Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය (http://ramachandrageadaviya-ramachandra.blogspot.com/) Latest Posts Most Popular Posts
ප්රාග්ධනයේ බලයට එරෙහි යුරෝ - ඇමරිකානු ප්‍රතික්‍රියාව Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ජෙරමි කෝබින්ට සහයෝගය දීමෙන් වැලැකී සිටින ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් එරට ලේබර් පක්ෂයේ සාමාජිකත්වයෙන් පසුගිය දා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ නායකත්වය සඳහා වූ ඡන්දය නොබෝ දිනෙකින් පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඊට අදාළ ඡන්ද ව්‍යාපාරය දියත් වී තිබේ. කෝබින් නායකත්වයට පත්වීම නිසා පක්ෂය නැවත සාම්ප්‍රදායික වාමාංශික පක්ෂයක් වී එය ‘80 දශකය වෙත ‘පසුබසිනු ’ ඇතැයි බ්ලෙයාර් ස්වකීය ප්‍රකාශයෙන් ...
ක්ෂාමා සාවන්ත් සහ වාමාංශය පටන් ගත යුතු තැන Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ක්ෂාමා සාවන්ත් එක්සත් ජනපදයේ සියැටල් නාගරික සභාවේ මන්ත්‍රීවරියකි. ඇය 2014 දී මෙම නාගරික සභාවට තේරී පත්වූයේ කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ ඇමරිකානු අංශය වන ‘සමාජවාදී විකල්පය’ සංවිධානය නියෝජනය කරමිනි. 1877 දී ඒ.ඩබ්.පයිපර් සියැටල් නාගරික සභාව තේරී පත්වුවාට පසු තමා සමාජවාදිනියක ලෙස හඳුන්වගන්නා අයෙක් මෙම ආයතනයට ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.සාවන්ත්ගේ ජයග්‍රහනය වැදගත් වන ආකාර දෙකකි. පලමුව එක්සත් ජනපදය වැනි රටක ...
ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 2 Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය සිය අකල් මරනයට පෙර පුලන්සාස් විසින් රචිත අවසාන කෘතිය වූ 'රාජ්‍යය, බලය, සමාජවාදය' ( 1978 ) හිදී පුලන්සාස් තමන්ගේ න්‍යායන් පිරිපහදු කොට ඉදිරිපත් කලේය. මෙහි දී ඔහු රාජ්‍යය 'සමාජ සම්බන්ධතාවයක් ' ලෙස නිර්වචනය කරයි. එසේම රාජ්‍යයේ සාපේක්ෂ ස්වාධීනත්වය ගතික එකක් යැයි යෝජනා කරයි. රාජ්‍යය වූ කලී 'පංති අරගලය කැටි කොට දැක්වීමක්' නිසා රාජ්‍යයේ ස්වාධීනත්වය සෑම විටම තරගයට භාජනය වේ. එක් ...
ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 1 Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ග්‍රීසියේ වාමාංශික සිරීසා ආන්ඩුවේ ( සිරීසා - රැඩිකල් වාමාංශයේ සන්ධානය) න්‍යායික පදනම් කෙරෙහි ප්රබලතම බලපෑම ලෙස උපුටා දැක්වෙන්නේ නිකොස් පුලන්සාස්ය. විශේෂයෙන්ම සිරීසා සංවිධානයේ වාම පාර්ශවය ස්වකීය න්‍යායික අනුප්රානය ලබාගන්නේ මූලික වශයෙන් පුලන්සාස් වෙතිනි. ග්‍රීක ජාතික මාක්ස්වාදියෙක් වූ නිකොස් පුලන්සාස් (1936-1979) ලුවී අල්තුසර්ගේ ව්‍යුහවාදී මාක්ස්වාදී ගුරුකුලය නියෝජනය කලේය. පසුකාලීනව ඔහු යුරෝකොමියුනිස්ට්වාදයේ වාමාංශය නියෝජනය කල න්‍යායධරයෙක් ලෙස ක්‍රියාකලේය. වාමාංශික දේශපාලනය ගැන උනන්දු ...
