අවුරුදු බයිලා Abnormal Minds අද ලංකාවේ අපිට අවුරුදුය.. සිංහල දෙමළ අවුරුද්ද කියා අපි මෙය නම් කර ඇත්තෙමු. නමුත් සිංහලයන් අතිරින් කොටසක් ද මෙම අවුරුද්ද සමරන්නේ නැතිය. කෙසේ වෙතත් අපිට වසරකට අවුරුදු දෙකක් ඇත්තේය.. ඒ ජනවාරි පළවෙනිදා හා අප්රියෙල්ය. මේ දෙකෙන් මම කැමතිම අප්‍රියල් අවුරුද්දටය. ඒ දෙයියනේ කියා දවසක් දෙකක් නොව දවස් තුන හතරක් උව නිවාඩු ඇති බැවිනි. දැනට මම රාජකාරී කරන්නේ අත්‍යාවශ්‍ය සේවා ස්ථානයකය. ...
මාර්තු in brief ;-) Abnormal Minds මාර්තු 1 - උදේම දෙහිවල ගියා පොඩි ෂොපින් වැඩකට.. මිකී නම් බැල්ල විසින් අමරණීය වීමේ රහස හෙවීමට කියවීමට ගොස් එක පොත පොත් හතර පහ හය කර තිබූ නොමැරෙන මිනිස්සු පොත දෙහිවල සරසවීයේදී සොයා ගන්නා ලදී..!!! එදින සවස මිෂන් 15 ඩේස් පටාන් ගතිමි. මාර්තු 2-14 - දක්වා කීමට දෙයක් නොමැත. මාර්තු 15 - මිෂන් 15 ඩේස් අවසන් කලෙමි. ...
බුද්ධදාසි Abnormal Minds මේ දවස් වල ජිවිතේ හරිම ඔතෑනියි වගේ.. වෙන විදියකට කියනවා නම් කිසිම හැපනින් එකක් නෑ.. අනේ මන්දා වයසත් එක්ක එන හැඟීමක්ද නැත්තං වෙන මොකක් හරි අවුලක් ද කියලා.. අර කෙනෙක් කියනවා වගේ මම මෙලෝ රහකට නැති හෙනම කොමන් චාටර් ගෑණියෙක් බවට පත් වෙමින් යනවා දෝ මන්දා.. එහෙම තමයිනේ ඉතිං ජිවිතේ හැටි.. හැමදාම එක විදියට තියෙන්නේ නැහැනේ.. මොහොතින් මොහොත තත්පරෙන් තත්පරේ ...
හිතෙනවට.. Abnormal Minds උපන්දා සිට ජිවිතය කොයිතරම් නම් වෙනස් වෙනවදඅඬන්න විතරක්ම දැනගෙන අත්මිටි ගුලිකරන්අම්මාගේ සිරුරෙන් එළියට එන අපි එතනින් එහාට කොයි තරම් නම් දේවල් ගැන දැනගන්නවාද? ඉගන ගන්නවාද? කවුරු හරි කියලා දෙන නිසා..නැත්තං අපිටම දැනෙන නිසා.. නැත්තං ඔහේ නිකංම හිතෙන නිසා හැම විදියකින්ම අළුත් අළුත් දේවල් අපි කොයි තරම් නම් ඒ දවස් වල ඉගන ගන්න ඇතිද?දැන් අමතක උනාට අපි දැනටත් වඩා පොඩි කාලේ ...
කරදියේ දින දෙකක්. Abnormal Minds යන්තං සන්තං අසනීප වෙලා ඉන්න උනත් අදින් අවසන් වෙලා යන සතිය පටන් ගැනුනෙත් අවසාන උනෙත් හරිම අපූරු විදියට..පහුගිය 5 වෙනිදා උණවටුනේ මුහුදු වෙරෙළත් අද ඒ කිව්වේ 13 වෙනිදා අපේ ගමේ මුහුදු වෙරළෙත් හරිම අපූරු දවස් දෙකක් ගතකරන්න පුළුවන් උනා.. මගේ වර්ග දෙකක යාළුවෝ එක්ක.මුලින් ඉතිං පස්වෙනිදායින් පටන් ගන්නම්කෝ.. මීට මාස ගානකට කලින් යන්න හිටියත් මොකක්දෝ හේතුවගයක් නිසා යන්න බැරිවුනු අපේ ...
ජනවාරියේ දවසක්. Abnormal Minds අනේ මන්දා කාලයට අත්තටු ලැබිලද නැත්තං මං ඉබි ගමනකට වැටිලද කියලා.. හිතා ගන්න බැරි තරම් ඉක්මනට දවස් ගෙවිලා යන්නේ ඇස්පිය ගහන වේගෙටත් වඩා ඉක්මනින් වගේ.. දන්නේම නැතුව 2011 ඇවිත් එයිනුත් මාසයක් ගෙවිලා තව අළුත් මාසයක් ලැබිලා එයිනුත් දවස් දෙකක් ගෙවිලා ගිහිල්ලත් ඉවරයි.. ඔෆිස් බස් ගෙවල් පොත් ටීවී ෆිල්ම් බර්ත්ඩේ ඒවා මෙවා අස්සේ කාලය ලිස්සලා ලිස්සලා යනවා.. අනේ මන්දා..අනේ මන්දා ආයෙමත් ...
ආදරේ සොයා යෑම.. Abnormal Minds මාතෘකාව ලියන්න හිතලා නොලියා සෑහෙන්න කාලයක් හිටියා වගේම දැන් ලියන්න ගිහිල්ලත් ගොඩක් වෙලා නොලියා මාතෘකාව දිහා බලන් ඉන්න උනේ කාලෙකින් මොකුත් ලිව්වේ නැති නිසාද නැත්තං ලියන්න හිතුන මාතෘකාව ගැන ලියන්න දෙයක් හිතා ගන්න බැරි හින්දද කියලා තාම හිතාගන්න බෑ වගේ.. ඒ උනාට මේ තරම් කාලයක් ලිව්වේ හිතලා ගලපලා හැම දේම හරියට තියෙද්දි නෙවෙයි හින්දා අදත් හිතට හිතෙන දේ ඇඟිලි තුඩු ...
හඳ පාන දැක Abnormal Minds පෝදා සඳ නිවී සැනසිල්ලේ මිදුල පුරා රූ හැඩ මවන්නේ හිත පුරා රෑයම පුරා තරු මල් කිණිති පිණි දිය ඉසින්නේ.. නිදි නෙතු පුරා සිහිනයක් මෙන් නෙක සිතුවිලි අවදිව සරන්නේ රැයේ මනරම මං විතරමද මේ රැයේ තනිවම විඳින්නේ.. කදෝපැණියකු.. රැහෙයියෙකු හෝ කමක් නෑ ගොස් සවනතට ඔබේ මුමුණුවොත් අනේ අවදිව බලනු ලස්සනසුරපුරක් මිහිමත තියෙන්නේ... අනේ අවදිවඑන්න හිතවත විඳිමු අපි මේ සොඳුරු හැඟුමන් එකම ...