ටෙනිසේනගේ ගැසට් පීස් එක Pinchpoint මචං , අර ටෙනිසේන ගේ ගැසට් ජෝක් එක අහලා තියෙනවද මොන ටෙනිසේනද ?අර බන්දු ටෙනිසේන ඩබලගේ ටෙනිසේන ටෙනිසේන නෙමෙයි ඒ ටෙනිසන් හරි හරි , අහලා තියෙනවද මොන ගැසට් එකද මචං ගැසට් පීස් මචං ඉස්සර සිංදු රෙකෝඩ් කලේ යකෝ ඒ ගැසට් නෙමෙයි කැසට් පීස් .. මොකක්ද ඉතින් ඔය කතාව ඔන්න පොර ඉස්සර කැසට් එකක් ගැහුවලු . ඌට එහෙම කියලා සින්දු කියන්න ...
මේ කුණු කන්ද බැලුවා හොරැහින් මදෙස Pinchpoint (මෙය උපුටා ගත්තේ මෙතනින් https://www.facebook.com/madhushaka.sahanjeewa)හුන් උන් අතැර නුඹ පත්කර ගත් දවස මේ කුණු කන්ද බැලුවා හිඳ ගම සිරස කාලය ගතව දිව්රුම් අමතකවූ සඳ මේ මහා කන්ද බැලුවා හොරැහින් මදෙස හමන හුළඟ දුගඳම හැම අත පතුරයි නෙක සැලසුම්, දිවුරුම්, ආපසු ඇකිලෙයි කුණු ලොරි ගණන් තව තව කන්දට එක්වෙයි නොකියූ රහස් කුණු ගොඩ අස්සෙම සැඟවෙයි මනාප යදින්නට ඔබ ආ එදවස මේ ...
මැණිකේ මම ආයේ ගෙදර එනවා Pinchpoint මෙන්න මේ පැයේ ජනප්‍රියම ගීතය ... සාදර අනුග්‍රහය කොළ නිල් පැකට්ටුවේ යහපාලන පෆ් ... බිස්කට් දෙකට මැදිවෙච්ච , ක්‍රීම් බිංදුව මිරිකෙච්ච ... යහ පාලන පෆ් පපර පපර පප පා ,පපර පපර පප පා මැණිකේ මම ආයේ ගෙදර එනවා මට බේල් හම්බු වෙනවා //කොච්චර මැතිකම් දැරුවත් , කළකම් දවසක පලදෙනවා කනකොට සනීප උනාට කුම්බලා අජී රණේ වෙනවා පායන කාළේ ආවම තණ ...
යක්කුන්ටත් කුක්කු පෙව්වේ...... කෙලින් හිටවලා Pinchpoint කඩ පේලියේ කොනේම , බෝඩ් ලෑල්ල ඊස්ට්මන් වර්ණයෙන් . කිව්ව හැටියට මෙතන තමයි තැන . ... ඇඩ්ඩින් ඇඩ්වටයිසින් ..ඔය තියෙන්නේ බෝඩ් එකේ ගහලා " ආ එන්න ඇතුළට , කාවද බැලුවේ "" මිස්ට ඇඩ්ඩින් ..??"" ඔව් ඔව් මම තමයි , මොනවද කරගන්න ඕනේ ?"මම මේ දැන්වීමක් හදා ගන්න කියලා ඔව් අපි ඒවා තමයි කරන්නේ .. ප්‍රින්ට් මීඩියාද , රේඩියෝද , ටීවී ...
කාලයාගේ පොටෝ ගැහීම Pinchpoint මගේ තියෙන පැරණිම චායාරූපය , මාස හතක් අටක් විතර වයස බිලිඳු මා වඩා ගෙන , මා පියා සිටිනා චායාරූපයක් . ඒ පින්තූරේ මම ඉන්නේ සිනා වෙලා උනාට , සැබෑ ජීවිතයේ බොහෝ විට මුහුණේ සිනහවක් තිබුණු අප්පච්චි ඉන්නේ කැමරා වට ඔරවාගෙන . ඊට පස්සේ පැරණිම පින්තුරේ නුගේගොඩ ගාමිණි ස්ටුඩියෝ එකේ ගත්ත මගේ පින්තුරයක් . බස් එකේ නුගේගොඩ හන්දියට යනවා . ...
