වැද්දන් (නො)බැලීම.... RearGate පින්තූරය -http://kataragama.org/ ඔන්න සති කීපෙකට කලින් මම සේවය කරන ආයතනයෙන් දඹානට ට්‍රිප් එකක් ගියා. වැද්දො 'බලන්න'. ඕක තමා නිධාන කතාව. 'වැද්දන් බැලීම' කියන්නෙත් හරි ෂෝක් වැඩක්. සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතය තුල හැමෝටම ලොකු අවුලක් තියෙනවනෙ. මොකද කවුරුවත් විශේෂ නෑ. ඉතින් විශේෂ කෙනෙක් වෙන්න මාර ගේමක් දෙන්ඩ වෙනවා. ඕකට විවිධ දේවල් කරනවා. සමිති සමාගම් වල නිලතල දරනවා, ෆැෂන් කරනවා, කාර් ...
නැකතට මෙළවීම..... RearGate ඔන්න ලිප ගිනි මොළවන නැකත කිට්ටුයි. අපෙ මායියා ලිප ළඟ රෙඩිපිට. අතක ගිනිපෙට්ටිය. එක ඇහැක් ලිපට. අනික ටීවී එකට. ටීවී එකේ ජාතික රූපවාහිනියේ මැදමුලන විකාශය. ඔරලෝසුවෙ වෙලාව ශුවර් නැති හින්දා ටීවී එකේ වෙලාවටම චාරිත්තර කරන්ඩයි සූදානම. (ටීවී එකේ සාමාන්‍යයෙන් තව තත්පර තිහයි... විස්සයි... පහයි... ඔහොම කියනවනේ) ඔන්න රතිඥ්ඥා ඇහෙනවා. ටීවී එකේ මහා පල්හෑල්ලක් මැද ජනාධිපතිතුමයි එයාගෙ මායියයි ලිප ලඟට ...
දිනිති නංගීට විප්ලවීය සුබපැතුම්....!! RearGate දිනිති අපේ ගමේ කෙල්ලකි. පියා ඇය කුඩාකලදිම මියගොසිනි. හැදුනේ වැඩුනේ ඇගේ මවත් සමගම ඇගේ මහගෙදරය. එතරම් වත්පොහොසත්කම් නැති දුප්පත් පවුලකි. ඉගෙනීමට හොඳ හැකියාවක් තිබුණත් මේකි මලාට අපිට නොකියන, අපිත් නොදන්නවා වගේ ඉන්න පොඩි ලව් හුටපටයක් නිසා ඒ ලෙවල් ඇනගත්තේය. ඊට පස්සෙ බාහිර උපාධි කරන්ඩ ගත්තේ අපි කාගෙ කාගෙත් බලකිරීම නිසාය. යන්තම් ඒකනං ගොඩදාගත්තේය. පහුගිය අවුරුදු තුනහතරක කාලයක් දිනිතියා සිටියේ ...
ලිඳෙන් "ආපු" හාමුදුරුවො... RearGate මේ කතාවත් මම කලින් ලිව්ව 'ලිඳේ පැන්න නාමලී' ලගෙ ගමට සම්බන්ධයි. ඒකාලෙ මම නියුතුව උන්නු එක්තරා ක්ෂේත්‍ර රාජකාරි කටයුත්තකට අදාලව නාමලීලගෙ ගමේ මාස කීපයක් කටයුතු කරන්න සිද්දවුනා. මට ඒ සඳහා මුලින්ම කරන්න වුනේ ගමේම සම්බන්ධීකරණ කාර්යාලයක් හදාගන්න එක. ඒ වෙනකොටත් මට ඔත්තුවක් ලැබිල තිබුණෙ නාමලීලගෙ පන්සලේ බණමඩුවෙ වහල දාල තියෙන කාමරයක් ගැන. පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් ඔය ගැන අහන්න හිතං ...
