පුරවැසියෝ රජයකින් බලාපොරෝතුවෙන දේ.... Nalaka Gamage Unleashed රජයකින් පුරවැසියෝ (හෙන්චයියෝ, සහ යැපෙන්නෝ නොවේ.) බලා පොරෝත්තුවෙන්නේ මෙච්චරයි....1. රටේ ආරක්ෂාව (ත්‍රස්තවාදය සහ වෙනත් ආක්රමණවලින්) සැලසීම.2. මුදල්/උද්දමනය පාලනය 3. රටේ නිතිය සහ යුක්තිය ක්‍රියාත්මක බව පුරවැසියන්ට හැගෙන්න ක්‍රියාත්මක වීම. 4. පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්රජාතන්ත්රවාදී චන්ද ක්‍රමය ට කිසිම හේතුවකින් මැදිහත් නොවීම.5. අවශ්‍ය අයට පහසුකම් සලසන අධ්‍යාපන, සෞක්‍ය, ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසාධන යාන්ත්‍රණයක් සැලසීම.6.අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ...
බෞද්ධ දර්ශනය සහ ආගම Nalaka Gamage Unleashed බෞද්ධ දර්ශනය කියන්නේ සියලුම ආගම් වලින් සාපේක්ෂව මම දකින වඩාත් සාධනීය දර්ශනයයි.. (ඔවු කාට හරි කියන්න පුළුවන් ඔයා බෞද්ධ පවුලක ඉපදුන නිසයි එහෙම කියන්නේ කියල. මට එක ප්‍රතික්ෂේප කරන්නත් අයිතිය තියෙනවා.) අවුරුදු 2500 කට කලින් සමාජ පසුබිමත් එක්ක සැලකුවම බෞද්ධ දර්ශනය විශිෂ්ටයි... මොකද ඒ කාලේ මිනිස්සු අඩු පහසුකම් ඇතුව ප්‍රාථමික ජීවිත ගතකරපු කාලයක්... එහෙම කාලෙන් කාලෙට විශිෂ්ට දර්ශනිකයෝ, විද්යර්තයෝ පහල ...
බිරීමේ යතාර්ථය.. Nalaka Gamage Unleashed දඩයම් බල්ලාගේ ජන්ම පුරුද්ද සද්දයක් ඇහුන ගමන් බුරන එක... ගෙදරකට නොදන්නා කෙනෙක් අවොත් අමුතු දෙයක් උනොත් ඒකා බුරනවා.... මොනවා උනත් අපේ සමාජයේ මිනිස්සු කාලයක් තිස්සේ ආරක්ෂාවට කියල බල්ලෙක් හැදුව... හැබැයි ඉතින් හොරුන්ට බුරන වැඩේ මිසක් ගෙදර ට යමක් ලැබෙන දෙයක් කරගන්න වගකීමක් දෙන්න ඉගි කලොත් බල්ල හැමදාමත් කුලෑටි කමට හැන්ඟෙනවා... හද මෝරන සමහර කාලෙකට බල්ලා පොදුවේ සමාජයේ මිනිස්සුන් ව හපාකන්න ...
වැඩවසම් වාදයෙන් දිවුනු සිවිල් සමාජයක් කරා.... Nalaka Gamage Unleashed වැඩවසම් චින්තනයක් තියෙන සමාජයක ආණ්ඩුව සහ යටත්වැසියන් අතර තියෙන්නේ ස්වාමි-වහල් සම්බන්දයක්..... ආණ්ඩුවෙන් යැපෙන වහල්ලුන්ට ස්වාමියා විවේචනය කරන්න ආත්ම ශක්තියක් නැහැ...ඒ වෙනුවට අන්ධයකු ලෙස ස්වාමියාගේ ගුණ ගායනය වහලුන්ට උරුමයි...ශිෂ්ට සමාජයේ ආණ්ඩුවක් සහ පුරවැසියන් අතර තියෙන්න ඕන ගතික සමතුලිතතාවයක් මිසක් චන්දෙදි විතරක් වෙනස් වෙන ස්ථිතික සමතුලිතතාවයක් නෙමෙයි.....පුරවැසියෝ තමන්ගේ ව්‍යාපාර නැත්නම් වෙනත් වුර්තිය කටයුතුවල යෙදෙමින් අනෙකාට හෝ ආණ්ඩුවට (ආණ්ඩුව කියන්නේ බදු ගෙවන පුරවැසියන්ගෙන් ...
