‘යමු’ විසින් කොළඹ නගරයේ ඉන්දියන් අවන්හල් ජාලය මනා ලෙස ආවරණය කර නැහැය කියන එක ඇත්තක්. ඒකට හේතුව අපි මේ උතුරුකරයේ නෑදෑයින්ගේ කුළුබඩු යොදා රස හා සුවඳ ගැන්වූ ආහාරවලට අකැමැති නිසා නොවෙයි. හේතුව තමයි, කොළඹ ඉන්දීය අවන්හල්වල තිබෙන සුවිශේෂත්වයෙන් තොර සාමාන්‍ය ලක්ෂණය. හොඳ දවසක පවා ඒවා අති සාමාන්‍යයි. ඉන්දියන් ආහාර යන්නෙන් අපි මෙහිදී අදහස් කරන්නේ නාන්, කෙබාබ්‍ හා බටර් චිකන් වැනි ...

කොළඹ කොයිතරම් සුන්දර වෙරළ තීරයන් තිබුණත්, වෙරළ අද්දර බීම පිරිනමන අවන්හල්නම් පුදුමසහගත ලෙස හරි හිඟයි. ගල්කිස්ස වෙරළේ ‘රන් සැතපුමේනම්’ අවන්හල් පෙළක් තිබෙනවා. දෙහිවල වෙරළේ  Lanmi’s (ලැන්මිස්), ද ස්ටේෂන් වැනි මඩු වගේ තැන් කීපයක් තිබෙනවා.  එච්චරයි. හේතුව කොළඹ වෙරළ තීරයේ ඉතිරි ටික මැරීන් ඩ්‍රයිව් නම් වීදියට මායිම් වන නිසා වෙන්න ඇති. බුබා කියන්නේ කොළම තිබෙන අනර්ඝ බීම හා කටගැස්මහලක්. එය ස්වදේශිකයන් ...

රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය කොළඹ තිබෙන පහළ පෙළේ බාර්  අතරින් හොඳම එක බව සැකයක් නැහැ. බේස්ලයි්‍න් පාරේ විශාල දිරාපත් වෙමින් යන ‍ගොඩනැඟිල්ලක් පිටුපස සැඟවී තිබෙන එය විවෘත වන්නේ ගරාවැටුණ උද්‍යානයකටයි. එහි අතන මෙතන යකඩ පුටු කීපයකුත්, ප්ලාස්ටික් මේසත් තිබෙනවා. දුක්මුසු පෙනුමැති බළලුන් කීපදෙනෙක් මේසවලින් බිමට වටුණු හඳැල්ලන් අහුලා කනවා. එහා කෙළවරේ අබල දුබල තාප්පය දිගට සෝඩා බෝතල් ගොඩගහලා. ඇතුළත කාමර‍ ...

සුදු අශ්වයාගේ විධායක දිවා ආහාරය – The White Horse Executive Lunch බේර, නවම් මාවත පැත්තේ වැඩකරන කෙනෙකු විසින් සොයනු ලබන වැඩියෙන්ම අවශ්‍ය දේවල් දෙකක් වන අරක්කු හා වායුසමනය යන දෙක ලබාගන්න පුළුවන් තැනක් තමයි, වයිට් හෝස්. එක් උණුසුම් දවසක අපි එහි ගොඩවුණා, මේ දේවල් හා දිවා ආහාරයත් සොයාගෙන. එහි විධායක දිවාආහාරය එතරම් ඉහළපෙළේ එකක් නොවෙයි. ඒ වගේම එය මිළෙනුත් අඩු නැහැ. තුන්දෙනෙකුගේ බිල විස්මිත රු. 2800ක් වුණා. ඒ අරක්කු වඩි ...

බොම්බයි මොටයිකාරයාගේ සීනුවේ මිහිරි නාදය පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ ළමයින්ගේත් වැඩිහිටියන් සැලකිය යුතු පිරිසකගේත් සිත් පිනවන්න ඇති. බොම්බයි මොටයි කියන්නේ පොල් කෙඳි වගේ සිහින් දිග, මුවට ලත් සැණින් දියවන, සීනිවලින් හැදූ සියුම් රසකැවිල්ලක්. එහි යන්තමින් පොල්තෙල් අඩංගු බවකුත්, සීනි එතරම් ශුද්ධ කර නැති බවකුත් හැ‍ඟෙනවා. ඒ හා සමාන අනෙකුත් රසකැවිල්ල තමයි, කැන්ඩි ෆ්ලොස්. බොම්බයි මොටයි ඒ තරම් ඇලෙනසුළු නැහැ. අපි ...

