ආගම දළඳා වන්දනාව සහ බෞද්ධයා සංහිඳ ෴ වසර කිහිපයකට පසු අති උත්කර්ශවත් ලෙස පැවැති ශ්‍රී දළඳා ප්‍රදර්ශනය නිම විණි. දළඳා ප්‍රදර්ශනය ඇරඹෙත් ම නියං සමය අහවර කරමින් වට අසිරිමත් වැස්ස බොහෝ බෞද්ධයින්ගේ බැති හැඟුම් කුළුගැන්වූ අතර තමන් බුදු දහම අතැඹුලක් සේ පසක් කළ ධර්ම භාණ්ඩාගාරිකවරුයයි සිතා සිටින නාම මාත්‍රික බෞද්ධ පිරිසක් ඊට කරන ලද නින්දා අපි දුටුවෙමු. බටහිර විද්‍යාවෙන් උමතු කරන ලද මේ නරුමයින් දන්ත ධාතුව කාබන් ...
ගීතයේ අයිතිකරු සංගීතඥයා ද? සංහිඳ ෴ යම් කිසි කලා කෘතියක් පෞද්ගලික හෝ සමූහික ප්රයත්නයක ඵලය ලෙස බිහි වේ. කවිය, නව කතාව, සිත්තම නිර්මාණකරුගේ තනි නිර්මාණ වන අතර සිනමාව, ටෙලි නළුව, වේදිකා නාට්‍ය සාමූහික නිර්මාණ වෙයි. ගීතය ද මෙවැනි ම නිර්මාණකරුවන්ගේ එකතුවක ඵලයෙකි. ගේය රචකයා, සංගීතඥයා සහ ගායකයා මෙහිලා ප්රමුඛ වන අතර අමතරව වාද්‍ය වෘන්දය සහ ශබ්ද පරිපාලකයෝ ද ඊට සහභාගි වෙති. මෙසේ නිර්මාණයක් සඳහා නිර්මාණකරුවන් පිරිසක් ...
අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර සංහිඳ ෴ ජනතා විමුක්ති පෙරමුණ 1960 දශකයේ ඇරඹුණේ මෙරට ගතානුගතික මාක්ස්වාදී පක්ෂවලට විකල්පයක් ලෙසිනි. එකී යල්පිනූ මාක්ස්වාදීන් දිගින් දිගට ම මෙරට ජන විඤානය නොතකා පොතේ ගුරු න්‍යායවාදී ස්ථාවරයක ළැග සිටීම තරුණ පරපුර කළකිරීමට හේතු විය. ජවිපෙ වටා ගොනු වූයේ එම තරුණ ජවයයි. ජවිපෙ ඊනියා කම්කරු පංතියකට සීමා නොවී මෙරට ග්‍රාමීය ගොවිජනතාව මත විශ්වාසය තබා ක්‍රියා කළේ ය. එමෙන් ම මා සිතන පරිදි ...
කිලිනොච්චියෙන් ඔබ්බට සංහිඳ ෴ විරෝදාර ශ්‍රී ලංකා රණ විරුවෝ සිහින ඊලාම් දේශයේ හදවත වන් කිලිකොච්චියේ සිහ දජය එසවූහ. මේ වූ කලී ඊනියා ඊලාම් දේශයේ මිනී පෙට්ටියට අවසන් ඇනය ද ගැසීමකි. දැන් ඉතිරිව ඇත්තේ අලිමංකඩ සහ මුලතිව්වල සැඟව සිටින ත්‍රස්ත රැළ ද වනසා දැමීම පමණි. කෲර ත්‍රස්තවාදයෙන් නේක ගැහැට විඳි ජනතාව මේ ජයග්රහණයෙන් පස්වනක් ප්‍රිතියට පත්විය. එම විජයග්‍රහණය ජනපති විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නගර ...
කසුන් නදීක සහ සිංහල ගීතයේ මළගම සංහිඳ ෴ පහු ගිය 3 වැනිදා කොළඹ සරසවියේ සංගීත සාජ්ජයක් පැවැත්විණි. සංවිධානය කළෝ පරිගණක අධ්‍යයනායතනයේ සිසුහු ය. ආරාධිත ශිල්පීන් වූයේ අමරසිරි පීරිස් කසුන් කල්හාර සහ නදීක ගුරුගේ ය. අප මේ ප්‍රසංගය සඳහා ආකර්ශනය කළ පූර්ව බැනර් පුවරුවල නම සඳහන් වූ අමරසිරි පීරිස් ඊට සහභාගී වුයේ ද නැත. කොළඹ ගෙන්දගම් පොළවේ ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදී සොඳුරු සංගීත සුයාමයක තනිවෙමැයි උදම් සිතින් ආ අපි ...
ආයු රක්ඛන්තු ආවඩා ! සංහිඳ ෴ ඉතිහාසයේ පෙර නොවූ විරූ නායකත්වයක් ලද විරෝදාර රණ විරුවෝ සිහින ඊළම් රාජ්‍ය සුනුවිසුනු කර දමමින් ඉදිරියට ඇදෙති. දැන් ඔවුහු පිරපාහරන් සැඟව සිටින මී ගුල අසලට ම පැමිණ සිටිති. 30 වසරක් පමණ ම්ලේච්ඡ කොටි ත්රස්තවාදයේ අනේක පීඩා විඳි මෙරට සිංහල දෙමළ මුස්ලිම් රට වැස්සෝ සාමය පිළිබඳ සොඳුරු සිහින දකිති. තමන් උපන් බිමේ සමගියෙන් ජීවත් විය හැකි සුබ උදෑසන උදා වේවායි වේවායි! ...
