ඔබේ මනාපයක් ලසන්තට දෙන්න....! RearGate මෙය මගේ මිතුරෙකු විසින්, අප පළාතේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු පිළිබඳව ඊයේ මා සමඟ කියූ ඕපාදූපයකි. මැතිවරණ පනත අනුව කටකතා පැතිරවීම තහනම් බැවින් මෙය කියවා අමතක කොට ඔහුගේ අංක 14 ට මනාපයක් දෙන ලෙස ඉල්ලමි. " ලසන්තට මේ සැරේ සෑහෙන්ඩ තියෙනව වගේ නේද බං? ඌ බරට වියදම් කරනවා.... ඒ හින්දම තමා ඌට කාඩ් එක දෙන්ඩත් ...
හද ගලනා දිය ඇල්ලයි - ඔබ සාගර යහනයි... RearGate මෙය මගේ බිරිඳ විසින්, අප විවාහයට පෙර පෙම්කල අවධියේ මා වෙත ලියා නොඑවන ලද ගීතයකි. හද සැලෙනා ලා දල්ලයි.... ඔබ සීතල සුළඟයි.... හද ගලනා දිය ඇල්ලයි... ඔබ සාගර යහනයි... ඔබමය සතුටද... ඔබමය කඳුලද... ඔබමය ලොවම මගේ..... ඔබමය දියවර - තාපය නිමකල මා දිවි උයන දැවූ....... ඔබමය පණනල.... සුරකින නලවැල්.... ඔබමය මිහිමත - සැනසුම, සහනය මා....... දිවියේ...... පිවිතුරු සිහිනය. හද සැලෙනා ලා දල්ලයි.... ඔබ සීතල සුළඟයි.... ඔබමය දිනකර - මාවත ගණඳුර බිඳහැර එළිය මැවූ...... ඔබමය ඉසිවර - බිඳි ...
‘කතන්දර දහසක්’ අතුරුදන් කොට වසරකි. RearGate මම කතන්දර ලියන්නෙක්මි. කතන්දර වලින් මනිතොත්, මට අනුව මිනිස් ජීවිතයක් යනු කතන්දර දහසකි. හරියටම මෙයට වසරකට පෙර කතන්දර දහසක් හදිසියේම අතුරුදන් කෙරිණි. එලෙස අතුරුදන්වූ පළමුවැන්නා ඔහු නොවේ. මෑත ඉතිහාසය තුල උතුරේ සහ දකුණේ මෙලෙස අතුරුදන් වූවෝ ලක්ෂ ගණනකි. කතන්දර මිලියන ගණනෙකි. අවසානයාද ඔහු නොවේ. මොනම කරුණක් නිසාවත් මිනිසෙකු අතුරුදන් වනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට මා කැමති නැත. ඒ, මා මෙන්ම ඔහු/ඇය ද ...
(ගැහැණු) ආදරයේ අංශු මාත්‍රයක්... RearGate “2002 ජූනි මස 23 වෙනිදා සවස 3.30 ත් 5.00 ත් අතර කාලය තුල තම නිවසේදී විවාහ කරගන්නා බවට පොරොන්දු දී දූෂණය කිරීම.......” අවසානයේදී ප්‍රියංගි නිශ්ශංකට එරෙහිව එක්තරා දිසා අධිකරණයක නඩු පවරලා තිබුනා. ඒ වෙනකොටත් මගේ මිතුරෙකු වන නිශ්ශංකට වගේම මටත් මහත් හිසරදයක් වෙලා තිබුණ ඒ අවුල් ජාලය එක්වරම වෙනස්ම මුහුණුවරකට පත්වුනේ එහෙම. අපිට මේක ...
කළවා ත්‍රස්තවාදය - න්‍යායික හැඳින්වීමක්... RearGate මෙම ලිපිය ලිවීමට මූලිකම හේතුව වනුයේ මා විසින් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව කරන ලද වැදගත් සොයාගැනීමකි. එනම් අප රජයේ උගත් ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අඩවියේ පළවන අගනා අදහස් සීරුවෙන් අධ්‍යයනය කරන බවයි. මෙය සාක්ෂි සහිතව සනාථ කල හැකි කදිම නිදර්ශනයක් පසුගිය දිනවල ඔබ දකින්නට ඇත. ‘ටී.බී. ගේ කොට ගවුම් කචල් එක’ යනුවෙන් ජන වහරේ හැඳින්වෙන මෙය, සත්‍ය වශයෙන්ම ...