තඹ චිමිනිය. Copper Chimney. දැන් කඩ දෙකක් තිබෙන මේ ව්‍යාපාරයේ මුල් ‘ශාඛාව’ මම හිතන්නේ හුණුපිටියේ බත් කඩයයි. මැරීන් ඩ්‍රයිව්හි බත් කඩය ඉතා හොඳයි. ඒත්, හුණුපිටිය තවමත් එයට ඉදිරියෙන්. බත්වලට කැපවුණු මේ කඩ දෙක පිරිනමනවා එළවළු මිශ්‍රිත සම්බා ෆ්‍රයිඩ් රයිස්, තැඹිලි පාට බදින ලද චිකන්, පැණිරස කෙචප් හා චිලි පේස්ට් සමග. දෙකම එක වගේ වුණාට හුණුපිටියේ කිසියම් රස රහසක් තිබෙනවා. මුලින් ...

දිගු සතිඅන්තය ගෙවන්න යෝජනා හයක් අපි ලංකාවට ආදරෙයි. ලංකාව ලෝකවේ වැඩියෙන්ම ප්‍රසිද්ධ නිවාඩු දින ඇති රටවලින් එකක්. මේ සතියේ ඔන්න තවත් දිග සතිඅන්තයක්. බොහෝදෙනෙක් මේ නිවාඩුව කොළඹින් ඈතට පළායන්නට යොදාගත්තාට, නගරයේ රැ‍ඳෙන අය කරන්නේ මොනවාද? මේ කොළොම්පුරයේ බොහෝ අනගි අවස්ථා තිබෙනවා ඔබට කොළඹින් පිට ගිහින් ලැබූ සතුටම ලබන්න. ඉංග්‍රීසියෙන් ස්ටේකේෂන් (staycation) කියන්නේ ගෙදර නතරවන නිවාඩුවට. ඉතින් මෙය ඔබට ස්ටේකේෂන් එකක්නම් නගරයේ රැඳී සිටිමින් සතුටුවන්නට ...

එලිෆන්ට් හවුස් ෆවුන්ටන් කැෆේ එනමින් කලින් තිබුණු ඓතිහාසික ආයතනයේම ඡායා පිටපතක්. අලියා බීම සමාගම මිළ දී ගත් ජෝන් කීල්ස් විසින් වසා දමන ලද ලාභ නොලබන අංශ අතරට ෆවුන්ටන් කැෆේ එකත් වැටුණා. එය නැවත විවෘතවුණේ මෑතදීයි. ඒ කියපු ෆවුන්ටන් එක හෙවත් වතුරමලනම් තාම එතැන තිබෙනවා. ඒත්, කැෆේඑකනම් තිබෙන්නේ සුපිරි වෙළඳසලක් පිටුපස සැඟවිලා.එහි තවමත් පිරිනැමෙනවා පැරණි බැංගර්ස් ඇන්ඩ් මෑෂ් හා නිකර්බ්ලොකර් ග්ලෝරි ...

බනානා ලීෆ් ආපසු ඇවිල්ලා. මෙහි මසාලා ක්‍රමයට පිසින ලද චිකන් කුට්ටි, ගැඹුරු තෙලේ බදින ලද තැම්බූ බිත්තර ආදිය සමග බුරියානි ඉස්සර මගේ ප්‍රියතම ආහාරයක්. මගේ විතරක් නෙවෙයි, බොහෝ කොළඹ වැසියන්ගේ ප්‍රියතම ඉරිදා දිවා භෝජනය තමයි, එය. නොදන්නා හේතුවක් මත බනානා ලීෆ් එක පාරටම අතුරුදහන් වුණේ එතැනට ආදරය කළ මිනිසුන්ගේ සිත් බිඳිමින්. එහි දොරේ ඒ-ෆෝකොළයක ලියා අලවා තිබුණු දැන්වීමේ තීන්ත මැකී ...

මට ඕනෑ වුණා බාන්ස් පෙදෙසේ ‍කෝපි හා අළු පැහැති ආකර්ශනීය නොවන මුහුණතක් ඇති Cioconat බලන්න යන්න. නම අමුතුයි. එහි ඉදිරිපස පෙනුම බැංකුවක වගේ. ප්‍රිය උපදවන්නේ නැහැ. මේ වීදුරු දොරවල් පිටුපස ඇත්තේ මොන වගේ ලෝකයක්ද යන කුහුලින් යුතුව තමයි මම එහි පිවිසියේ. ඇතුළත් පිටත පෙනුමට සමානයි. ඒත්, Cioconat හොඳ තැනක්. එහි පුදුම හිතෙන තරම් ලොකු හා සුවපහසු අවකාශයක් තිබෙනවා.  ඔවුන්ගේ උණු ...

