Cloverfield (2008) the movie thread Cloverfield චිත්රපටියෙ තියෙන්නෙ නිව්යෝක් නගරයට පහර දෙන අද්භූත යෝධ සත්ත්වයෙක් ගැන කතාවක්. ඒ තරම් ජනප්‍රිය වුණ එකක් නෙවෙයි. නමුත් ඒකෙ කතා තේමාවෙ විධියට ඒක ඔය ගොඩ්සිලා, ට්‍රාන්ස්ෆෝමර්ස් තරම් නැතත් සෑහෙන්න ජනප්‍රිය වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නෙ. සමහර විට චිත්රපටියෙ නම, ඒ කතාවේ තේමාව නිරූපණය නොකිරීමත්, රඟපාන අය ඒ තරම්ම ජනප්‍රිය අය නොවීමත්, ඒ වගේ චිත්‍රපටි කීපයක්ම කලින් නිකුත් වෙලා තිබීමත් ...
Treasure Planet (2002) the movie thread Treasure Planet කියන්නෙ Walt Disney සමාගමේ නිෂ්පාදනයක්. ද්විමාණ වර්ගයේ ඇනිමේෂන් එකක්. නමුත් යම් තරමකට ත්‍රිමාණ සජීවීකරණත් පාවිච්චි කරල කරපු නිර්මාණයක්. මේ චිත්‍රපටියත් කලින් කියපු Paul වගේම අභ්‍යවකාශයට සම්බන්ධ එකක්. ඒ වගේම මේක ස්කොට්ලන්ත ජාතික ලේඛක Robert Louis Stevenson මහත්මය ලියපු Treasure Island කියන පොත අනුසාරයෙන් නිපදවපු එකක්. ඔය පොත අනුසාරයෙන් වෙනත් කතා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය වගේ ගොඩක් ...
One Hour Photo (2002) the movie thread http://huckleberry.casperworld.com Robin Williams මහත්තයව අපි කවුරුත් දන්නෙ බොහොම වැදගත්, නිවුණු චරිත හෝ කොමඩි චරිත ගොඩක් කරල තියෙන නළුවෙක් හැටියට. නමුත් ඔහුගේ රංගන පරාසය අති පුළුල් කියල දැණෙන චරිත ගණනාවක්ම ඔහු රඟපාලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඔහුගෙන් තවත් සුවිශේෂී රංගනයක් බලාගන්න පුළුවන් One Hour Photo චිත්‍රපටිය ගැනයි. Seymour Parrish හෙවත් Sy කියන්නෙ මැදිවිය ඉක්මවපු තනිකඩ පුද්ගලයෙක්. ඔහුට ...
Across the Universe (2007) the movie thread අද කියන්නෙ ලස්සන සංගීතමය චිත්‍රපටියක් ගැනයි. ඒ Across the Universe!!! මේ ගැන මුලින්ම මට කිව්වෙ මගේ අන්තර්ජාල ජීවිතේ ආරම්භක අවධියෙ පටන් හොඳ මිතුරෙක් වුණ සම්පත්. මම බලල තියෙන සංගීතමය චිත්‍රපටි සේරම වගේ එකකට එකක් දෙවෙනි නැති ඒවා. ඒ අතරිනුත් මේක උපරිමයි කියන්න පුළුවන්. හේතුව මේකෙ තියෙන්නෙ මගේ ප්‍රියතම සහ ඔයාල හැමෝම දන්න බීටල්ස් (The Beatles) සංගීත කණ්ඩායමේ සංගීතය වීමයි. කතාව පටන්ගන්නෙ ...
One Flew Over the Cuckoo's Nest (1975) the movie thread http://www.movie-list.com මේ කියන්න යන්නෙ චිත්‍රපටි ලෝකයේ ඉහලම ගෞරවයට පාත්‍ර වුණ, ඒ වගේම කවදාවත් විඳින්න බැරිකමක් ඇති නොවෙන One Flew Over the Cuckoo's Nest චිත්‍රපටිය ගැනයි. මේක මගේ මිතුරු ගනේගොඩ මහත්තය විසින් මට බලන්න කියල නිර්දේශ කරපු චිත්‍රපටියක්. එයා ඔය කට පුරා මරු සහ පට්ට කියන්න පුළුවන් චිත්‍රපටි ගණනාවක් නරඹපු, නරඹන සහ චිත්‍රපටි ගැන අදටත් හොඳ සංවාදයක යෙදෙන්න පුළුවන් මගේ හොඳ මිත්‍රයෙක්. ...
