වැද්දන් (නො)බැලීම.... RearGate පින්තූරය -http://kataragama.org/ ඔන්න සති කීපෙකට කලින් මම සේවය කරන ආයතනයෙන් දඹානට ට්‍රිප් එකක් ගියා. වැද්දො 'බලන්න'. ඕක තමා නිධාන කතාව. 'වැද්දන් බැලීම' කියන්නෙත් හරි ෂෝක් වැඩක්. සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතය තුල හැමෝටම ලොකු අවුලක් තියෙනවනෙ. මොකද කවුරුවත් විශේෂ නෑ. ඉතින් විශේෂ කෙනෙක් වෙන්න මාර ගේමක් දෙන්ඩ වෙනවා. ඕකට විවිධ දේවල් කරනවා. සමිති සමාගම් වල නිලතල දරනවා, ෆැෂන් කරනවා, කාර් ...
පොල් කෙල්ලේ ඔයයි මමයි...... RearGate මේක යුද්දේ දරුණුවටම ගිය 2009 මුලදී වගේ වෙච්චි පොඩි සිද්දියක්. මම දන්න හොඳ දේශප්‍රේමී මුදලාලි කෙනෙක් ඉන්නවා. ධර්මෙ අයියා කියමුකො. පලාතෙ හැටියට ටිකක් ලොකු සිල්ලර කඩයක් තමා කලේ. පළාතෙ කවුරුත් පෙට්‍රල් ගත්තෙ මිනිහගෙ කඩෙන්. මොකද ෂෙඩ් එකේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවංකරන නිසා මිනිහා පෙට්‍රල් ගෙන්නුවෙ හැඳල පැත්තෙ ෂෙඩ් එකකින්. ෂෙඩ් එකට වඩා ගණං වැඩි වුනත් බඩු සුපර්. ඉතිං මිනිහා ...
ඉස්පීකර් නිලමෙ මළා.....! RearGate අගාරෙ ගෙදර නිලමෙ හෙවත් ඉස්පීකර් නිලමෙ මළා. වයස 69 යි. සිරෝසිස්. දයාසිරි ජයසේකර මල ගෙදර ආවා. ජයවික්‍රම පෙරේරත් ආවා. මාත් ගියා. දයාසිරිලා ජයවික්‍රමලා අපි ඔක්කොම මල ගෙදර ගියා. නිලමෙ උපදිනකොට නිල්ම නිල්පාට ශ්‍රී ලංකා කාරයෙක්. මැරෙනකොට කැපුවත් කොල යූ.ඇන්.පී කාරයෙක්. ඔය ඓතිහාසික පක්ෂ මාරුව සිද්දවුනේ 1999 අවුරුද්දෙ දෙසැම්බර් මුල සතියෙ දවසක රෑ 11 කුත් ගානට දෙණියෙ කිරිකෝන් ගහ යටදි. ...
ගාසා තීරයට අත නොතබනු ! (මමයි කියන්නෙ හරිය..?) RearGate ඊශ්‍රායලය විසින් මේ මොහොතේදී ගාසා තීරය වෙත එල්ල කරමින් තිබෙන අති බිහිසුණු ප්‍රහාරය අප හෙලාදැකිය යුතුය. හෙට දිනයේදී ලෝකය විඳින්නට නියමිතව සිටි කුඩා මල්කැකුළු වන් අහිංසක දරුවන් අමානුෂික යුද්ධය විසින් තලා පොඩිකරදැමීම හද කම්පා කරවයි. මෙම වර්ගවාදී උන්මත්තකභාවයට අප කවුරුත් එරෙහි බැවින්, මෙම අමානුෂික ප්රහාරයන්ට මගේ විරෝධය පලකිරීම උදෙසා, එම ඛේදවාචකයේ ලොව සසල කල පින්තූර කිහිපයක් පහත පල කරමි. ...
