Apocalypse Now (1979) the movie thread Apocalypse Now කියන්නෙ ටිකක් පරණ වුණත් මම බලල තියෙන යුධ චිත්‍රපටි අතරෙ සුපිරි වර්ගයේ චිත්‍රපටියක්. යුද්ධයේ කුරිරු බවත්, යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන විධියත්, යුද්ධය නිසා ඒකට සම්බන්ධ වෙන මිනිස්සුන්ට දැණෙන ආතතියත් ගැන ගොඩක් සාර්ථක කතාවක් මේ චිත්රපටියෙ තියෙනවා. ඇමරිකානුවන් වියට්නාමෙ යුධ වැදුනු අවධියෙ සිදුවෙන සිදුවීම් කීපයක් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඇමරිකානු හමුදාවේ කැප්ටන්වරයෙක් වෙන ...
The Bodyguard (1992) | Kevin Costner, Whitney Houston, Gary Kemp the movie thread Frank Farmer කියන්නෙ පුද්ගල ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ Bodyguard කෙනෙක්. ඔහු Freelancer කෙනෙක් ;-) ඔහුට ආරක්ෂා කරන්න නියම වෙන අළුත්ම පුද්ගලයා කාන්තාවක්. ඇය Rachel Marron නම් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක්. සුපිරි ජීවිතයක් ගෙවන කෙනෙක්. ඇය මුලදි කොහෙත්ම ෆ්‍රෑන්ක්ගෙ සේවය තමන්ට අවශ්‍ය බව පිළිනොගන්නව වුණාට පසුව ඇයට තේරෙණව ඔහුගෙ සේවය තමන්ට අවශ්‍යයි කියල. මොකද ඇයව පිස්සුවෙන් අගය කරන සහ ඊර්ෂ්‍යා කරන ...
Forrest Gump (1994) the movie thread Forrest Gump චිත්‍රපටිය ගැන පටන්ගන්න තැනක් හෝ ඉවර කරන්න තැනක් මට හිතාගන්න බෑ. ඒක හරියට හැඟීමක් වගේ විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් මම බලපු, විඳපු, ඇඟටම ජීර්ණය වුණ හොඳම චිත්‍රපටියක් ගැන නොකිය කොහොමද? Forrest Gump කියන්නෙ ඇලබාමාවෙ ඉපදුණු, ළමා කාලයේ පෝලියෝ රෝගයෙන් පෙළුණ පුද්ගලයෙක්. ඔහු බොහොම නිදහසේ හිතපු කෙනෙක්. ඇත්තෙන්ම ඔහු වැඩිය හිතුවෙම නෑ. නමුත් කල යුතු දේ නොකල යුතු දේ ...
The X Files: Fight the Future (1998) the movie thread මේ චිත්‍රපටිය ගැනනම් නොදන්න කෙනෙක් ඉන්න බෑ වගේම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන කෙනෙක් මේක නොබල තියෙන්නත් විධියක් නෑ. ඒත් මම බලපු හොඳම චිත්‍රපටි අතර එකක් නිසා සහ මේක වෙනම උප සංස්කෘතියක් දක්වාම පැතිරුණ මාතෘකාවක් නිසා නොබලපු කෙනෙක්ට දැනගන්න එක්කයි The X Files: Fight the Future ගැන ලියන්න හිතුවේ. මුලින්ම මේ චිත්‍රපටිය මට හම්බවුණේ 1999දි විතර හොඳටම හම ගිය VCD තැටි දෙකක් විධියට. ...
Pithamagan (2003) the movie thread Pithamagan නමෙන් කියවෙන විධියටම දෙමළ චිත්‍රපටියක්. ඉස්සර දෙමළ චිත්‍රපටි කිව්වම නිදිමත හැදුනත් පස්සෙ පස්සෙ ඒවයෙ තියෙන අමුතු ගතියට කැමති වුණ නිසා දැන් ලැබෙන ඔත්තුවකින් දෙමළ චිත්‍රපටියක් බලන්න පුළුවන් ආසාවෙන්. මේ චිත්‍රපටිය ගැන මුලින්ම ඔත්තුව ලැබුණෙ අපේ ගුගල් බස් යාළුවන් අතර ඇතිවුණ කතාවකදි. කව්දෝ යාළුවෙක් (සමාවෙන්න නම අමතක එකට. දැන් ඒ බස් එකේ කෑලිත් නෑ හොයාගන්න) මේ චිත්‍රපටිය ගැන බස් එකේ ගිය ...
