හොද වෙන්න හොදම නෑ Mage Sanda | මගේ සඳ මං කොහේද මන්ද අහල අහල තියනවා තමන්ට එක කම්මුලකට ගැහැව්වොත් අනිත් කම්මුලත් අල්ලන්න කියලා.. ඒක ඇත්තද.. මං හිතන්නෙ එතනින් කියන්න උත්සහ කරන්නෙ පළිගන්න එපා කියන එක.. අපේ බුදු හාමුදුරුවො කිව්වා වගේ වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන එකනෙ..දැන් මලහත්තිලව්වෙ අපි ඔය විදිහට කරාම අපිට මොකද වෙන්නෙ... මං නන් අත්දැකීමෙන් කියන්නෙ එක පාරක් ගුටි කාල අනිත් කම්මුල ඇල්ලුවම ගහනවා ඊටත් වඩා හයියෙන්.. හරි ...
ඉලංදාරියෝ.. මේ නුඹ වෙනුවෙන්මයි.... Mage Sanda | මගේ සඳ "හිමින් හිමින් අඩි තිය තිය හදවතක් පුරා''''ඉලංදාරියෝ සෙල්ලම් කරනවද ඔයා"දනිමි මම,නුඹ පැතුමන් පැතූවග.අසනන්ට නුඹ නමින් ගෑයූ ගීයක තාලය...අසා සිටියෙමි..දිවා රෑ පුරා..නුඹ මියයමින් සිටින වග දහස් වරමිතුරෙක්ය නුඹවිටක සහෝදරයකු ලෙසින්දෙසවනින් නෑසූවද.. මනසින් සියල්ල තේරුම් ගත්තදකිසි දිනක නොසිතුවෙමිනුඹ සිනාසුන මරණය මෙතරම් කුරරු වගආසයි මට..නුඹේ සිනා හඩ හසන්නට..උදේයේම පැමිණ නුඹමා සොයන අරුමය... හෙට දිනට පැමිණෙන්නෙමි..දකින්නට නුඹ.. මා සපථ කළ අයුරින්ම..නුඹෙ නිවසටම පැමිණෙන්නෙමි..නමුත් නුඹ ...
නුඹ කවුරුන්ද???? Mage Sanda | මගේ සඳ කියන්නනුඹ කවුරුන්දහිත සොරාගෙන ගොස් මටම වද දෙනනුඹ කවුරුන්දඈත අතීතය වල දමා ඇති මොහතකමගේ අතීතය රිදුම් දෙන අතගැලි වලින් හාරාඅතීතය මත මා ඇද දමාමටම වද දෙන නුඔ කවුරුන්දකියන්නමගේ දෙනුවන දෙස බලාගෙනමගේ සතුට නැති කරන්නට නුඹම පැමිණි සඳපෙර සසරකදි අපි හමු වූ වාදඅසන්නට හැකි නම් මටනුඹනේ එක වදනක්කියන්නමා කල පව නුඹ මා මේ තරම් රිදවන්න....... ...
ප්‍රේමයේ ශෝකය කොයි තරම් කුරිරුයිද?? Mage Sanda | මගේ සඳ හෝ හෝ හෝ.. වැස්ස වහිනවා..හෝ හෝ හෝ අව්ව වැටෙනවා................යාන්තං රෙද්ද අස්සට කකුල් දෙක ඔබාගෙන වහලෙ උළු අතරින් රිංගල එන හිරිපොදයට තුරුල් වෙලා සුට්ටක් දෑස පියා ගන්න හැදුවා විතරයි.. නෙතු පියන් මත නිදි කුමරිය ඇවිල්ලා උකුළු මුකුළු කරද්දි අපිටත් ඉතින් ඉවසන්න පුලුවනෑ......යාන්තමට මුළු ලොකෙම බොද වී ගෙන යද්දි එකපාරටම....ඕයි....................මං උඩ ගිය පාර උළු කැට කෑල්ලක් දත් අස්සෙත් හිර වෙලා...ඇයි කොට්ටෝරුවො කෑගහන්නේ..අදත් ...
