'කැත' දුමින්ද විතරද? RearGate දුමින්දගේ මරණය ප්‍රාර්ථනා කලවුන්ගේ සැබෑ අපේක්ෂාව කුමක්ද? දුමින්ද හෝ ඔහුගේ සහචරයින් භාරතට වෙඩි තබා ඝාතනය කල බව දැනට පිළිගත් මතයයි. මෙය පොදු ජනයා තුල ඉමහත් කම්පනයක් ඇති කිරීමටත්, ජාත්‍යන්තරව රටට අපකීර්තියක් ගෙන දීමටත් හේතු විය. අවසානයේදී මියගිය භාරත හිතහොඳ චණ්ඩියෙක් විය. බාගෙට මියගියා යයි කියන දුමින්ද ජාවාරම්කාර දුෂ්ටයෙක් විය. බොහෝ දෙනෙකු ප්‍රසිද්ධියේම ඔහුගේ මරණයද ප්‍රාර්ථනා කරනු ඇසිනි. මූලිකවම මෙය ...
වල් අලින් හා සටන් වැද...... RearGate (පරණ පොත් පෙට්ටියක තිබී හමුවූ මෙය ලියන ලද්දේ මා විසින් නොවේ. එමෙන්ම මා විසින් නොවන්නේද නොවේ. වෙහෙසකර අපොස උසස්පෙළ දෙවන වතාවටත් ලියා හමාරකල වහාම මා පැනගත්තේ පුත්තලමටය. මගේ පියා හඳුනන අයෙකුගේ නිවසකටය. මගේ බලවත් පෙරැත්තයටය. අනුරාධපුර පාරේ 7 කණුවෙන් හැරී කිලෝමීටර් කීපයක් කීරියා ගස් සහ මාන කැලෑව මැදින් ගිය විට හමුවන කුඩා කොටු ගම්මානයක තැනූ කටුමැටි පැල්පතක ඔවුහු පදිංචිව ...
මුවෝ මරණ එක ඇත්තටම පව් ද? RearGate දේවානම්පියතිස්ස මුව දඩයමේ ගිය කාලෙ මුවෝ මරණ එක පව් නෑ. ඒ කාලෙ සිංහලයො හිටියෙත් නෑ. දෙමලු හිටියෙත් නෑ. (බැරිවෙලාවත් හිටියනං දෙමලු මරන එකත් පව් නෑ.) මිහිඳු හාමුදුරුවො ඇවිත් තියෙන්නෙ පොසොන් පෝය දවසක. එදා පොසොන් පෝය කියල මිහිඳු මහ රහතන් වහන්සෙ දැනගෙන උන්නෙ නෑ. මුවා දැනගෙන උන්නෙත් නෑ. ඒකනෙ දිව්වෙ. තිස්ස දැනගෙන උන්නෙත් නෑ. දැනගෙන උන්නනං කීයටවත් ඔය දවසෙ මුව ...
වස්සානයට අත වනලා... ඉමු මග බලන්.... RearGate උදේ එකොලහයි විස්සයි. දුරකථනයේ අතහැරුනු ඇමතුම් තුනක්. එකක් චාටර් එකක්. අනික දුක්ගැනවිල්ලක් විය යුතුයි. අනික හිතාගන්න බැහැ. හිතාගන්න බැරි එක ඩයල් කලා....... Wassanaya 1 by Charmi Sam "ආ..... කොහොමද?" හිත හිරිවැටුන ඒ හඬ වසර තුනකට පස්සෙ. ඇය මගෙන් සමු අරන් වසර හතක්. "ඕ.... ගෝඩ්.... ඔයා..... ඔයා...?...." "ඇයි...? මම තමයි.... මොකද බයවුනාද?......." "ම්...... ?!....?" "ගෙදරද ඉන්නෙ? ...මම තියන්නම්..." "ඕ.... හෝව්.. ...
දෙකයි.....!! RearGate මේක ලියන්නෙ පොඩි හදිස්සියකට. ඊයෙ පෙරේදා පොඩි විමර්ශනයක් දාල බලද්දි මේ බ්ලොග් එක අවුරුදු දෙකක් විතර ඇදගෙන ඇවිල්ලා. ඇත්තටම මට ඒක අමතක වුනා. ඇනිවසරි පෝස්ට් දාන්ඩ හිතේ නොතිබ්බත් දුකාගෙ තුන්වෙනි ඇනිවසරේ කියවද්දි මටත් පොඩිවට එකක් දාන්ඩ හිතුනා. එකම එක කාරණේකට. කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙ බ්ලොග් විතරක් ස්ථිර වෙන්ඩ විදිහක් නැනෙ. ඉතින් කොයිවෙලේක හරි මේක අල්ලල දාන්ඩ වෙයි. එතකොට ...