Paul (2011) the movie thread කලින් කීප වතාවෙදිම මම කිව්වෙ ටිකක් පරණ චිත්‍රපටි ගැන වුණාට අද කියන්න යන්නෙ මේ අවුරුද්දෙදිම නිකුත් වුණ, වැඩිය ජනප්‍රිය වෙලා නැති ඒ වුණත් සුපිරි වර්ගයේ චිත්‍රපටියක් ගැන. මේක ඇත්තටම එනකල් බලාගෙන හිටපු චිත්‍රපටියක්. Paul කියන්නෙ පිටසක්වලින් ආපු පිටසක්වලයෙක්. මෙයා 1974දි එයාගෙ යානයේ රවුමක් දාන ගමන් ඇමරිකාවෙ (මුන් කඩාපාත් වෙන්නෙම ඇමරිකාවටනේ :P) වයෝමින් ප්‍රදේශයේ ගෙදරක ඉන්න පෝල් කියන බලු රාලගෙ ඇඟට ...
Monsoon Wedding (2001) | Naseeruddin Shah, Lillete Dubey, Shefali Shetty the movie thread මේ දවස් කීපයෙදිම චිත්‍රපටි බැලිල්ල විතරක්ම කරපු නිසා ලියන්න තිබුණ කම්මැලිකම් එහෙම්මම තිබුණා. :P නමුත් Monsoon Wedding චිත්‍රපටිය ගැන ලිව්වොත් හොඳයි කියල හිතුණා. මේක හින්දි සහ ඉංග්‍රීසි කලවමින් නිපැයවුණ හොඳම චිත්‍රපටියක්. මෑතකදි බලපු මේ වර්ගයෙ චිත්‍රපටි වලින් හොඳට වැදුණ එකක්. මේක හම්බ වුණේ Naseeruddin Shah මහත්තය රඟපාපු එව්ව ගැන හොයන්න ගිහින්. බාගෙන සෑහෙන කාලයක් තිබුණා. චිත්රපටියෙ තියෙන්නෙ ...
Coming to America (1988) | Eddie Murphy, Arsenio Hall, James Earl Jones the movie thread Eddie Murphyට අකමැති චිත්‍රපටි ලෝලියෙක් ඉන්න විධියක් නෑනේ. දක්ෂ විකට රංගන ශිල්පියෙක් වගේම හොඳ හඬකවන්නෙක් විධියටත් සිනමා නිර්මාණ ගණනාවකින් අපි ඔහුව අඳුනගෙන ඉන්නවා. Coming to America කියන චිත්‍රපටිය ඔහුම ලියපු කතාවක් අනුව නිපදවුණු චිත්‍රපටියක්. ටිකක් පරණ වුණාට මේ චිත්‍රපටිය මට හොඳට වැදුණ එකක්. එඩී මර්ෆිගෙ වෙනස්ම රඟපෑමක් දැකගන්න ලැබුණා වගේම ඔහුත් ඔහුගේ මිතුරා සහ සේවකයා විධියට රඟපාන Arsenio Hall ...
The Best Little Whorehouse in Texas (1982) | Burt Reynolds, Dolly Parton, Dom DeLuise the movie thread The Best Little Whorehouse in Texas කියන චිත්‍රපටිය ගැන මුල්ම ඔත්තුව දුන්නෙ G+ එකේ ටිරෝන්. Dolly Parton ටිකක් ආදි කාලෙ නිලියන් අතරින් මම කැමති කෙනෙක් නිසා මේක හොයාගෙන බලන්න ඕන කියල හිතුණා. මුලින් ටිකක් කම්මැලි වෙයිද මන්දා කියල පොඩ්ඩක් සැක හිතුණත් ටික වෙලාවක් යද්දිම කතාව ගොඩක් රසවත් එකක් බව තේරුණා. චිත්‍රපටිය ගෙතිල තියෙන්නෙ වෛශ්‍යා ශ්‍රමිකයන් සපයන ස්ථානයක් වටෙයි. සරලව කිව්වොත් ...
The Pixar Story (2007) | Stacy Keach, John Lasseter, Brad Bird the movie thread චිත්‍රපටි ගැන කියනව වගේම චිත්‍රපටි හදන අය ගැනත් කියන්න ඕන කියල හිතුණේ The Pixar Story චිත්‍රපටිය බැලුවට පස්සේ. මේ ගැන මුල්ම ඔත්තුව දුන්නෙ ටෙක්නිකල් හන්දිය බ්ලොග් අඩවියෙන්. ඔවුන්ට මුලින්ම ස්තූතියි ඔත්තුව දුන්නට! මේක pixar සමාගමේ ආරම්භය සහ ඔවුන්ගේ ගමන්මග ගැන කෙරුණු වාර්තා චිත්‍රපටියක්. චිත්‍රපටි බලන කෙනෙක් පික්සාර් සමාගම ගැන නොදැන ඉන්න විධියක් නෑ. අඩු තරමෙ ඔවුන්ගෙ ජනප්‍රිය වීඩියෝ ලෝගෝව වෙන ...