කොහොමද ඉතින් අවුරුදු බව අප දන්නේ!! Mage Sanda | මගේ සඳ එරබඳු නැතිද අපෙ වත්තෙ පිපෙන්නේකොවුලන් නැතිද අපෙ පැත්තේ හිදින්නේඔන්චිලි නැතිද ළමයින් හට බඳින්නේකොහොමද ඉතින් අවුරුදු බව අප දන්නේහංදියෙ කඩේ ලස්සන කරලා තිබ්බාටවුමම පිරිලා මිනිසුන් රෙදි පිළි ගන්නාලොකු ලොකු සේල් දැකලා මං දැනගත්තාඅවුරුදු ඇවිත් අපිටත් නොදැනිම කියලාරන් වන් ගොයම් නැත අලුතෙන් සහල් කියාකමතේ නැතිය අවුරුදු සෙල්ලම් කියලාඉදගෙන සාලෙ අපි බැලුවා ඔන්චිලි වාරම් අහලාඅප හට පින නැතිද හද විමසුවෙ ඇයිදෝ සිතුනාකඩයට ගොසින් ...
කූජීතම අවුරුදු උත්සවය ගැන ලියමි Mage Sanda | මගේ සඳ මා මෙතක් සහභාගි වූ කුජීතම අවුරුදු උත්සවයට මා පසුගිය ඉරිදා දින සහබාගි උනෙමි.. කියන්නට වචන නැත.. පට්ටම කුජීතය.. එය කුජීත යන වචනයේ තේරුම මා තවමත් හරියට නොදනිමි.. නමුත් මා අවුරුදු උත්සවය කුජීත යැයි එඩිතරව ප්‍රකාශ කරමි.. අවුරුදු උත්සවය මෙලෝ රහක් නැත.. මා යන විට ඇතුල් වෙන තැන ටිකට් ගන්න හැටක් විතර වට වී පොර කමින් සිටුනු දුටු විට පොලේ එළවලු ...
රෑන ගිරවු වට කරගත් වැටකේ මල වැන්නේ - "නැගිටපං යකෝ.".. Mage Sanda | මගේ සඳ රෑන ගිරවු වට කරගත් වැටකේ මල වැන්නේනුඹ රූ වරුණා කියන්න ගී පද මට නැත්තේ...ඊ... ඊ.....ගොන්ටා.. මොකෝ බොල බෙරිහන් දෙන්නේ....නොදකින්.. මගේ කණ ඉස්සරහම කොටලුව බෙරිහන් දෙනවා..ඇයි බං..තෝ නිද්දෙන් කියවන්නෙ මොකද බොල..ආහ්.. මං නින්දෙන්නද හිටියෙ.. කවුද බං දන්නේ..මොකද බොල කරේ..මං කෙල්ලෙක්ට ටොක් කරා බං..මං හිතුවා උඹ අර සිංදුව කතාවක් වගේ කියවං යද්දි.. එහෙම මගුලක් තමා කියලා...සික්.. මගේ විලිසංගෙ මූ එහෙම්පිටින්ම පාවල දුන්න ...
අවුරුද්දක්ම කෙටුවලු Mage Sanda | මගේ සඳ ඔන්න අවුරුද්දක්ම මං කෙටුවලු.. මොනවද හප්පේ ඉතින් කෙටුවේ.... වෙන මක්කෙයි ඉතින්.. මේ බ්ලොග් ඩිංගිත්ත තමා ඕං අවුරුද්දක්ම කෙටුවේ.. අදට හරියටම දින 365කට කලින් පටන් ගත්ත මේ බ්ලොග් කෙරුවාවට අවුරුද්දක් උනයි කියන්නේ..දැන් මොකක් හරි කියන්නත් ඕනි නොවැ..මං දැන් මොනවද කියන්නේ....ම්ම්ම්ම්ම්ම්ම්. මං මේ බ්ලොග් එක පටන් ගත්ත හැටිත් කලින් කිව්වා නොවැ....එතකොට අද මොනවද කියන්නේ ඇ.........කල්පනා කොරද්දි මගේ හිත අතීතයටම දුවගෙන යන්න පටන් ...
