අනාගත සිහිනය Kalikala කලිකාල මෝරාගෙන එන ව්‍යාපාරයක හිමිකරුවෙකු හදිසි වැඩකට දුර පලාතකට ගොස් එන අතරමග, දිය පහරක් අසල සුන්දර නිස්කලංක පරිසරයක සිය නවීන පන්නයේ මෝටර් රථය නැවැත්වීය. ඔහු අතිශයෙන් කාර්යබහුලය. වැඩිවෙලා රැදී සිටිය නොහැකිය. නමුත් මේ පරිසරය ඔහුට සිය කුඩා කළ සිහිගන්වයි. දිය පහර අසල මාළු බාන ගැමියෙකි. ඔහු ඇල්ලූ මසුන් කිහිප දෙනෙකු පසෙකින් වේ. ව්‍යාපාරිකයාට ගැමියා සමඟ කතා කිරීමටද වෙල් මාළු කෑමටද ඇල්මක් ...
රසකතා - අයිතිකාරයෙක් නැති පරිවර්තනය Kalikala කලිකාල ලොකු ලොකු පණ්ඩිත කතා කියල අද සරල රස කතාවක් කියන්න හිතුව. මේකත් හැබැයි ඉතින් පොත් ගැනම තමයි! ඔන්න කලකට ඉහතදි(70 දශකයෙ ) , පියදාස කියල මහත්තයෙක්, 'ක්‍රිස්ටීන් රෝලන්ඩ් බෙන්' නැමති ලේඛකයාගේ 'ද වයිට් රේන්' (The White Rain) කියන පොත 'සුදු වැස්ස' නමින් පරිවර්තනය කලාලු. පොත ටිකක් නැගල යනවලු. ඉස්සර මාත් වැඩිපුරම කැමති පරිවර්තන කියවන්න තමයි. ඒ කාලෙ කොහොමත් පරිවර්තන නැගල යනවලු ...
සිනා නොමසෙන් දසන් දක්වා- ගෑණු ළමයින්ට උපදෙස් Kalikala කලිකාල අපේ කතන්දර ශූරීන්ගෙ ' කෙල්ලන්ට උපදෙස්' විරිඳු පංතිය දැකලයි මට මේක ලියන්න මතක් උනේ! කවුරු කවුරුත් අහල ඇතිනෙ, ඉහත කවි පදය! මං නං ඕක ඇති පදං අහල තියෙනව, කියවල තියෙනව, ඔය උපදේසෙ දෙන ටෙලි නාට්‍ය එහෙමත් බලල තියෙනව. හුඟ දෙනෙක් දන්නව ඇති ඔය කවි පදය තියෙන්නෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියපු කාව්‍යශේකරයේ බව. මෙන්න අහල නැති අයට සම්පූර්ණ කවිය පෙකනිය නො දක්වා ස
උම්මග්ග ජාතකය Kalikala කලිකාල මං වැඩිම වාර ගණනක් කියවපු පොත උම්මග්ග ජාතකය කියල කලින් පෝස්ට් එකකත් කිව්වනෙ! ඒක මං කැමතිම පොත නෙමෙයි. හැබැයි හිතට දුකක් ප්‍රශ්නයක් ආපු වෙලාවට කරන්නෙ උම්මග්ගෙ අරගෙන පෙරළුණු තැනකින් ඉඳන් කියවගෙන යන එක. ඒකාලෙ සා.පෙළ සාහිත්‍යයට උම්මග්ගෙ පුංචි කොටසකුත් තිබුන. හුඟක් අය කියවල තියෙන්නෙ ඒ කොටස විතරයි. ඇත්තටම කතාවෙ හරය වුණු උමඟ හාරපු කතාව ඒ කොටසෙ නෑ. උම්මග්ගය, ජාතක පොතේ ...