සරා සහ සිරා - තෙවසරක අස්වැන්න RearGate 'යුද්ධය' මෙලෙස දරුවන්ට ජලය පොවන්නේ නැත. මේ ජලය පොවන්නේ එක්දරු පියෙකු වන 'සරා' විසිනි. කතා අංක එක - සරා සහ සිරා සරා සහ සිරා ඉස්කෝල පහේ පන්තිය වෙනකං කොපිකලේ මගෙනි. ඊට පස්සෙ සරාට කොපිකරන්ඩ වෙන එකෙක් හොයාගන්නට සිදුවූ අතර සිරා මාත් සමගම වෙන ඉස්කෝලෙකට විත් දිගටම මගෙන් කොපිකලේය. ඒ කොපිකිරීම අවසන් කලේ ඕලෙවල් විද්‍යාව බහුවරණ පේපර් එකද, ගණිතය පළමු ...
අහිගුණ්ටික මරණයක් RearGate මේ පළාතට මාස පහ හයකට පාරක් ඇවිත් සතියක් හමාරක් නැවතිලා යන අහිගුණ්ටික පිරිසක් ඉන්නවා. මේක මම දන්න දා ඉඳං වෙන දෙයක්. ඉස්සරනං කොහෙහරි වැව් පිටියක තල් අතු කූඩාරම් ගහගෙන බූරුවොත් දිගේලි කරගෙන තමා හිටියේ. තව රිලව් එහෙම ගේනවා. බූරුවෝ අරන් යන්නේ තල් අතු කූඩාරමුයි, අනෙක් උයන පිහන වගේ අඩුවැඩියයි තැනින් තැනට ප්‍රවාහනය කරන්න. ඒ කාලයේ අහිගුණ්ටික ගෑණු ගෙවල් ගානේ ...
‘රාවණා’ - සුපිරි සතුරෙක් වෙනුවට සුපිරි වීරයෙක්.... RearGate මා ‘රාවණා’ යනුවෙන් යමෙක් සිටියා යයි විශ්වාස නොකරමි. එහෙත් රාවණාට අතිශය කැමැත්තෙමි. ‘මී ජයා’ කරන වැඩේට කැමැත්තෙමි. වෙනත් අර්ථයකින් ඒ තරමටම අකමැත්තෙමි. ------------------------------------ මා දන්නා එක්තරා පවුලක් සිටී. එකල එහි බොහෝ අඬදබර විය. අඬදබර වලට හේතුව සොයන්නට ගෙහිමියාගේ බිරිඳ පේන කියන්නෙක් වෙත ගියාය. පේනය හරියටම කිව්වේය. හූනියමකි. එම පවුල ක්‍රමයෙන් සාර්ථකවීම උහුලාගන්නට බැරිව කරන ලද්දකි. එය කර ඇත්තේ නිවසට ...
බුකියේ සිට ලියමි....!! RearGate ෆේස් බුක් එකේ වල්මත්වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක් යනුවෙන් ‘කතන්දරකාරයා’ විසින් අප තිදෙනෙකුට එරෙහිව නගා ඇති චෝදනා වලට ලුණු ඇඹුල් සහිත විධිමත් පිළිතුරක් දිය යුතුය. මා තෝරාගෙන ඇති ආකාරයට නම්, නිර්මාණකරණය සඳහා ඇති හොඳම අවකාශය බ්ලොගයයි. පෞද්ගලික තොරතුරු, ප්රවෘත්ති හෝ කාලීන සිදුවීම් හා ඒ ආශ්රිත අදහස් හුවමාරු කර ගැනීමට සුදුසුම අවකාශය බුකියයි. ඉතින් අපි බුකියේ ඉන්නේ දැන් ඉස්සර ...
බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමයි ! RearGate මා ජීවත්වන්නේ ලංකාවේය. වර්තමානයේ මෙහි ජීවත්වෙනවා යනු එදිනෙදා දවස ගැට ගසාගැනීමකි. රටේ අනාගතය අතිශය බියකරු බව පෙනේ. ගැලවීගත නොහෙන දැවැන්ත ණය උගුලක රට පටලැවී ඇත. වාණිජ ප්රාග්ධනය කොන්දේසි විරහිතව මා ප්‍රියකරන සියළු දේවල් කැබලිකොට විකුණමින් තිබේ. රටේ ආර්ථිකය යනු විදේශීය ජාවාරම්කාර කොම්පැණි කිහිපයක් සහ දේශීය ජාවාරම්කාරයන් කිහිපදෙනෙකුට, සාමාන්‍ය මිනිසුන් විසින් ඉතා දුක්විඳ උපයන දේ කිසිදු අනුකම්පාවකින් යුතුව ගසාකෑමට පූර්ණ ...
