ගොඩයාගේ මඟුල් ගෙවල්වල යෑම Thambaru Wijesekara's Blog මේ මහ ගිරීස්මේ අත් දිග ෂර්ට් එකේ අත් වලයි උඩට ම යනකම්ම බොත්තං දාලා හොඳ හැටි හිර කරලා ටයි පොල්ලකුත් දාලා තද කරලා ෂර්ට් එක බාච්චු කලිසමට යට කරලා බෙල්ට් එකක් දාලා ඒකෙන් ඉණත් හිරකරලා කකුල් දෙකට හිර මේස් දෙකකුයි සපත්තු දෙකයි දාලා ෆුල් සීල් පිට ලේන්සුවෙන් දාඩිය පිහිද පිහිද දෙයියනේ කියලා මහ පතරංග හෝටලේකට … Continue reading "ගොඩයාගේ මඟුල් ...
තමාට ම පෙම් බැඳීම Thambaru Wijesekara's Blog තනිව, සමාජයනේ වෙන්ව නිදහසේ සිටිනා විටෙක හුදෙකලාව සැපතකැයි ඔබට හැඟී ඇත්නම් ඔබත් තමාට ම පෙම් බඳින්නෙක්. යහළුවන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් යාමෙන් ලැබිය හැකි විනෝදයට වඩා මුහුදේ හඬ වැනි ඒකාකාරී ඝෝෂාවකට හෝ කන් වලින් “කීං” හඬ එනතෙක්වූ නිශ්ශබ්දතාව ඇති පරිසරයක සිට හුදෙකලාවේ සුවයක් ලැබීම එහි හැටියි. බාහිරව හුදෙකලා වුවත් අභ්‍යන්තරය මෙහිදී තොරතෝංචියක් නැතිව දොඩවන්නට පටන් ගන්නවා. මනෝ … Continue reading "තමාට ම ...
නොලැබෙන දෙයක් ගැන ඇතිවන දුකෙන් මිදෙන මඟ Thambaru Wijesekara's Blog තියෙන දෙයෙහි වැරදි හොයමින් එය මෙහෙම උනා නම් හොඳයි කියා සිතීම බොහෝ දෙනෙක් හරහා සමාජයේ පිළිඹිබු වන දෙයක්. එසේ සිතීම නිසා ඉදිරියට යාම, දියුණු වීම සිදුවෙන එක හොඳ නමුත් බලපෑමක් කර හදාගත නොහැකි ඇතැම් දේවල් ගැන දුක් වෙමින් සිටීම නම් තමාට ම වළක් කපා ගන්නවා වගේ වැඩක්. මොකද, අපිට දේවල් කරගත හැකි සීමාවක් තිබෙනවා. විශේෂයෙන් තෙවන පාර්ශවයක … Continue reading "නොලැබෙන දෙයක් ...
Laptop -ආයුබෝවන්- Rolltop Thambaru Wijesekara's Blog ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද?සාම්ප්‍රදායික ‘පොත්’ ආකෘතියෙන් බැහැරව නිසැක portable කරණයේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි. ගෙනයාමේදී සම්පූර්ණයෙන් ම හකුළුවාලිය හැකි මෙය හස්තසංවේදී තාක්ෂණයෙන් ද යුක්ත වේ. ලිපියේ ඉතිරියත් කියවන්න >> ...
ඔහෙලා ඔපීසියේ ලොක්කන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 7ක් Thambaru Wijesekara's Blog තමන්ගේ දක්ෂතාවයන්ට කෙසේවෙතත් සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න එක පුතේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වෙන රටවල ඒවා නම් කැල්කූලස් උත්තමයාණෝ දන්නේ නෑ. හැබැයි මෙහේ නම් අමාරුයි. වැඩිය ඕන නෑ, ජොබ් එකක් ගන්න ඇසිපීරියැංස් තියෙන්න ඕන – ඇස්පීරියැංස් ගන්න නම් ජොබ් එකක් තියෙන්න ඕන කියන එකෙන් ම වැඩේ කෝමද කියලා ඔහේලා දන්නවා ඇති. හැබැයි ඉතින් කොච්චර අමාරුවෙන් වැඳලා වැඳලා ජොබ් ...
ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017 Thambaru Wijesekara's Blog ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා. … Continue reading "ට්විටර් #ApeAwurudu ...
චිත්තාකර්ෂණීය Google Tricks 11ක් Thambaru Wijesekara's Blog ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ! එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි. ලිපියේ ඉතිරියත් කියවන්න >> ...
අම්මා අපේ හරි හොඳයි – Lyrics, MP3 Thambaru Wijesekara's Blog (Image Courtesy: scoopwhoop.com)ගොඩක් ඉස්සර වෙළඳ දැන්වීමක් නිසා හිතට වැදුණු, දැන් අහම්බෙන් අහන්න ලැබෙන “අම්මා අපේ හරි හොඳයි” සින්දුව පරණ මතක අවදි කරනවා. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මෙහි Lyrics සහ MP3 එක මෙහි අඩංගු කරනවා. අම්මා අපේ හරි හොඳයිඅපට ආදරෙයි – හරිම ආදරෙයි හොඳ නරක කියා දෙමින්හොඳින් රැකගනියි //අම්මගේ ආදරෙන්උණුසුමක් දැනෙයිසාගරේ රැලි වගෙයිඅපට හාදු දෙයිඅම්මා අපේ හරි හොඳයි…පණ ඇගේ අප ...
Youtube හි මා දුටු අළුත් Features Thambaru Wijesekara's Blog Youtube වල අළුත් ම updates ටික දැක්කද? ඔන්න දැක්කෙ නැත්නම් බලන්නකො මේ දවස් ටිකට එයාලා කරල තියෙන්නෙ මොනවද කියලා. ඔක්කො ම නෙවෙයි, දැනට මම දැකපු ටිකත් එක්ක පොස්ට් එකක් දාන්න හිතුණා. බලන්නකො මේ ටික දැක්ක ද කියලා. මාත් ඔන්න දැන් … Continue reading → ...
උඩින් බිමින්-වර සයිට් බලන්-වර! Thambaru Wijesekara's Blog කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න. ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. දැන් සිංහල ඩොමේන් තියෙන නිසා අඩවිඋඩදබිමද.ලංකා කියලා දාගන්න තිබුණානම් හොඳයි. ඒත් කාටදෑ සල්ලි ...
Convert easily Oct & Hex to Bin yourself! Thambaru Wijesekara's Blog Recently I started learning for BCS cert level and I was supposed to learn converting octals and hexadecimals to binary again after O/Ls. By then I was seeking some easy way to do this up as I’m not good and tricky at maths as … Continue reading →
හිත තියෙන්නේ හදවතේ ද? මොළයේ ද? Thambaru Wijesekara's Blog (wearechange.org) ලොව වෙසෙන සෑම මහාජීවී සත්ත්වයෙක්ට ම හදවතත් මොළයත් විවිධ ආකාරයට පිහිටා තිබෙනවා. බටහිර විද්‍යාව විසින් සත්ත්වයන් ඡේදනය කරමින් ඒවායේ හැඩයන් සහ ප්‍රමාණයන් පිළිබඳව මෙන් ම ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඒ අතරේ බුදු දහම ඔස්සේ කය පමණක් නොව, සිත කියා දෙයකුත් මේක අස්සේ තිබෙනවා ය, නානත්ත කායා නානත්ත සංඥා ආදී වශයෙන් එකිනෙකාගේ චර්යාවන් වෙනස් ය කියාත් පැහැදිලි ...
පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි Thambaru Wijesekara's Blog ඡායාරූපය yourbestmoment.com වෙතිනි ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ ...
