ප්‍රකාශ විද්‍යාව. දියත් කුලේ අපි උඩුකුරු වස්තුවට වඩා විශාල වෙලා තිබුන ප්රතිබිම්බයක.. ආදරය කියලා අකුරු හතරක් මකුලු දැල් කඩලා එලියට ගන්න කොට පාර්ශ්වික අපවර්තනය වෙච්ච වස්තුවට වඩා කුඩා යටිකුරු අකුරු හතරක් එක්ක තවත් සෙල්ලම් කරන්න බෑ කියලා තේරෙන්න ගත්තා.... සොරි.... ...
සුප්රබුද්ධ වික්ටර් දියත් කුලේ අපි අටේ පන්තියේදී..මම අපේ ලොවක් සොයා ගියෙමි...ඒත් වික්ටර් වික්ටර්ම විය...... සාමාන්‍යපෙළ කරන විට..මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි...ඒත් වික්ටර් වික්ටර්ම විය.... උසස් පෙල අවසන් වන විට..මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි...ඒත් වික්ටර් වික්ටර්ම විය.... සරසවිය ඇරඹුනි...මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි..ඒත් වික්ටර් වික්ටර්ම විය.... අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි..අපි ඔක්කම රජවරුය...ඒත් වික්ටර් වික්ටර්මය.... ...
මම ගෙදර ගියෙමි... දියත් කුලේ අපි මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි.පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.
නිවාඩු අවලංගුය.. වහාම සේවයට වාර්තා කරන්න දියත් කුලේ අපි අහෝ කාලය.. නුඹ තනිව පලයන් මට ඉන්නට දීපන් ආදරයක්, තාරුණ්‍යයක්, මම එනතුරු බලා සිටී... අහෝ කාලය.. එලි වන්නට නොදී හිරු නවත්තාපන්.. කාලය කාලය.. ඇගේ රාත්‍රිය හුදකලා කර ඇගේ කඳුළු මතින්.. යනවානම් කියාපන්.. කුරිරු වූ හැටි නුඹ කාලය... ...
සුබ සුබ සුබ... දියත් කුලේ අපි දින සති අවුරුදුම කීයක් ගෙවුනා කියලද...ඒ අස්සෙ ආදරයත් ගලාගෙන ගියා..මෙලෝ රහක් නැති මාත් එක්කමට ඇති වෙලාවට වඩා මට නැති වෙලාවට හිටපුමගේ කෙල්ලට..සුබ උපන්දිනයක්...කොටම කොට සුබ පැතුමක් මගෙන්...සුබ සුබ සුබ ....... ...
තවමත් මම ජීවතුන් අතර... දියත් කුලේ අපි හුස්මක් කටක් ගන්නට බැරුව හිරවුන..පෙනහළු පිරෙන්න ඇද්ද නිකොටින් එක්කගිනි ඇවිලිලා දැවිල්ල ගත්තු ආමාශය..නිවෙන්න බීපු ගිනිවතුරෙන් මත්වෙලාකණ්නාඩියට මූණ හංගන්නවවාගත්තු රැවුලට පින්සිද්ද වෙන්න..හෝදන්න හිතුන නැති කපු කමිසයත්..පට්ට ගැහිච්ච ඩෙනිමක් ඇඳන් යනමට අනුකම්පා කරපු... කාණු පල්ලේ ප්‍රේමය....! තවමත් මම ජීවතුන් අතර.... ...
ඩබල් ඇඳක සින්ගල් හිතක්...! දියත් කුලේ අපි මිරිඟුවක්වත් නැති කතරක වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක... අඳ ගොළු බිහිරි ,නැට්ටෙන් කණපිට ගැහුණු ,කවන්ධයක් තුල... විසාලා මහනුවර ,පිපාසාවෙන් මියයන... අනෝරා වැසි ඇදවැටී ,ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,කලාකරුවන්, පාදඩයින්,දියපහරින් වැසිකිලි වලට සේදී යන... මදුරුවොත් ඇවිදින්,නක්කලේ දාලා යන,ඩබල් ඇඳක සින්ගල් හිතක්...! ...
සයිබර් බොරුව දියත් කුලේ අපි අපේ ලෝකය , උන්ගෙ මොනිටරය... අපේ සංවාද , උන්ගෙ පෝරම... අපි පිසිකල් , උන් වර්චුවල්... අපේ වාහෙ , උන්ගෙ ලැප... අපි මර්දනය වෙද්දි , උන් ස්පෑම් වෙනවා... අපි හමුවෙනකොට , උන් චැට් කරනවා... අපි බදාගන්නකොට , උන් පෝකින්... අන්තිමට බලද්දි... අපි විස්සයි , උන් තුන්දෙනයි... ...