මාර්තු 1 හා 2 දිනවල පැවැත්වෙන යාපන සංගීත උලෙලට දේශීය හා ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිතයි. යාපනයේ හා ගාල්ලේ මේ වැඩසටහන පිළිබඳ මතකයන් සුන්දරයි. ස්ථානය හා එහි අංගයන්ගේ විශිෂ්ටත්වය නිසා එය වටිනා අත්දැකීමක්. ඔබ මීට පෙර යාපනයට ගිහින් නැතිනම් මෙය හොඳ නිමිත්තක් එහි ගොස් බලන්න. මෙම උළෙල ලංකාවේ විවිධ ජනකොටස්වල සංගීතකරුවන්ට මෙන්ම ජාත්‍යන්තර ඉදිරිපත්කිරීම්වලටත් කදිම අවකාශයක්. සිකුරාදාත්, සෙනසුරාදාත් ...

කැෆේ ඔන් ද ෆිෆ්ත් (Cafe On The 5th) විවෘත පරිසරයක විශ්වසනීවය ලාංකික ආහාර පිරිනමන හොඳ තැනක්. ඔවුන් ළඟ තිබෙනවා, බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, මොංගෝලියන් බාබකියු ආදිය. සමහර දිවා වෙලාවට ඔවුන් කොත්තු හා ආප්පත්  පිරිනමනවා. ඒවා ඒ වෙලාවට ලබාගැනීම අමාරුනේ. ඔබ ලොකු මිතුරන් පිරිසක් මුණගැසෙන්නට හෝ නිකම් පිටත ගැවසෙන්නට අදහස් කරනවානම්, මේ වනාහි බොයාෆුට්ට වඩා මධ්‍යම පංතික විකල්පයක්. මෙහි චිකන් මොංගෝලියන් බාබකියු ...

A&M කියන්නේ ගාලු පාරේ පිහිටි සිත් ඇදගන්නාසුළු කුඩා කප් කේක් කඩයක්. එය පිහිටා තිබෙන්නේ  Barefoot ඉදිරිපිට. කප් කේක් කියන්නේ ජනප්‍රිය රැල්ලේ රසවත්, කුඩා කැවිල්ලක්. ඒවා බටහිර රටවල ඉතා ජනප්‍රිය වුණා. කප් කේක් නිෂ්පාදනය හා අලෙවිය සඳහාම වෙනම සමාගමුත් බිහිවුණා. කප් කේක් මෝස්තර සහිත ඇඳ ඇතිරිලි, ‘කප් කේක් එකක් කාලා සන්සුන් වෙන්න’ වැනි යෙදුම් සහිත පෝස්ටර් ආදිය පවා පැතිරුණා. කප් කේක් ...

බඩගිනිකාර කාර්යාල සේවකයන් සිටින පැත්තක හොඳින් පිළියෙල කරන ලද බත් පාර්සල් පහසු මිළට අලෙවියට තිබෙන එක වාසනාවක්. සුදු කොලර් රැකියා කරන්නන් පිරුණු ස්ටේපල් වීදියේ තිබෙන අලුත් තැනක් වන කරිමච් එහෙම තැනක්. ඒත්, කරිමච් සාමාන්‍ය බත් කඩයක් නොවෙයි. එය බත් කඩේකට වඩා පොෂ් කඩයක්. දීප්තිමත්, පිරිසිදු ස්ථානයක් වන එහි මිත්‍රශීලී සේවක පිරිසකුත් ඉන්නවා. කෑමත් සෞඛ්‍යාරක්ෂිතයි. එහි සතියේ දින හතේ මාරුවෙන් මාරුවට ...

මේ තමයි කොලොම් පුරයේ නැ‍ගී එන රාත්‍රී කොත්තු තාරකාව. මේ පුංචි පහේ දිවා රාත්‍රී කොත්තු කඩය ගැන දැන් එවැනි කඩ ගැන උනන්දු කවුරුත් කතාකරනවා. එය වසර 10කට පෙර Pillawoos වගේය කියලා ඇතැමෙක් කියනවා. පිලාවුස් දැන් ලොකු තැනක්. පිලාවුස් වගේම ප්ලාසා කියන්නේත්, කොත්තු, චීස් කොත්තු, චීස් රොටි, චිකන් පැලැන්ඩි ආදිය ඔබේ කාරයටම ගෙනැවිත්‍ දෙන ව්‍යාපාරයක්. ගාලු පාරේ එක එක තැන්වල තිබෙන ...

