රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, RearGate පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න. _________________________ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි. හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත් ගේන්ඩ කියල ගිහිං තියෙන්නෙ අහවල් සැත්කම කොරගන්ඩ ...
සීතා.... මාත් ආවා...!! RearGate මූණුපොතේ සටහනකින් - රාවණා ගේ සිරුර ගැන අසන්නට ලැබෙන කට්ටඩියෙක් ලංකාවට පැමිණේ. ගයිඩ් කෙනෙකුත් පැමිණ ඇත. රාවණාට පණ එයි. ඔහු සීතා සොයයි. සීතා අඩනිරුවත් රැගුම රගන නිළියකි. ( නිළියකගේ උතුම් චරිතය සීතා ට හරියටම ගැලපේ. මන්ද නිළියන් තරම් පතිවත රකින ගැහැණුන් අද ලොව වෙන සොයාගන්නට ද නැති නිසාය ) රාමා ද ඉන්දියාවේ සිට පැමිණේ. ඔහු එන්නේ රාමචන්ද්‍රන් නමැති බිස්නස් ...
ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !! RearGate ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි) ඒක පෙන්නන ගමන් මෙන්න මේ වගේ දෙයක් තමයි කිව්වේ.... “එම්.ඩී. වීරරත්නගේ කාටූනය............ ගෙදර ස්වාමිපුරුෂයා පුටුවකට නැගලා විදුලි මීටරේ දිහා බලාගෙන...... බිරිඳට කියනවා...හරි බයවෙන්න එපා... තාම අනූව උනේ නෑ කියලා.... හැහ්..හිහ්.. හා....ඒක තමයි.... අනූව පැන්නොත් ...
සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි....! RearGate ඔබගේ ප්‍රියතම "Rear Gate" බ්ලොග් අඩවිය, නව නීති ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය සඳහා සියළු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු. ඒ සඳහා වන රුපියල් ලක්ෂයක ලියාපදිංචි ගාස්තුව මේ වනවිටත් දිග ලියුම් කවරයක බහා පැත්තකින් තබා ඇති අතර, වාර්ෂික ගාස්තුව වන රුපියල් පනස්දාහ මේ මොහොතේ මගේ ප්‍රිය බිරිඳ ගණන් කරමින් සිටී. එය පොඩි ලියුම් කවරයක ...
මාලනී කෙල්ල කාලේ... RearGate පින්තූරය - https://www.facebook.com/33000v සිනමා සක්විතිලා හිටපු ඒ කාලේ නිළි රැජිණියන් හිටපු ඒ කාලේ මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ කළු සුදු වලින් වෙඩි තියපු කාලේ නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු කාලේ සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපු ඒ කාලේ ඒ තමයි කාලේ..... මහා ගාන්ධර්වයන් හිටපු ඒ කාලේ සල්ලි දීලා කැසට් ගත්තු කාලේ සින්දු වලින් මොරාල් ගත්තු කාලේ ගම්වල ...
මහින්ද නොකියන බණ..... RearGate මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා කුමක්දෝ පින්කමකට සහභාගි වූ අවස්ථාවේදී, එතුමාව වටකොට වදාල ගරුතර සංඝ රත්නය හමුවේ එතුමන් කුමන දේශනාවක් කලාදැයි වාර්තා නොවේ. එහෙත් එතුමා පහත ආකාරයේ දේශනාවක් කලේ නම් හොඳ යයි සිතමි.(අපිට හොඳයි කියලා හිතෙන එව්වා උන්දෑ කොලානං ඕම වෙයිද නෙහ්?) (දැන් ඉතින් මට බැනපල්ලා..........) ...
‘අක්කා සංකල්පය’ 02 - ‘ලඳුනේ’ ඇත්තටම ලලක්කෙක්ද? RearGate ‘නංගියා’ සංකල්පය නොතේරෙන අප හිතවතුන් වෙනුවෙන් මා විසින් ඉදිරිපත් කරන ලද ‘අක්කා සංකල්පය’, ඉන් නොනැවතී “අක්කියා සංකල්පය” සහ “මල්ලියා සංකල්පය” වැනි විවිධ ධාරාවන් ඔස්සේ පැතිරයාම සතුටට කරුණකි J ඇත්තටම මේ සංකල්පය පැහැදිලි කිරීම සඳහා මම තෝරගත්තු ජොලි සීයාණන් ගයන ‘බජාර් එකේ ලලක්කා’ ගීතය ලූම්පන් සංස්කෘතියට අයත් වන්නක් බවට විවාදයක් නෑ. නමුත් මගේ අදහස නම් විදග්ධ කෘතියක් ලෙස පොදුවේ පිළිගන්නා ...
