රඹුටන් වාරේ..... ප්‍රතිභා මාධ්‍ය එකමුතුව නුවර පාරේ රඹුටන් අලෙවි කරන්නෝ.........රඹුටන් රස පළතුරකි. රඹුටන් සදහා මල්වාන ප්‍රසිද්ධව පවතී. මේ වන විට රඹුටන් වාරය පැමිණ තිබේ. සෑම නගරයකම, ප්‍රධාන මාර්ගයක් දෙපසම රඹුටන් අලෙවිකරනු ලබන වෙළෙදුන් දැක ගත හැකිය. කෙළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ රඹුටන් අලෙවිකරන වෙළෙදුන් පහත දැක්වේ.මේ වෙළදාම සිදුවන්නේ රඹුටන් වාරයට පමණි. ''විවිද පුද්ගලයන්ගේ බලපෑම් මත තමයි අපට වෙළදාම් කිරීමට සිදුව තිබෙන්නේ. කප්පන් ...
මගේ පුතා මැරුණේ පොලිසියෙන් ගුටිකාල නෙවෙයි..... ප්‍රතිභා මාධ්‍ය එකමුතුව ප්‍රහාරයෙන් මිය ගිය සරසවි සිසුවාගේ මව පවසයි...රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා මිය ගියේ පොලිස් ප්‍රහාර නිසා නොව තවත් ශිෂ්‍යයකුගේ ප්‍රහාරයක් නිසා බව සිසුවාගේ මෑනියන් වන වයලට් මනතුංග මහත්මිය පවසයි. වැඩි විස්තර සදහා දැනගැනීම සදහා මෙතන බලන්න.ප්‍රතිභා මාධ්‍ය එකමුතුවනිර්මාණශීලි මාධ්‍ය කලාවක් උදෙසා..... ...
බැටන් ප්‍රහාරය වැදී සති කිහිපයකට පසු රුහුණ විශ්ව විද්‍යාල සිසුවා මිය යයි.... ප්‍රතිභා මාධ්‍ය එකමුතුව "මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න."රුහුණ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක පවසයි.රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් එල්ලකරණ ලද බැටන් පොලු ප්‍රහාරයකින් හිසට තුවාල සිදුවීම නිසා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශ්රාස්ත්ර පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අද උදෑසන (23 දින) මිය ගොස් ඇත.එලෙස මිය ගොස් තිබෙන්නේ ...
දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව මතුකර දැක්වීම මාධ්‍ය කරුවාගේ වගකීමක්......... ප්‍රතිභා මාධ්‍ය එකමුතුව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා......"සත්‍ය ඉස්මතුකර අසත්‍ය යටපත් කිරීම හා පාසල් දරුවන්ගේත්, ගමේ දරුවන්ගේත් නිර්මාණශීලී හැකියාව ඉස්මතු කර දැක්වීමත් මාධ්‍ය කරුවාගේ වගකීමක් වෙනවා" දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා පැවසුවේය. මාතර මාධ්‍ය නිවස දකුණේ වෘත්තිය මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානයකරනු ලැබු "පොලීසිය, ප්‍රජාව හා මානව හිමිකම්" මැයෙන් මාතර මාධ්‍ය නිවසේ ජූලි 08වන දින සංවිධානයකර තිබු පුහුණු සැසියකදී මේ ...
පැහැබර හෙටක් නොදුටු මව්වරු... ප්‍රතිභා මාධ්‍ය එකමුතුව "මගේ ජීවිතෙන් දැන් ගොඩක් ගෙවිලා ගිහින්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වරායේ ලොකු රස්සාවක් කරනවා. අනිත් පුතා ග්‍රාම නිළධාරිවරයෙක් එයාල දැක්කම මට හුඟක් සතුටුයි. ඒත්........" එහෙත් ඇයට ලොකුමහත්වූ දරුවන් ඔවුන් කුඩාකල මෙන් දැක්ක නොහැක. කුස තුළ දසමසක් තබාගනිමින් රුහිරු, කිරි බවට හරවමින් දරුවන් දෙදෙනා ඇතිදැඩි කල ආරියවතී මහත්මීය වර්තමානයේ ඔවුන් දෙදෙනා ගැන සිහිකරමින් ආඩම්බර වුවත් තමන්ගේ මව ගැන ආඩම්බර වීමට ...
රුහුණේ උරුමය කියාපාන ප්‍රතිභා මාධ්‍ය එකමුතුව පනාකඩුවේ තඹ සන්නස..........පනාකඩුව තඹ සන්නසේ ඡායා පිටපතක ඡායාරූපයක්වසර 1948 පෙබරවාරි මස තවත් දිනයක් උදාවිය. මොරවක් කෝරලේ පනාකඩුව ගම්මානයට ඉතිහාසයේ වටිනාම දිනය එදින උදාවිය. කෘෂිකර්මාන්තය මත පදනම්වු ජීවන රටාවක් ප්‍රදේශයතුල පවතී. පනාකඩුව බෝගහදෙණියේ පිහිටි තම කුඹුරේ ඇළවේලි සකස් කිරීම සදහා සුරවීර ගමගේ කරෝලිස් හා ඔහුගේ පුතාවන සුරවීර ගමගේ සින්නෝරිස් නිවසින් පිටවිය. අතර මගදි හමුවන හැම කෙනෙක්ටම සිනහවකින් සංග්‍රහකරමින් පිය පුතු දෙපල ...