චේ අවන් හල සහ කොමිනිස්ට් වාදය Nalaka Gamage Unleashed කොලබ, කිරුලපන-පාමංකඩ මාර්ගයේ බොහොම සුපිරි අවන් හලක් තියෙනවා "Che By Relish (Cafe Che)" කියල. චේ ගුවේරා කියන්නේ තමන් 'විශ්වාශ කල' දේශපාලනයක් බිහිකරන්න කියල මිනිස්සු දහස් ගණනින් මරා දමන්න නායකත්වය දුන්න කෙනෙක්. ඒක පැත්තකින් තියමු..... ඔහු ලේ හලමින් කැපවුණේ සුපිරි සමානාත්මතාවය නැත්නම් කොමිනිස්ට්වාදය වෙනුවෙන් කියනවනේ....... ඒත් මේ චේ අවන්හල ඔහුව මාර්කට් කරන්නේ සුපිරි මිල ඇති භෝජන වෙනුවෙන්..... කෙනෙක්ට එහි භෝජන ගන්න ...
ලංකාවේ මිනිස්සු බොන්නේ ඇයි? Nalaka Gamage Unleashed ශ්‍රී ලංකාව කියන්නේ ඒක පුද්ගල මත් වතුර භාවිතයෙන් ඉහලම තියෙන රටක්. මේ ලිපියේ අරමුණ බොන එකෙහි හොද නරක සාකච්චා කිරීම නොවේ... මත් වතුර බිමට හේතු වන පුද්ගල බද්ද සහ සමාජීය කරුණු කිහිපයක් සමාජ විද්‍යාත්මක පදනමකින් සාකච්චා කිරීමයි.මත් වතුර කියන දෙය විතරක් වෙනම අරගත්තේ හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් වෙනත් කරුණු බොහොමයක් ද ප්රමුඛව බලපාන නිසයි. ප්‍රධාන හේතු ඒවායේ බලපෑමේ අනුපිලිවල ලෙස ...
මහින්ද යුගයට ටීකාවක් (2 කොටස) Nalaka Gamage Unleashed මහින්ද යුගයට ටීකාවක් (1 කොටස) cont..# සටනින් ත්‍රස්තවාදය පැරදවීම #LTTE ය සටනින් පරාජයත් සමග මහින්දගේ ප්‍රතිරූපය විශාල ලෙස ශක්තිමත් වෙනවා. ත්‍රස්තවාදය පරදවන විටත් මහින්දගේ රජය යන්තම් වැඩි චන්ද දෙක තුනකින් එල්ලිලා තියෙන්නේ. සටන පැවතී අවසන් වසර දෙක තුලම ඔහුගේ ආණ්ඩුවේ අයවැය චන්ද විමසීමේදී පරාජය කරන්න විපක්ෂය සහ එවකට සිටි ජවිපෙ උත්සහ කරත් ඒවා ව්‍යවර්ථ වෙන්නේ එජාපයේ (කරු ජයසුරිය ඇතුළු ...
මහින්ද යුගයට ටීකාවක් (1 කොටස) Nalaka Gamage Unleashed මහින්ද 2005 දී ජනාධිපති පදවියට පත්වන්නේ එම මොහොත වනවිට පවතී දේශපාලනික සහ ජාතික අවශ්‍යතාව සැපිරීමට පැවතී යථාර්තයන් තුල වැඩිම විභවයක් සහිත චරිතයක් ලෙස ඔහු ගොඩ නැගී තිබුන නිසයි.1983 J R ජයවර්ධන නම් දේශපාලන කපටි මහල්ලා ගේ වැරදි ක්‍රියා සහ තීන්දු නිසා ගොඩනැගුනු උතුරේ ත්‍රස්තවාදයත් එයට සමගාමිව 88/89 කාලයේ ගොඩ නැගුනු දකුණේ ත්රස්තවාදයේත් අරාජිකත්වය ආර් ප්‍රේමදාස නම් හිස් චරිතයට ජනධිපති පදවියට ...