බල්ලාගේ එක්ස්කියුස් එක සහ කීර්තිරත්න ඉස්කෝලේ මහත්තයාගේ නඩු නිමිත්ත Pinchpoint ඕං හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ තඩි බල්ලෙක් පළාතේම නෑ එහෙම හොර ගෙඩියෙක් උගේ කනේ හිටියා තඩි මැක්කෙක්දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බත් . කුස්සියට පැනලා , වලඳක තිබිච්ච මාළු කූරියෙක් උස්සන්න හොම්බ දැම්මා විතරයි කුස්සි අම්මාට අහුවුනේය . ඕ තොමෝ , ටොමියාව බෙල්ලෙන්ම අල්ලාගත්තෝය .මෙච්චර දවසක් මම බලන් උන්නේ අතටම අල්ල ගන්න , හොර බල්ලෝ , අද ...
රූපසිංහ අංකල් ගේ ප්‍රොජෙක්ට් එක හෙවත් Project life cycle and life projects Pinchpoint රූපසිංහ අංකල්, අපි පොඩි කාලේ කලේ වෑල්ඩින් වැඩ . මුලින් නම් ඔහුගේ වැඩපොළට එහෙම කියලා වැඩක් තියෙනවා මට මතක නෑ . කවදා වත් ඉවර නොවෙන ප්‍රොජෙක්ට් එකක් , බාගේට හදපු පන්සලක පහන් වැටක් නම් හැමදාම වැඩපොළේ වත්තේ අයිනක තිබ්බා . (අහපු හැම වෙලාවකම කිව්වේ " ඉවර කරන්න ඕනේ පුතා " කියලා . )පහු කාලේක රටේ ආර්ථිකේ විවෘත වෙලා ක්‍රෝටන් ...
චතුරලා , අපි සහ බක්කි පරෙයි Pinchpoint පෙර කියවීම සමහර සබ්ජෙක්ට්ස් ගැන ලියන්න කල් ගත්තම , ඒ ප්රස්තුථ කල් ඉකුත් වෙනවා .ඒත් සමහර සබ්ජෙක්ට්ස් ගැන දිගට හිතපුවහම , ඒවා විසි කරන්න ලෝභ හිතෙනවා . එතකොට කරන්න වෙන්නේ දෙහි වගේ , ලුණු දාලා අව්වේ වේලලා ලුනුදෙහි හදන එක .චතුරලා හීනෙන්වත් නොසිතු සිතුම් ..කල්ප ගණනාවක්වත් පිරිය නොහි පෙරුම් .කෙරුම් ප්‍රවාද අනා කාස්ටක අව්වේ උන බම්බු පලංචි දිගේ උඩට ඇද ...
මලිත් ට ගහද්දි චංචලා ඇඩීම , පංතියට උණ ගන්න මොනිටර්ට ගැසීම සහ ජිජැක් Pinchpoint මුලින්ම click here.............මලිත් ට ගහනකොට ඇඬුවේ චංචලා උනාට , මම ගිය පිරිමි ඉස්කෝලේ එහෙම උනේ නෑ . පංතියේ වම හා දකුණ බෙදිලා ගීතයෙන් ගීතය ... වම් කොණේ ආර් ආර්ට ( R R ), කියන කියන අකුරට සිංදුවක් තියෙනවා . එකපාරටම ගුරු එන මග ඔත්තු බලන්න හිටි ජයේ දුව ගෙන ආවේ "කුරේ එනෝ" කියා ගෙන. ආර් ආර් සිංදුව මග බ්රේක් ...
තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් Any information on need to know basis Pinchpoint ගිය සතියේ අහම්බෙන් වගේ යූ ටියුබ් එකේ සැරි සරද්දී අස ගැටුණු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනක් විය . කට්ටිය කතා කලේ තොරතුරු දැන ගැනීමේ පනත ගැනය . (සංඛ විටෙන් විටේ ටොයිලට් බ්රේක් ලබා ගැනීමයි , චාපා ගේ අහස කඩා වැටෙනවෝ කතාවයි හැරුණු කොට .. ඊනියා විද්වතුන් ( ඊනියා නොව ඊයා ය ) බොහෝ විට ගෙන ආවේ " ඔබේ ලංකට් එක රතු පාට ...