හතර දෙනෙක් (ෆේස්බුක්) සිංහලයෝ.... RearGate මේ කතාව මම දන්නා එක්තරා පොඩි පහේ ටවුමක් ගැනය. මේ ටවුමේ එතරම් ජනාකීර්ණ නොවන පාරක කඩ පේලියක් ඇත. මේ කඩ පේලියේ කඩවල් හතඅටක් ඇත. ඒවායින් එකට යාව පිහිටි කඩවල් හතරක් කරන්නේ කොල්ලන් හතර දෙනෙකි. කෙළවරේ පිහිටි කඩය ෆාම් ෂොප් එකකි. (මස් කඩයක් හෙම නොවේ). බිස්නස් නැත්තේද නැත. ඊළඟට ඇත්තේ ෆෝන් ෂොප් එකකි. ෆෝන් ෂොප් කෙරුවාව යනු පොඩි කොල්ලන් ගෙනත්දෙන ...
නිකිණි දන්සැලක් දෙන්න කැමතිද? RearGate දැනට වසර හයක විතර ඉඳං අවුරුද්දකට වරක් දෙකක් මම ලබන අපූරු අත්දැකීමක් බෙදාගන්න හිතුනා. මේ මහලොකු දෙයක් නෙමේ. වැඩිහිටි වන්දනා චාරිකාවක්. (මෙතන ඉඳන් දිගටම ඔහේ ලියාගෙන යන්නයි හදන්නේ. මෙලෝ රහක් නැතිවෙන්න පුළුවන්. ඔන්න මුලින්ම කිව්වා) මේක මට සෙට්වුනේ බොහොම අහම්බෙන්. පස්සෙ මම වැඩිහිටි කණ්ඩායම් දෙකක් එක්ක මේක සංවිධානය කරන්න උත්සාහ කලා. හැම අවුරුද්දකම මේකට සම්බන්ධ වෙන්නෙ වැඩිහිටියන් 50 ත් ...
රුපියල් තුනේ සිගරැට්ටුවක් 25/= ට විකුණන්නෙ ඇයි? (In Time) RearGate In Time ෆිල්ම් එක බලල තියෙනවද? ෆිල්ම් එකක් හැටියට මට එච්චර අල්ලල නොගියත් ප්ලොට් එක මරු. ඒකෙ ‘අදහස’ කෙටියෙන් මෙහෙමයි. මුදල් වෙනුවට ජීවිත කාලය හුවමාරුවෙන් ගණුදෙනු සිද්ද වෙන ලෝකයක්. හැමෝගෙම අත්වල උපතින්ම ලැබෙන කාල මාපකයක් තියෙනවා. දවසක් වැඩ කලාම ඔබට ලැබෙන්නෙ යම් ජීවිත කාල ප්‍රමාණයක්. (අපි හිතමු පැය විසිහතරක්). ආපහු පාන් ගෙඩියක් ගන්න ගියාම ඔබට සිද්ද වෙන්නෙ ජීවිතකාල විනාඩි ...
'පුංචි පහේ' බෞද්ධයෝ.... RearGate පුංචි පහේ කිව්වට දැන් වයස හතකි. දෙක වසරේය. තනියම කතන්දර පොතක් කියවා තේරුම් ගැනීමට හැකියාව ඇත. ඒක කොහොම වුනත් දැන් දැන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමටද පටන් ගෙන ඇත. මම මේ දවස්වල හොයන්නේ මේ ප්‍රතිපත්ති මොකාගේදැයි කියාය. අද රාත්‍රී ආහාරය ගැනීමේදී ඇයට බෙදාදුන් මාළු කෑලි දෙකක් වෙනත් භාජනයකට දමා ඒවා ආහාරයට නොගෙන සිටියාය. බැලින්නම් ප්‍රතිපත්තිමය තීරණයකි. "මං මස් මාළු කන්නෙ නෑ ...
එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා....!! RearGate මේක ලියන්නෙ විශේෂ ආරාධනයක් කරන්න. අපි ලොකු වැඩක් පටන් ගත්තා. මේකට ඔබේ දායකත්වයත් අනිවාර්යෙන්ම ඕනෙ. නැත්තං වැඩක් නෑ. මේ බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳං ආපු ලොකුම චෝදනාවක් තමයි මම හතරවටේටම නෙලමින් ඉන්නව මිසක් කිසිම ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. මං ඕක ගැන සෑහෙන්න බරපතල විදිහට හිතුවා. ඒ කතාවෙ සීයට පහක විතර ඇත්තක් තියෙන බව අද ...
