කැම්පස් ලයිෆ් - 2 (පටන්ගැන්ම) BLOG ගඩොල් කැම්පස් ලයිෆ් - 1 අපි කලින් ලිපියෙ කිව්වේ අපේ පූසා කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං ඔය විදිහට පුරුපුරුට කැම්පස් එකට යන්න නියමිත වෙලා තිබුනු දවසත් උදාවුණාලු. මේ වෙද්දි ඉතිං තව පාරක් ඒ ලෙවල් කරන්න කියලා හතර වටෙන් එල්ල වෙච්ච බලපෑමුත් ටික ටික අඩු වෙමින් තිබුන හින්දා පුරුපුරු ෆුල් රිලැක්ස් එකේ හිටියේ. අනික ටියුෂන් ක්ලාස් වලදියි, ඉස්කෝලෙදියි නිතරම ...
කැම්පස් ලයිෆ් BLOG ගඩොල් වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.ඉතිං පුරුපුරුට නින්ද ...
තෙක් අහස BLOG ගඩොල් ටික වෙලාවක ඉඳන් අමුතු සද්දයක් දදා හිටපු කොමියුනිකේෂන් එකේ ප්‍රින්ටරේ එකපාරටම නතරවුණේ පුරුපුරුගෙයි ආකාස්ගෙයි පපු බොයිල් වෙන ගානට රත් කරමිනුයි. “අයියෙ මේ වඳින්නං ඉක්මනට මගෙ ප්‍රින්ටවුට් ටික අරන් දියං බං“ආකාස් ඒ අස්සෙ කොමියුනිකේෂන්කාරයාට පිංසෙන්ඩු වෙනවා.“හරි හරි මල්ලි මට විනාඩි දහයක් දෙන්න. මම කොහොමහරි වැඩේ කරල දෙන්නං“කොමියුනිකේෂන් අයියත් දැන් ටිකක් බයවෙලා. පැත්තක ඉන්න පුරුපුරුටත් අම්බානට බයයි වගේම ෆ්ලවර් ජම්ප් වෙලා ඉන්නේ. ...
පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද? BLOG ගඩොල් අද සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස ලියන්න කියලා හිතාගෙන. ඒත් උදේ පාන්දර අපේ රත්ගමයා ලියලා තිබුන ලිපියක් සහ ඒකට ඇවිත් තිබුන කොමෙන්ට්ස් ටික දැකලා හිතුනා මමත් මේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළොත් හොඳයි කියලා. ඉතිං මේ ලිපියත් ප්‍රශ්න සහ පිළිතුරු ස්ටයිල් එකෙන් ඉදිරිපත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ...
මාලුකට්ටා සහ චාටර්මාලි - 2 BLOG ගඩොල් ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ...
බ්ලොග් පාඨකයන්ට, ගුරුවරුන්ට සහ සගයන්ට උපහාර BLOG ගඩොල් බ්ලොග් ගඩොල් පටන් ගත්තේ 2010 අවුරුද්දේ අප්‍රේල් මාසෙ දවසක. ඒ කියන්නේ දැන් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු තුනකටත් ළඟයි. මෙච්චර කල් කරගෙන යන්න කිසිම මූලික සැලසුමක් තිබුනෙ නැති මේ බ්ලොග් එක පටන් ගත්තේ අපේ යාලුවො කීප දෙනෙක් විනෝදෙන් ඉන්න වෙලාවක හදිස්සියෙ ආපු අයිඩියා එකක් විදිහට. ඒ වෙද්දිත් මම මුලින්ම බ්ලොග් එකක් කියවලා මාස කීපෙකට වඩා ගතවෙලා තිබුනෙ නෑ.කොහොමහරි ඉතිං අපි ...
බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් BLOG ගඩොල් ඉතිං යාලුවනේ අපි කලින් කිව්වනේ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි. මෙහෙම ඇවිත් ටික කාලෙකින් කොටියා සර් හොස්ටල් වෝඩ්න් තනතුරෙන් විශ්‍රාම ගත්තලු. ඊටපස්සෙ ඒ තනතුරට පත්වුණේ ටොයියා සර්. ඉතිං ටොයියා සර් නව සංකල්පයක් යටතේ තීරණය කළාලු ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ප්‍රිෆෙක්ට්ලා සංඛ්‍යාව වැඩිකරන්න. ඒ හින්දා මෙච්චර කල් සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරුටයි, හාරිස්ටයි සිද්දවුණා ...