ස්වයංවින්දනයේ නිදහස සහ නිදහසේ ස්වයංවින්දනය Pinchpoint නිදහස යනු මහත්වූ වගකීමකි . මින්පසු අපගේ ක්‍රියාවන් හා අතපසු වීම් සියල්ලට අපට වගකීමට සිදුවේ . මින්පසු අපට රාජ්‍ය පාලනයේ වැරදි සහ දුර්වල කම් වල වගකීම වෙනෙකෙකු පිට පැටවීමට නොහැක . එම නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වෙර විරියෙන් රටේ සෞභාගය උදෙසා වැඩකිරීම සාම රටවැසියෙකු ගේම යුතුකම වේ ඩී එස් සේනානායක , 1948 පෙබ 4දා (ඉංග්‍රීසියෙන් , ඔව් ඉංග්‍රීසියෙන් ) ...
විහිලු සැපයීම ඊස් අ මල්ටි ප්ලේයර් ස්පෝර්ට් Pinchpoint මුලින්ම මම විහිලුවක් රූපවාහිනියේ දැක්කේ අසු ගණන් වල . මාසික විවිධ ප්‍රසංගයක් . සැමුවෙල් ඇනස්ලි බර්ටි ඇවිල්ලා , විනෝද සමයක් කළා . ( ඒ වැඩසටහනේ නම මතකෙට එන්නේ නෑ එකපාරට .. ලියාගෙන යනකොට මතක් වෙයි ) . මට මුලින්ම හිතුනේ මේ එක විහිළුවක් කරන්න තුන් දෙනෙක් මොකටද කියලා . එකෙක් ප්‍රශ්න අහනවා , අනිකා උල්පන්දම් දෙනවා , තුන්වෙනි එකා ජෝක් ...
සුවාදීන සුවාරිස් Pinchpoint ඔබේ නම සුවාදීන සුවාරිස් ඔබ කුඩා අවධියේ සිටම සුවාදීනද ඔන්න මම පොඩි කාලේ අපේ තාත්තා මාව කඩේ යවනවා බීඩී ගේන්න . මම ආසයි , මොකද ඉතුරු සල්ලි වලින් මට බුල්ටෝ කන්න පුළුවන් . අම්මා බනිනවා බීඩී ගේන්න ගියොත් බලාගෙනයි කියලා .මට තාත්තාගේ වැඩේට විරුද්ධ වෙන්නත් බෑ , අම්මට විරුද්ධ වුනොත් බැටේ හම්බුවෙනවා . මම කල්පනා කරලා සුවාදීන තීරණයක් අරගන්නවා සුවාදීන ...
කරුපයියා හෙවත් මුරුගේෂු , සමස්ථ ලංකා අමද්‍යප සංගමේ ආසියා පැසිපික් කලාපීය හොඳම ලේකම් Pinchpoint මේ ඉන්නේ කරුපයියා හෙවත් මුරුගේසු . පොඩ්ඩක් අශිලාචාර ගතියක් තියෙන නිසා මීට පස්සේ අපි කරුපයියා නොකියා මුරුගේසු කියමු . එක අතකට නමක කොහෙද අශීලාචාර බවක් , අහන එවුන් ගේ මිසක් ...? හැබැයි ඔන්න මම නෙමෙයි කිව්වේ , කිව්වේ වත්තේ මැනේජර් මහත්තයා , දවසක් ."අයිශේ මේ කරූ පයියා , තමුශේ ගේ නම හරි ඉන් ඩීසන්ට් නේ ...අයිශේ තමුසේගේ නම වෙනස් කරමු ...
පොඩ්ඩා නුදුටු පොස්සගන් Pinchpoint පෙර කියවීම මේ කතාවේ කතානායක පොඩි එකාට වයස අවුරුදු පහක් හයක් විතර. පොඩි එකාට තිබ්බේ නැව් පිස්සුවක් . ඌ බාටා පෙට්ටි වලින් නැව් හදා ගෙන සාලේ එහෙ මෙහෙ යනවා . සීයාට කියලා කොළ බෝට්ටු හදා ගෙන ලිඳට ගිහින් දානවා . චිත්‍රයක් අඳින්න කියලා කිව්වත් අඳින්නේ නැවක් "අම්මපා මූ ලොකු වුනාම නැවක කැප්ටන් කෙනෙක් වෙයි " සීයා ඔලුව අතගාලා කියනවා "නෑ ...