පොත් කාවෙක් මං Kalikala කලිකාල වර්තමානයේ කෙසේ උවද, පාසැල් සමයේදී මා කියැවිමේ රුසියෙකි. මධ්‍යන්‍යයක් ලෙස ගත් කල සතියකට පොත් 8ක් පමන කියවන කාලයක්ද තිබිණි.නොකියවූ පොතක් ලඟ තිබියදී මට නින්ද යන්නේ නැත. රෑ එළි වෙන විට එක් පොතක් කියවා අහවර කොට, තවත් පොතක් කියවීම ආරම්භ කර තිබිණි. ගුරුවරු පංතියේ උගන්වන විටදී පවා හොරෙන්ම පොත් කියවීමට හා දුම්රියේ යනවිට හිටගෙන කියවීමට තරම් මා ඊට ඇබ්බැහි වී සිටියෙමි. ...
මා කියවූ පළමු පොත Kalikala කලිකාල මා කියවූ පළමු පොතේ නම මට මතක නැත! එය මා පෙර පාසල් යන්නටත් පළමු, තාත්තා මහපොල රාජකාරි වැඩකට ගොස් එනවිට ගෙනා පොතකි. කතාව මෙසේය, කිකිළි අම්මා සිය පැටවුන්ට කුඹුරු සීසෑමට, පැල සිටුවීමට ගොයම් කැපීමට කතා කරයි.කිසිවෙක් උදවුවට නොපැමිණ සෙල්ලම් කරයි. ඉන්පසු වී කොටා කැවුම් ඉවීමටද කතා කරයි.ඒත් කිසිවෙක් නොපැමිනේ. කැවුම් කෑමට පමණක් සියල්ලන් පැමිනේ. කට සෙලවීමට අත සෙලවිය යුතු බවද, වැඩ ...
මුහුදු වතුර ලුණු රස ඇයි? Why is the Ocean Salty? Kalikala කලිකාල මුහුදු වතුර ලුණු රස ඇයි? මේක අපේ තාත්ත කියල දුන්න කතාවක්. තාත්ත හදපු කතාවක්ද කියල මං හරියටම දන්නෙ නෑ. බොහෝ විට අහපු කතාවක් සංස්කරණය කරල කියන්න ඇති. සම්මත කතාවෙයි තාත්ත කියල දුන්නු කතාවලයි සෑහෙන්න වෙනසක් තියෙනව. අරාබි නිසොල්ලාසයෙ කතා එහෙම තාත්ත කියල දීල තිබුනෙ හුඟක් වෙනස් කරල. සමහර වෙලාවට අමතක නිසා, සමහර වෙලාවට පොඩි ළමයින්ට තේරෙන විදියට කියන්න ඕන නිසා, සමහර විට ...
මගේ පළමු රැකියාව Kalikala කලිකාල අද 11 වැනිදා. අලුතෙන් යමක් ලියන්න හිතා උන්නට අද තමයි හිතට විවේකයක් ලැබුනෙ. සොඳුරු සිත කරපු මතක් කිරීමත් ඒකට පොඩි තල්ලුවක් උනා කිව්වොත් හරි. අද කතාවක් නෙමෙයි ලියන්නෙ. නිකමට හිතුනු අදහසක්. මේ මගෙ පළවෙනි රැකියාව ගැන. මේක කියවන කාන්තා පාර්ශවයට මතකද, තමුන්ට ජීවිතේ කී දෙනෙක් "පුතා"කියල කතාකරල තියෙනවද කියල? මටනම් දෙන්නයි ! එක්කෙනෙක් අපේ තාත්ත, අනිත් එක්කෙනා මම මුලින්ම රැකියාව කරපු තැන ...
සුභ නව වසරක් වේවා! Kalikala කලිකාල මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ මීට මාස දෙකකට පමන පෙර. හුඟක් දේවල් ලියන්න හිතා උන්නට ලියන්න ලැබුනෙ බොහොම ටිකයි. රැකියාවේ සහ පුද්ගලික ජීවිතයේ කාර්යබහුලත්වය ඊට හේතුවයි. ප්‍රධානම හේතුව මට හිතෙන විදියට යමක් ඉදිරියට කරගෙන යාමේ ධෛර්යයක් නොමැති වීම. කවදාවත් දැකල නැති අනන්‍යතාවය දන්නෙ නැති, මිතුරු මිතුරියො රැසක් (හරියට පෑනෙ මිතුරො වගේ) මේ බ්ලොග් එක නිසා ඇතිවුනා. ඒ ගැන හුඟාක් ...
