කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය - Kithsirimewan Kelani Raja Maha Viharaya e - අටුවාව අද සටහන වෙන්වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා සුප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් අසළ පිහිටා තිබෙන එහෙත් එතරම් මහජන අවධානයක් යොමු නොවන පූජනීය ස්ථානයක් ගැන විස්තර දක්වන්න. මේ පූජනීය ස්ථානය කිත්සිරිමෙවන් කැලණි රජ මහා විහාරය
ඕලන්ද දොයිතු කාසි පිළිබඳ නිරීක්ෂණයක් - Observation about Dutch Duits Coins e - අටුවාව දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්වූ අතර එලෙස එක්වූ එක් රටක් ලෙස නෙදර්ලන්තය හෙවත් ඕලන්දය දැක්විය හැක. මෙහිදී 1602 දී Vereenighte Oost-Indische Compagnie හෙවත් ඕලන්ද පෙරදිග ඉන්දියානු සමාගම නමින් සමාගමක් පිහිටුවා ගත් ලන්දේසීන් පෙරදිග දෙසටද තම බලය ව්‍යාප්ත කරමින් පෙරදිග ප්‍රදේශවල මෙන්ම විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ තම බලය හොඳින් ව්‍යාප්ත කරගන්නට සමත් ...
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර කුටිය - King Sri Wickrama Rajasingha's Cell e - අටුවාව ඕලන්ද යුගයේ කොළඹ සිතියම් කළ අයුරු කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි වගේම කාර්යබහුලකමින් ඉහ වහ ගිය නගරයක් කියන එක. ඒත් මේ විශාල වාණිජ නගරය ඇතුළේ ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරක කීපයක්ම පිහිටලා තියෙන වග දන්නේ බොහෝම අතළොස්සයි. සමහර විට ඒ ගැන දැනුවත් කිරීමක් මහජනතාව අතරට ගෙනිහින් නැති නිසා මේ තත්වය ඇතිවෙලා තියෙනවා වෙන්නත් පුලුවන්. ...
කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව - Avalokitheshvara Bodhisattva Statue of Kushtarajagala e - අටුවාව අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන ...
නාලන්ද ගෙඩිගේ - Nalanda Gedige [Image House] e - අටුවාව ශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට ...
ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය - Engraved Portuguese Coat of Arms Boulder in Colombo e - අටුවාව මීට පෙර ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිර කුටිය ගැන සටහනින් වගේම වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන සටහනිනුත් අවධානය යොමු කළේ කොළඹ පිහිටලා තියෙන ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ස්ථාන සහ නිර්මාණ ගැන. ඉතින් අදත් අටුවාවේ අවධානය කොළඹ නගරයේ පිහිටලා තිබෙන තවත් ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරකයක් සම්බන්ධව කතා කරන්න. අද කතා කරන ස්මාරකය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත්පෙරදිග ප්‍රදේශවල තමන්ගේ ...
රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna King e - අටුවාව කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික නිර්මාණ පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා අදත් සූදානම කොළඹ නගරයෙන් බැහැරව පිහිටලා තියෙන වැදගත් පෘතුගීසී නිර්මාණයක් පිළිබඳව කරුණු කියන්න. ඊතලෙන් දක්වා තිබෙන්නේ මේ නිර්මාණය පිහිටා තිබෙන ස්ථානයමේ නිර්මාණය පිහිටලා තියෙන්නේ ප්‍රකට රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ. ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට ඇතුල් වුණාම දිග් ගෙයට ඇතුල් වීම ...
වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව - Statue of Queen Victoria e - අටුවාව වික්ටෝරියා මහා රාජිනියකොළඹ නගරයේ පිහිටලා තියෙන ලංකාවේ අවසන් රජතුමා සමඟ සම්බන්ධ වෙන අවසන් සිහිවටනය විදිහට නම් කරන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරකර තැබූ සිර මැදිරිය ගැන කලින් සටහනෙන් අපි කතා කළා. අදත් e-අටුවාවේ බලාපොරොත්තුව කොළඹ නගරයේ තිබෙන තවත් ඓතිහාසික නිර්මාණයක් පිළිබඳව කතා කරන්න. අද කතා කරන නිර්මාණය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානියේ මහා ...
දක්ඛිණ ථූපය - Dakkhina Stupa e - අටුවාව අදත් සටහන නොදුටු අනුරාධපුරයේ තවත් ස්ථානයක් ගැනයි. ඒ දක්ඛිණ ථූපය ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා ...
විජයබාහු මාළිගාව Palace of King Vijayabahu e - අටුවාව අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්.ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් ...
මැද්දේගම රජ මහා විහාරය - Meddegama Raja Maha Viharaya e - අටුවාව කළු පැහැති කවයෙන් දක්වලා තියෙන්නේ ඈතට පේන මැද්දේගම රජ මහා විහාරයලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත් පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වටිනාකම වැඩි ස්ථාන තියෙනවා. ඒ වගේ ස්ථානයක් ගැන තමා අද අවධානය යොමු කරන්නේ.ගම්පහ ...
පොතුවිල් මුහුදු මහා විහාරය - Muhudu Maha Viaharaya e - අටුවාව පොතුවිල් මුහුදු වෙරළශ්රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා ...
රාවණා යුගයෙන් ඇරඹෙන බොල්තුඹේ සමන් දේවාලය - Sumana Saman [Deity] e - අටුවාව සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්. ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු ...
දොරට වැඩුම e - අටුවාව මුලින්ම පුද්ගලයාව හඳුන්වලා ඊට පස්සේ කරන්න යන වැඩේ ගැන කිව්වා නම් හොඳයි කියලා හිතුණා. පුද්ගලයා ගැන නම් අමුතුවෙන් දෙයක් කියන්න ඕනෙත් නැහැ. ආගිය කතා කියන බ්ලොග් අඩවියෙන් සිංහල සයිබර් අවකාශේ කරක් ගහපු කෙනාම තමා මේ බ්ලොග් අඩවියත් පවත්වාගෙන යන්නේ.ඉතින් ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක මගේ හිතේ ටිකක් කල් ඉදන් තිබුණු අදහසක්. මගේ ආගිය කතා ...