ඩොලර් කාක්කෙක් ඔබ අමතයි....!! RearGate මේ ලියන්නේ පොඩි හදිස්සියකට. මගේ යාළුවෙක් ලැජ්ජාව හින්දා දිවි නහගන්න යනවා. මිනිහගේ අන්තිම කැමැත්ත මිනිහා ලියන මේ අවසන් පාපොච්චරණය මිනිස්සු අතරට ගෙනියන එකලු. මැරෙන්නෙ මිනිහගේ කැමැත්තෙන් හින්දා මට ඒකට කරන්න දෙයක් නෑ. ඒත් යාළු ෆිට් එක හින්දා මිනිහගේ ඉල්ලීම ඉෂ්ඨ කරලා දානවා. ඇත්තටම මිනිහා උනත් ඒ දවස්වලනං මේ වගේ බ්ලොග් පඩංගු සතේකට ගණන් ගත්තෙ නෑ. ඒ දවස්වල මෑන්ස්ට ජාතික ...
අක්කා සංකල්පය... RearGate බජාර් එකේ ලලක්කා කොල්ලො හිත හොඳ අක්කා සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා... මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....// හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා.... මයියොක්ක පිපිඥ්ඤා වම්බොටු පොඩි බණ්ඩක්කා කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...// දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා.... බජාර් ...
පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය... (ස්වයං රැකියා අත්වැල - 01 කොටස) RearGate මා විසින් හඳුන්වා දෙන නවතම විශේෂාංගය ‘ස්වයං රැකියා අත්වැලයි’. මෙය ඔබට නිවසේ සිටම සැලකියයුතු ආදායමක් ලබාගැනීමට අවස්ථාව සලසනු වස් නොමිලයේ සපයන සේවාවකි. මුදල් එපා. තුටු පඬුරු එපා. ‘කියවීමෙන් පසු’ කැමතිනම් හිට් එකක් පමණක් ලබාදෙන්න. (අකමැති නම් ඒකත් එපා) අද හඳුන්වා දෙන්නේ ලංකාව තුල කවදත් ජනප්‍රිය ‘ගුප්ත විද්‍යා’ ක්ෂේත්රයට සම්බන්ධ ‘පුනර්භව පර්යේෂකයෙක්’ වන ආකාරයයි. අවශ්‍ය ද්‍රව්‍ය · විකාර කියවන පොඩිඑවුන් ...
නිකිණි වන්දනාව ගියා.... හැමෝටම ස්තුතියි. RearGate නිකිණි දන්සැල හෙවත් අපේ වැඩිහිටි වන්දනා ගමන ඉතා සාර්ථකව අවසන් කරගන්න හැකිවුනා. නිකිණි මාසේ 28 විතර මේ ගමන යන්න කලින් සැලසුම් කලත්, කතරගම දේවාලේ මංගල්‍ය සමය ආසන්න නිසා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙදි කරදර වේවි කියලා දන්න කියන මිතුරන් කීප දෙනෙක් කිව්ව නිසා දිනය ටිකක් පස්සට ගත්තා. ඊට පස්සේ පොදු තීරණයකට ආවා අපේ අති උතුම් වයඹ චන්දෙ අහවර වෙලාම මේක ...
හෙමින් සැරේ පියා විදා....... RearGate එකල මට පෙම්වතියක් විය. අප විවාහ විය යුතුව සිටියෙමු. අප ‘ආදරය’ කිරීම එයට හේතුවයි. මුලදී ඇය වඩාත් කැමැත්තෙන් සිටියේ මගේ මිතුරාටය. ඔහුට පෙම්වතියක් ඇති බව දැනගත් විට ඇය මට කැමති වූවාය. මට පෙම්වතියක් නොසිටි හෙයින් මමද ඇයට කැමති වීමි. එතැනදී ඇතිවූ ‘ආදර සම්බන්ධයට’ මූලිකම හේතුව ඇය ස්ත්‍රියක සහ මා පුරුෂයෙකු වීම පමණකි. එය එක්තරා උගුලක් සේද මට දැණිනි. යමෙකු ...
දූෂකයෙකුගේ කතාවක්.... RearGate (වරක් මා අතින් උනු ලොකු ‘මිස්ටේක්’ එකක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. නමුත් මටම ඒක උනු එක ගැන ලොකු කණගාටුවක් ඇතුලෙන්ම දැනෙමින් තියෙනවා.) කතානායකයා අජන්ත. අවුරුදු 42 යි. හොඳට ඇඟපත තියෙන සරම/කමිසෙ අඳින හාදයෙක්. යන්නෙ නොම්මර තහඩුවත් දරාගිය කෑලි හැලෙන සුපර් කබ් බයික් කබලක. කවදාවත් කොණ්ඩෙ පීරන එකෙක් නෙමේ. ඉගෙනගෙන නෑ. කන් පාත් වෙන්ඩ බොනවා. ස්ථිර ...