වැලන්ටයින් ආදරය - නුඹටමයි Mage Sanda | මගේ සඳ මචං.. ම්ම්මම්ම්..........මොනාද බං ගන්නේ....ඇයි බං......ඇයි යකෝ වැලන්ටයින්නේ.......ඉතින්....කෙල්ලට මොනව හරි ගනින් බං.......මොනවද බං ගන්නේ... සල්ලිත් නෑ බං වැඩිය......සල්ලි ඕනි නැහැ බං.. මතක් වෙන්න ඔය මොකක් හරි දීපං.....උඹ මොනවද දෙන්නේ...මං දෙනවා බං රින්ග් එකක්.... පළවෙනි සැරේනේ බං..දැන් කවද්ද ඕක ගන්නේ..අද යමු.. හිටපං මං විනාඩි දහයෙන් උඹලගේ ගෙදර..හා වරෙන්කෝ...මිතුරාගේ පෙරැත්ත මත වැලන්ටයින් සැමරීමට ඇය වෙනුවෙන් සිහිවටනයක් මිලදී ගැනීමට ගියෙමි. මා වැලන්ටයින් ලෝකයක අතරමන් ...
පෙම් කරමි අදට නොව හෙටට........ Mage Sanda | මගේ සඳ ගිම්හානයට වියළි ගිය රළු පොළව මතදෙපයින් සිට ගැනීමට වත් නොහැකිව වාරු නැති ගත මතට අත් වැලක් සොයමින් ඇවිද ගිය සඳනේක කම්කටොළු මැදඉරි තැලී ගිය මැටි පිඩැලි ගෑලි විසි වන පොළව මතරුධිරයෙන් නැහැවී ගිය ආත්මය අමතක කොටසොයා ආවෙමි දිය පොදක්බොන්නට නොව විදින්නට ඒ සිසිලස........නේක කටු පදුරු වලින් වැසී ගියපතොක් ගසක පිපි සුන්දරම මලක් විලසටආත්මය නුඹ නමට ලඝු කොටපුදන්නට විය වේදනාවෙන් පිරි ...
පිං කළ නැතිද පෙමින් පිරි හදවත Mage Sanda | මගේ සඳ පියඹා යන්න හැකි නම්නුඹෙන් ලද පියාපත් විහදාඅහස සිසාරා සැරිසරමිනුඹ මගෙයි කියලාබැදි යඳම් බිදලන්නට හැකිනම්නුඹෙ ආදරය නාමයෙන්එක වදනකින් සැනසීමට හැකි නම්ඒ ආදරයෙ මිහිර විදින්නටදිදුලනා නුඹෙ නිල්වන් දෙනෙත් යටනෙතු පියා ඉන්නම් නිහඩවම නුඹ ලගවිදින්නට ආදරයක අරුමපිං කළ නැතිද පෙමින් පිරි හදවතසිතතුටින් පිරෙන හැම විටනෙතු නගයි කදුලැලි සිතට රහසෙමපිදු ආදරය මතින්සගවා ගලන විරහවආදරය කරමි නුඹට මම තවමතු දිනක වෙන් වෙතැයි සිතාගෙන ...
බලා ඉමි රළ නවතිනාතුරා.......... Mage Sanda | මගේ සඳ ආදරය නැමැති සහ සයුර මැදමහා මේරුවක් ලෙස හිදිමි අසරණවනගන විට මහ රැළි දසතහැපී රිදවයි සිතක් නැති මහ ගලක් වුවසුදු පෙන පිඩැති ලෙස ලෝකයක් රවටනසුන්දරවත්ය එහි ලොවම විදිමිනඅසරණව ගල් පරය නිහඩවවේදනාවන් දරා සිටිනු දුටුවදනගන දිය රැළි වැදී බිදීගියසිහින් පිණි පොද වැටී නැහැවුනහදවතක් නැති මහ ගලක් වුනදිස්නෙ දෙනු ඇත ලොවට එක ලෙසදිනෙන් දින නගන දිය රැළිවැදී වේදානාවන් සිත තුල දරා ගෙනනැවත එන ...
