Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය (http://ramachandrageadaviya-ramachandra.blogspot.com/) Latest Posts Most Popular Posts
මෛත්‍රීපාල යනු රැවුල මුඩු කල රාජපක්ෂය Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය 2009 යුද්ධය නිමාවීමෙන් පසු රට තුල තහවුරු වූ හෙජමොනිය වූ කලී නව ලිබරල් ධනවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අතර ඇති වූ සන්ධානයයි. මහින්ද රාජපක්ෂ මෙම හෙජමොනික සැකැස්ම නඩත්තු කල අසහාය පාලකයා ලෙස ඉස්මතු වූයේය. සුලූ ජාතික ප්රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් ත්රස්තවාදයක් ලෙස අර්ථ දැක්වූ රාජපක්ෂ ජාතික ප්රශ්නය පිලිබඳ සංවාදය දේශපාලන සාකච්ඡාවේ මුල්ලකට විසි කොට දැම්මේය. 2009 ට පෙර ජාතික ප්රශ්නය ගැන සංවාදය ...
ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන සහ නොපෙනෙන මුහුන Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ඇමරිකානු සිවිල් යුද්ධය සැලකෙන්නේ වහල් සේවය අහෝසි කිරීම පිලිබද මතභේදය නිසා ඇති වූ යුද්ධයක් වශයෙනි. එක්සත් ජනපදය තුල වහල් සේවය අහෝසි කිරීමේ තීරනය ගත් ඒබ්‍රහම් ලින්කන් ඒ අනුව වහල් සේවයට විරුද්ධව සටන් කල මහා මානවවාදියෙක් ලෙස සුලභව හැදින්වීමට ලක් වේ. වහල් සේවයට එරෙහිව උතුරු දිග ජනපද තුලින් පැන නැගුනු විරෝධය සදාචාරාත්මක වශයෙන් ‘‘උසස්’’ සංකල්පනාවක් ලෙස සැලකෙන්නේය. එහෙත් සැබැවින්ම ඇමරිකානු සිවිල් ...
' විමුක්ති විභවතා 'සොයායාම' වෙනුවට විමුක්ති දේශපාලනය 'ගොඩනැගීම' - නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාට පිලිතුරක් Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මවිසින් ‘විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත’ යන හිසින් අගෝස්තු 10 වන දා ‘රාමචන්ද්‍ර සටහන’ තීරුවට ලියන ලද ලිපියට ප්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ විමුක්ති දේශපාලන විභවය’ යන මාතෘකාව යටතේ අගෝස්තු 17 වන දා ජනරල පුවත්පතට සපයා තිබුනි. මෙම ලිපිය ලියැවෙන්නේ එම ප්‍රතිචාරය ගැන මාගේ අදහස් දැක්වීම සදහාත්, ‘පොදු අපේක්ෂක ව්‍යාපෘතිය’ දේශපාලන ෂෝට් කට් එකක් ලෙස හදුන් වනු ...
පොදු අපේක්ෂක සංවාදය - ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ’ විමුක්ති දේශපාලන විභවය (නිර්මාල් රංජිත් දේවසිරි) Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මෙම ලේඛකයා 'විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත' නමින් පසුගිය අගෝස්තු 10 ජනරල පුවත්පතට ලියන ලද සටහනට ප්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියනු ලැබ අගෝස්තු 17 වන දා එම පුවත්පතේ පල විය. එලැඹෙන ජනාධිපතිවරනයේදී මාදුලුවාවේ සෝභිත හිමිගේ මූලිකත්වයෙන් ගොඩනැගී ඇති පොදු අපේක්ෂක ව්‍යාපාරය ගැන වාමාංශය දැරිය යුතු ස්ථාවරය සංවාදයට වස්තු විෂය විය. නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාගේ එම පිලිතුර සහ ඊට ...
ජාත්‍යන්තර සිනමා උලෙලේ පරස්පර විරෝධය Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය කොලඹ ජාත්‍යන්තර සිනමා උලෙල පසුගිය සතියේ නිමාව දුටුවේය. පේ්රක්ෂකයින්ගෙන් සිනමා ශාලා පිරී ඉතිරී ගොස් තිබීම උලෙල තුල පෙන්වූ සෑම චිත‍්‍රපයටකදීම පාහේ දක්නට ලැබුණු නිරීක්ෂනයකි. එය මහත් සාධනීය ලකුනක් බව නොකිවමනාය. ලංකාවේ සිනමාව පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ ගමන් කරමින් සිටින්නේ අපගමනයක් කරාය. සිනමාව ලෙස පසුගිය කාලය පුරා වර නැගුනේ රජ කථා සහ බන කථා සරල ලෙස චිත්‍රපටයට පෙරලීමයි. මේ බාල ...