නියඟලා......... RearGate මේ ලබාපු 'සුබ අළුත්' අවුරුද්දෙ මට උඹත් එක්ක මාර තරහක් තියෙන්නෙ බං....... මොන මගුලකටද ඕක ෆේස්බුක් එකේ දැම්මේ....? මොන මගුලකටද ඔය වගේ පොටෝ එකක් ගත්තෙ....? මොන මගුලකටද ඒකට ඔය මල් අතට ගත්තෙ....? මොන මගුලකටද මේ මල් ඔය කාස්ටක වැලිතලාවේ පිපුනේ....? තවත් තරුණයෙකු යාපනයේදී වෙඩිතබා මරාදමයි - Sri Lanka Guardian ...
විමල් ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක්.... RearGate මේ දිනවල මා ‘පුංචි පහේ’ ප්‍රශ්නයකට උත්තර සොයමින් සිටිමි. පුංචි පහේ කිව්වට පහේ පන්තියේ නොවේ. අවුරුදු පහේ මගේ දියණියගේ ප්‍රශ්ණයකටය. දැං හැදෙන එවුන්ගේ පැහිච්චි කමට ඕන්නැති මගුලක් නැත. ප්රශ්නය ඇසුවේ ගිය 03 වෙනිදාය. වෙලාව රෑ 07.05 යි. අපි හිටියේ මගේ ප්‍රියතම අයි.ටී.එන්. නිව්ස් බලමිනි. එවෙලේ පෙන්වමින් තිබුණේ විමල් වීරවංශ ගරු ඇමතිතුමා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයයි. කෙල්ල ...
ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා) RearGate (පැහැදිලි කිරීමකි - මා ලියන බොහෝ කතා වල ප්‍රධාන කතා නායිකාව ඔබ වන හෙයින් ‘ගරු කතානායකතුමිය’ යනුවෙන් ඇමතීමට අවසර දෙන්න.) ගරු කතානායකතුමියනි, නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද කොට්ඨාශයේ ආශ්චර්යය බවට පත් කිරීමත්, මා සහ ඔබතුමිය විසින් කසාදයට පෙර සිටම සැලසුම් කල සහශ්රක සංවර්ධන අභියෝග ජය ගැනීමත් අරමුණු කොට මා විසින් සකස් කරන ලද 2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව මෙසේ ...
ණයට ගෙනා මනමාලි RearGate සිරිසේන අයියා සංවර්ධන බැංකුවට යනවා මං බලාගෙන. මාව දැක්කා මං හිතන්නෙ. මං නොදැක්කා වගේ උන්නා. නැත්තං පෙරේදා වගේ නීති උපදෙස් දීලා මගේ හොඳ පණ යනවා. හොඳ මනුස්සයා. රස්සාව ජෝසප් මුදලාලි ළඟ පොල් ලෙලි ගහන එක. කතාබහෙයි පෙනුමෙයි තරමක නෝන්ජල් ගතියක් තිබ්බත් අවංක මනුස්සයා. වයස අවුරුදු හතලිහකට කිට්ටුයි. මං කිව්වොත් ඕන දෙයක්. පෙරේදා හවස මග රැකගෙන ඉඳලම මිනිහා මාව අල්ල ගත්තා. “මාර වැඩේනෙ ...
බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර. RearGate පූර්විකාව සමාවෙන්ඩ ඕනෙ. මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මේක ලියලා තියෙන්නෙ අපේ samමහත්තයා. දන්න විදිහට නම් සිංහල බ්ලොග් අවකාශය මේ තැනට ගේන්න ලොකු දායකත්වයක් දුන්නු ප්‍රවීණයෙක්. මේ කතන්දර දාන්නෙ ඒක නිසාම නෙමේ. ????? මේවා සිංහල බ්ලොග් අවකාශය තුල මම කියවපු හොඳම කතන්දර වලින් කීපයක්. (ඒ පෝස්ට් එකේ කමෙන්ටුවක් දාල ටැබූ ත් ඕකම කියලා තිබුනා) අලුතින් බ්ලොග් අවකාශෙට ආපු අපිල වගේ ඇත්තොන්ට මේවා ...