Hum Hain Rahi Pyar Ke (1993) | Aamir Khan, Juhi Chawla, Dalip Tahil, Mushtaq Khan the movie thread අද කියන්නෙ ටිකක් පරණ හින්දි චිත්‍රපටියක් ගැන. Hum Hain Rahi Pyar Ke. මේක නොබලපු හින්දි චිත්‍රපටි රසිකයෙක් ඉන්න බෑ. ගොඩක් මෑතකදි චිත්‍රපටි බලන්න ගත්තු අය ඇරුණම ඔය ටැලිවිසන් වල පෙන්නන ඒව බලල තියෙන අය මේ චිත්‍රපටිය අනිවා බලල ඇති. මොකද චැනල් කීපයකම මේ චිත්‍රපටිය පෙන්නල තියෙනව. ඒ වගේම ඔය සැටලයිට්, කේබල්, අයිපී වගේ රූපවාහිනී අරගෙන තියෙන අයට ඒවයෙ තියෙන හින්දි ...
Milk (2008) | Sean Penn, Josh Brolin, Emile Hirsch, James Franco the movie thread හොලිවුඩ් චිත්‍රපටි නිතර බලන කෙනෙක්ට Sean Penn කියන නළුවව මිස් වෙන්න විධියක් නෑ. අද කියන්න යන්නෙ ඔහුගෙ විශිෂ්ඨ රංගනයක් බලාගන්න පුළුවන් Milk චිත්‍රපටිය ගැන. මේක චරිතාපදානයක්. 1970 ගණන්වලදි දේශපාලනයට ආපු ඇමරිකානු සමරිසි ක්‍රියාකාරිකයෙක් වුණ Harvey Milk ගැන තමයි මේ චිත්‍රපටිය. Harvey Milk ඒ වකවානුවෙදි බටහිර රටවලත් පාපයක් විධියට සැලකුණු සමලිංගිකත්වය සහ සමරිසි පුද්ගලයන්ගෙ සමාජ අයිතීන් ගැන කතා කරපු, ...
Glory (1989) | Matthew Broderick, Denzel Washington, Morgan Freeman, Cary Elwes the movie thread ඊයෙ කියපු John Q චිත්‍රපටියටත් ඒකෙ ප්‍රධාන නළු Denzel Washington මහත්තයටත් ගොඩක් දෙනා කැමති බව පෙණුනා. අද කියන්න යන Glory චිත්‍රපටියෙත් Denzel Washington තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් මේ චිත්රපටියෙ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම සහය නළුවට හිමි ඇකඩමි සම්මානය ලැබුණා. මේ චිත්‍රපටිය ඩෙන්සිල් ගැන හොයද්දි මාට්ටු වුණ එකක්. කාලයක්ම යන්තරේ ටොරන්ට් ගොනුවෙ තිබුණ එකක්. බැකප් කරන්න කලින් ලියන්න ඕන කියල හිතුණ. ...
John Q (2002) | Denzel Washington, Robert Duvall the movie thread Denzel Washington කියන්නෙ හොලිවුඩයේ ඉන්න කළු ඇමරිකානු නළුවන්ගෙන් දක්ෂතම නළුවෙක්. බොහොමයක් කාලෙක ඉඳන් ඔහු තමන්ගෙ ජනප්‍රියත්වය එක වගේම රඳවගන්න සමත් වුන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුට තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පුළුවන් විධියෙ චරිතත් ලැබෙන බවක් පේනවා. අද කියන්න යන John Q චිත්‍රපටියත් ඔහු රඟපාන හොඳ, හැඟීම්බර කතාවක් තියෙන පවුලේ චිත්‍රපටියක්. කතාව හොඳයි කියල විශේෂයෙන් කිව්වෙ මේකෙ රඟපෑම් සහ සිනමාත්මක බව ...
The Piano (1993) | Holly Hunter, Harvey Keitel, Sam Neill the movie thread The Piano චිත්‍රපටිය සංගීතය එක්ක ගලන චිත්‍රපටියක්. සංගීතය එක්ක බැඳුණු කාන්තාවක් ගැන කියවෙන චිත්‍රපටියක්. බාගෙන සෑහෙන්න කාලයක් තිබිල පහු ගිය දවසක බලන්න පුළුවන් වුණා. මුලදි ටිකක් විතර කම්මැලි වුණත් ටික දුරකදි සෑහෙන්න ලස්සන තැනකට කතාව ආවා. ඇඩා කියන්නෙ එකදාස් අටසිය ගණන් වලදි ස්කොට්ලන්තෙ ජීවත් වුණ තරුණ මවක්. ඇය ගොළුයි. නමුත් දක්ෂ පියානෝ ශිල්පිනියක්. ඒ වගේම ඇයට අවුරුදු 10ක විතර සැර දියණියක් ...