කිං බීජේ (King BJ) BLOG ගඩොල් ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මම ආපහු බ්ලොග්කරණයට ආවා. ඇත්තටම පහුගිය දවස්වල පට්ටම බිසී එකේ තමයි හිටියෙ. කොටින්ම බ්ලොග් ලියන්න තියා කියවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. දැන් වුණත් ඉතිං ලියන්න කියලා මහලොකු වෙලාවක් නෑ. ඒත් ඉතිං බ්ලොග් කාරයෙක්ට ලියන්නැතුව ඉන්නවා කියන්නෙ කොච්චරනං අමාරු දෙයක්ද කියලා කට්ටය දන්නවා ඇතිනෙ. ඇරත් පහුගිය දවස්වල අපේ යාලුවො සමහරු බ්ලොග් එකට ඇවිත් අපිට මක්ක වුනාද කියලා හොයලත් ...
කැම්පස් ලයිෆ් 4 - රැග් එක තව දුරටත් BLOG ගඩොල් කැම්පස් ලයිෆ් 1කැම්පස් ලයිෆ් 2කැම්පස් ලයිෆ් 3ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් මම කිව්වේ අපේ පුරුපුරු කැම්පස් එකට ගිය හැටියි, රැග් එකට අහුවෙච්ච හැටියි ගැන නොවැ! කොහොමහරි ඉතිං ඊළඟ දවසෙ පූසා කැම්පස් එකට ගියේ අයියලා එන්න කිව්ව විදිහට ෆුල් ජෙන්ට්ල්මන් වගේ සැරසිලා. උදේ හතහමාරට විතර මෑන්ස් කැම්පස් භූමියට එද්දි ගොඩක් ළමයි ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියලු. කලින් දවසෙ වගේම එදත් ළමයින්ව බෙන්ච් වලට ...
කැම්පස් ලයිෆ් - රැග් එකේ අරමුණු BLOG ගඩොල් අද මම ලියන්න යන්නේ මේ දවස්වල ලියන කැම්පස් ලයිෆ් සීරීස් එකේ ප්‍රධාන කතා මාලාවට පිටින් යන ලිපියක්. මොකද මේ ලිපිය ලියන්න සුදුසුම අවස්ථාව මේක බවයි මගේ හැඟීම. ඒ වගේම කියන්න කැමතියි තවමත් මට ලියන්න බැරිවුණ මාලුකට්ටා සහ චාටර්මාලි සීරීස් එකේ අන්තිම කොටස කැම්පස් ලයිෆ් සීරීස් එකේ අවසානයත් එක්ක ලියන බව.අපි පොඩි කාලෙ ඉඳන් අහපු සහ පසුකාලීන දැකපු, අත්විඳපු දෙයක් ...
දේවගම BLOG ගඩොල් දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක් පුරුපුරු එදා උදේ පූස්ගම බස්ටෑන්ඩ් එකට එනකොට වෙලාව උදේ අටයි. ඤාව්වයි, උපාසකයි, මී කතුරායි තවමත් පේන්න නෑ. එකත් එකටම මුන් දෙන්නා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකං නිදාගන්න ඇති. පුරුපුරු වුණත් ඉතිං මේ වෙලාවට බස්ටෑන්ඩ් එකට ආවෙ ගෙදර ඉඳන් බස්ටෑන්ඩ් එකට තියෙන්නෙ පයින් යන්න පුලුවන් දුරක් නිසා. නැත්තං අපේ යාලුවො කට්ටිය කලින් දවසෙ කතා වෙලා හිටියෙ හතහමාර ...
පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය - 2 BLOG ගඩොල් කලින් ලිපිය බැලුවෙ නැති අය මෙතනින් බලන්න මම කලින් ලිපියෙන් කිව්වේ අපේ පුරුපුරු මෝල්ලන්තයේ දූපතකට ගිය හැටි ගැන නොවැ! මේ පහළින් තියෙන්නෙ ඒ දූපතේ ෆොටෝ කීපයක්. වැප්නි සාන්ත තුමාට ලෑස්ති කරපු කාමරේ ඉදිරිපසසුන්දර මෝල් වෙරළ
උසස් අධ්‍යාපනයට ඉල්ලුම් කිරීම BLOG ගඩොල් සාමාන්‍යයෙන් බ්ලොග් ගඩොල් වල ලිපි ලියවෙන්නේ කාලය අනුපිළිවෙලට. ඒ අනුව බැලුවොත් අපි තවමත් ඉන්නේ 2007/2008 කාල පරිච්ඡේදයේ. ඒත් උසස් අධ්‍යාපන කටයුතු වලට ඉල්ලුම් කරන කාලය උදා වෙලා තියෙන හින්දත්, බ්ලොග් අවකාශයේ උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන කස්ටිය ගොඩක් ඉන්න බව මම දන්න හින්දත්, කාලය පොඩ්ඩක් ස්කිප් කරලා 2011 අවුරුද්දට එන්න තීරණය කළා. මගේ මේ ලිපි පෙළ ඒ අයට වගේම ...