ඔන්න තවත් කෝපිහලක් කොළඹ. ඇත්තම කීවොත් අපි එතැනින් එතරම් විශේෂත්වයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒත්, කප් කැෆේ ඉතා හොඳ තැනක්. බැප්ටිස්ට් චැපල් පාරේ දිරා යන කඩ මුහුණත් පසුපස මෙතරම් සොඳුරු අවකාශයක් ඉතිරි වී ඇතැයි කිසිවෙක් සිතන්න නැතිව ඇති. ඒත්, නිල් හා සුදු වර්ණ ‍තේමාවෙන් යුත් මේ කෝපිහලනම් හරිම නැවුම් පෙනුමයි. අති පිරිසිදුයි. කප් කැෆේ පවත්වාගෙන යන ආකර්ශනීය, ප්‍රසන්න චීන යුවල පාරිභෝගිකයන්ට ...

කොළඹ වැලන්ටයින් දිනය සඳහා ඉහළ පෙළේ තැන් පහක් ඔන්න ආයෙත් ඒ කාලය උදාවෙලා. වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයන්ගේ දිනය. අපි මේ ළඟදි ඇහුවා අත්‍යවශ්‍ය හා භයානක වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මම කොහේටද මගේ පෙම්වතිය රැගෙන යන්නේ? ඔබට වැදගත් හොඳ වයින් හා රස ආහාර නම් කොළඹ ඔබට මිත්‍රශීලී තැනක්. අපි එහෙම ආදරවන්තයන්නේ. අපි පහත පෙළගස්වන්නේ සම්භාවනීය, මිළ අධික, මතක හිටින ආදරවන්තයන්ගේ  දිනයක් ගත කළහැකි තැන් පහක්. ඉතින් අපි ආදරය කරමු. ...

වැලන්ටයින් දිනයේ ලාබෙට විනෝද විය හැකි තැන් වැලන්ටයින් දිනයේදී හැම ආදරවන්තයකුටම චෙසා ස්විස්  යන්න බැහැනේ. නැතිනම් ඉහළ පෙළේ ෂිරෝහනා වෙතින් මීමැස්සන් ගැවසෙන අලුත් මල් කළඹක් පෙම්වතියට පිරිනමන්න බැහැනේ.  ඒ වුණත් මේ වැදගත් දිනය සමරන්න වෙනත් අපූරු ක්‍රම ඕනෑතරම් තිබෙනවා. ඒවාට සල්ලි ගස් හොළවන්න ඕනැ නැහැ. කොළඹ කියන්නේ සැඟවුණු සුන්දරත්වයන් සහිත ලස්සන නගරයක්. පුරවරයේ ස්වභාවික සුන්දරත්වයන් සමග මුසුවෙමින් ආදරවන්තයන්ගේ දවස ආදරණීය ලෙස ගතකරන්න යෝජනා කීපයක් මෙන්න අපෙන් ...

පන්නිපිටියේ භෝජන සංස්කෘතිය උණුසුම් වෙමිනුයි තිබෙන්නේ. හැබැයි අධි ශීතකරණය කර තිබිලා බාගෙට අයිස් දිය කරගත්තා වගේ. කොළඹ දුරින්ම පිහිටි, අඩු ආකර්ශනයක් තිබෙන උපනාගරික ප්‍රදේශයක් වන මෙහි මේ භෝජනකලා විප්ලවයට හේතුව තමයි අසල්වැසි මහරගම නගරයේ ඩොමිනෝස් පීසාහලක් විවෘත වීම. මම දැන් මේ බහුජාතික ක්ෂණික ආහාරහල්වල ව්‍යාප්තිය ගැන ටිකක් විවේචනාත්මකයි. උපනාගරික ප්‍රදේශවලට පවා ඒවා පැතිරිලා. පීසා හට් එකක් නුවර පාරේ ඈත යක්කල ...

ඇත්තෙන්ම කොළඹට බ්‍රව්නී සහ කප් කේක් හිඟයක්නම් නැහැ. කොළඹදී සොයාගන්න පුළුවන් සියලු බේකරි රසයන් ගවේශනය කර හමාරයි කියා හිතුවාට පසුව පවා ඔන්න අලුත් බේකරිකරුවකු ඔබේ ෆේස්බුක් එකෙන් මතුවෙනවා. අපට ළඟදීයි දැනගන්න ලැබුණේ ෂුගර් ෂැක්ගැන. එය පවත්වාගෙන යන්නේ අරූ ද සිල්වා. වේගයෙන් මතුවෙමින් තිබෙන අපේ ගෘහස්ථ බේකරිකරුවන්ගේ ජාලයේ ඇය අලුත් අයෙකු බව තමයි ෆේස්බුක්හි පෙනුමින් සිතෙන්නේ. ඇගේ මෙනුව එතරම් සවිස්තර නැහැ. ...

Previous Page