බල්ලා ගොඩගත් කෙල්ල RearGate මේක කිව්වෙ දිලූප කියලා මගේ යාලුවෙක්. එයා මෑතක් වෙන තුරුම වැඩ කලේ මීගමුවේ ටයර් සේවා ස්ථානයක. මේ ‘එයාගෙම වචන’. “දවසක් මාර කේස් එකක්නෙ උනේ බං..... අර ටයර් ෂොප් එක ඉස්සරහා හරස් පාර ගාව ලොකු වලක් තිබුණා..... අඩි දෙකක් විතර ගැඹුරුයි. සති තුනක් විතර යනකං ඒක හැදුවෙත් නෑ...... දවසක් උදේ මචං ඕකට බල්ලෙක් වැටිලා..... හෙන නාකි ...
නෝනට තියෙන ප්‍රශ්න.... RearGate පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලාංකීය ප්රජාතන්ත්රවාදයේ මළගම ලෙස මා ඉත සිතින් අදහමි. එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කල සැප්තැම්බර් 08 වෙනිදා මා විසින් මෙම බ්ලොගය කට්ට කළු කර මගේ අත්‍යන්ත විරෝධයද පළකලෙමි. මා විසින් ගත් එම පියවරෙන් රජය යම් අපහසුතාවකට පත්වූ බවද පැහැදිළිවම පෙනෙන්නට තිබූ අතර ව්‍යවස්ථාව සම්මත වූ දිනට පසුදා කෙහෙළිය රඹුක්වැල්ල ගරු ඇමතිතුමා හට, ...
අප්සරාගෙ විස්තරේ... RearGate මෙම බ්ලොගයේ මා විසින් මෙයට පෙර ගැහැණු උදවිය පිළිබඳව එතරම් අභිරුචියකින් ලියා නැත. එයට හේතුව මගේ බිරිඳ නොවන බව මා කිව යුතුය. ඇය මා ලියන දේවල් කියවීමට එතරම් රුචි නොවන හෙයින් මෙහි කුමක් ලීවද ඇගෙන් ගැටළුවක් පැන නොනගින බව දනිමි. එයට ඇත්ත හේතුව නම් ඊයේ වන තුරුම ‘ඇය’ මට මුණ නොගැසීමයි. දෙයියම්පා ඊයේ තමයි දවස. ...
අද වගේ දවසක - සුළඟ එනු පිණිස.... RearGate වසර පහකුත් දින විසි තුනක් පරණ කේන්තියක් මා සිත තුල තවමත් දළුලමින් වැඩේ. මට හොඳින් මතක පරිදි ඒ ඓතිහාසික කේන්තිය පලමුවරට පැන නැංගේ කුරුණෑගල ‘නිව් ඉම්පීරියල්’ හෝල් කාරයා එක්කය. ‘සුළඟ එනු පිණිස’ කුරුණෑගල ප්‍රදර්ශනය අරඹා එදිනට දින හයක් ගතවී තිබිණී. ජීවිතයේ එදිනෙදා ඉටුකරනුව පැටවී ඇති කුදු මහත් වැඩකටයුතු අටෝරාසියක් බල්ලට දමා එදින උදයේ කුරුණෑගල බසයකට නැග ගතිමි. දහයයි විසිපහට පමණ ...
ජැක්සන් ඇන්තනී තට්ටෙ ගාපු හැටි. RearGate මේක මගේ හිතළුවක් කියල ඔබ හිතන්න පුළුවන්. ඒත් මේ සිද්ධියට ‘අඹ කීර්ති’ කෙලින්ම සම්බන්ධ බව දන්නේ මම විතරයි. කොහොමත් අඹ කීර්තිව දන්නෙත් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව බොහොම සුළු පිරිසක් බව කියන්න ඕනෙ. ගමේ මිනිස්සු අඹ කීර්තියා කිව්වට ග්‍රාම සේවක රාලහාමි කියන්නෙ ඒ.පී. කිර්තිරත්න කියලා. ප්‍රේමතිලක සාජන් මහත්තයා කියන්නෙ අඹයා කියලා. ඕ.අයි.සී. මහත්තයට මිනිහව තුන් පාරක් මුණගැහිල තිබුනට නම දන්නෙ නෑ. අපේ ...