සිස්ටම් එකේ සියඹලා කතා (පොලිස් සියඹලා කතාව සහ තවත් කතා) RearGate "කවුරු කවුරුත් සියඹලා කතාව දන්නව ඇතිනේ? මේ මම දන්න වර්ශන් එක. දවසක් මනුස්සයෙක් සියඹලා තොගයක් ගෝනියක දාගෙන විකුණන්න මුදලාලි කෙනෙක් ළඟට ගියාලු. මුදලාලි ගෝනිය කිරල බලද්දි කිලෝ පහක් තිබ්බලු. ඊට පස්සෙ මුදලාලි සියඹලා වේලිලා මදියි කියල තෙත බරට කිලෝ දෙකක් කැපුවලු. ඇට වල බරට තව කිලෝ දෙකක් කැපුවලු. ගෝනියේ බරට කිලෝ එකක් කැපුවලු. දැන් මිනිහ මුදලාලිගෙන් අහනවලු....... "එතකොට මං ...
සන්නස්ගල අංකල් වෙතයි.... :) RearGate අඩුමගානේ මීට වසර දහයකට දොලහකට පෙර වත් ඇස ගැටුනේනම්, කිසිදු ගේමක් නැතිව කෙල්ලන් පහ හයකට වත් ලියා යැවිය හැකි සින්දුවක් අද අහම්බෙන් ඇසුනි. අපේ කාලයේ ගැටවර විය යනු බයිසිකල් කටු වල නැගී ඉගිල්ලුන සමයයි. එෆ්.එම් රේඩියෝ වලට වහ වැටුන සමයයි. රූපවාහිනියේ රොබින්හුඩ් කටින් බලපු සමයයි. යෞවන සමාජවල ශ්‍රමදාන කරපු සමයයි. ප්රවෘත්ති දැනගන්නට පත්තර බලපු සමයයි. පණ දාගෙන සිංහල චිත්‍රපටි ...
'පුංචි පහේ' බෞද්ධයෝ.... RearGate පුංචි පහේ කිව්වට දැන් වයස හතකි. දෙක වසරේය. තනියම කතන්දර පොතක් කියවා තේරුම් ගැනීමට හැකියාව ඇත. ඒක කොහොම වුනත් දැන් දැන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමටද පටන් ගෙන ඇත. මම මේ දවස්වල හොයන්නේ මේ ප්‍රතිපත්ති මොකාගේදැයි කියාය. අද රාත්‍රී ආහාරය ගැනීමේදී ඇයට බෙදාදුන් මාළු කෑලි දෙකක් වෙනත් භාජනයකට දමා ඒවා ආහාරයට නොගෙන සිටියාය. බැලින්නම් ප්‍රතිපත්තිමය තීරණයකි. "මං මස් මාළු කන්නෙ නෑ ...
බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමයි ! RearGate මා ජීවත්වන්නේ ලංකාවේය. වර්තමානයේ මෙහි ජීවත්වෙනවා යනු එදිනෙදා දවස ගැට ගසාගැනීමකි. රටේ අනාගතය අතිශය බියකරු බව පෙනේ. ගැලවීගත නොහෙන දැවැන්ත ණය උගුලක රට පටලැවී ඇත. වාණිජ ප්රාග්ධනය කොන්දේසි විරහිතව මා ප්‍රියකරන සියළු දේවල් කැබලිකොට විකුණමින් තිබේ. රටේ ආර්ථිකය යනු විදේශීය ජාවාරම්කාර කොම්පැණි කිහිපයක් සහ දේශීය ජාවාරම්කාරයන් කිහිපදෙනෙකුට, සාමාන්‍ය මිනිසුන් විසින් ඉතා දුක්විඳ උපයන දේ කිසිදු අනුකම්පාවකින් යුතුව ගසාකෑමට පූර්ණ ...
අධිවේගෙට ආල වඩන සියාතුවේ...... RearGate සියාතුවේ ඉතිං කොහොමද බං...? පහුගිය ටිකේ උඹලව අමතකම වෙලා තිබුණෙ....... රටේ තියෙන ප්‍රශ්නත් එක්ක... දන්නැද්ද?.... එහෙං අර සුදුකොඩි කේස්එක... අරහෙ ජේවීපී එක කැඩිලා.... යූ.එන්.පී එකෙත් අභ්‍යන්තර අර්බුදනෙ.... හාබර්එකේ ගලේ ප්‍රශ්නෙ නං ඉවරයි..... දුමින්දගෙ කේස්එක..? එපාම වෙනවා බං.... මුං රෙදි ගලෝගෙනනෙ නාගන්නෙ... අපිට තමයි පාරෙ බැහැල යන්ඩ බැරි.... හැබැයි ජනාධිපතිතුමා කෙලින් මිනිහා.... ඒ නොවෙන්ඩ..මේක...... ඇයි බං ආසනික්...? ඉතිං කොහොමද? අගිදා ...