රාජපක්ෂ යලි ඉපදීම සමාජ ප්‍රගතියට තර්ජනයකි Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මහින්ද රාජපක්ෂ නැවත බල දේශපාලනයේ මාතෘකාවක් වී තිබේ. ජනවාරි 08 වන දාට පසු මොහොතකට පෙනෙන්නට තිබුණේ ඉතිහාසයේ ඔහුගේ භූමිකාව අවසාන වූ බවයි. බොහෝ දෙනා යුක්ති යුක්ත ලෙස අනුමාන කළ ලෙස බලහත්කාරයෙන් ජනාධිපති පුටුවේ රැදී සිටීමේ තදබල සූදානමක් ජනවාරි 08 වන දා මැතිවරණ පරාජයෙන් ඉක්බිති ඔහුගේ පාර්ශවයෙන් පෙන්නුම් වූයේ නැත. ජනාධිපතිධූරය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ද භාර දුන් හෙතෙම ...
සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය' Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය පසුගිය දිනෙක ජේඞීඑස් ( ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ ) වෙබ් අඩවියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සාමාජික නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබූ අතර එය නම් කොට තිබුණේ ‘බියෙන් අත් මිදුණාට සියල්ල සම්පූර්ණ නැහැ’ නමිනි. මෙම සම්මුඛ සාකච්ඡාවේ දී නීතිඥ කුමාරගේ ඉතාම වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව දෙමළ ජනතාව කෙරෙහි වන ආකල්පය ගත් ...
වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුම මානුෂීයද? දේශපාලනිකද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මැයි 19 වන දා ලංවීමත් සමග ‘අනුස්මරනය’ පිලිබඳ සංවාදය අලූත් වෙමින් තිබේ. රජයේ හමුදා විසින් එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කොට ජයග්‍රහනය ප්‍රකාශයට පත්කරනු ලැබු දිනය 2009 මැයි 19 වන දාය. එතැන් පටන් එම දිනය ‘විජයග්රහනයේ දිනය’ ලෙස ලංකා ආන්ඩුව විසින් උත්කර්ෂයෙන් වාර්ෂිකව සමරන ලදී. සිංහල ජනවාර්ගික සැකැස්මට මෙය විජයග්රහනයේ දිනයක් වන විට දෙමල ජනවාර්ගික සැකැස්ම එම දිනය භාරගත්තේ පරාජයේ සහ අවමානයේ ...
පරාධීන සමාජයක ස්වාධීන කොමිෂන්? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය 19 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. අවසානයේ සියල්ලෝ ඒ මල් වට්ටියට අත ගැසූහ. දකුනු ලංකාවේ ප්‍රධාන දහරාවේ දේශපාලනය තුල මේ වනවිට ආධිපත්‍යය උසුලන්නේ කඳවුරු ද්විත්වයකි. ඒ ලිබරල්වාදී කඳවුර සහ සිංහල ජාතිකවාදී කඳවුරයි. මේ විභේදනය සම්පූර්නයෙන්ම අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරී එකක් නොවේ. එනම් ලිබරල් කඳවුර සිංහල ජාතිවාදයෙන් සම්පූර්නයෙන්ම මිදී නොමැති වන්නා සේම ජාතිවාදී කඳවුර තුලද ලිබරල්වාදයේ ඇතැම් අංග නියෝජනය වන්නේය. ...
පටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? - ස්ලැවෝයි ජිජැක් ( 2 කොටස ) Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වෙනස් පාරක්1989 දී ඇති වූ අදුරු විනාශයෙන් ඉක්බිති දැන් අප ඉන්නේ කොතැනද? 1922 දී වාගේම අදත් පාතාලයෙන් මතු වී අවුත් , ද්වේශසහගත ප්‍රීතියකින් යුක්තව කොදුරන කටහඩවල් අවට සෑම තැනෙකම ලැගුම් ගෙන ඇත. ' තමන්ගේ සමස්තතාවාදී දැක්ම සමාජය මත බලෙන් පැටවීමට දත කන උන්මන්තකයෝ !'. තවත් සමහරු තමන්ගේ ද්වේශසහගත ප්‍රමෝදය යටපත් කරගැනීමට උත්සාහ කරති. වේදනාභරිත ස්වභාවයක් මවා පාමින්, සිය ශෝකී ඇසිපිය ...
පටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? - ස්ලැවෝයි ජිජැක් Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ස්ලැවෝයි ජිජැක්ගේ How to begin from the beginning රචනයෙන් උපුටා ගනු ලැබූ කොටසක සිංහල පරිවර්තනය පහත පලවේ. මෙම රචනය 2009 දී New Left Review සගරාවේ මැයි- ජූනි කලාපයේ පලවිය. රචනාව දීර්ඝ නිසා මෙය කොටස් දෙකකින් බ්ලොග් අඩවියේ පල කරනු ලැබේ. උපුටා ගැනීම් සදහා වූ පාද සටහන් දෙවැනි අර්ධයේ අග යොදා ඇත. ***සෝවියට් බලතල බෙදීමක්? ලෙනින්ගේ සිට ස්ටාලින් දක්වා වූ යොමුව ...
ප්රශ්නය ශ්‍රී ලංකා මාතා ද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම මේ දිනවල පැන නැගී තිබෙන අලුත්ම විවාදයයි. ලංකාවේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන විදිහට රටේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා’ය. එහෙත් දශක ගනනාවක් තිස්සේ මෙම ගීතයේ දමිල අනුවාදනයක් දෙමල ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල පාවිච්චි කරන ලදී. මෙම අනුවාදනය ඉවත් කිරීම පිලිබඳ ප්රශ්නය මුලින්ම මතු කරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලන සමයේය. රාජපක්ෂ යෝජනා කලේ ජාතික ගී ...
අනුර දිසානායක සහ ඊඩිපස් රජු Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය එල්ටීටීඊයට එරෙහි යුද්ධයට සහයෝගය දීමේ දී පවත්වා ගත යුතු ‘සමබරතාව’ තමා අතින් ගිලිහී ගිය බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක කියයි. ඔහු මේ ‘පාපොච්චාරනය’ කලේ පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කල ‘සත්‍යාගාරය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමිනි. මානෙල් මල් ව්‍යාපාරය ඇරඹීම, රනවිරුවන් ලෙස හමුදා සොල්දාදුවන් අභිෂේක කරවීම, යුධ මුක්ත කලාපයට බර අවි වලින් පහර දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂනය ...
සීගිරියේ කුරුටු ගීත ලස්සනද ? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරනයේ මතය අනුව සින්නතම්බි උදය ශ්‍රී නමැති තරුනිය සිදු කොට තිබෙන්නේ වසර දෙකක කාලයකට සිරගත කල යුතු අපරාධයකි. ඇය කල වරද සීගිරිය බැලීමට ආ අවස්ථාවක කැටපත් පවුරේ තම නම කුරුටු ගෑමය. මඩකලපුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කම්කරු ස්ත්‍රියක වන මෙම දෙමල ජාතික තරුනිය සිරගත කිරීමේ නියෝගයක් ලබාදීම හරහා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරනය නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා තුල තිබෙන ...
එරාන් වික්‍රමරත්නගේ මුහුනු දෙක Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මාර්ග සංවර්ධනය හා ආයෝජනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න විසින් ආයෝජකයින් පිරිසක් ඉලක්ක කොට ගෙන කල ප්‍රකාශයක් පෙබරවාරි 28 වන දා ‘අයිලන්ඞ්’ ඉංග්‍රීසි පුවත්පතේ පල වී තිබුනේය. එම පුවතට යොදා තිබූ මාතෘකාව වූයේ ‘‘ ආයතනික ප්රතිසංස්කරන සඳහා ස්වර්නමය අවස්ථාවක් ශ්‍රී ලංකාව තුළ උදාවී තිබේ’’ යන්නය. පසුගිය ජනවාරි මස ඉදිරිපත් කල අතුරු අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර තිබීම ආදී ‘සහන ...
කිශානි අලංකිගේ වැලන්ටයින් සැමරුම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය තරුන නිලි කිශානි අලංකි පසුගිය 14 වන දාට යෙදී තිබූ වැලන්ටයින් දිනය සමරා තිබුනේ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දීය. මෙම අවස්ථාවේ ඡුායාරූප අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ විය. ලස්සනට හැඳගත් කිශානි තවත් තරුණ යහලූ යෙහෙලියන් පිරිසක් සමඟ ගොස් වැඩිහිටි නිවාසයේ වයස්ගත/ආබාධිත නේවාසිකයන්ගෙන් දුක සැප අසයි. ඔවුන් සමඟ එකට සිට පින්තූර ගනී. ‘‘ආදරවන්තයින්ගේ දිනයට අලූත් අරුතක්’’. අවශ්‍ය නම් කෙනෙක්ට මේ වාගේ වර්නනාවක් කිශානිගේ ...