අඩෝ නිශ්ශංක, RearGate (මුවා මැරූ සලමන් නිශ්ශංකට,) උඹ හදන්නෙ අපිට කෙළවන්න නේ? රුදුරු ත්රස්තවාදීන්ට බය නැතුව සිංහල ගම්බිම් රැකගෙන උන්නු වීරෝධාර සිංහලයො මස්වැද්දො කරලා, උන් මස්ගාතෙකට කෙල හල හල පස්සෙන් යන පෙරේතයෝ කරලා, ඒ ගම්වල ඉන්න සිංහල බෞද්ධ කාන්තාවෝ පාළු කඳුගානේ බීමතින් එකා දෙන්නා එක්ක අවල කෙළියේ යෙදෙන වේසියො කරලා, ගම්වැසියො අම්මා අප්පා නැති දරුපැටව් දෙන්නෙකුට කන්ඩ ටිකක් වත් නොදුන්න අවලම්මු කරලා, (දැනගනිං, අපි ලෝකෙන්ම අට වෙනියා හරි?) වීරෝධාර ග්රාමාරක්ෂකයෝ රට බේරගන්න දීපු තුවක්කුවෙන් අහිංසක ගෑණුන්ට වෙඩි තියන්ඩ යන ...
තාත්තාට කේන්තියෙනි. RearGate තාත්තේ, මෙය මගේ ජීවිතය තුල මා ඔබට ලියන පළමු ලිපියයි. එයද ඔබ අප අතරින් සදහටම වෙන්ව වසර හයකට පසු අස්පර්ශීය බ්ලොග් අවකාශයක ලිවීමට සිදුවීම, මා විසින් ලේඛනයේදී පෙර අත් නොවිඳි වෙනස් හැඟීමක් දනවයි. ඔබගේ ජීවිතය තක්සේරු කල හැකි තැනක මා නැත. ඔබගේ සිදුවීම් බහුල යොවුන් විය පිළිබඳව ඔබ මා හා පවසා ඇත්තේ අල්ප වශයෙනි. ගාල්ල කලහේ ඉපිද, ගැටයා සන්දියේ චිත්‍රපටි පිස්සුව සෑදීම කරණකොට ...
බල්ලො මල්ලියෙ.....! RearGate (මේ මාසෙ 8 වෙනිදට....) පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා... සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා.... සිංහ පැටව් වාගෙ බුරනවා.... බල්ලො හඳට යන්න හදනවා..... සිංහයගේ අතට කඩුව දුන්නේ කවුද? ලෙල දෙනකොට පැනලා ඇවිත් අපිව කයිද? පුතා අහනවා..... එයාට නින්ද යන්නෙ නෑ....... කොඩියේ සිංහයට බයයි.... සිංහයගේ කඩුවටත් බයයි.. බල්ලෝ බුරනවට බයයි..... අටසිය මුල් ගණන් වලදි සුද්දො කිව්වා බල්ලො මරන්න.. මොකද නින්ද යන්නෙ නෑ.... හැමතිස්සෙම බල්ලො බුරනවා.... පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා... සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා.... සිංහ
සරා සහ සිරා - තෙවසරක අස්වැන්න RearGate 'යුද්ධය' මෙලෙස දරුවන්ට ජලය පොවන්නේ නැත. මේ ජලය පොවන්නේ එක්දරු පියෙකු වන 'සරා' විසිනි. කතා අංක එක - සරා සහ සිරා සරා සහ සිරා ඉස්කෝල පහේ පන්තිය වෙනකං කොපිකලේ මගෙනි. ඊට පස්සෙ සරාට කොපිකරන්ඩ වෙන එකෙක් හොයාගන්නට සිදුවූ අතර සිරා මාත් සමගම වෙන ඉස්කෝලෙකට විත් දිගටම මගෙන් කොපිකලේය. ඒ කොපිකිරීම අවසන් කලේ ඕලෙවල් විද්‍යාව බහුවරණ පේපර් එකද, ගණිතය පළමු ...
අක්කා සංකල්පය... RearGate බජාර් එකේ ලලක්කා කොල්ලො හිත හොඳ අක්කා සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා... මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....// හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා.... මයියොක්ක පිපිඥ්ඤා වම්බොටු පොඩි බණ්ඩක්කා කන්නට ආසලු හිට හිට වැටකොලු අක්කා නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...// දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා.... බජාර් ...