You've Got Mail (1998) the movie thread http://moviereviewland.blogspot.com අද කියන්න යන You've got mail චිත්‍රපටිය මම බලපු හොඳම චිත්‍රපටියක්. ඒ වගේම නැවත නැවතත් බලමින් බොහොම පුංචි තැන් සියල්ලම උකහාගන්න උත්සාහ කරමින් රසවිඳපු චිත්‍රපටියක්. මගේ ලකුණු දීමේ ක්‍රමය අනුව 9/10ක් මට දෙන්න පුළුවන් ඒ නිසා. ඔය ලකුණු දීම ඇත්තටම චිත්රපටියෙ තියෙන සිනමාත්මක දේවල් වලට වඩා චිත්‍රපටිය මට දැණෙන විධිය මත පදනම් වුණ එකක් නිසා සමහර විට මේක ඔයාලට දිරවන ...
Adaptation (2002) the movie thread Adaptation චිත්‍රපටිය මුලින්ම මම බැලුවෙ අවුරුදු කීපයකට කලින් VCD තැටියකින්. නිකලස් කේජ්ට වහ වැටිල එයාගෙ චිත්‍රපටි හොයමින් බලපු කාලෙකදි තමයි CD කඩේකදි ඔය CD එක දැකල අරන් බැලුවේ. සිංහලෙන් තියා ඉංගිරිසියෙන්වත් සබ්ටයිටල් නොතිබුණ නිසා ඒ දවස්වල මට චිත්‍රපටිය ඒ තරම් තේරුණේ නෑ. කතාව නම් අමුතු එකක් කියල තේරුණා. මෑතකදි මම ආයෙත් චිත්‍රපටිය බාගත්ත. Nicolas Cage එක්ක මගේ තවත් ප්‍රියතම නිලියක් ...
The Abyss (1989) | Ed Harris, Mary Elizabeth Mastrantonio, Michael Biehn the movie thread James Cameron කියන අපූරු අධ්‍යක්ෂවරයව අපි මුලින්ම හොඳට අඳුනගන්නෙ Titanic චිත්‍රපටියෙන්. නමුත් Aliens සහ Terminator වගේ චිත්‍රපටිත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වුණ නිර්මාණ. මෑතකදි Avatar චිත්‍රපටියෙන් ඔහු ආයෙත් වැඩ පෙන්නුවා. මේ සේරම දිහා බලද්දි පේන කාරණයක් තමයි ඔහු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයෙන් වැඩ අරන් තියෙන බව. ඔහුම කියල තියෙන විධියට Avatar චිත්‍රපටිය හදන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙනකල් ඒ පිටපත ...
Pirates of Silicon Valley (1999) | Anthony Michael Hall, Noah Wyle, Joey Slotnick the movie thread ලෝකයේ තාක්ෂණික භාවිතාව සහමුලින්ම වෙනස් කරපු ස්ටීව් ජොබ්ස් මහත්තයා පහුගිය 5 වෙනිද මෙලොවින් සමුගත්තනේ. ඒ වුණත් සෑහෙන්න කාලයක් යනකල් ලෝකය පුරා ඔහුගෙ නම කියවෙන විධියෙ වැඩ ගොඩක් ඔහුට කරන්න පුළුවන් වුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ට්යෙන් එලියට බැහැල හිතපු පුද්ගලයෙක් විධියට ඔහුට අපි කවුරුත් ගෞරවාන්විත ආදරයක් දක්වනවා. ඔහු තාක්ෂණය නිතර ඇසුරු කරන ඇතැම් අයගේ වීරයෙක්. මේ කියන්න යන්නෙ ඔහුගේ ජීවිතේ සැලකිය ...
Another Earth (2011) | Brit Marling, William Mapother, Matthew-Lee Erlbach the movie thread Rhoda Williams කවදාවත් හිතන්නෙ නෑ තමන් අතින් ඒ අනතුර සිද්ධ වෙයි කියල. නමුත් ඒක වෙන්නෙ නොහිතපු වෙලාවක. ඒ වෙලාවෙ වේගයෙන් රිය පදවමින් ඉන්න අතරෙ රේඩියෝවෙ කිව්වෙ පෘථිවියට පේන්න අරගෙන තිබුණ අළුත් පෘථිවිය ගැන. ඔව්... ඒක පුදුම හිතෙන දෙයක්. අපි ඉන්න පෘථිවිය වගේම තවත් එකක්. හඳකුත් එක්ක. ඒ වෙලාවෙ අහසෙ පේන්න තිබුණ අළුත් පෘථිවිය දිහා බලාගෙන එලවන්න ගිහින් සිදුවුණ අනතුරේ ප්‍රතිඵලය ...