සුරඟන නුඹයි!!! Mage Sanda | මගේ සඳ ඇවිදින් පසු කරන් මහ කදු ෂිඛර මැදින්සෙව්වෙමි මමත් සුරගනියක නිතර සොවින්පෙර අන් ලදුන් හමුවූවද සුරගනක වෙසින්නුඹ පුද කල සෙනේ නැත දැනුනේ ඒ විලසින්ඇත මගේ සිතත් අන් ලදුනට පුද කරලාමං පෙම් කලා ඔවුනට මට උරුමයි සිතලාහදවත තලා නොකියා මා තනි කරලාමං තනි වුන විටදි නුඹ සිටියා ලගට වෙලාපෙම් බසම් දොඩන්නට නුඹ හා තුරුල් වෙලාකිසිවිට පැතුවෙ නෑ නුඹ ගැන සිහිකරලාපෙර සසරක පුරුදු ...
ඇයයි මමයි..... Mage Sanda | මගේ සඳ වළාකුලකුදු නොමැති අහසේපුංචි තරුවක් ඉකිබිදින්නේසරා සඳ ඇයි නුඹ තැවෙන්නේසඳා කල් සඳ ආදරයිනේඉරට හඳ නැති ලොවක් මට නැතිසඳට තරු නැති ලොවක් මෙහි නැතිඅපට අප නැති ලොවක් කොහි ඇතිමෙමට නුඹ නැති ලොවක් නම් නැති.........................................................සරා සඳ අහසේ හිදිනාඅසනු මැන මගෙ හිතම පිරිලාතිබූ ලෝකය ඝනදුරින් වැසිලානුඹ ඇවිත් එය එළිය කරලාසිත්තමක් ඇත පාට මැකිලානුඹ ඇවිත් එහි පාට තවරාමගේ ලෝකයෙ සිනහ රන්දානුඹ මගේ විය පෙමින් පුරවා.......................................සඳ ...
විවාහ වී සැමියා/බිරිදව ඔබ මරනවාද...?? Mage Sanda | මගේ සඳ මගෙ වයිෆ් මට ඉස්සර තරන් ආදරේ නෑ..එයා දැන් වෙනස් වෙලා.. මොන කරුමෙකට බැන්ඳද මන්දා??මගේ හස්බන්ඩ් මට ආදරේ නෑ.. එයා මාව ගනන් ගන්නෑ.. මෙවන් වූ වදන් දිනකට කොපමණ පිරිසක් කියනු අසා ඇතිද?? එලෙස සිදුවන්නේ ඇයි.. පෙර ආදරයෙන් සිටි අය විවාහයෙන් පසු වෙනස් වන්නේ ඇයි??විවාහය යනු.. අදරය පමණක්ද.. නැතිනම්. ආදරය ආරක්ෂාව රැකවරණය යන සියල්ලගේම සම්මිශ්රනයක්ද... හිතන්න.. විවාහයෙන් පසු අපේක්ෂා කරනුයේ ආදරය පමණක්මද.....තනිකඩ ...
හංස ගීතය Mage Sanda | මගේ සඳ එකින් එක පද ගලපාතාලයක් නැති ගීයකින් ගයලාකැඩපතක රූව මකා දමලාහංස ගීතය ලියමි ඉදුරාකිඳුර නුඹ තනිවෙනා අඳුරේබොල් සුලග ඉකි බිඳිනු ඇසුනේපෙණ බිදිති රළ හඩන මොහොතේහංස ගීතය ඇසෙයි රහසේවියළි පොළවේ රළ හඩා වැටුනේදෙපා සටහන් මකා දැමුනේදෙඅත මෙලෙසක බිදුන මොහොතේහංස ගීතය කිමද වැයුනේපියවෙනා නෙතු ඉමක සසරේනුඹ එතැයි සිතමිනා වැයුවේදෙනෙත කදුලින් හඩා වැටුනේහංස ගීතය කිමද ඇසුනේ ...