කැප්ටන් කූල් ගේ නත්තල් ගහ සහ හීතල උඳුවපේ විකාරී හීන Pinchpoint නත්තල් අසිරිය වැඩිවී , හිස බමනය වන්නට වූ පහුගිය දිනෙක, මට මතක ඇඳට වැටෙනවා පමණි . එක් වරම මම සිටියේ ගාලු මුවදොර පිටියේය . අහසේ වළාවක සේයාවක් නැත . සරුංගල් දෙක තුනක් ඔහේ පාවේ . මුහුදු සුලඟ පුරුදු ලෙසම හමයි පාට පාට සරමක් හැඳි , කොන්ඩේ සුදුම සුදු මහත්තයෙක් ඈත සිටම මට අත වැනුවේ ඒ දෙසට එන ලෙසය . මම ...
ඇසිලියාගේ සාත්තරේ (විකාශනය), තිත් සහ ඉරි ප්‍රහේලිකා සහ මෝඩයන්ට ජෝක් පත්තියන් වීම Pinchpoint කලකට පෙර මම , හැම දෙයටම රෙද්ද කඩපු ඇසිලින් ගැන මේ අඩවියේ ලියුවෙමි . ඔබ කිහිප දෙනෙකුට හෝ එය මතක ඇති https://pinchpoints.blogspot.hk/2012/06/blog-post.htm.ඇසිලින් රැකියාවක් හැටියට කලේ ස්වයං ව්‍යාපාරයකි . කොටින්ම ඇගේ මුළු පවුලම පාහේ මේ ව්‍යාපාරයේ යෙදුනහ. දෙටු පුත්‍රයා නිෂ්පාදන අංශයද , කනිටු පුත්‍රයා බෝතල් කිරීමේ අංශයද බාරව සිටි අතර , වෙළඳ අංශය බාරව සිටියේ ඇසිලියා ය . ඇගේ සැමියා , ...
ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා ) Pinchpoint පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි ට්ක්රාස් ගා ගෙන වීල් එක ඉගිලුනා දුම් දා ගෙන මුඩුක්කු අයිනෙන් ගලයිද මොන ගංගා කුණු ඇලක් මිස ගොර ගොර ගා මොන සාරි ගප්පිද ඉස්ගෙඩි මිස කකුල් එනකං ලතැවෙන දොර පියන ඇරෙන්නේ ක්‍රීස් ගාගෙන ඇතුළට වොට් හතළිහේ බලුබ් එකක් විරිතන්නේඑල්ලී වයර් එකක කළුවරට ...
ඉන්ටපෝල් එකට ආ දුරකථන ඇමතුම Pinchpoint මෙය සමාන්තර විශ්වයේ කතාවකි .වෙලාව මාධ්යන දොළහ පසුවී විනාඩි තිහක් වුවා පමණි . පොලිසියෙන් පුවත් අවසන් විය . ට්‍රීන් ට්‍රීන් ගා දුරකථනය නාද වෙන විට සාජන්ට් ලන්තපෝල් සිටියේ , ඕ අයි සී පුටුවේ වාඩිවී මේසය මත කකුල් දෙක තබා ගෙන , ගීතයක් මුමුනමිනි . ඕ අයි සී දවල් කෑමට ගෙදර ගොසින්ය .සිංදුව පිටින්ම ඔහු දුරකථනය එසවීය "..වතුර නාලා , තෙත ...
ඩිංගියාට දෙන දඬුවම Pinchpoint නඩුකාරයා : යුෂ්මතාගේ නම මොකද්ද ?චුදිතයා : ඩිංගියා හාන්දුරුවනේ ඔබේ රැකියාව හාන්දුරුවනේ , කනත්තේ වලවල් කපන්නේ මම ඔබට විරුද්ධව තිබෙන පැමිණිල්ල ඔබට වැටහෙනවාද හාන්දුරුවනේ නිච්චියක් නෑ හරියටම පොලිසියේ ජීප් එකේ දාං ගියේ උඹට හොඳ වැඩක් කොරන්නං කිය කියා රාළහාමිලා පොලිසියේදී කූඩුවේ එල්ලලා ගැහුවේ සාජන්ට් මහත්තයා කියාපිය ඇත්ත නැත්නම් බලා ගනිපිය කිය කියා පැමිණිල්ල වෙනුවෙන් පැමිණි පොලිස් නීතිඥ : පොලීසිය පාවිච්චි ...