අති නවීන යුද(War) උපකරණ එල්.ටී.ටී.ඊ(LTTE) රැඳවියන් අතට ආ හැටි.... RearGate මෙම උපකරණයක සංකීර්ණ අභ්‍යන්තර සැලසුම බුද්ධී අංශ විමර්ශනයකට ලක්ව ඇති අයුරු (ලබන ඉරිදා දිව-ඉන නමැති පුවත්පතක ආරක්ෂක පිටුවේ පලවීමට නියමිත ලිපියක් යම් ක්‍රමයකින් අපේ පූසාට ලැබී ඇති අතර ඌ එය මට ගෙනැවිත් දෙන ලදී. පහත පලවන්නේ එම ලිපියයි.) අතිශය කුරිරු(Cruel) මිනීමරු පාදඩ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ(LTTE) ත්රස්තවාදීන්ගේ මිනීමරු ත්‍රස්ත ක්‍රියාකාරකම් තාමත් නවතා(Stopped) නැති බවට අති ප්‍රබල සාක්ෂි(Evidence) මේ වන විට අනාවරණය ...
නදීෂාගේ කකුල් වලට ඇති බය RearGate මේ දවස්වල මාතෘකාව නදීෂා හේමමාලි ය. හේතුව යූ.ඇන්.පී ය දකුණෙන් නදීෂා හේමමාලිට නාමයෝජනා දෙන්නට සැරසීමයි. නදීෂා එක්ක එකට ඈඳෙන නම් ගොඩකි. අනර්කලී, පබා, ගීතා, නිල්මිණි, රෝසි, මාලනී, හිරුණිකා....... නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල් කියවීමි. ඒවා බොහෝ දුරට සමානය. බොහෝ අයට ඇති ප්රශ්නය දේශපාලන ආයතන ‘ගණිකා මඩම්’ වීමයි. තවත් අය ලියා ඇත්තේ යූ.ඇන්.පී මන්ත්‍රීවරුන් අනාගතයේ ගැනීමට නියමිත ...
දේශප්‍රේමී මංගල සේවා (නොමිලේ....!) RearGate උපුටාගැනීම - https://www.facebook.com/sihaseriyaforce පිං තකා කරන සේවාවකි. හරිගිය පසු කීයක්හරි නුදුන්නත් කමක් නැත...!! ඇත්තම කියනවනං ඔය උඩ දාල තියෙන පොටෝ එක දැකල මගෙ හඳුන්පොත කීං ගාල ගියා. මේ අපේ නියම සිංහල බෞද්ධ දරුවො නේද අද අසරණ වෙලා ඉන්නෙ? ඒක නිසාමයි මේ හදිස්සියේ මෙහෙම මංගල සේවාවක් පටන් ගන්න හිතුනේ. ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින නියම සිංහල බෞද්ධ තරුණයෙක්ද? ඔබ සොයන්නේ අව්‍යාජ, ...
ලිඳෙන් "ආපු" හාමුදුරුවො... RearGate මේ කතාවත් මම කලින් ලිව්ව 'ලිඳේ පැන්න නාමලී' ලගෙ ගමට සම්බන්ධයි. ඒකාලෙ මම නියුතුව උන්නු එක්තරා ක්ෂේත්‍ර රාජකාරි කටයුත්තකට අදාලව නාමලීලගෙ ගමේ මාස කීපයක් කටයුතු කරන්න සිද්දවුනා. මට ඒ සඳහා මුලින්ම කරන්න වුනේ ගමේම සම්බන්ධීකරණ කාර්යාලයක් හදාගන්න එක. ඒ වෙනකොටත් මට ඔත්තුවක් ලැබිල තිබුණෙ නාමලීලගෙ පන්සලේ බණමඩුවෙ වහල දාල තියෙන කාමරයක් ගැන. පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් ඔය ගැන අහන්න හිතං ...