බුද්ධිමතා සහ කපටියා නිවැරදිව හදුනා ගනිමු Nalaka Gamage Unleashed බුද්ධිමතා: තමන්ගේ ම දර්ශනයක්/චින්තනයක් ඇත.කපටියා: අවස්තාවාදයම තම පැවැත්ම කර ගනී. (වැල යන යන අතට මැස්ස ගසයි)බුද්ධිමතා: ප්‍රශ්න සහ ගැටළු විසදයි.කපටියා: ප්‍රශ්න සහ ගැටළු සුක්ෂමව වවාගෙන කයි.බුද්ධිමතා: සමාජය පොදු සාධක හරහා එකතු කරයි.කපටියා: සමාජය නොයෙක් දෘෂ්ටිවාද වලින් බෙදයි.බුද්ධිමතා: අව්‍යාජව කියන දේ කරයි. (සත්‍යවාදී වේ)කපටියා: ව්‍යාජව එකක් කියා තවෙකක් කරයි. (අලජ්ජිව බොරු කියයි)බුද්ධිමතා: සුදුස්සාට/දක්ෂයාට වැඩ කිරීමට අවස්තාව දෙයි.කපටියා: සුදුස්සන්/දක්ෂයන් ඈත් කර පුස්සන් ...
පරණ/අලුත් අවුරුද්ද ගැන මට හිතෙන හැටි Nalaka Gamage Unleashed ජනවාරි මාසයේ අවුරුදු සැමරූ ශ්‍රී ලාංකිකයෝ අප්‍රේල් මාසේ ආයෙත් අවුරුදු සමරනවා. එකක් කියන්න ඕන අවුරුද්දට දෙපාරක් එකම විදියට අවුරුදු සමරනවනම් ඒක ගොන් පාර්ට් එකක් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි වෙනස දැනගෙන ඒ ඒ අවුරුදු අවස්ථානුකූලව සමරන්න ඕන. ව්‍යාපාරික සහ වුර්තිය ජීවිතයේ අපි වසරක් ලෙස පටන් ගන්නේ ජනවාරි 01. විශ්ව ගම්මානයක බැදිලා ඉන්න අපිට ඒ යතාර්ථයෙන් පලා යන්න බැහ. එහෙම ...
අම්බරුවන්ගේ දේශයෙන් ඔබ්බට....... Nalaka Gamage Unleashed අපේ රටේ තරම් බුද්ධිමත් කියාගන්න අම්බරුවෝ බහුතරයක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. උදේට ලෝකෙට පරකාසෙට ලොකු ජාතික පාසල්වලට යන ශිෂ්‍යා ආයෙත් ඉස්කෝලේ ඇරිච්ච ගමන් ටියුෂන් පන්තියට යනවා ඉගෙන ගන්න කියල. ලාංකිකයන්ගේ ලමා කාලය ගෙවෙන්නේ උදේ ටයි හවසටයි දෙපාරක් එකම දෙය කරන්න. එකම දේ දෙපාරක් කරන්න පොඩිකාලේ උගන්වන්නේ මේ ව්‍යාජය මත පදනම් වුන අධ්‍යාපනය නෙමෙයිද? ලෝකේ අනිත් රටවලත් හැම දේම දෙපාරක් ...
Political Bipolar Disorder of JVP Nalaka Gamage Unleashed ජනතා විමුක්ති පෙරමුණ තම ආරම්බයේ පටන්ම Bipolar disorder තත්වයෙන් පිඩා විදින දේශපාන පක්ෂයක්. ඕක ආරම්භ කලේම රහසිගතව දේශපාලනය කරලා රුසියාවේ, චීනේ වගේ රටවල කළා වගේ සන්නන්ද විප්ලකින් මේ රටේ බලය අල්ලන්න පුළුවන් කියල විජේවීර ට හිතුන නිසා. ඔවුන් හිතන්නේ බහුතර ජනතාව මෝඩයන් බැවින් ප්‍රජාතන්ත්‍රවාදිව කොමිනිස්ට් වාදී ක්‍රමයකට බහුතර කැමැත්ත ගන්න බැරි බව. (කොහොමත් කොමිනිස්ට් වාදය යම් පමණකට හරි තියෙන රටවල ...
