ඇවිත්ක්ෂණික හොද්දක් හදලඑක දිගට ...පුටුවෙ නින්ද යනකන්රුපවාහිනිය බලන් නැතුවහිනාවෙවී පවුල් පිටින්කොහෙ යනවද?කතා කරල කරලමසියලුම දෙබස් ඉවරවුනනිහඬ චිත්රපටියක වගේපුරුද්දට හැම දේමමුනෙන් මුණ බලාගෙන.අනේ! මන්දා මේ මිනිස්සුකොහෙ යනවදගෙදර ඉන්නෙ නැතුව? ...
පබා වෙතටයි අඹ ගහ යට සමන් මලක් එහෙම හිතං මම ඉම්බාමෙන්න දෙබරු බඹරුත් රොද වැද නැටුවාමල ත් අරං උන් සමයං පාලි ගියානොමළත් පළක් නැති තැන මං නෙළුවා- හිතුවක්කාරයා
බඩ ගැත්තරයාට සමාව බය බෝයි...... අඹ ගහ යට අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩපිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩරුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩකැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියටගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩරත්තරන් මුදු දමාපු ඔය අතින්බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත්හැබෑ සනීපයි ආයොබෝං . .. !කෝටි දාහක් වියදම් කොට හැදූකෝටි සීයක් වටින ...
"අන් හදකට සෙනේ සිතින්........" අඹ ගහ යට සැලෙන ලෙලෙන නුඹේ නිතඹ මායාවකි ලොව නොදන්න මද පවනේ මුදු කෙහෙරැලි දග කරාවි මිරිගු ලෙසින නීල නයන නෙත් යුගලය මැණික් නොවෙයි මගේ ලොවට මියුරු වදන් නුඹ තෙපලයි සනසවන්න මා දෙසවන් නුඹේ දසන් ලොව රවටයි හරියට මා රැවටු ලෙසට රෝසවන් නුඹෙ තොල්පෙති සිපගත්තෙමි විස බව දැන මියැදෙන්නෙමි ඒ විසෙන්ම පණ නල වනු නුඹට හැකිද මගේ හුස්ම පොදත් රැගෙන සමුදීයන් මගෙ මළ කද ළග හඩා වැටෙනු එපා ඉතින් තවත් මෙලොව රවටන ලෙස නුඹේ කදුළු අගේ නොමැත අහස
නිහඬ බව බිඳින්න..... අඹ ගහ යට දිලුම්ට උදව් කරමු....!Hands for Dilumදිලුම් වෙනුවෙන් අපි CyberFriends for Dilum (ඉලංදාරියා)
පහුර තියෙන්නෙ එගොඩ වෙන්න විතරයි... අඹ ගහ යට සර්පයා (කේ කේ සමන් කුමාර) මෙහෙම කතාවක් කියනවා....භාෂාව කියන්නේ පහුරක්..ඒ පහුරෙන් අපි ගඟෙන් එගොඩ වෙනවා..ඒත් ගඟෙන් එගොඩ වුනාට පස්සේ අපි ඒ පහුර කරතියාගෙන යන්න උවමනාවක් නෑ....ඉතිහාසඥයින්ට අනුව නම් සිංහල අකුර හැදිලා තියෙන්නේ බ්රාහ්මී අක්ෂර පරිණාමය වෙලා. ඉතින් බ්රාහ්මී අකුර දැන් තියෙන අකුර වෙනකම් ගමනක් ආවා නම් දැන් තියෙන අකුරට ඉදිරියක් තියෙන්න බැරි ඇයි. අපි මෙතන නවතින්නද හදන්නේ.. මම නම් කියන්නේ භාෂාව ...
""""තවුස්දම""""" අඹ ගහ යට හිරු ගිලුණු නිශායමනුබ රුවින් මුසපත්වදැහැන්ගත වී හිඳීනිසොල්මන්ව....සෙනෙහසට නොකැළඹුණමා සිතේ තවුස්දමබිඳේවිද ඒ රුවටමුවාවෙන්.....ඉර හැරෙන ගොම්මනේසැදෑ තරු වියන මැදනුඹ හිදී මා නෙතටමුවා වී....හිත පිරෙන සෙනෙහසටනුඹ නගන මුදු සිනාමා සිතේ තනිකමත්මකාවී....http://manubloggers.blogspot.com/2011/01/blog-post_22.html ...