කඩු හොරා පිළිබඳ මා දන්නා තොරතුරු අනාවරණය කිරීමයි. RearGate මෙය සෑහෙන්න සිතා බලා ලියන ලිපියකි. මේ තොරතුරු මෙලෙස හෙලිදරව් කිරීමට මගේ කිසිදු කැමැත්තක් නොතිබුණත්, නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මගෙ මතු ආරක්ෂාව පිණිස මෙය කල යුතුව ඇත. මන්ද යත් යම් අපරාධයක් පිළිබඳ අප දන්නා තොරතුරක් වසන් කරගෙන සිටීමද නීතියට අනුව බරපතළ වරදක් වන බැවිනි. කෞතුකාගාරයේ පුරාවස්තු සොරකම සිදුව සෑහෙන කලක් ගතවුවත්, එම තක්කඩි හොරා ගැන මා දැනගත්තේ ඊයේ පෙරේදා දිනෙක ...
බීටලේගෙ සතුට...! RearGate මේ ලිපිය නොකියෙව්වත් කමක් නෑ. කලින් බලල නැත්තං මේ වීඩියෝ එක බලන්න කියල ඉල්ලනවා. (අවුට්සයිඩර්, උඹේ ඩේටා කෝටාව අමතක කරල බලපං හරි?) මේ වීඩියෝ එක බුකියෙ ෂෙයාර් කරපු බීට්ල් ලියල තිබුනෙ මෙහෙම. “සතුටින් කෑගසා හඬන්නට හිතෙන්නේ මට විතරද..?” --------------------- මට මතක්වුනේ පෘථිවි වාසීන්ගෙ අඟහරු ආක්‍රමණය සිදුවුන පසුගිය දිනවල ‘ලංකා සී නිව්ස්’ වල ගිය හෙඩිමක්. NASA අඟහරු ගමනට ශ්‍රී ලාංකික ...
මගේ රාත්‍රී සාංඝික දානය RearGate පින්තූරය - http://stillforestpool.blogspot.com/ ඊයේ මම රාත්‍රී සාංඝික දානයක් දුන්නා. ඒ හේතුවෙන් මට ලැබෙන්නට නියමිත ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන කුසලානුභාවයන් කැමති කෙනෙකුට (දැනට එව්වා අඩුපාඩු අය විශේෂයි) අනුමෝදන් වෙන්න කියන්නත් එක්ක තමයි මේක ලියන්නෙ. ඊයෙ හවස හතරට විතර පොඩි වැඩක් අහවර කරලා ගෙදර එමින් ඉන්න විට තමයි මේ කියන්න යන හාමුදුරුවො පාර අයිනෙ ඉන්නවා මම දැක්කෙ. මම හොඳට ...
නැකතට මෙළවීම..... RearGate ඔන්න ලිප ගිනි මොළවන නැකත කිට්ටුයි. අපෙ මායියා ලිප ළඟ රෙඩිපිට. අතක ගිනිපෙට්ටිය. එක ඇහැක් ලිපට. අනික ටීවී එකට. ටීවී එකේ ජාතික රූපවාහිනියේ මැදමුලන විකාශය. ඔරලෝසුවෙ වෙලාව ශුවර් නැති හින්දා ටීවී එකේ වෙලාවටම චාරිත්තර කරන්ඩයි සූදානම. (ටීවී එකේ සාමාන්‍යයෙන් තව තත්පර තිහයි... විස්සයි... පහයි... ඔහොම කියනවනේ) ඔන්න රතිඥ්ඥා ඇහෙනවා. ටීවී එකේ මහා පල්හෑල්ලක් මැද ජනාධිපතිතුමයි එයාගෙ මායියයි ලිප ලඟට ...