Moonstruck (1987) | Cher, Nicolas Cage the movie thread කාලයක් මුකුත් නොලිය හිටියෙ එක එක කේස් එක්ක කම්මැලිකම හොඳටම ඔළුවට ගහල තිබුණ නිසා. ඒත් පටන් ගත්ත වැඩේ කරන්න එපැයි. අද කියන්න යන්නෙ මම මෑතකදි හොඳට රස විඳපු ලස්සන චිත්‍රපටියක් ගැන. Moonstruck චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ Cher ගැන හොයන්න ගිහින්. දන්නවනෙ එයා දශක කීපයක ඉඳන්ම ගායන ලෝකයේ තැනක ඉන්න ප්‍රසිද්ධ පොප් ගායිකාවක් කියල. ඒ එක්කම එයා ඇකඩමි සම්මානයක් පවා ලබපු නිලියක් ...
Alaipayuthey (2000) - அலைபாயுதே the movie thread අද කියන්න යන Alaipayuthey චිත්‍රපටිය මම දැනට බලල තියෙන හොඳම දෙමළ චිත්‍රපටි වලිනුත් හොඳම එකක්. සමහර විට හොඳම එකද කියලත් ෂුවර් නෑ. මොකද දෙමළ චිත්‍රපටි වලින් දැනට මම වැඩිම වාර ගණනක් බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය. ඒ තරමට මේ චිත්‍රපටිය සුපිරි එකක්. ඒ කියන්නෙ චිත්‍රපටියක් හොඳයි කියල කියන්න ගන්න නිර්නායක වලින් සෑහෙන්න ප්‍රමාණයකින් මේ චිත්‍රපටිය උඩින්ම සමත් වෙනව. කාර්තික් කියන්නෙ චෙන්නායි (මධුරාසිය) ...
Pi (1998) - π the movie thread Pi කියන්නෙත් මම බලපු අමුතුම චිත්‍රපටි අතරෙ එකක්. ඒ වගේම හොඳට රස විඳපු එකක්. මේක මට හමු වුණේ ඔයාල බොහොම දෙනෙක් දන්න Ravenගෙන්. මාස කීපයකට සැරයක් අපි දෙන්න අතර තියෙන චිත්‍රපටි හුවමාරු කරගැනීමේ නොනිල සම්මුතිය යටතේ මට ලැබුණු එකක් තමයි Pi. Pi ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ. හයේ හතේ පන්ති වල වෘත්තය ගැන පාඩමේදි හම්බ වෙලා ඊට පස්සෙ සෑහෙන්න ...
Seven Samurai (1954) - 七人の侍 Shichinin no Samurai the movie thread අද විස්තර දෙන්න යන්නෙ ලෝක පූජිත සිනමා කෘතියක් වෙන Seven Samurai චිත්‍රපටිය ගැනයි. මේක ලෝකයේ නිපදවුණු හොඳම චිත්‍රපටියක් විධියටයි සැලකෙන්නේ. මේක ගැන ඉස්සර ගාමිණි වේරගම මහත්තයා රූපවාහිනියෙ සිනමා විචාර කරද්දි හොඳට කිව්වා. ඒ විචාර අනුව මම හිතාගෙන හිටියෙ මේක මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති කම්මැලි හිතෙන චිත්‍රපටියක් කියලයි. නමුත් පසුසෙ දවසක මේක බලන්න ලැබුණමයි මට තේරුණේ 1954 කරපු චිත්‍රපටියක් විධියට මේක ...
Betty Blue (1986) - 37°2 le matin the movie thread අද කියන්න යන Betty Blue කියන චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක්. මම බලල තියෙන චිත්‍රපටි වලින් සිනමාත්මක විධියට හොඳම ඒවා හැදිල තියෙන්නෙ ඇමරිකාවට වඩා යුරෝපීය රටවල. Betty Blue කියන්නෙත් ඒ අතින් සුපිරි චිත්‍රපටියක්. මිනිස් හැඟීම් සහ ජීවිතය ගැන ගැඹුරින් කෙරෙන විග්‍රහයක් තියෙන චිත්‍රපටියක්. මේක හදල තියෙන්නෙ 1986 කියල මම දැනගත්තෙත් මේ ගැන ලියන්න ඕන වුණ නිසා. මේ වෙනකල්ම මම හිතාගෙන හිටියෙ මේක ...