සහෝදර ජොන් බ්ලොමාගේ කොමියුනිස්ට් ප්රකාශනය නොහොත් අනුන්ගේ ලේ Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ප්‍රංශ ලේඛිකා සිමොන් ද බෝවා විසින් රචිත ‘අනුන්ගේ ලේ’ නවකථාව ප්‍රකාශයට පත්වන්නේ 1945 දී, එනම් දෙවැනි ලෝක යුද්ධය අවසානයේදීය. මෙම නවකථාව විමුක්ති දේශපාලනය තුල මතු වන ආචාර ධාර්මික සංකීර්නතාව පිලිබඳ ප්රකාශනයක් ලෙස වර්තමානයට ද අතිශයින් අදාල වන්නකි. දේශපාලනයේ දී අනුන්ගේ ලේ සම්බන්ධව අපට තිබෙන වගකීම කුමක්ද? ස්වකීය අරමුනු ඉෂ්ට කරගැනීමේ ‘මාධ්‍යයක්’ වශයෙන් දේශපාලන ව්‍යාපාරයකට මිනිසුන් යොදාගැනීමට පුලූවන්ද? වියුක්ත සදාචාරවාදී ආස්ථානයක ...
මහින්ද ආපසු ඒවිද? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ‘මහින්ද ආපසු ඒවිද?’ යන්න මේ දිනවල ජනප්‍රිය සංවාදයකි. ඒ පසුගිය දා නුගේගොඩ දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කොට තිබූ රැලියත් සමගය. මෙම රැලිය පිලිබඳ එහි සංවිධායකයන්ට සතුටු විය හැක. රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සංවිධානය කොට තිබූ තතු යටතේ සැලකිය යුතු විශාල පිරිසක් එම රැලියට සහභාගී වී සිටියේය. රැලිය පිලිබඳ කෙරෙන ඕනෑම විග්රහයකට පෙර මෙම කරුන අප පිලිගෙන සිටිය යුතුය.මහින්ද නමැති පුද්ගලයාගෙන් ...
ජෙයකුමාරී බාලේන්ද්‍රන්ගේ අභියෝගය Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ජෙයකුමාරි බාලේන්ද්‍රන් නැවත වතාවක් බන්ධනාගාරගත කරන ලදී. ඒ කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝග මතය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ජෙයකුමාරි එලෙස අත්අඩංගුවට පත් වී මේ වනවිට දින 331 ක් ගත වී තිබේ. දින 331 ක් ගත වී තිබුනත් තවමත් ඇයට එරෙහි චෝදනාවක් අධිකරනය ඉදිරියේ ගොනු කොට නැත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එන කාලකන්නි ප්‍රතිපාදන උපයෝගී කොට ගෙන ජෙයකුමාරිව දැන් ...
අදහසක් නැති සමාජයක නිදහස Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය සෑම පෙබරවාරි මාසයකම සැමරෙන ‘නිදහස් දිනය’ ඉංග්‍රීසියෙන් නම් කොට ඇත්තේ Independence Day නමිනි. Independence යන වචනයේ සිංහල අර්ථය ‘ස්වාධීනත්වය’ යන්නයි. එම යෙදුම සිංහලට හැරවීමේ දී ‘ස්වාධීනත්ව දිනය’ නොවී ‘නිදහස් දිනය’ වූයේ කෙසේද යන්න සොයා බැලීමට වටිනා සිත්ගන්නා සුලූ සිදුවීමකි. ජාතික නිදහස් දිනය ආශ්‍රිතව සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර ප්‍රමානයක් තිබේ. පසුගිය 04 වැනි දා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ දී එම චාරිත්‍ර පෙල ...
නීතියේ 'ආධිපත්‍යය' පුපුරුවා හරිමු Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය පසුගිය දිනවල අලූත්කඩේ උසාවි පරිශ්‍රය ආශ්‍රිතව සිදු වූ සිදුවීම් පෙළ නාටකීයය. නග්න රාජ්‍ය බලය යොදා අගවිනිසුරු ධූරයට පත් කළ මොහාන් පීරිස් ඊටත් වඩා නග්න ලෙස රාජ්‍ය බලය යොදා ධූරයෙන් පහ කරන ලදී. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් පහ කොට සිටි ශිරානි බන්ඩාරනායක නැවත අගවිනිසුරු පුටුවේ වාඩි කරවන ලදී. මේ සියල්ල සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල විසින් ලියන ලද ලියුම් මත ...