සෝමදාස.. දියත් කුලේ අපි වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි. පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි. "මහත්තයා." හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන සිටියද මට ඒ ආමන්ත්‍රණය ඇසුනි. ඒ ආමන්ත්‍රණය මට නොව ...
රේවත දියත් කුලේ අපි වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න ...
මාර්කෝ මම ඈන්.. දියත් කුලේ අපි මාර්කෝ උඹ කොහෙද? පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන මම උඹ එනකම් බලා ඉන්නවා. ජීවිතේ අතරමැද තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. මාර්කෝ කෝ උඹ. හැමදාම රෑට වෙන පංචස්කන්ධයක තියෙන උඹේ හිතත් එක්ක මම නිදි වදිනකොට උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? මාර්කෝ.. දිස්නේ නැතිවෙන්න කලින් මේ පිත්තල බොත්තම අරන් පලයන්.. මම ඈන්.. ...
වැඩ කරන්නෙ නැති. දියත් කුලේ අපි වැඩ කරන්නෙ නැති,හදන්න සල්ලිත් නැති,නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන,සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන,මේ කාර් එකේ ඒසී එක.
ජීවිතය නම් වේදනාව දියත් කුලේ අපි ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේසැපයක් නම් කකුළුවා දිය කෙලියේඉරබට හිමිදිරි තෙක් දිව් මළුවේසේපාලික මල අඳුරෙම නැසුනේඅව්වට වැස්සට හුරු මිනිසුන්ගේදහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේකරමත ඇවිලෙන මරගිනි අතරේපොලවට නුසුලන තව බර වැටුනේසිල්වත දිදුලන වැලිතල අතරේපඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේගිනිඅවි බිඳ යදමින් සිර ඇතුලේඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ ...
ප්‍රසන්න මධුර සුඛං දියත් කුලේ අපි තැබූ තැබූ තැන නිදාන බර අවිපිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුනප්රසන්න මධුර සුඛංබුරා බුරා නැගෙනා ඒ බොදු ගිනිවෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුවවණ්ණෝ සුඛං බලංදෙසූ දෙසූ දම්සක් වී ඇව ටිලිපිසූ පිසූ දන්සල් වී පැමි ණිලිගැලූ ගැලූ දස සිල්දිය බොරවුනගිලන පච්චයං ඉමං ...
ඇවිත් පලයන් එක දවසකට... දියත් කුලේ අපි ආයෙමත් පරණ ඉරම හෙටත් පෑව්වාට....මකර තොරණින් කැන්දගෙන යන්න බැරිවුනාට....එන පාර දිගට මල් නොපිපුනාට....යථාර්තයට බයේ ගුලිවෙලා හැංගුනාට...ඇවිත් පලයන්...යන්නං කියන්න....ජීවිත කාලයම මට උඹත් එක්ක ජීවත් වෙන්න..... ...
ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ.... දියත් කුලේ අපි "මහත්තයා මේ මගේ නංගි නන්දා.."විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි.. "මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.."බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් ...
ජේසු පිහිටයි...! දියත් කුලේ අපි පෙර ලියමි මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ...
නමුත් එය එසේ සිදුවී ඇත දියත් කුලේ අපි මගේ පසුම්බියට තවත් අයිතිකරුවෙකු සිට ඇත. රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත එකට රැගෙන ගොස් දෙකම අන්තරාස්දාන විය. මම එය නොකල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. වැදගත් කොම්පැනියක සම්මුඛ පරීක්ෂණයකදී ගොන් උත්තරයක් දී රස්සාව නැතිවී ගියේය. මම එය නොකල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. එම් පී ත්‍රී ප්ලේයරද ආගිය අතක් නැත. අමතකව කොහේ හෝ දමා ගොස් ඇත. මම සිහිකල්පනාවෙන් වැඩ කල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. අළුතින් ගත් සපත්තු ...
මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට දියත් කුලේ අපි කිරි පිරි කලේකට නූඹ පෙම් කෙරුවාම ඒ කිරි කලේ ගොම බිඳ නුඹ දුටුවාම ඒ කිරිවලින් මම කිරි පිඬු පිසුවාම අපුලක් දැනේ නුඹහට එය කෑවාම ආගිය ...
එය සිදුවිය යුතුව තිබුනි....! දියත් කුලේ අපි එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත.එය සිදුවිය යුතුව තිබුනි.නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය.අවසානයේ එය සිදුවී ඇත...!ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක් අවසාන වී ඇත.කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක් කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්යසියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය. කතාන්දරය නිල ...