ආයුබෝවන්! අපි හලෝ කියන් නෑනේ සංහිඳ ෴ අහස අයාලේ පාවී යන පැහැදුල් වලා රංචුවලින් ද හාත්පස දීප්තිත් හිරු කිරණින් ද සජ්ජිත ඒ අපූරු උදෑසන අද මෙන් මට මතක ය. හරියට ම දිනය කියනවා නම් ඒ පහු ගිය ජුනි මස 02 වන බදාදා ය. මම මගේ කුළුපග මිතුරෙකු සමඟ කැලණි සරසවියට යාමට බොරැල්ලෙන් බසයක් ගතිමි. බසය ගමනාගමන මණ්ඩලයට අයත් එකකි. එහි ගුවන්විදිලිය City FM සේවයට සුසර කොට ...
හමුදාපතිතුමාගේ රුවන් වැකිය සංහිඳ ෴ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කැනඩා නැෂනල් ෆෝස්ට් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී "මේ රට සිංහලයින්ට අයත් බව තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සුළු ජනතාව ද මේ රටේ වෙසෙන අතර ඔවුන්ව ද අපේම පුරවැසියන් ලෙස සලකන බවත්" පවසා ඇත. මේ ප්‍රකාශය මෙරට ඉතිහාසය දත් සහ ජගත් දේශපාලනය ගැන සවිඥානික කෙනෙකුට අමුත්තක් විය නොහැකි ය. එහෙත් බටහිර තානාපති කාර්යාල පිළිකනු පල්ලේ ...
සිරසයි පාර කියන්නේ ! සංහිඳ ෴ දැන් දැන් බොහෝ දෙනා සිරස හෙළා දකිති. එය දැන් රැල්ලකි. රටට නොයෙක් ආකාරයේ රැලි හදුන්වා දුන් සිරසට එය ම බූමරංගයක් වීම එක් අතකින් දෛවයේ සරදමකි. මෙකී පිරිස සිරසට බැණ වදින හේතු විවිධාකාර ය. ඇතැමෙක් සිරස එජාපයට (නලින් ද සිල්වා නිවැරදි ව විග්රහ කරන පරිදි එවිප_එක්සත් විජාතික පක්ෂයට) බර නිසා ලු. තවත් අය සිරස LTTEට පක්ෂ නිසා ලු. ඇතැමෙක් මහ ගෙදර ...
පලාත් සභා පරාජය සංහිඳ ෴ සබරගමුව සහ උතුරුමැද පලාත් සභා ඡන්ද සන්ධානයේ විශිෂ්ට ජයග්රහණයෙන් කෙළවර විය. සාමාන්‍යයෙන් මෙරට මහ මැතිවරණයක් පවත්වා කලකින් පවත්වන මැතිවරණයක දි පවතින රජයට ඇති කැමැත්ත අඩුවීම ස්වභාවයයි. ඒ පාලකයන් සුපුරුදු පරිදි ජනතාව ගොනාට ඇන්දවීම සහ තමන් මෙවරත් රැවටුණු බව ජනතාවට නොබෝ කලකින් ක්‍රමයෙන් පසක් වන බැවිනි. එහෙත් මෙවර ? දෙපලාතේ සියලු දිස්ත්‍රික් සංධානය ජයගත්තේ ය. 2004 සිය ගමන් සගයා වූ ජවිපෙ ...
සිංහලයා මෝඩයා ...? සංහිඳ ෴ සිංහල රාජ්‍යයේ (දැන් ලාංකික) පැවැත්මට කණකොකා හැඬූයේ 15 වන සියවසේ පෘතුගීසි කඩාවැදීමත් සමඟ ය. එතැන් සිට ගෙවී සියවස් 4 ½ක පමණ කාල පරාසය තුළ මෙරට සාම්ප්‍රදායික සමාජ දේශපාලන පඳනම බිඳ දැමීමට ආක්රමණිකයා සමත් විය. ආචාර ධර්ම උඩුයටිකුරු කෙරිණි. සාරය අසාරය ලෙස නිර්වචනය කෙරිණි. අසාරය සාරය ලෙස භෞතීස්ම කොට කිරුළු පළඳන ලදි. වසර දහස් ගණනක් ඈතට දිවෙන පෞඪ ඉතිහාසය නොදන්නා, සිය ...
අබා පඬුඅබා සහ ක්‍රිස්තු චරිතය සංහිඳ ෴ දඹදිවට පහළින් කඳුලු බිඳුවක හැඩැති දූවකි. කි.පූ. 543 තම්බපන්නි යයි නම් ලද මේ බිම්කඩ ඉන් වසර 100ක් ඉක්ම ගිය තැන්හි ‘සිංහලය’ බවට පත් විය. මෙසේ ලොව ප්‍රථම ජාතික රාජ්‍ය බිහි කළ වීරයා පණ්ඩුකාභය රජු ය. ඔහුගේ ළමා කාලය, ජැක්සන් ඇන්තනී සිංහල සිනමාවේ සිත්තම් කළේ ‘අබා’නමිනි. කි.පූ. 5 වන සියවස හෙවත් අදින් වසර 2500ට පෙර යුගයේ වසර 15 ක පමණ යුගය ...