සිංහල-බෞද්ධයින්ට එරෙහි ලොකුම කුමන්ත්‍රණය RearGate මා දෙමළ මිනිසුන්ට වැඩිපුර අනුකම්පාවක් දක්වන බවද, හිටිගමන් එල්.ටී.ටී.ඊ යට කඩේ යන බවද කලක් තිස්සේ විවිධ පාර්ශ්ව වෙතින් නැගෙන චෝදනාවකි. ඇත්තෙන්ම මෙම මාසයේදී සති කීපයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිවීමට නොහැකිවූයේද ඒ පිළිබඳව මා බැරෑරුම් ලෙස කල්පනාකරමින් සිටි නිසාය. එම චෝදනාවල යම් සත්‍යයක් පවතින බව අද මා නිහතමානීව පිළිගනිමි. ලංකාවේ වඩාත්ම මධ්‍යස්ථ පුද්ගලයා වශයෙන් එය මා අතින් සිදු නොවිය යුතු ...
අධිවේගෙට ආල වඩන සියාතුවේ...... RearGate සියාතුවේ ඉතිං කොහොමද බං...? පහුගිය ටිකේ උඹලව අමතකම වෙලා තිබුණෙ....... රටේ තියෙන ප්‍රශ්නත් එක්ක... දන්නැද්ද?.... එහෙං අර සුදුකොඩි කේස්එක... අරහෙ ජේවීපී එක කැඩිලා.... යූ.එන්.පී එකෙත් අභ්‍යන්තර අර්බුදනෙ.... හාබර්එකේ ගලේ ප්‍රශ්නෙ නං ඉවරයි..... දුමින්දගෙ කේස්එක..? එපාම වෙනවා බං.... මුං රෙදි ගලෝගෙනනෙ නාගන්නෙ... අපිට තමයි පාරෙ බැහැල යන්ඩ බැරි.... හැබැයි ජනාධිපතිතුමා කෙලින් මිනිහා.... ඒ නොවෙන්ඩ..මේක...... ඇයි බං ආසනික්...? ඉතිං කොහොමද? අගිදා ...
සිස්ටම් එකේ සියඹලා කතා (පොලිස් සියඹලා කතාව සහ තවත් කතා) RearGate "කවුරු කවුරුත් සියඹලා කතාව දන්නව ඇතිනේ? මේ මම දන්න වර්ශන් එක. දවසක් මනුස්සයෙක් සියඹලා තොගයක් ගෝනියක දාගෙන විකුණන්න මුදලාලි කෙනෙක් ළඟට ගියාලු. මුදලාලි ගෝනිය කිරල බලද්දි කිලෝ පහක් තිබ්බලු. ඊට පස්සෙ මුදලාලි සියඹලා වේලිලා මදියි කියල තෙත බරට කිලෝ දෙකක් කැපුවලු. ඇට වල බරට තව කිලෝ දෙකක් කැපුවලු. ගෝනියේ බරට කිලෝ එකක් කැපුවලු. දැන් මිනිහ මුදලාලිගෙන් අහනවලු....... "එතකොට මං ...
දිනිති නංගීට විප්ලවීය සුබපැතුම්....!! RearGate දිනිති අපේ ගමේ කෙල්ලකි. පියා ඇය කුඩාකලදිම මියගොසිනි. හැදුනේ වැඩුනේ ඇගේ මවත් සමගම ඇගේ මහගෙදරය. එතරම් වත්පොහොසත්කම් නැති දුප්පත් පවුලකි. ඉගෙනීමට හොඳ හැකියාවක් තිබුණත් මේකි මලාට අපිට නොකියන, අපිත් නොදන්නවා වගේ ඉන්න පොඩි ලව් හුටපටයක් නිසා ඒ ලෙවල් ඇනගත්තේය. ඊට පස්සෙ බාහිර උපාධි කරන්ඩ ගත්තේ අපි කාගෙ කාගෙත් බලකිරීම නිසාය. යන්තම් ඒකනං ගොඩදාගත්තේය. පහුගිය අවුරුදු තුනහතරක කාලයක් දිනිතියා සිටියේ ...
ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද? RearGate ඒ මානූශීය මෙහෙයුමේ අන්තිම සටනයි. ඔබේ සුරතාන්ත සමය වන්නට ඇත. බිම්මල් මුලින් උදුරා පුළුස්සද්දී අවුලක් ඇතිබව අපිට නොදැනුනා නොවේ... "ඇයි නිරායුධ උනුත් එක්කම නන්දිකඩාල් කරන්නේ..?" අපි ඇසීමු... "මිනිස්සු මැරෙන්නෙ නැතුව යුද්ධ කරන්නේ කොහොමද?" පෙරලා ඔබ අසන්නට ඇත... ඒ නිදහස් රටක් පිසගෙන එන සුළඟත් සැපක් යැයි හිතුණු දිනයයි. තුවක්කු ඇත්තෝ අහසට වෙඩි තබද්දී තුවක්කු නැත්තෝ රතිඥ්ඥා පිපිරවූහ.. උදේ ඉතුරුවුන කිරිබත් ...
මාලකට බනින ඉරිසියාකාරයින්ට.... RearGate මම මේ කියන්ඩ යන්නේ මාලක සිල්වාට බනින උන්ගෙන් සීයට අනූහයයි දශම තුනක් ඌට බනින්නෙ ඉරිසියාව හින්ද කියලා. (හරි හරි... ඔයා අයිති අර ඉතුරු සීයට තුනයි දශම හතට) මාලක සිල්වා අවුරුදු විස්සක විසිඑකක කොල්ලෙකි. අවශ්‍ය තරම් මුදල් ඇත. මුදල් ඇති නිසා කෙල්ලෝ ඇත. ඇති තරම් ෆන් ගන්නට වේලාව ඇත. ඒ සඳහා ගෙදරින් කිසිදු බාධාවක් නැත. අනාගතය ගැන වදවෙන්නට දෙයක් නැත. ...
අපේ කුකුල් බිලිපූජාව...! RearGate ශිෂ්ට මිනිහෙක්...! මා කුඩාකල අසල ගමක දේවාරූඪයෙන් සාස්තර කියන තැනක් විය. මගේ මවද එහි ගොස් සාස්තර ඇසුවාය. ඇයට කියා තිබුණේ අප නිවසට බලගතු හූනියමක් කර ඇති බවකි. ඒ සඳහා කුමක්දෝ ශාන්තිකර්මයක් කල යුතු බව පවසා යම් දිනකදී නැවත පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුනි. එදිනට ගෙන යා යුතු ‘පූජා භාණ්ඩ’ ලැයිස්තුව මමද කියවීමි. දෙහි, අහු, පුහුල්, රතු රෙදි, කපුරු, ...
නියම බුද්ධ පූජාව යනු කුමක්ද? RearGate ඊයෙ පොඩි වැඩක් වුනානෙ. මේ දවස්වල රාවය පත්තරේ ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ ‘සත්යෝදය’ පොත ලිපිමාලාවක් හැටියට පලවෙනවා. ගිය ඔක්තෝබර් 28 වෙනිදා ඉඳන්. ඉතින් නිකමට වගේ ඒකෙ බුද්ධ පූජාව ගැන උන්වහන්සේගෙ අදහසක් විතරක් උපුටලා ‘POLLS - ඡන්ද විමසීම්’ මුහුණුපොත් සාමූහිකයේ ප්‍රශ්නයක් විදිහට පළකලා. දැනට තියෙන ප්රතිඵලවල හැටියට වැඩිම මනාපය තියෙන්නෙ ‘ලියපු එකා හරකෙක්’ කියන උත්තරේට. මේ උත්තරේ දීල තියෙන වැඩිදෙනෙක් ...
ඩිජිටල් එළදෙන්නු සහ ඇනලොග් බූරුවෝ RearGate මේ ෆේස්බුක් මරණ තුට්ටුදෙකට දාලා එල්ලිච්ච උන් නිකංම එළදෙන්නු කරන එකට මං විරුද්ධයි. මේවා සයිබර් මරණ. මේවා නියම සංස්කෘතික මරණ. ඔන්න කොල්ලා කෙල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් එක්ක ගියයි කියලා කෙල්ල කණේරු ඇට කාල මැරෙනවා. ඕව ඉතිං මානව ඉතිහාසේ පටන්ගත්තු දා ඉඳංම තියෙන දේවල්නේ. ශාරීරික වැඩක්. ආරංචිය ආවා... කනේරු ගහක් ලගට ගියා... ඇට හතඅටක් කඩාගත්තා... සීනි එක්ක කාලා මලා........ ඒ ...