ඉන්දියාවේ අම්මට එන්න කියාපිය.... (පුහ්) RearGate පළමු චරිතය - ‘ටෙක්ලා’ අපේ ඒරියල් එකේ කවුරුත් පාහේ දන්නා කියන ලලක්කෙකි. ලෙටර්හෙඩ්, ලෙජර්, කරන්ට් එකවුන්ට්ස් නැතත් වෘත්තීය මට්ටමෙන් සේවා සපයන්නියකි. දෙවන චරිතය - චානුක (එහෙම කියමු). මම දන්නා කියන එකෙකි. රස්සාව සේල්ස් රෙප්. විවාහකයි. දරුවො දෙන්නෙක් සිටී. තෙවන චරිතය- මහේෂි. චානුකගේ බිරිඳ. කියන්නට තරම් කැතක් නැත. තරමක් තරබාරුය. පොඩ්ඩක් කට සැරය. සිව්වන චරිතය- සමුද්‍රා. අවිවාහකය. දැනට වසර හතක් ...
අනුන්ට මෛත්‍රී කිරීමෙන් වළකින්න RearGate මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවන්න හදන ඔබට තියන්නෙ තෝරාගැනීම් දෙකයි. එක්කෝ මේක විශ්වාසකිරීම. නැතිනම් අවිශ්වාස කිරීම. මේක අවිශ්වාස කරන ඔබ ගැන මට දුකයි. හිතන්න ඔබ ගෙදරක ඉන්න පූසෙක් කියලා. මාළු එන්නෙ කොහෙන්ද කියල ඇහුවොත් ඔබ මොකද්ද කියන්නෙ? මාළුකාරයගෙ පෙට්ටියෙන්. එහෙම නැත්තං ෆ්‍රිජ් එකෙන්. ඉතින් මම ඇවිල්ලා මුහුද ගැනත් ධීවර කර්මාන්තය ගැනත් ඔබට කියාදෙද්දි ඔබ එය අවිශ්වාස කරනවනං ...
ගඩොලක කතාව RearGate ඔබට ආසන්නවම ඇති බිත්තියේ, ඔබේ ඇස් බැල්මට ඉලක්ක වන තැන කපරාරුවට යටින් ඇති ගඩොලට කතන්දරයක් ඇත. එය මැටි ගඩොලක් නම් කතන්දරය විචිත්‍රය. යම් හෙයකින් එය දංකොටුව,පල්ලම, පුත්තලම, නිකවැරටිය වැනි පළාතක උපත ලද ගඩොලක් නම් කතන්දරය අති විශිෂ්ඨය. ගඩොල් උපදින්නේ මැටියෙනි. මැටි ගඩොල් කරන්නේ තාත්තලා විසිනි. අම්මලාද නැත්තේ නොවේ. එනිසා සෑම ගඩොලක්ම නිපදවෙන්නේ දරුවන් හේතුවෙනි. ගඩොල් නිපදවන්නේ වරකට එක බැගිනි. ...
ආගම් ගැන..... RearGate (මේක ලිව්වෙ මරුවා. ගියේ උගෙ බ්ලොග් එකේ. මම ඌට බය නැත. ‘මරුවා’ යනු බ්ලොග්කරණයේ වෙනස් භාවිතයකි. සාමාන්‍යයෙන් ඌ ලියන දෙය කියවන්නා/කියවන්නිය තුල ආතතියක් ජනිත කරයි. එහෙත් එය මෝචනය කරගන්නට එහි කමෙන්ට් කොටුවක් නැත. එනිසා ඉන් ඉවතට එන්නේ ආතතියෙන් යුත් මිනිසෙකි. මෙය ඉතා බලපෑම්සහගතය. එක අතකට මා මේ කර ඇත්තේ මරුවාගේ ආතතිජනක බ්ලොග් කෙරුවාව අල කිරීමකි. ඒ අර්ථයෙන් නම් වැඩේ ...
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය....... RearGate (මෙය Reargate පාතාල රසිකයෙකු වන අඹ කීර්තියා විසින් ලියන ලද්දකි. අඹ කීර්තියාට VIP පාස් එකක් නැති බැවින් මෙය පස්ස ගේට්ටුවෙන් ඇතුලත් කිරීමට තීරණය කල බව සලකන්න.) මේ ගීත විචාරයක් නොවේ, එසේම මෙහි සළකනු ලබන ගීතය සම්බන්ධයෙන් සත්‍යම වූ කරුණු අන්තර්ගත නොවීමට පුලුවන. එහෙත් පූර්ණ වශයෙන් අන්තර්ජාලය ඇසුරෙන්ම පමණක් අසන්නට ලැබුණු නවීන සංගීත භාණ්ඩ හෝ නවීන ක්‍රමවේදයක් යටතේ නිෂ්පාදනය නොවුණු ...