රස කතා - 5 -කූඹියෙක්ව මට්ටු කරන හැටි Kalikala කලිකාල මේක ටික දවසකට කලින් ඊමේල් එකකින් ආපු කතාවක්. පවු පුරවගන්නැතුව කූඹියෙක්ව මට්ටු කරන හැටි!මීට පස්සෙ කූඹියෙක් කකුල කෑවොත් මේ ක්‍රමය අනුගමනය කරල බලන්න, ඌව චප්ප කරල පවු පුරෝගන්නැතුව.ඔන්න අපි හිතමු කූඹියෙක් කකුල කෑව කියල, ටිකක් ඉවසගෙන ඌ යනකන් ඉන්නව, එහෙම නැත්නම් හෙමින් සැරේ අයින් කරනව. ඊ ලඟට කරන්න ඕන ඌට අරන් යන්න බැරි තරම් රස කෑමක් ඒ ගාවින් තියන එක. ...
අපූරු පැනයක් Kalikala කලිකාල දිනක් සිසුවකු මගෙන් අපූරු පැනයක් ඇසුවේය. ඒ වර්ෂ අවසාන විභාගයට ප්‍රථම දහම් පාසල් පැවත්වූ අවසාන දිනයයි. මම හත්වන පන්තියට උගන්වමින් සිටියෙමි. විභාගයට සිසුන් සූදානම් කරනු වස් අනුමාන ප්‍රශ්න ඇතුලත් පැවරුමක් ඔවුන්ට සපයා තිබිණි."බොදු ඉතිහාසයේ හැම වැදගත් සිදුවීමක්ම වී ඇත්තේ පොහොය දිනයකය, ඒ මන්ද ?"යනු ඔහුගේ පැනයයි. බුදුන් වහන්සේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම මතු නොව මවු කුස පිලිසිඳගැනීමද, ප්‍රථම ධර්ම දේශනය ඇතුලු වැදගත් දේශනාද, ...
ජීවන අත්දැකීමක් Kalikala කලිකාල කතන්දර කියල තිබුනනෙ මගේ කතාවකුත් ලියන්න කියල. මුලින්ම කියන්න ඕන පණ්ඩිත කියල මං මටම කියාගත්තට එහෙම ඇසූ පිරූ කෙනෙක් නොවන වග. ඒ කියන්නෙ රටේ තොටේ ඇවිදල විවිධ මිනිස්සු ආස්සරේ කරල තියෙන අද්දැකීම් අඩුයි. මගේ යාළුවන්ට සාපේක්ෂව නම් හුඟක් කියවල තියෙනව. මං පුංචි දවස් වල බොහොම නිශ්ශබ්ද අහිංසක දැරිවියක්. ටිකක් ආඩම්බරත් එක්ක. කාත් එක්කත් කතා කරන්නෙ ගානට (තාත්ත එක්ක ඇරෙන්නෙ ) ...
රස කතා - 4 - හාවා Kalikala කලිකාල මේකත් මට යාළුවෙක් කියපු කතාවක්. සමහර විට ඔයගොල්ලො අහලත් ඇති. සමහර කතා තියෙනව අහල රස විඳින්න පුළුවන් කියවනවට වඩා. මේකත් එහෙම එකක්. ඔයගොල්ලොත් යළුවොත් එක්ක අඹ කයියක් දාන වෙලාවක මේකත් රස කරල කියන්න. මට තාමත් මතකයි මේක කියපු යාළුව අභිනය පාමින් කතාව කියපු ලස්සන. ඔන්න එක දවසක් හාඩ්වෙයාර් ෂොප් එකකට(යකඩ කඩේකට ) හාවෙක් ආවලු. මුදලාලි වැඩ අස්සෙ පුදුම වෙලා ඇහුවලු "ඇයි හාවො?" ...