දන්සැල් ආශ්චර්යය RearGate මාර පින්තූරයක් කවුරු මොනවා කිව්වත් දැන් අවුරුදු කීපයක ඉඳන් මේ රටේ මොකක්හරි ආශ්චර්යයක් පහළ වෙමින් තියෙනවා. මිනිස්සුන්ට සල්ලි නෑ... ආර්ථිකය කඩාවැටිලා.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... හැමෝම කියන්නෙ ඕවා තමා. ඒ වුනාට වෙසක් පොසොන් වලට දීපු දන්සැල් කන්දරාව දැක්කනේ? මේ දැන් උදේ එකෙක් ඇවිල්ලා කතා කරනවා දන්සැල් කන්ඩ යමුලු. උන් පොඩි බස් එකකට තෙල් ගහගෙන පඬුවස්නුවර.... වැල්ලෑගල... පරමාකන්ද... ඔය රවුමෙ යන්න ...
‘දෙදෙනාටම සතුට’ - රාවණ බලය RearGate මම මේ ලිවිල්ලත් අතහැරලා දාලා තිබ්බේ. මොකද දැන් අලුතෙන් ලියන්ඩ දේවල් නැති හින්දා. වෙන්නෙ කෙරෙන්නෙ මොනවද කියලා හැමෝම දන්නවනේ. ඒ උනාට ඊයෙ වෙච්චි දෙයක් මට එච්චර ඇල්ලුවේ නෑ. අර රාවණ බලයෙ කට්ටිය ගිහින් ක්‍රිකට් ආයතනය වැටලුවනේ. රාවණ බලයේ නිර්මාතෘවරයාය කියන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියන බෞද්ධ භික්ෂූව පහුගියදාක සිරසේ ‘සටන’ කියන ආතල් වැඩසටහනට ආවනේ. (අපරාදෙ කියන්ඩ බෑ බොදු බල සේනාවයි සිංහල ...
ගම්මන්පිල නම් පණුවා ගැන RearGate මර්වින් සිල්වා කලකට පසු පලක් ඇති කතාවක් කියා තිබේ. ඒ උදය ගම්මන්පිල බිබිලක් ඇතුලේ ඉන්න පණුවෙක් බවයි. දැන් කට්ටිය රෙදි කරට අරගෙන මර්වින්ට බණිමින් සිටිති. බණින අය නොදන්නේ මර්වින් කී කතාව ඇත්තක් බව අප හිතවත් ගම්මන්පිලද දන්නා බවයි. ආණ්ඩු හිතවාදීන්ගේ සිට ආණ්ඩු විරෝධීන් දක්වා විශ්වාස කිරීමට ආසා දෙයක් ඇත. ඒ රාජපක්ෂ ආණ්ඩුව යනුවෙන් වෙනම එකක් ඇති අතර මර්වින් සිල්වා ...
‘සපුමලී’ ටෙලියේ ‘හරී...ඊ... විහිළුකාර’ සේන කොල්ලාට..... RearGate "සපුමලී" හි සේන - වසන්ත මුහන්දිරම්(pic. from Gossip Lanka Photo Gallery) මචං වසන්ත, උඹට මාව අඳුනගන්න බැරිවෙන්න පුළුවන්. ඒත් උඹ මාව ටිකක් දන්නවා. මම උඹව හොඳටම දන්නවා. මම අවුරුදු දහයකටත් වඩා කාලෙක ඉඳන් උඹ දිහා උනන්දුවෙන් බලන් ඉන්නවා. ඒ උඹ තරමක් වෙනස් මිනිහෙක් හින්දා. රංගන හැකියාව කියන වාසනා ගුණය උපතින්ම ගෙනා දුර්ලභ මිනිහෙක් හින්දා. කෙටියෙන් කියන්නම්. මෙතෙක් මම දැකල ...
සන්නස්ගල අංකල් වෙතයි.... :) RearGate අඩුමගානේ මීට වසර දහයකට දොලහකට පෙර වත් ඇස ගැටුනේනම්, කිසිදු ගේමක් නැතිව කෙල්ලන් පහ හයකට වත් ලියා යැවිය හැකි සින්දුවක් අද අහම්බෙන් ඇසුනි. අපේ කාලයේ ගැටවර විය යනු බයිසිකල් කටු වල නැගී ඉගිල්ලුන සමයයි. එෆ්.එම් රේඩියෝ වලට වහ වැටුන සමයයි. රූපවාහිනියේ රොබින්හුඩ් කටින් බලපු සමයයි. යෞවන සමාජවල ශ්‍රමදාන කරපු සමයයි. ප්රවෘත්ති දැනගන්නට පත්තර බලපු සමයයි. පණ දාගෙන සිංහල චිත්‍රපටි ...