මෙහෙමත් Captcha! Thambaru Wijesekara's Blog දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ. වෙබ් අඩවිවල බොට්වරුන්; ඒ කිව්වෙ ක්‍රමලේඛන මගින් සිදුකරන අනිසි ලියාපදිංචි කිරීම්, spamming වළකාලන්නට මේ Captcha පාවිච්චි කරනවා. ඒවා human-readable නිසා කේතවලට රිංගන්න බැහැ. (දැනට!) බලන්නකො මට මේ අහුවුණ ටික. මේවයි සිංහල කෑලිත් තියෙනවා! 1. මේක hi5.com [...] ...
ඔබේ නව අදහස් ක්‍රියාත්මක කරවාගන්න! Thambaru Wijesekara's Blog වැඩකාරයට බොරු බෑ කිව්වට වැඩ දන්නකොට අදහස් නෑ! අදහස් තියෙන ගොඩක් අයට ඒවා ක්‍රියාත්මක කරගන්න බෑ. මේ දෙගොල්ලා ම එකතු කළොත් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා, මට අදහසක් ආවා. ඇත්තට ම ආවා කිව්වට ඇවිත් ගොඩක් කල්. හැබැයි ක්‍රියාත්මක කළේ ඊයෙ. ඔන්න දැන් … Continue reading → ...
Viber වෙත සිංහල Sticker ඇවිත් Thambaru Wijesekara's Blog පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් … Continue reading "Viber වෙත ...
අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද? Thambaru Wijesekara's Blog හිස් මුදුනේ තබාගෙන අපි හැම කෙනෙක් සතුවම, අතීතය ගැන චිත්‍රයක් තිබෙනවා. එය බොහෝ විට බහුතරයක් සතුව ඇති පොදු එක ම සිතුවමක් වෙන්නට පුළුවන්. මේ මනෝ චිත්‍රය කවදාවත් දැකපු දෙයක් නෙවෙයි. සමහරවිට නැවත ගොඩනැගිය හැකි දෙයක් කියලාවත් විශ්වාසයක් නැති දෙයක්. ඒත් අපිට දැනට තියෙන හැමදේම නවත්තලා ඒ වෙනුවෙන් සටන් වදින්නට, එකිනෙකාට බැණ ගන්නට සහ එය අපෙන් … Continue reading "අපේකම සුළඟේ ...
ඔබේ ජීවිතය අසාර්ථකද? Thambaru Wijesekara's Blog මගේ ජීවිතය මහා අසාර්ථක එකක්. කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ කියා ඔබට ඕනෑතරම් සිතී ඇති. අනෙක් අයට සංසන්දනය කරමින් අහවලා සාර්ථක පුද්ගලයෙක්, මෙයා අසාර්ථක පුද්ගලයෙක් ආදී වශයෙන් වර්ගීකරණය කරන්නත් සමාජයේ බොහෝ දෙනෙක් මිනුම් දඬු අතේ පුරවාගෙනයි ඉන්නේ. ඒත් ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? සාමාන්‍ය සමාජ මතය නම්, සල්ලි වැඩිපුර තිබෙන අය සාර්ථක බවයි. ඔව්, මුදල මිනුම් දණ්ඩ කළාම … Continue reading "ඔබේ ජීවිතය ...
අමරදේවෆෝබියාව (Just a bieber) Thambaru Wijesekara's Blog එකෙක්: “මචං! මොනවයි අළුත් සින්දු එහෙම තියෙන්නෙ ආ?” මම- “මංගාව නෑ බං!” තවෙකෙක්- “අහලා වැඩක් නෑ බං! ඕකාගාව තියෙන්නෙ හද්ද පරණ ඇන්ටික්. කෝමද Ex-Aliens ඈ?” මේ ඉතිං අපේ උන්ට මැදිවන මා ය! කොහොමින්හරි දැන් එකෙක්වත් මගෙන් සිංදුගැන අහන්නේ නැත. කොච්චර … Continue reading → ...