රස කතා - 3 Kalikala කලිකාල මේක මේ පංසල් කතාවක්, මම පුංචි කාලෙ මට කවුරු හරි කියපු එකක් හරි හොහෙන් හරි කියවපු එකක් හරි. ජපන් හරි චීන හරි කතාවක් කියලත් යන්තම් මතකයි. ඔන්න එකෝමත් එක රටක පංසලක් තිබුනලු...... ඒ පංසලේ මහණ කරන්න සූදානම් වන පුංචි ඇබිත්ත පැටවු දෙන්නෙකුත් හිටියලු. (ඔය පුංචි ඇබිත්තයො කිව්වෙ ලොකු ඇබිත්තයොත් ඉන්න හින්ද ) අපි මේ දෙන්නට සුනිලුයි, කමලුයි කියල කියමුකො. දැන් මේ දෙන්නගෙත් ...
රස කතා 2 - ව්‍යාකරණ පාඩම Kalikala කලිකාල මෙන්න තවත් රස කතාවක්!මේක ව්‍යාකරණ පාඩමකදි වෙච්චි දෙයක්.මේ සිද්දියට සම්බන්ධ ගුරුතුමාට ඉක්මනටම විෂය නිර්දේශය ඉවර කරන්න උවමනා කරල තිබුණ. ඉතින් පාඩම් වැඩ කෝච්චිය යනව වගේ තමයි කරන්නෙ. (කොහොමත් වැඩිපුර විස්තර කරන එක කාලෙ කා දමන වැඩක්. ළමයි ටියුෂන් පන්තියෙදි ඕව ඔක්කොම ඉගෙනගෙනනෙ එන්නෙ.)එදා තිබුනෙ ප්‍රථම පුරුෂ උක්ත ආඛ්‍යාත සම්බන්දය ගැන පාඩම.ගුරුතුමා සරල විධියට පාඩම විස්තර කළා."දැන් ළමයි, මේක හරිම ලේසියි. ...
රස කතා 1 Kalikala කලිකාල මට හිතුන සරළ කතා කිහිපයකින් බ්ලොග් පෝස්ට් ලියන්න පටන් ගන්න. කතා අහන්න හැමෝම කැමතියිනෙ. හැබැයි හැමදාම විහිළු කතා ලියන්න මගෙ අදහසක් නැහැ. ලේසි දෙයකින් පටන් ගන්නයි හිතුවෙ. මේක අළුත් අත්දැකීමක්නෙ. සිංහලෙන් ටයිප් කරන එක පවා නුහුරුයි. මේ කතාව මට මතක් වුනේ මාරයා ජුං එක්ක කරපු සරුංගල් බිස්නස් කතාව කියෙව්වට පස්සෙ. ඔන්න එකෝමත් එක කාලෙක සහෝදරයො තුන්දෙනෙක් හිටිය. ලොකු දෙන්න පුංචිම එකාට වඩා ගොඩක් ...
ආරම්භය Kalikala කලිකාල මේ ජීවිතේට ලියන පළවෙනි බ්ලොග් එක. හැමදාම වගේ බ්ලොග් කියෙව්වට මටත් ලියන්න පුළුවන් කියල කවදාවත් හිතුනෙ නැහැ.පොඩිකාලෙ ඉඳන්ම ලියන්න ආශාව තිබුණ. ඒත් ලිව්වෙ හරි අඩුවෙන්. හුඟක් කලේ කියවන එක. මම මේ ලියන ඒව තව කවුරුවත් කියවයි කියල මම හිතන්නෙ නැහැ. ඒත් ලියන්න පටන්ඟන්න ඕන, මගේ හිත සැනසෙන්න හරි. මේ බ්ලොග් කෙරුවාවත් හරි අපූරුයි. මූණ වහගෙන හිතේ තියන ඕන දෙයක් ලෝකෙටම කිව්වැහැකි. මටම ...