Creation (2009) | Paul Bettany, Jennifer Connelly, Ian Kelly the movie thread අවුරුදු 20ක් පුරා ඔහු කරන්නෙ නිරීක්ෂණ. ඒ නිරීක්ෂණත්, ඒවයින් එළඹෙන නිගමනත් ඔහු සටහන් කරගන්නවා. ඔහුට යමක් තේරෙන්න ගන්නවා. හැමෝම ලෝකය ගැන විශ්වාස කරන විධියෙ අවුලක් තියෙන බව ඔහුට පේන්න ගන්නවා. ඔහු Charles Darwin. පරිණාමවාදය විධියට අද සත්ත්වයන්ගේ ඉතිහාස කතාව විධියට ලෝකයම පිළිගන්න සංකල්පය මුලින්ම ලෝකයට ඉදිරිපත් කරන්නෙ ඔහු. හැමෝම හිතන්නෙ ලෝකය මැව්වෙ දෙවියන්වහන්සෙ කියල. නමුත් ඇත්ත ලෝකයේ සිද්ධ වෙන ...
Mr. Popper's Penguins (2011) | Jim Carrey, Carla Gugino, Angela Lansbury the movie thread Jim Carrey කියන නම ඇහුන ගමන් අපට මතක් වෙන්නෙ විකට නළුවෙක් වුණත් ඔහු ඇත්තටම ගැඹුරු චරිත නිරූපණය කරන්න පුළුවන්කමක් තියෙන නළුවෙක්. ඒ වගේම ඔහු දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්. අද කියන්න යන Mr. Popper's Penguins චිත්‍රපටිය මේ අවුරුද්දෙදි නිකුත් වුණ ඔහුගේ සුපුරුදු විකට රංගනයෙන් යුතු චිත්‍රපටියක්. මේක සුපුරුදු විධියටම මහා ලොකු කතාවක් නෙවෙයි. නමුත් හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක්. චිත්‍රපටිවලට කැමති පුංචි ළමයි ...
Rock Star (2001) | Mark Wahlberg, Jennifer Aniston, Dominic West the movie thread අපි හැමෝටම පොඩි කාලෙ එක එක පිස්සු තියෙනවනේ. ඒවයින් සමහර පිස්සු කාලෙකදි හොඳ වෙනවා. සමහර ඒව කාලෙන් කාලෙට ආයෙ මතු වෙනවා. තව සමහර ඒව හොඳ වෙන්නෙම නෑ. Chris Cole කියන තරුණයට පොඩි කාලෙ ඉඳන්ම තියෙන්නෙ රොක් සංගීත පිස්සුව. ඔහුගේ ප්‍රියතම සංගීත කණ්ඩායම වෙන Steel Dragon කණ්ඩායමේ ගීත වලටයි ඔහු හොඳටම පිස්සු වැටිල ඉන්නේ. ඔහු ඒ සංගීත කණ්ඩායමේ පින්තූරත් එක්ක තරුණ ...
Dreamgirls (2006) | Beyoncé Knowles, Jamie Foxx, Eddie Murphy the movie thread Dreamgrils කියන්නෙ තවත් එක සංගීතමය චිත්‍රපටියක් විතරක් නෙවෙයි. දක්ෂයින් කීපදෙනෙක්ම වැඩ පෙන්නන චිත්‍රපටියක්. විශේෂයෙන්ම ඇමරිකන් අයිඩල් වැඩසටහනේ තුන්වෙනි වාරයේ අවසන් වටයෙදි ඒකෙන් හැලුන Jennifer Hudsonගෙ ගායනය සහ අපූරු රංගනය චිත්‍රපටිය පුරාම දැණෙනවා. ඊට අමතරව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති Eddie Murphy මේ චිත්රපටියෙ සුවිශේෂ රංගනයක යෙදෙනවා. ඔහු විශිෂ්ඨ ගායකයෙක් කියලත් මේ චිත්‍රපටියෙන් අපට පේනවා. ...
Garden State (2004) | Zach Braff, Natalie Portman the movie thread Andrew Largeman කියන්නෙ ගමෙන් ඈත් වෙලා නගරයේ ඒ තරම් සාර්ථක නැති නළුවෙක් විධියට වෙන වෙන පාට් ටයිම් වැඩත් කරගෙන ඉන්න තරුණයෙක්. අවුරුදු ගණනාවකට පස්සෙ ඔහුට හදිසියේ ගමට එන්න සිද්ධ වෙන්නෙ ඔහුගෙ අම්මගේ මරණය නිසා. මළගමට පස්සෙ ඔහුට ඔහුගෙ පරණ යාළුවො කීප දෙනෙකුත් හමුවෙනව. ඒත් ඔහු ඉන්නෙ සතුටින් නෙවෙයි. තදින් මනසට වද දෙන කාරණා කීපයක් සහ හිසරදයක් හින්ද ඔහු ඉන්නෙ ටිකක් ...
