අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw s a b i t h ඊයෙ කොන්ඩෙ කපන්න ගියා..කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..ඇයි කොන්ඩෙ ...
හිරිවට්ටන දොස්තර! Medical Humour s a b i t h බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! ...
සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need s a b i t h මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්! උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්! මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් ...
ඕන දේ vs අවශ්‍ය දේ & interview ඔත්තු! s a b i t h ජීවිතයේ සමහර දේවල් වලට අපි කොච්චර ආස කලත් අපිට ඒවා හම්බවෙන්නේ නැති වෙන්න පුලුවන් වගේම කොච්චර ඒ දේ අපිට ඕන උනත් අපිට ඒක නොලැබෙන්න පුලුවන්..තවත් සමහර වෙලාවල් වලට අපිට ඕන නැතිම දේවල් බලෙන්ම වගේ අපිට හම්බවෙන වෙලාවලුත් තියනවා..මං හිතන්නේ පලවෙනි එකට වඩා දෙවෙනි එක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ!ජීවිතේ අපිට ඕන දේවල් තියනවා..අපිට අවශ්‍ය දේවල් තියනවා...සුද්ද සිංහලෙන් කියනවා ...
චේ! s a b i t h අද කාලෙකට පස්සෙ සෑහෙන්න හොඳ ලිපි දෙකක් කියවන්න හම්බුනා.පහුගිය දවස් දෙක තුනේ හරි හැටි හිතට දැනෙන දෙයක් කියවන්න නැති කම හින්දම වෙන්න ඇති මොකක් හරි ලොකු අඩුවක් වගේ දෙයකින් මගේ හිත වෙලිලා තිබුනේ! ඒකට සාංකාව කියල කිව්වත් වැරදි නැහැ.. අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.(මෙතනින්)එතන තිබුන සමහරි ලිපි වල තිබුන සමහර ...
පුලින ප්‍රාසාද s a b i t h මටම මං හිමි නැති මගේ ලෝකයේ කවදා කොහොම මං නුඹේ වෙන්නද?ඊලඟ රැල්ලට සේදෙන බව දැන දැනමවැල්ලේ මාලිගා තැනීම නුඹේ සතුට නම්..තාවකාලික සතුට වෙනුවෙන්...සදාකාලිකව දුක් වෙන්නට....එතකම් විතරක් මං නුඹේ වෙන්නම්... ...
අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක s a b i t h අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ...
පාර්ලිමන්ට් ජෝක්ස් s a b i t h පාර්ලිමන්ට් ජෝක්ස් වලට තියෙන්නේ සුළුපටු ඉතිහාසයක් නෙවෙයි!හුඟක් ඒවා ඇත්ත නොවුනත් ඔවුන්ගේ චරිත වල තියන සියුම් තැන්,හැසිරීම් පුරුදු අලලා කියවෙන නිසා ඇත්ත වෙන්න ඇතියි සිතෙන තරමටම මේ කතා රසවත්..J.R- සිරිමා,J.R-ප්‍රේමදාස,ප්‍රේමදාස- ජෝජ් බුශ්,චන්ද්‍රිකා රනිල් ආදීන් අලලා කියවෙන රසවත් කතා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ! J.R- ප්‍රේමදාසගේ 'රිදී හැන්දේ කතාව', ප්‍රේමදාස-ජෝජ් බුශ් ගේ 'ලංකාව මගේ අත උඩ' කතාව ඒ දවස් වල නම් සෑහෙන්න හිට්!පස්සෙ ...
කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ s a b i t h ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!රාලහාමි : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ! ...
මගේ පරන අවුරුද්ද! my old new year s a b i t h නිමිත්ත!මිහිරෙන් මතකයේ ඇඳේ...ඒ රසේ රැදේ මා සිතේ...සොඳුරු මතක සිත පිරේ...නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ ...
අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම! s a b i t h අයි ඩෝන්ට් නෝ වයි? man Vs women I ගැහැනුන්ගේ දුර බැලිල්ලඅයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!අයි ඩෝන්ට් නෝ වයි?man Vs women III ගෑනුන්ගේ අලි පස්සකවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???මෙන්න විස්තරේ! මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...Read more » ...
ගස් ලබ්බි...(18 +-) s a b i t h 18+18-චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවටනංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..එතකොටලු රස..නොකෑවට මොකෝ අපිත් දන්නවා!!ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D ) ...
ප්රෙෂ්ර් II s a b i t h කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් Iඅධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..1.ප්‍රාථමික අධික රුධිර පීඩනය : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න ...
ප්‍රෙෂර්.... s a b i t h මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්! ...
දක්ෂයා සහ සුදුස්සා...ඔබේ තේරීම? s a b i t h කථාව : මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.කතාවට ආයෙ ...
නුඹ.... s a b i t h සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?සිසිරයට නැව්තුම් තබන්නට,සිත හිරිවට්ටන් හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?නුඹ බියකරුද?නුඹ පියකරුද?නුඹ ඒ සිහිනයද?නුඹ හැබැවක්ද?නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?නුඹ කවුද....?නුඹ කොහෙද....?ප.ලි : මේ මං සිංහලෙන් ලියපු පලවෙනි නැත්නම් දෙවෙනි පෝස්ට් එක..පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..එහෙම කරද්දි මොකක් හරි වෙලා මේක අලුත් පෝස්ට් එකක් විදිහට ඩ්‍රාෆ්ට් එකට ඇවිල්ලා..පරණ ...
අයි ඩෝන්ට් නෝ වයි? man Vs women III ගෑනුන්ගේ අලි පස්ස s a b i t h අයි ඩෝන්ට් නෝ වයි?man Vs women Iඅයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!ගැහැනුන්ට අලි පස්සක් තියෙන්නෙත් පිරිමින්ට රා බඩක් එන්නෙත් ඇයි???පස්ස......අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස් එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..මුලු කළුතරටම තිබුනේ නෑ ඒ ...
අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ! s a b i t h I dont know y? මෙහෙම වෙන්නේ ඇයි? man Vs women පලවෙනි කොටස අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලුන් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකි වහෙන් ඔරෝ භාෂාව ගැන..කතාව: (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)බි : මේ...ඔයාට නවත්තලා කෝපි කෝප්පයක් බොන්න කැමතිද?වක් කරන් ...
I dnt knw y?මෙහෙම වෙන්නෙ ඇයි? man Vs women s a b i t h සැමියාගේ කබාය මත ඇති දිග හිසකෙසක් අඩි ගානක් ඈතින් පේන බිරිඳම වාහනය ඕන පොටට්යෙකුට පේන පත කනුවක හප්පා ගැනීම!!කතාව I : ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක ...
මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex s a b i t h ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවටපාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..බෙන්ස්, BMW ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,තනියම ඇවිදිද්දි අපේ ...