ඒකමානීය අනගාරික ධර්මපාල Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය පාලිත සිල්වා අනගාරික ධර්මපාල ලෙස ගුනදාස අමරසේකර විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ කෘතියේ තෙවැනි මුද්‍රනය පසුගිය අගෝස්තු 20 වන දා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේදී එලිදැක්වින. මේ අවස්ථාව සදහා විමල් වීරවංශ, චම්පික රනවක ආදී දේශපාලකයින් පිරිසක් සම්බන්ධ වී සිටියහ. ලංකාවේ රාජ්‍යය ධර්මපාලගේ චින්තනය මත පදනම්ව ගොඩනැගිය යුතුව තිබූ බවත්, එසේ සිදුනොවීම බලවත් අභාග්‍යයක් බවත් එම සභාව අමතා ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කොට ...
ගෝඨාභය හැරෙන්නේ කවර පොල් පැලය දෙසටද? ( උප මාතෘකාව - විද්‍යුත් හැදුනුම්පත ) Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ඇමරිකානු එක්සත් ජනපදයේ Center for Complex Operations නමැති ආයතනය විසින් PRISM යන හිසින් වාර සගරාවක් පල කරනු ලබයි. ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම සගරාවේ හතර වැනි වෙලුමේ සිවුවන කලාපයට ‘ලංකාවේ ජාතික ආරක්ෂාව’ යන නමින් ලිපියක් ලියා ඇත. රාජපක්ෂ රෙජිමයේ මර්ධන තන්ත්රයේ නියමුවා වන ගෝඨාභයගේ මේ ලිපිය අනාගත ලංකාව සංවිධානය කිරීමට රෙජිමය සැලැසුම් කොට තිබෙන ආකාරය ගැන වැදගත් සංඥාවක් ...
පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය නිදහස් චතුරස්‍ර ආකේඩයේ පැවැති විලාසිතා සංදර්ශනයක් ලාංකීය සම්භවයක් සහිත ඉන්දියානු නිලි ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් විසින් කෑම සූත්‍ර නමින් ආරම්භ කොට ඇති ආපන ශාලාව පසුගිය දවස් වල ජනමාධ්‍යයන්ගේ සැලකිය යුතු අවධානයකට ලක්විය. ඕපාදූප වෙබ් අඩවි විසින් වාර්තා කර තිබූ එක් ජනප්‍රිය පුවතක් වූයේ එම අවන් හලේ බිත්තර ආප්පයක් රුපියල් 200 ක් වන බවත්, ආප්පයක් රුපියල් 100 ක් වන බවත්ය. කොළඹ නිදහස් චතුරස්‍රය ...
විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ඒ යුද්ධය උග්‍ර ලෙස ඇවිලෙමින් තිබූ කාලයයි. ජනතා විමුක්ති පෙරමුන යුද්ධය තුල ස්ථානගත වී සිටියේ යුද්ධයට අනුග්‍රහය දක්වන පක්ෂයක් ලෙසය. දේශහිතෛශී ජාතික ව්‍යාපාරය සහ මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නගා දකුනේ සමාජය තුල එල්ටීටීඊ විරෝධී යුද්ධය සුජාතකරනය සදහා ජවිපෙ සක්‍රීය ලෙස දායක වෙමින් සිටියේය. එම කාලයේදීම ජවිපෙට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජාතික ගැටලුව පිලිබද ලෙනින්ගේ කෘතියක් ප්‍රකාශයට පත් කලේය. එම කෘතියට ...
රාජපක්ෂගේ තෙරුවන් සරන සහ ඥානසාරගේ අබ සරන Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක හම්බන්තොට වරායේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ‘‘සමහරු දැන් සුලු සිද්ධියකටත් මහ ලොකු හර්තාල් කරනවා‘‘ යැයි උදහස් හඩින් පැවැසීය. අලුත්ගමදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුවූ ජාතිවාදී පහර දීම් වලට ප්රතිචාරාත්මකව මුස්ලිම් කඩ සාප්පු වසා දමන හර්තාල් ව්‍යාපාර රට තුල ක්‍රියාත්මක විය. මෙම හර්තාල් ව්‍යාපාර මෙහෙයවීමේ චෝදනාව මත ‘මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය’ නමැති සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනෙක් පොලිසිය ...