වල් අලින් හා සටන් වැද...... RearGate (පරණ පොත් පෙට්ටියක තිබී හමුවූ මෙය ලියන ලද්දේ මා විසින් නොවේ. එමෙන්ම මා විසින් නොවන්නේද නොවේ. වෙහෙසකර අපොස උසස්පෙළ දෙවන වතාවටත් ලියා හමාරකල වහාම මා පැනගත්තේ පුත්තලමටය. මගේ පියා හඳුනන අයෙකුගේ නිවසකටය. මගේ බලවත් පෙරැත්තයටය. අනුරාධපුර පාරේ 7 කණුවෙන් හැරී කිලෝමීටර් කීපයක් කීරියා ගස් සහ මාන කැලෑව මැදින් ගිය විට හමුවන කුඩා කොටු ගම්මානයක තැනූ කටුමැටි පැල්පතක ඔවුහු පදිංචිව ...
වස්සානයට අත වනලා... ඉමු මග බලන්.... RearGate උදේ එකොලහයි විස්සයි. දුරකථනයේ අතහැරුනු ඇමතුම් තුනක්. එකක් චාටර් එකක්. අනික දුක්ගැනවිල්ලක් විය යුතුයි. අනික හිතාගන්න බැහැ. හිතාගන්න බැරි එක ඩයල් කලා....... Wassanaya 1 by Charmi Sam "ආ..... කොහොමද?" හිත හිරිවැටුන ඒ හඬ වසර තුනකට පස්සෙ. ඇය මගෙන් සමු අරන් වසර හතක්. "ඕ.... ගෝඩ්.... ඔයා..... ඔයා...?...." "ඇයි...? මම තමයි.... මොකද බයවුනාද?......." "ම්...... ?!....?" "ගෙදරද ඉන්නෙ? ...මම තියන්නම්..." "ඕ.... හෝව්.. ...
වීරෝධාර රණවිරුවා හෙවත් අසංකයා..... RearGate මට මතකයි හමුදා මළ ගෙයක්. උගේ නම අසංක. මගේ යාළුවෙක්. බැඳලා. දුවෙක් හිටියා. පුදුමාතලන් වලදි මෝටාර් එකක් වැදුනා. ඌ එතනම ඉවරයි. උගේ බොඩිය ගෙනාවා. අහළ ගම් හතක උන් එකතුවුනා. මහා බැනර් තොගයක් වැටුනා. හැමෝම අවංකවම දුක්උනා. සමහරු ඇඬුවා. බොරුවට නෙමේ. ඇත්තටම. අසංකයා හොඳ එකෙක්. ඌ යුද්දෙට ගියා. මළගෙදර හර බර දේශනාවල මොන කතන්දර කියවුනත් ඒ ඇයි කියලා මං දන්නවා. ...
විල්පත්තු හටන.... RearGate පින්තූරය විල්පත්තුවේ උනාට මේ ලියන්නේ විල්පත්තුව ගැන නොවේ. මේ අලි ගහන කැලෑවකි. විෂඝෝර සර්පයින් ඇතුළු වනසත්ව උවදුරු වැඩිම කලාපයකි. සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, සන්නිවේදන පහසුකම් සහ වාණිජ පහසුකම් අවම කලාපයකි. කාෂ්ඨක මහපොළොව හෝ මුහුදත් සමග ඔට්ටු වීම හැර වෙනත් සැලකියයුතු ජීවිකා මාර්ගයක් නොමැති තැනකි. වර්ෂයේ වැඩිම කාලයක් තණකොළ පවා දැවී පිළිස්සෙන දැඩි හිරු එළියෙන්ද, සුළඟින් ගසා එන දූවිල්ලෙන්ද දිය ...