හුංගා BLOG ගඩොල් හුංගෙක් - උපුටා ගැනීම http://www.srilankantravellers.com/animals/2011/12/31/ගෙදර මාලු ටැංකියක් තියාගෙන සුරතල් මාලු ඇතිකරන එක ගොඩක් කොල්ලන්ගෙ පුරුද්දක්. ඉතිං අපේ පූසො සෙට් එකේ පුරුපුරු, ඤාව්වා සහ උපාසකත් මේ විදිහට මාලු ඇති කරන්න ඇබ්බැහි වෙලා හිටපු තුන් දෙනෙක් තමයි. ඉතිං මේ අයගේ ටැංකිවල ගෝල්ඩ් ෆිෂ්ලා, කාෆ්ලා, ඒන්ජල්ලා වගේ රට මාලු වගේම නළහඳයි, ගප්පි, පෙතියො, වැලිගොව්වෝ වගේ දේශීය මාලුත් හිටියලු. ඇත්තටම පුරුපුරුනං රට මාලුන්ටත් වඩා ...
සුද්දියෝ - 2 (White Chicks - 2) BLOG ගඩොල් ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ අපේ පුරුපුරු කොහොමද හොස්ටල් එකට ආපු සුදු ගෑනු ළමයි දෙන්නත් එක්ක ෆිට් වුණේ කියලා. දැන් ඉතිං ඔය විදිහට ෆිට් එකේ තවත් දවස් දෙක තුනක් ගතවුණාලු. මේ වෙද්දි ලින්ඩායි, සේරායි පුරුපුරුව කොහේදි දැක්කත් "හායි", එහෙමත් නැත්තං "බායි" කියලා යන්න මට්ටමට ෆිට් වෙලා තමයි හිටයේ. ඔය අතරෙ තමයි එක දවසක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරෙ වන් ඩේ මැච් ...
සුදුපූසි 6 - සිස්සත්තේ BLOG ගඩොල් සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 සුදුපූසි 5 ඉතිං යාලුවනේ අර බටලන්ද සිද්දියෙන් පස්සෙ තවත් දවස් කීපයක් ගතවුණාලු. සුදුපූසි කියපු විදිහටම පුරුපුරුයි රොටියායි කරපු විනාසෙ මහ ලොකු ඉෂූ එකක් වුණේ නෑ. සිද්දියෙන් පස්සෙ දවස් දෙක තුනක් යද්දි පුරුපුරුටයි රොටියාටයි ආපහු ප්‍රිෆෙක්ට් බැජ් හම්බ වුණාලු. හැබැයි ඒ දැඩි අවවාද කිරීම්, දේශන, තර්ජන, ගර්ජන ගොඩකට මේ දෙන්නාට ෆේස් කරන්න වුණාට පස්සෙ. කොහොමහරි ඉතිං අන්තිමට ...
කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර BLOG ගඩොල් පුරුපුරු කැම්පස් එකේදි දැකපු ප්‍රධාන කාරණාවක් තමයි ශ්‍රී ලංකාවෙ කැම්පස් සිස්ටම් එක හැදිලා තියෙන්නෙ කොල්ලන්ට අධ්‍යාපනයෙන් ගොඩ එන්න අමාරු විදිහට කියලා. ඒ කියන්නෙ ඒ ලෙවල් වල ඉඳලා කැම්පස් ඩිග්රි එකට යනකං තියෙන පාරෙ ගමන් කරන එක කෙල්ලන්ට වඩා කොල්ලන්ට අමාරු වැඩක්. මොකද කැම්පස් එකේදි කොල්ලෙක් විදිහට තියෙන ඩිස්ට්රෑක්ෂන් ප්‍රමාණය කෙල්ලෙක්ට සාපේක්ෂව වැඩියි. ඉතිං අන්තිමට වෙන්නේ කෙල්ලො රොත්ත බුරුත්ත පිටින් ස්පෙෂල් ...
ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය BLOG ගඩොල් ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට ...
බ්ලොග් ගඩොල් 150 BLOG ගඩොල් බ්ලොග් ගඩොල් පටන් ගත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට කලින්. එදා ඉඳන් අද වෙනකම්ම පාඨක ඔයාලා බ්ලොග් ගඩොල් එක්ක රැඳිලා හිටියා. ඉතිං මුල්ම ස්තුතියි එදා මෙදා තුර මේ බ්ලොග් එකට ගොඩ වැදිච්ච හැම දෙනාටම.දෙවෙනි ස්තුතිය මට මේ බ්ලොග් එක කරගෙන යන්න උදව් කරන අපේ උපාසක සහ ඤාව්වාට.තුන්වෙනි ස්තුතිය බ්ලොග් එක පටන් ගන්න පිටිවහලක් වෙච්ච ටැබූ, කතන්දර, හා පැටික්කිට.ඊළඟ ස්තුතිය හැමදාමත් ...