පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..දේශපාලනික නොවන සංවාදය - II කොටස s a b i t h මා විසින් ලියන ලද පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි) (මෙතනින් කියවන්න) ලිපියේ මාගේ අදහස් ප්‍රකාශ කරන අතරතුර බුද්ධිමත් සංවාදයකට මා ඇරයුම් කලා..ඊට පිලිතුරු ලෙස මේ ක්ෂේත්රයේ නියුතු වියතුන් බොහො දෙනෙක් අදහස් පල කිරීම ගැන පුද්ගලිකව මං පවා මවිත උනා...සාමාන්්ය පාඨකයන්ට අමතරව වෛද්්‍යවරුන්,විදෙස් ව්.ව් වල ආචර්ය මණ්ඩලයේ සාමාජිකයින් පමනක් නොව දිනුක වැනි තව බොහෝදේශීය වි.වි වල සිසුන් පවා අදහස් ...
චේ! s a b i t h අද කාලෙකට පස්සෙ සෑහෙන්න හොඳ ලිපි දෙකක් කියවන්න හම්බුනා.පහුගිය දවස් දෙක තුනේ හරි හැටි හිතට දැනෙන දෙයක් කියවන්න නැති කම හින්දම වෙන්න ඇති මොකක් හරි ලොකු අඩුවක් වගේ දෙයකින් මගේ හිත වෙලිලා තිබුනේ! ඒකට සාංකාව කියල කිව්වත් වැරදි නැහැ.. අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.(මෙතනින්)එතන තිබුන සමහරි ලිපි වල තිබුන සමහර ...
ජොකා,ලන්කට් ඇන්ඩ් වන් ජොකී! s a b i t h මෙච්චර දවස් මගේ බ්ලොගියේ මං ලිව්වේ ටිකක් විතර වැදගත්, ගතයුත්තක් තියන දේවල් නේ..ඔන්න අද පලවෙනි පාරට ආතල් කතාවක් ලියන්න හදන්නේ!මේ දවස්වල බ්ලොග් ලියන කියවන උන් අතර ජනප්‍රියම ටොපික් එකනේ "ලන්කට්"එක එහෙම නැත්නම් "ජොකා" කියන එක ගැන ආයි විවාදයක් නැහැනේ!!කතන්දර ඇතිකරපු ඒ පුනරොදය හරහා බොහෝ දෙනෙක් තමන්ගේ "ලන්කට්" නැත්නම් "ජංගි" මතකයන් ආවර්ජනය කරල තිබුනා ගොඩක් ආසවෙන්!ඔන්න මගේ ඉස්ටෝරිය!Read more » ...
හොඳ දෙක!!! s a b i t h මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා මෑන්ව තෝරගෙන තිබුනේ!කොහොමින් ...
දක්ෂයා සහ සුදුස්සා...ඔබේ තේරීම? s a b i t h කථාව : මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.කතාවට ආයෙ ...
අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක s a b i t h අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ...
අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ! s a b i t h I dont know y? මෙහෙම වෙන්නේ ඇයි? man Vs women පලවෙනි කොටස අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලුන් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකි වහෙන් ඔරෝ භාෂාව ගැන..කතාව: (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)බි : මේ...ඔයාට නවත්තලා කෝපි කෝප්පයක් බොන්න කැමතිද?වක් කරන් ...
ශ්‍රී ලාංකීය විභාග,ක්රමයේ වැරැද්ද හා විකල්ප! s a b i t h නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා ...
මම,නුඹ හා ඇය හා මම! s a b i t h පෙම් කලා මං ඔබට..සියයක් නොව සියයට දෙසියයක්..හදවතින්,හැකි උපරිමෙන්..මිතුරියක් ඇය මගේ..නැහැ ඉන් එහා ගිය කිසි දෙයක්..පාව දෙන්නට නොහැක මිතුදම,ඔබේ සෙනෙහස නාමයෙන්..සැක කිරීම ඔබ සතු අයිතියක්තියේ නම් සාධාරන හේතුවක්..සිතට ගනු මැන මේ ටිකත්..විකාරුපී සිතුවිලි මතින් නුඹ,ඈත් වෙනවා නම් මගෙ සෙනෙහසින්..හඬනු පසුතැවෙනු එපා නුඹ,දැනගත් කලට,පෙම් කල බව මං නුඹට,වඩා අන් කවරෙකුට..නුඹ නුඹට ආදරේ යැයි සිතන.. ...
වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts) s a b i t h cricnama.com මේ ලියන්න හදන්නේ මාලිංග ගැන නොවේ. මේ ලියන්න හදන්නේ සිංහල බ්ලොග් අවකාශය තුල මේ වෙද්දී ලියැවී තිබිය යුතු නමුත් ලිය වී නැති ආන්දෝලනාත්මක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තුලට කෙරෙන එබී බැල්මකි.සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රීඩාව ගැන ලියැවෙන විශේෂයෙන් සිංහලෙන් ලියැවෙන වෙබ්/බ්ලොග් අඩවි කිහිපයක් පවතී. නමුත් කණගාටුදායකවව වුවත් පැවසිය යුතුව ඇත්තේ ඒවා තුලින් පාඨකයාගේ අපේක්ෂාවන් මුදුන් පත් නොවනා බවයි. නම සදහන් කිරීමට ...
විමසුම: මත්තල කොයිබටද? s a b i t h මාස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ කාර්යබහුල බව නිසාවත් ලියන්නට කිසිවක් නොමැති නිසාවත් නොවෙයි. මව් රටේ සිදුවෙන ...
මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan s a b i t h අද මං තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි..මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ? ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම ...
ඔබේ සෞඛ්‍ය සම්පන්න බව මෙතනින් මැනගන්න! s a b i t h අද කියන්න යන්නේ ඔබේ නිරොගී බව නැත්නම් සෞඛ්‍ය සම්පන්න බව ඔබටම මැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන..මේකට කියන්නේ BMI (Body Mass Index) සිංහලෙන් මට මතක හැටියට කියන්නේ ස්කන්ධ දේහ දර්ශකය වෙන්න ඕන..(වැරදි නම් නිවරැදි කරන්න).. ජීව විද්්යා අංශයෙන් උ.පෙල හදාරපු අය නම් මේක ගැන දන්නවා ඇති..අනිත් අයත් ඔය සොෆ්ට්වෙයා වලට දාලා පිලිතුර අරන් ඇති!හැබැයි වෙන්න මොනවද ...
I dnt knw y?මෙහෙම වෙන්නෙ ඇයි? man Vs women s a b i t h සැමියාගේ කබාය මත ඇති දිග හිසකෙසක් අඩි ගානක් ඈතින් පේන බිරිඳම වාහනය ඕන පොටට්යෙකුට පේන පත කනුවක හප්පා ගැනීම!!කතාව I : ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක ...
මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex s a b i t h ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවටපාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..බෙන්ස්, BMW ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,තනියම ඇවිදිද්දි අපේ ...
පුලින ප්‍රාසාද s a b i t h මටම මං හිමි නැති මගේ ලෝකයේ කවදා කොහොම මං නුඹේ වෙන්නද?ඊලඟ රැල්ලට සේදෙන බව දැන දැනමවැල්ලේ මාලිගා තැනීම නුඹේ සතුට නම්..තාවකාලික සතුට වෙනුවෙන්...සදාකාලිකව දුක් වෙන්නට....එතකම් විතරක් මං නුඹේ වෙන්නම්... ...
අහිමි සැප!! s a b i t h රෑ ඉතුරු වෙච්චවා උදේට අම්ම රත් කරල තියද්දි...ඒවා නොකා ගේ ලඟ තේ කඩෙන් බිත්තර රොටි දෙක තුනකට වග කියල..ප්ලේන්ටියක් බීල..අම්මගෙන් "උඹ් කන්නෙ නැද්ද? කන්නෙ නැද්ද?" කියල බැනුම් අහද්දි..රැට යාලුවෝ එක්ක පචයක් ගහන ගමන්..කොත්තු බාස්ගේ දා බිඳු වලින් පදමට ලුනු වැටිච්ච කොත්තු දෙකක් ප්ලේට් තුනකට දාල කාල..අතේ තියන අන්තිම සතේ සතේ දාල බිල ගෙවල..බඩට වඩා හිත පුරෝගෙන ගෙදර යද්දි..බස් හොල්ට් එකට වෙලා ...
අපේ කාලයේ ටියුෂන් මාෆියාව s a b i t h අද බොහෝ දෙනෙකුගේ අවධානයට බඳූන් නොවූ නමුත් අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු අංශයක් ගැන සංවාදයක් ඇති කිරීමේ කාලෝචිත අවශ්යයතාවය මත මෙම ලිපිය ලියවෙන බව කිව යුතුයි.අද සමාජය තුල මාෆියාවක ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය නවතා දැමිය යුතු බවට හෝ තහනම් කල යුතු බවට මේ තුලින් කිසිසේත් අදහස් නොකරන අතර හුදෙක් අයාලේ යන මෙම ටියුෂන් කෙරුවාව ගුණාත්මක හා සිසු හිතවාදී එකක් ...
ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න.. s a b i t h පූර්විකාව: මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහලේ අධ්යයක්ෂ වෛද්‍යය S.A.H ලියනගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනා!මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!මොකක්ද මේ ...
සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need s a b i t h මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්! උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්! මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් ...