CHOGM හමුවේ රග දැක්වෙන බ්‍රිතාන්‍ය-ඉන්දීය-ශ්‍රී ලංකා වඩිග පටුන Nalaka Gamage Unleashed CHOGM යනු බ්‍රිතාන්‍ය තම පැරණි යටත් විජිත වහලුන් එකට එකතු කර ලෝකෙට පෙන්වන ඔවුන්ගේ සැමරුමයි. මෙයට අබමල් රේණුවක හෝ අභිමානයක් ඇති රටක් හෝ නායකයකු කැමැත්තෙන් යන්නේ නැත. ආර්ථිකව අන්ත අසරණව සිටින අප්‍රිකානු සහ ආසියානු රටවල් මෙයට නොගිහින් බැරි කමට යන්නේ බ්‍රිතාන්‍යන් විසින් තම රටවල සමාජය තුල ඇතිකළ විකුර්තින්ගෙන් ගොඩ ඒමට නොහැකිව ඔවුන් මතම තවමත් රදාපවතින බැවින් යන්තම් හෝ තම පැරණි ...
CHOGM ගැන රටේ හරක්ට තේරෙන සිංහලෙන් Nalaka Gamage Unleashed එදා එකිනෙකා එක්ක කාකොටා ගනිමින් අලසව හිටපු අපේ මුතුන් මිත්තන්ට යුරෝපෙන් ආපු මංකොල්ල කාරයෝ ටිකක් ගහල යටත් කරගෙන ඔවුන්ගේ වහල්ලු විදියට කාලයක් තබාගෙන ඉන්නවා. එදා සුද්දොත් එක්ක කෙලින් හැප්පුන අතලොස්සට රටේ බහුතර රදල පැලැන්තියේ සහය ලැබෙන්නේ නැහැ. දිගින් දිගටම වහල් වැඩ අරගන්න අතර අපේ මුතුන් මිත්තන් ගේ වහල් බාවය යුරෝපයෙන් ආපු යටත් විජිත ස්වාමින් අතර හුවමාරු වෙනවා. අන්තිමට ඔවුන්ව යටත් ...
අපි නොදන්න ප්රජාතන්ත්රවාදය Nalaka Gamage Unleashed වෙන රටවල මිනිස්සු චන්දෙ දවසට බුද්ධිමත්ව තමන් කැමති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පෞර්ෂයක් තියෙන දේශපාලන නායකයන් පත් කරව ගන්නවා. එදා ඉදල දේශපාලන නායකයන් ක්‍රියාත්මක වෙනවා ජනතාව තමන්ගේ ජීවිත සැහැල්ලුවෙන් ගෙවනවා. අපේ රටේ ඉන්න බහුතරයක් වන අම්බරුවන් චන්දෙ කාලේදී රැවටිලා නළු නිලියෝ, කුඩු මුදලාලිලා, දේශපාලන කපටියෝ, දේශපාලන විකටයයෝ, නැතිනම් දේශපාලන තොරොම්බල් කාරයෝ තමන්ගේ නියෝජිතයෝ විදියට පත්කරවල ඊලග චන්දෙ වෙනකන් තමන් පත් කරපු ...
සූදුව ශෝක් කියන අම්බරුවන් ඇමතියන් වූ රටේ අධ්‍යාපනය Nalaka Gamage Unleashed අපි සාමාන්‍ය පෙළ ගණිතය ඉගෙන ගන්න සමයේ අපගේ ගණිත ගුරුවරයා සම්භාවිතාව පාඩමට ලබා දුන් එක ගැටලුවක් වුවේ එවකට පැවතී සියලුම සතිපතා දිනුම් අදින ලොතරැයි අතරින් (එවකට තිබුනේ සැබවින්ම ශනිදාට පමණක් දිනුම් අදින ශනිදා වාසනාව සහ මහජන සම්පත ලොතරැයි පමණි) තමන් යොදන මුදලට සාපේක්ෂව ජයග්‍රාහකයකු වීමට වැඩිම සම්භාවිතාවක් ඇති ලොතරැයියත් රජයට එක එක ලොතරයි වර්ගවලින් ලැබෙන ලාභ ප්‍රතිශතයනුත් (මිලදී ගන්නන්නට වන ...