ග්‍රීස් යකෙක් ඇල්ලුවෙමු.....! RearGate ඇත්තටම මේ වගේ ඕපාදූපයක් ලිව්වට කවුරුවත් කියවන්නෙ නැතිවෙයි. ඒත් මේ ග්‍රීස් යකා සීසන් එක ඉවර වෙන්ඩ කලින් මේක ලිව්වෙ නැත්තං මේ කතන්දරේ වැඩක් නැති වෙනවා. ඇත්තම කියනවනං අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. හැට හැත්තෑවක විතර පිරිසක් ග්‍රීස් යකා හෙව්වත් අපි දෙන්නට තමා අහුවුනේ. අපි කිව්වෙ මමයි ප්‍රේමෙ අයියයි. ප්‍රේමෙ අයියා උගෙ බෙල්ලෙන් ඇල්ලුවා. මම අතින් ...
රත්නවල්ලිය බැසයයි - අනුරපුරයට සාමයේ අරුණළු...... RearGate ගිය බදාදා පාන්දර තුනට විතර මම හිටියේ අයි.ටී.එන් නිව්ස් බලබලා. නිව්ස් කියන කෙලිපොඩ්ඩි ඇඳං උන්නෙ බාගෙට නිරිවස්තරෙන් හින්ද මට තේරුණා කොහේ හරි වයර් එකක් පැටලිලා කියලා. පස්සෙ මම තේරුම් ගත්ත විදිහට මේක ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ සජීවී ප්රවෘත්ති ප්‍රකාශයක්. මෙන්න මෙහෙම නිව්ස් එකක් ගියේ. අනුරපුර නගරයේ සංවර්ධනය උදෙසා ගාඩි වංශික ජනතාවගේ නොමද සහාය අතිගරු දුටුගැමුණු මහ රජතුමා විසින් කුරිරු ත්‍රස්තවාදී ග්රහණයෙන් ...
සියළු 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්' ලා වෙතයි.... RearGate නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි. කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක..... ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..? ...
මගේ ජිබ්බා - විමල්ගේ මූන්..... RearGate මා කුඩා කල මගේ මව හා පියා සමඟ වසර කීපයක් මිනිස් වාසය ඉතා අඩු පෙදෙසක ජීවත් වූවා මතකය. තරමක් දුර ගෙවා ගිය පාසලේ මිතුරන් කිහිප දෙනෙකු හැරෙන්නට වෙනත් කිසිදු මා වයසේ මිතුරෙකු හෝ සහෝදර සහෝදරියක මා හට නොවී. එබැවින්දෝ මා එකල මිතුරෙකු තනාගෙන සිටියෙමි. හේ අජීවීය. නම 'ජිබ්බා' ය. එය අඟල් අට දහය පමණ ප්‍රමාණයේ සැහැල්ලු පිටපළු කැබැල්ලකි. බෝනික්කෙකු හෝ සුරතල් සතෙකු ...
නැන්දම්මාගේ ක්‍රිකට් (පශ්චාත් නන්දිකඩාල් ක්‍රිකට්) RearGate පසුගිය දිනෙක මගේ යතුරුපැදිය අළුත් ටයර් ඉල්ලා අඛණ්ඩ උපවාසයක නිරත විය. ඒ සංකේතීයව පසුපස රෝදයේ හුලං ද බස්සවාගෙනය. යතුරුපැදියට රෝද තිබෙන බව මාස ගානකින් මට මතක් වූයේද එදාය. සාමාන්‍යයෙන් ඔය මගුලේ මට මතක ඇත්තේ හැඬල් එකත්, පෙට්‍රල් ටැංකියත්, ඉරුණු සීට් එකත් පමණි. එම සවස් වරුවේ හදිසි ගමණක් යෙදී තිබුණු බැවින් යතුරු පැදියක් ඉල්ලා ගැනීමට මිතුරෙකුගේ නිවසට ගියෙමි. මිතුරා නැත. මිතුරාගේ නැන්දම්මා ...
පුරාතන ලංකාවේ මිනිසුන් ප්‍රවාහනය RearGate මෙය ලෝ ප්‍රකට කාල්ටන් විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්යවරයෙකු විසින් විසින් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සරළ අනුවර්තනයකි. මෙවන් නීරස ලියවිල්ලක් මෙම බ්ලොගයේ පළ කිරීමට සිදුවීම පිළිබඳව පළමුව ඔබගෙන් සමාව අයදිමි. ------------------------------------------------------------------- පුරාතන ශ්‍රී ලංකාවේ මිනිසුන් ප්‍රවාහනය මූලික වශයෙන් මගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරාතන අර්ධ වැඩවසම් සමයෙහි මිනිසුන් ...