හයිඩ් පිටියද? ඉන්දීය තානාපති කාර්යාලයද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ලංකාවේ අනාගත දේශපාලනය සම්බන්ධ ඉදිරි දර්ශන දෙකක් ඉදිරිපත් කරන දේශපාලන පෙලපාලි දෙකක් පසුගිය අගහරුවාදා ( ජූනි 10 ) දින කොළඹ නගරයේ පැවැත්වින. එක් පෙලපාලියක් නෙලූම් පොකුන පරිශ්‍රය අසලින් ආරම්භ වී හයිඞ් පිටිය වෙත පැමිනි අතර අනිත් පෙලපාලිය ගාලු පාර දිගේ පැමින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් නතර විය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය , වෘත්තීය සමිති සහ වෙනත් බහුජන ...
එදිරිවීර සරච්චන්ද්‍ර දෙපයින් සිටුවීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මහාචාර්ය සරච්චන්ද්‍ර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති කෘතිය රචනා කරන්නේ ලංකාව නව ලිබරල් ධනවාදය වෙත ඇතුලූ වූ මුල් අවධියේය. මෙම කෘතිය හරහා සරච්චන්ද්‍ර විවෘත ආර්ථිකය ලෙස එකල හැඳින්වූ නව ලිබරල් ධනවාදය විසින් සමාජය තුළ ගොඩනගන හර පද්ධතීන් සහ වටිනාකම් පිලිබඳ තියුනු විවේචනයක් ඉදිරිපත් කරයි. ධනවාදී සමාජය තුළ සෑම දෙයක්ම වෙලඳ භාන්ඩ බවට පත්වන ආකාරයත්, මිනිසා වෙලඳ භාන්ඩ අත්පත් කරගැනීම ...
රනිල් වික්‍රමසිංහ හෙවත් බොර දිය පොකුණේ ධීවරයා Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ‘සටන් කරන’ අලුත්ම තාරකාව සිරිකොතින් බිහි වී සිටී. රනිල් වික්‍රමසිංහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවයකට එලැඹ ඇතැයි පවසමින් රට පුරා යාම අරඹා ඇත. සිය රජයක් යටතේ අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන බවට ද හෙතෙම ප්‍රතිඥා ලබා දෙමින් සිටී. එක්තරා රැස්වීමක දී වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණේ ...
වැදගත් නලින් ද සිල්වා සහ මදාවිකාර ඥානසාර Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මෑතකාලීන ලංකා දේශපාලනයේ කැපී පෙනුනු උද්ගතයක් වන්නේ බොදු බල සේනා හා රාවනා බලය පන්නෙයේ සංවිධානවල පැන නැගීමය. මේ සංවිධාන වල සාමාජිකයින් විසින් සිදු කරන විගඩමක් පිලිබද පුවතකින් තොර ප්රවෘත්ති විකාශයක් මෑතකාලීනව දැක ගැනීමට නොහැකි වූ තරම්ය. පසුගිය දිනෙක වටරැක විජිත නමැති භික්ෂුවක් විසින් කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් කඩාකප්පල් කිරීමට මැදිහත් වූ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව එතැන සිටි ...
ඒ පා පහර වැදුනේ කාටද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මාතලේ කයිකාවල පදිංචි පස් හැවිරිදි නාමල් තරංග රනතුංග දරුවාට මාතලේ මූලික රෝහලේ වෛද්‍යවරයෙක් විසින් පයින් ගැසීම පිලිබද පුවත පසුගිය දිනවල පුවත් පත් රාශියක අවධානයට හසු වී තිබුනි. අප්‍රේල් 08 වන දා'දිවයින' පුවත්පතට අනුව මේ දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වී ඇත. ඉන් කෝපයට පත්වී ඇති වෛද්‍යවරයා කාමරයෙන් එලියට පැමින දරුවාට පා පහර දී තිබේ. මේ සිදුවීම අවශ්‍ය නම් මේ ...