පොදු රාජ්‍ය මණ්ඩලය අපිට අභිමානයක්ද? (FAQ) Nalaka Gamage Unleashed Q: පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් යනු?A: අතීතයේ බ්‍රිතාන්‍යට යටත්ව පැවතී රටවල් අතරින් තම යටත් විජිත ගැති බාවය දිගටම ප්‍රසිද්දියේ පෙන්වීමට කැමති රටවල් එකතු කරගෙන බ්‍රිතාන්‍ය විසින් පිහිටුවාගනු ලැබූ සංගමයකි.Q: පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා කවුද?A: නිල බලයෙන් බ්‍රිතාන්‍ය රැජින/රජු ට යාවජිව නායකත්වය හිමියි.Q: පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර බෙදීමක් පවතීද?A: ඔවු එය ස්වාමි-යටවැසි මොඩලයට ව්යවස්ත්තාපිතව බිහිකළ මණ්ඩලයකි. බ්‍රිතාන්‍ය එහි යාවජිව නායකයා ...
කැසිනෝ සූදුවෙන් ආසියාවේ ආශ්චර්ය ගොඩනැගීම ගැන සිතන්න යමක් Nalaka Gamage Unleashed (1) කැසිනෝ සූදුවේ යෙදෙන්නෙකුට වැඩි සම්භාවිතාවක් ඇත්තේ? (a) පරදින්නටයි (b) දිනන්නටයි (2) ශ්‍රී ලංකාව තුල කැසිනෝ සූදුවේ යෙදෙන බහුතරය? (a) ශ්‍රී ලාංකිකයන් ය (b) විදේශිකයන් ය (3) රට වැසියන් සහ රජයක් මුදල් සෙවිය යුත්තේ සහ දියුණු විය යුත්තේ? (a) නිවැරදි මාර්ග වලින් (සම්මා ආජිව) (b) බල්ලෝ මරල හරි හොරකම් මැරකම් වංචා කරලා හරි ඕනෑම විදියකින්(4) සූදුවෙහි යෙදීමට මිනිසුන්ට අනුබල දීම ...
සියල්ලෝ boring නූතනත්වයේ සිරකරුවන් නොවී තෘප්තිමත් කෘෂි ආර්ථිකයට නැවත ගොඩ නගමු Nalaka Gamage Unleashed අතීතයේ ඉදල අපේ රටවල තිබුනේ මිශ්‍ර වගා ක්‍රමයක්. එකත් පරිසරය සමග සහජීවනයෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. නමුත් දැන් අපේ අවශ්‍යතා වැඩිවෙලා නිසා කෘෂිකර්මාන්තයෙනුත් වැඩි ආදායමක් ලබන්න සැවොම උත්සහ ගන්නවා. එතැනදී බටහිර ක්‍රමය උනේ ඒකාංගි භෝග වගාව. කෘමිනාශක සහ අධික රසායනික පොහොර භාවිතය බටහිර ක්‍රමයේදී අත්‍යාවශ්‍ය දෙයක් වෙලා. නූතන කෘෂි කර්මාන්තයේදී හුදෙක් ලැබෙන ලාභය මිසක්, යෙදෙන පුද්ගලයා තමන් නියැලෙන කාර්ය තුලින් ආත්ම ...
වෘතීකයන් නිවැරදිව කියවමු Nalaka Gamage Unleashed ලෝකයේ "නරක වෘතීන්" සහ "හොද වෘතින්" යයි දෙකක් නැහැ. ඇත්තේ "නරක වුර්තින්" සහ "තමන් වෘතියේ යෙදෙන ස්වභාවය අනුව හොද හෝ නරක තීරණය වන වෘතින්" යන දෙවර්ගයයි. මස් මරන්නෙකු, හොරකු, වංචනිකයකු යනු පළමු ගනයේ නිසර්ග පාපතර වුර්තිකයකු වෙනව. ඒ තුල ඔහුට හොදක් කල හැකි මගක් ඇත්තෙම නැහැ. දෙවැනි වර්ගයේ වුර්තින්හි නියැලෙන අයෙක් තමන් ධාර්මික හා ගරු කටයතු අයකුද, නැතහොත් අලජ්ජි පාපතරයකුද ...