The Fisher King (1991) | Jeff Bridges, Robin Williams, Mercedes Ruehl the movie thread Jack Lucas කියන්නෙ ගුවන් විදුලි නිවේදකයෙක්. ඔහු ඇත්තටම ගුවන් විදුලියෙන් සමාජයට බලපාන විධියෙ වැඩ දාන වැඩ්ඩෙක්. නමුත් ඔහුගේ වැඩසටහනක් බලපෑමෙන් ඔහුගේ නිරන්තර අසන්නෙක් අතින් ලොකු අපරාධයක් වෙනවා. මේකට මාධ්‍ය විසින් චෝදනා එල්ල කරන්නෙ ජැක්ට. ඒ නිසාම ජැක් තමන් ගැනම කලකිරීමකට පත් වෙනවා. තමන් අතින් වරදක් වුණාය කියන හැඟීම ඔහුව වේදනාවට පත් කරනවා. ඒ නිසාම ඔහු හදන්නෙ සියදිවි හානි කර ගන්න. ...
Into the Wild (2007) the movie thread http://www.cinemagora.co.uk Into the Wild චිත්‍රපටියත් මම සෑහෙන්න ඉස්සර දවසක බලපු නියම චිත්‍රපටියක්. ඒ දවස්වල තිබුණ වනගත වීමේ පිස්සුවත් එක්ක මේ චිත්‍රපටිය සෑහෙන්න වැදුණා මට. ඒ වුගේම මේ චිත්රපටියෙ තියෙන සංගීතය මට චිත්‍රපටියට වඩා දැණුන ඒ දවස් වල. දැනටත් බොක්ස් ගිටාර් වලින් විතරක් වැයෙන මේකෙ සංගීතය හොඳට විඳින්න පුළුවන්. Christopher McCandless කියන තරුණයා තමන්ගෙ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පස්සෙ ...
The Wings of the Dove (1997) | Helena Bonham Carter, Linus Roache the movie thread කේට් පොහොසත් තරුණියක්. අගේ පෙම්වතා දිළිඳු පත්තර වාර්තාකාරයෙක්. විසිවෙනි සියවසේ මුල් අවධියෙ එංගලන්තයෙදි දිග හැරෙන ඔවුන්ගේ ප්‍රේම කතාව ඒ හැටි හොඳ එකක් නෙවෙයි. මුදල් සහ සමාජ තත්ත්වය ඔවුන්ගෙ ප්‍රේමයට හරස් වෙනව. ඒ අතරෙ ඔවුන් අතරට එන තුන්වැන්නෙක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු අළුත් වෙනව. ප්‍රේමයේ අනිත් පැත්ත වෙන වෛරය, ඉරිසියාව හැම දේමත් එක්ක ඔවුන්ගේ ප්‍රේමය විවිධ පැතිවලට ගලාගෙන යනවා. Helena Bonham Carter ...
Vaaranam Aayiram - A Thousand Elephants (2008) | Surya, Simran, Divya the movie thread අද කියන්න යන Vaaranam Aayiram දෙමළ චිත්‍රපටිය පහුගිය දවසක බලන්න ලැබුණ සුපිරි දෙමල චිත්‍රපටියක්. ඒ වගේම මේක සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටියක තියෙන ලක්ෂණ ඉකිමවා ගිය එකක්. මේක ගැන මුල්ම ඔත්තුව හම්බ වෙන්නෙ G+ එකේ කවුරු හරි යාළුවෙක් ෂෙයා කරපු වීඩියෝවකින්. මේකෙ ඉන්න ප්‍රධාන නළුව නිසයි ඇත්තටම චිත්‍රපටිය බාගන්න හිතුවෙ. සූරියා කියන සොල්දාදුව (මේ චරිතය කරන්නෙ සූර්යා සිවකුමාර් කියන නළුව) මෙහෙයුමකට පිටත් ...
Goodbye Lenin! (2003) | Daniel Brühl, Katrin Saß, Chulpan Khamatova the movie thread දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ජර්මනියෙ පාලනය වියවුල් වෙනවා. එකසත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව කියන රටවල් වලට ජර්මනියෙ පාලනය යම් තරමකට අත් වෙනවා. ඒ වුනත් සෝවියට් ආණ්ඩුක්රමය සමාජවාදී වීම නිසාම අනෙක් රටවල් එක්ක සෝවියට් රුසියාව එකඟ නොවෙන තැන් ගොඩක් ඇති වෙනවා. ජර්මනියෙ අගනුවර වන බර්ලින් නුවර මේ හේතුව නිසාම නැගෙනහිර සහ බටහිර ජර්මනිය විධියට කොටස් දෙකකට බෙදෙනවා. මේ ...