සමන්මලී සකලසූරිය (ලා) සහ ශ්‍යාමලී ලියනාරච්චි (ලා) Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය සමන්මලී සකලසූරිය මන්ත්රීවරියබස්නාහිර පලාත් සභාවට පසුගිය මැතිවරනයෙන් තේරී පත්වූ සමන්මලී සකලසූරිය නවක මන්ත්‍රීවරිය පසුගිය බදාදා දින ( අප්‍රේල් 02) දෙරන රූපවාහිනියේ විකාශය වූ No Politics නමැති වැඩසටහනට සහභාගී වූවාය. දේශපාලකයින් සහභාගී වන මේ වැඩසටහන තුල දේශපාලනය කථා නොකෙරේ. දේශපාලකයින්ගේ පෞද්ගලික වත ගොත, දෛනික ඕපාදූප වෙනුවෙන් වැඩසටහන වෙන්වී ඇත. මේ වැඩසටහනේදී සමන්මලී මන්ත්‍රීවරිය තම නිර්මානාත්මක ලේඛනය වැඩි දියුනු කරගැනීම සදහා තමා ...
වාරනය පිලිගැනීම වෙනුවට සිවිල් නීති කැඩීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂනයක්ජර්මනියේදී හිට්ලර් කල සෑම සියලු දෙයක්ම "නීත්‍යනුකූල" ක්‍රියා වූ බවත් හංගේරියාවේදී හංගේරියානු නිදහස් සටන්කාමීන් කල සෑම සියලු දෙයක්ම " නීති විරෝධී " ක්‍රියා වූ බවත් අපි කිසි විටෙක අමතක නොකල යුත්තෙමු.- මාටින් ලූතර් කිං (1963) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් පසුගිය මාර්තු 19 වන දා පැවැත්වූ විරෝධතා පා ගමනට එරෙහි වාරන නියෝගයක් මහර මහේස්ත්‍රාත් අධිකරනය ...
සමාජවාදය උතුරු කොරියාව වගේද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය කිම් ජොං අන් - 'සමාජවාදී බබා'සහෝදර බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ සිය බ්ලොග් අඩවිය තුල සමාජවාදය ගැන නව සංවාදයක් ගොඩනගා ගෙන යමින් සිටී. මේ සංවාද වලදී මතු වන සුලභ ප්‍රශ්නයක් නම් - සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපා රටවල් වල 'සමාජවාදය' බිද වැටුනේ ඇයි? යන පැනයයි. කලෙකට ඉහත දී ජනරල පුවත්පතේ පලවූ මෙම ලිපිය මෙලෙස පල කෙරෙන්නේ මේ සංවාදයට දායක වීමක් වශයෙනි.***රුසියානු ...
පද්මසිරි ත්‍රිමාවිතාන වෙනුවට ඩෙං ඕ ෂියා පෙං Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මේ 'සමාජවාදී චීනයේ ' චීන ලක්ෂනයයිජනතා විමුක්ති පෙරමුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති දිනපතා පුවත්පතක් සමග කල සංවාදයක සටහන ලංකාටෲත් වෙබ් අඩවියේ පසුගියදා පල කොට තිබුනි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවලට අවසර දීම ගැන ජවිපෙ ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් වීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරන අතර රජයේ නියාමනයට යටත්ව පෞද්ගලික සෞඛ්‍යය සේවා තිබීමේ වරදක් නැතැයි මන්ත්‍රීවරයා පිලිතුරු දෙයි. පෞද්ගලික සෞඛ්‍ය සේවා හොදයි නම් පෞද්ගලික ...
අන්නා ගම්මන්පිල සහ උදය හසාරේ Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වංචා - දූෂන විරෝධය මේ වනවිට ලංකාවේ දේශපාලනය තුල ඉහල ඉල්ලුමක් සහිත සටන් පාඨයක් බවට පත්වී තිබෙන ආකාරය දැකගත හැක. මෙම තනුවට අනුව තම තමන්ගේ මැතිවරන ගීතය ගායනා කිරීමට විවිධ පක්ෂ වල දේශපාලකයෝ වෑයම් කරති. උදය ගම්මන්පිල බස්නාහිර පලාත් සභා ඡන්දයට අදාල සිය මැතිවරන ව්‍යාපාරය පටන් ගන්නේම තමා පිරිසිදු දේශපාලකයෙක් බව හැගවීමට තැත් කරමිනි. ජනතා විමුක්ති පෙරමුනේ මෑතකාලීන ප්‍රසිද්ධ ප්‍රකාශ ...