ඇය නුඹම නම්.......... Mage Sanda | මගේ සඳ පියාඹන්න පුලුවන්දඔය දෑත අතින් ගෙනනිල්වන් සේද ඇතිරූ හිස් අහස පුරාවටඅනන්තය මත ඇදිසිත්තමක පාට තවරන්නටදේදුන්නක පැහැය නැතුවටඅවර්ණික ලෝකයෙන් මිදෙන්නටහැකි නම් එක පැහැයකින් සරසන්නනුඹයි ඒ ලොව පිපීසුවද මල් කැකුළහිනෙහෙන්න පුලුවන්දඔය උකුලෙ හිස තියාගෙනනේක තරු රටා අහස් කුස මැවෙන රාත්රියකපුන් සඳේ කැලුම් අතරින්දිස්නෙ දෙන මුව වත කමලෙ මදහස දකින්නටහුරතල් බසින් ලෙලදෙනා තොල් සගල දෙසමොහොතක් බලා සිටින්නට මටපවසන්න ආදරය නුඹ සගවාගෙන සිටිනකියන්න එක් වරක් ...
දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා Mage Sanda | මගේ සඳ නිල්වන් සේද මල් මුතු ඇඳ සයනපුරාදෙනුවන මිහිරු සුව වින්දෙමි නිදන තුරානිදි නැති යහනෙ තුරුලුව නුඹ නිදනු බලාපුර සඳ වුවත් දිනකදි යයි හැංගි හොරාලස්සන මාල මුතු වැල් අමුණා දවටාඔසරිය වටට රන් මල් හවඩිය පළදාසුදු මල් පොකරු මල් මැද රන් පැහැ කරලාකැන්ඳන් යන්න බලනෙමි නුඹ මගෙ කරලානැතුවට රන් තොරන් බැඳි මග සරසාලාමග උන් වැට කඩොලු සේරම බිමදාලසොඳුරිය නුඹව මගෙ මනමාලිය කරලාදිනයක නුඹත් ...
නුඹ තුරුලෙ ඉමි නුඹට රහසෙම... Mage Sanda | මගේ සඳ වන උයන් මැදදහසක් තුරු මත මලින් බරවී තිබුනදනෙතු ගැටුන හැම මලම පරදානෙතු යොමන්නට සිතුනෙ ඇයි මට?පිණි මතින් දෙපයට පාවඩ නැතුවමදඋස් ඔටුනු නැති උමතු හදවතක් තුරුලු කරනුඹට ලං වෙන්නට නොසිතු මොහොතකසැනෙසෙන්නට හිඳ ගතිමි නුඹෙ දෙපා අභියසරැදෙන්නට අවසර නොලැබුනිද මා හටදෙපා කෙලෙසින් පිය නගන්නදනුඹට පෙම් කළ අරුම කෙලෙසකකියන්නට හැකි වේද මතුදිනනළලත රන් තැල්ල නැතිවදගෙල වටට බැඳි මුතු මාල කුමටදගෙන යන්න නුඹ හිමිකාරි ...
චාටර් දවසක් Mage Sanda | මගේ සඳ ජනේලයේ වීදුරුවට ටොක ටොක ගාල මොකෙක්ද කොටද්දි මං බැලුව මොකාද කියලා..නොදකින් විතරක් කොහෙද යන කොට්ටෝරුවෙක් ඇවිත් මගෙ ජනේලට කොටනවා.. හලේ.. හීනයක් බලන්න ගත්තා විතරයි. මේ කාළකන්නි පොළොස් කොට්ටෝරුවා ඇවිත් කෑවා..කාලකන්නියා.. මං බැලුවා වෙලාව.. හප්පා..තාම පිණි වැටෙන සීතල උදෑසන කියහන්කෝ..යන්තං 9.00වුනා විතරයි.කාලෙකින් සෙට් උන යාලුවෙකුට කොටනවා වගේ ඌ කොටන්නේ.. බැරි වෙලාවත් මව දැකලද දන්නෑ..කොයිකටත් කියල බැලුවා.ඇස් දෙක ඇරගන්න බෑ නිදිමතට.ඇයි හත් ...